තමන්ගේ දුවගේ වෙඩින් එක දවසේ තාත්තා කෙනෙක් කරපු කතාවක්......😢😢💕❤
🔴 #ඇසටකදුලක්උනනවා_සත්තයි...
අද මගේ චූටි කෙල්ල සුරංගනාවියක් වගේ ගොඩක් ලස්සනයි... ඒදා මගේ බෝනික්කි මේ ලොකේට ආපු දවසේ ඒ සතුට මේ ලොකේටම ඇහෙන්නම කෑ ගහලා කියන්න හිතුණා..එදා පුළුන් බෝලයක් වගේ සුදුවට හිටපු කෙලි පැටියා මං දිහා බැලුවේ ඒ චූටි ඇස් ලාවට ඇරලා හිනා වෙන ගමන්..ඒ චූටි කෙළි පැටික්කි දැන් ලොකු වෙලා අද මාව දාල යනවා නේද දුවේ......?
මගේ අතින් අල්ලන් වැටි වැටි ඇවිදිද්දි දුවද්දි ඒ දේවල් දිහා බලලා මේ තාත්තා ගොඩක් සතුටු වුනේ කවදාවත් මගේ රත්තරන් දුව වෙන පිරිමියෙක්ගෙ වෙයි කියලාවත් ඒ මොහොතේ දැනුනේ නැති නිසා දුවේ... අම්මා මගේ චුටි කෙල්ලගේ පොඩි පොඩි දග වැඩ වලදී ගහන්න පස්සෙන් එද්දී ඔයා දුවගෙන එන්නේ මගේ ළගට " තාත්තී අම්මී ගහන්න එනවෝ " කියාගෙන , ඒ හැම මොහොතේම මගේ චූටි කෙළි පැටික්කිව මං බේරුවේ ඔයාගේ අම්මිගෙන් මං බැනුම් අහලා... එතකොට ඔයා මගේ මුණට කිස් එකක් දීලා දුවලා යනවා.....
කඳු හෙළ් අතරින් සයිබර් අවකාශයේ නව මං පෙත් සොයා යන්නට අවසරයි........ "විප්ලවයට නව අරුතක්"
Friday, June 28, 2019
තාත්තා
Labels:
Father's Love,
Life,
Life Story,
Love
Location:
Colombo, Sri Lanka
Friday, August 4, 2017
10 Ways to Become a Better Software Engineer
- Diversify your skillset. Learn anything and everything (especially new technologies). Try not to focus on just one technology or platform.
- Network with as many people in the industry as possible (and in other industries if possible!). Networking helps get your feet in the door to expose you to new opportunities.
- Stay up to date on the latest technology news. This includes tools you are currently using (always use the latest versions) and new tools.
Thursday, May 18, 2017
B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ.
''B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?''
ඒ තවත් එක සිසුවෙකුගේ වාරයයි..
''සර්... අද කාටවත් එන්න වෙන්නේ නෑ ...අම්මා කොලබ ගියා උත්සවයකට..''
අළුතින් පැමිණි පන්තිභාර ගුරුතුමාට සමිතගෙන් ලැබුනේ එවන් පිළිතුරකි....
''උත්සවයකට ගියා ....? කෝ එතකොට තාත්තා...? ''
''තාත්තා නෑ සර් ...'' යන පහත් ස්වරයත් සමගම
ඔහුගේ හිස පහල වැටුණු අතර
පාදයේ ඇගිලිතුඩුවලින් සෙරෙප්පුව පහුරු ගාන්නටවිය..
''ගුරු-දෙගුරු රැස්වීම තියනවා කියලා දැනුම් දුන්නේ
සති දෙකකට කලින් නේද මනුස්සයෝ..?
අම්මට තිබ්බේ නැද්ද ඔය ගමන වෙන දවසකට දාගන්න..?
මේක මගේ පලවෙනි ගුරු-දෙගුරු රැස්වීම..
Location:
Colombo 13, Colombo, Sri Lanka
Tuesday, May 16, 2017
Complete Instagram Domination Course: How I Got 50,000 fans!
Learn How To Dominate The World's Hottest Photo Sharing App! See how I converted 40k+ followers into sales - no outlay.
What Will I Learn?
- Successfully grow an Instagram account to 25,000 followers inside 3 months
- Attract new customers and fans to your Instagram account, daily
- Convert Instagram followers into paying customers
- Set-up their account for 6 figure growth in the long-term
Requirements
- Download the Instagram app on their Smartphone
- Have an open mind and a desire to create something truly special and beneficial for yourself
Location:
Colombo 13, Colombo, Sri Lanka
මනමාලිය වෙත
බැහැ මට කවදාවත්
සැමියෙකු වෙන්නට ඔබ හට
වෙන්නම් හැමදාම
හද දිනූ පෙම්වතෙක්
මුනිවතක නොපිහිටමි
පතිවතත් රකිද්දී
රකින්නම් නුඹේ හෙට
අදත් මා මියෙද්දී
Labels:
Friendship,
Love,
School Life
Location:
Colombo 13, Colombo, Sri Lanka
Wednesday, January 11, 2017
හිතුවක්කාර ආදරය - අවසාන දිගහැරුම
මා ඉදිරියේ සිටිනා වූ පිරිස මා අඳුනන්නේ නැති උවද ඔවුන්ගෙන් මාහට කරදරයක් නොවන බව මා සිතූ නිසා ඔවුන් අසලට ගියේ හිසට දැන්නෙන්නා වූ දැඩි වේදනාවත් සමගමය. ඔවුන් මා අසලට පැමින මොනමොනවදෝ මිමිනුවද මා හට ඒ කිසි දෙයන් නොතේරූ තරම්ය. නමුත් ඔවුන්ගේ තිබූ ශාන්ත ගමන හා ආදරණීය වචන මගේ සිතට එකතු කලේ පුදුමාකාර සහනයකි. මා සිටිනා අවස්තාව අනුව මට එය මහමෙරක් වූ අතර ඔවුන් හා මා වචන කීපයක් කතා කිරීමට උත්ස දැරූවද එම උත්සහයද අසාර්ථක වූයේ එක වරම වටපිටාව අඳුරු වී ගොස් මගේ ඇඟට පන නැති ගතියක් දැනුන නිසාය.
"මේ ඇත්තාට දැන් කොහොමද පොඩි හාමුදුරුවනේ"
"අපි හිතුවට වඩා හොඳයි නායක හාමුදුරුවනේ. ඒත් මම දුන්න සින්හල බේත් ටිකක් සැර වැඩිද කොහෙද"
"ඒ මොකද?, පොඩි නම ඇයි එහෙම කියන්නෙ"
"මෙයාගෙ ඇඟට පණ නැහැ. අද දවල් මෙයා අඩියක් දෙකක් ඇවිදල යන්න උත්සහ කලා. ඒත් ඇදගෙන වැටුනා. දැන් ආයෙමත් සිහිය නැහැ"
"සේරම හොඳින් සිද්දවෙයි පොඩි නම. සෝමිර පොඩි නමත් මේ වෙලාවෙ හිටියනම් හොඳයි නේද"
"ඒක නම් ඇත්ත අපෙ හාමුදුරුවනේ. ඒත් සෝමිර පොඩි නම එන්න තව සති දෙකක්වත් යාවි. ඊයෙ මට ස්කයිප් වලින් කතාකරල දිනුක ගැන විස්තර ඇහුවා. සෝමිර පොඩි නමටත් සතුටුයි දිනුක නැගිට්ටා කිව්වහම"
Labels:
Friendship,
Life,
Life Story,
Love,
School Life,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Friday, January 6, 2017
හිතුවක්කාර ආදරය - 37 කොටස
"හෙලෝ අමිල පුතාද"
"ඔව් ඇන්ටි අමිල තමා."
"අනේ පුතේ අපෙ පුතා දිනුක ඉන්නවද ඔයාලගෙ දිහා"
"නැහැ ඇන්ටි. මම මේ දැනුයි ගෙදර ආවෙ. එයාගෙම වැඩකට ගිහින්. මොකද අවුල"
"අනේ පුතේ හයා මාරට විතර ගියා පියුමි දුව හම්බෙන්න යනවා කියලා. තාම ආවෙ නැහැ. පුතත් ටිකක් කලබලන්නෙ හිටියෙ. අනික එයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නැහැ"
"හරි හරි.. ඇන්ටි බය නොවී ඉන්නකො. මම ටිකක් බලන්නම්."
අපේ අම්මාගෙන් ලැබූ දුරකථන ඇමතුමත් සමගම අමිල පියුමිට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර, ඇයව මුන ගැසීමට පැමිනෙන බව පැවසූවද මා පැමිනියේ නැති බව ඇය අමිලට දන්වා තිබුනි. ඇගේ වචන කීපය ඇසීමෙන් පසුව මගේ මිතුරා මා සෙවීමට අප සුපුරුදු ස්ථාන වලට ගියද මා එම ස්ථානයන්ගෙන්ද සොයාගත නොහැකි වූ නිසා අමිල මොහොමඩ්ගේ නිවසට ගියේ මා ඔහු සමග ඇතැයි යන බලාපොරොත්තුවෙන්ය. නමුත් මා එහි නොසිටීම නිසා, කලබලයට පත් වූ ඔවුන්දෙදෙනා මා සෙවීමට පිටත්ව ගියේ ප්රස්න රැසක් ඔවුන්ගේ මනස තුල සිරකරගෙනය.
"හෙලෝ.. හිරුණි මැඩම්"
"ඔව් කියන්න ගනේෂ්.. මොකද වැඩේ"
"වැඩේනම් ප්ලෑන් කරපු විදිහටම කෙරුනා. ඒත්.."
"ඒත්.. මොකද ඒත්"
"මැඩම්, වැදුනු පාරවල් නිසා මිනිහ මැරුණද දන්නෙ නැහැ. කිසිම ප්රතිචාරයක් තිබුනෙ නැහැ"
"හම්.. එතකොට කෝ දැන් බොඩි එක"
"අපේ දෙන්නෙක් අරගෙන යනවා. එයාල කෝකිලායි හරියෙ තියෙන කුරුළු අභය භූමිය පැත්තට යන්නෙ. යන ගමන් පදවිය වැව හරියෙ තියන කැලේකට අතාරින්නම් කිව්වා"
"හම්ම්.. මැරිලනම් ඉතින් කරන්න දෙයක් නැහැ ගනේෂ්. ඒත් මැරිල නැතිනම් ඔයාගෙ මිනිස්සුන්ට කියන්න මරන්න එපා කියලා. බොඩි එක දාන තැනකින් දාල යන්න කියලා. ගනේෂෙ ඔයා දන්නවනෙ, පොඩි හරි ලීක් එකක් තිබ්බොත් අපි සේරම ඉවරයි හරි"
"ඒ ගැන බය වෙන්න එපා හිරුණි මැඩම්. මේ අපි පුරුදුවෙන්න කරපු වැඩක් නෙමේනෙ. මම වැඩේ කම්ප්ලීට් උන ගමන් ආයෙත් මැඩම්ට කෝල් එකක් දෙන්නම්"
"ආයෙ කතා කරන්න ඕන නැහැ. මම ගනේෂ් ගැන දන්නවනෙ හොඳට. හෙට අපි කතාකරගත්තු තැනට එන්න. මම ඉතුරු සල්ලි ටික දෙන්නම්"
"ඔකේ මැඩම්"
Labels:
Friendship,
Life,
Life Story,
Love,
School Life,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Thursday, November 24, 2016
හිතුවක්කාර ආදරය - 36 කොටස
විනාඩි කීපයකට පමන මා හොළුවෙකු විය. බිහිරෙකු විය. ඊළගට කල යුත්තේ කුමක්දැයි මා හට නිවරැදි කල්පනාවක් නොතිබුනි. කාර්යාලයේ මා සමග වැඩ කරනා පිරිස නොයෙකුත් දේ මගෙන් විමසුවද ඔවුනට කෙටි පිළිතුරු ලබා දෙමින් මා කාර්යාලයෙන් පිටව ගියේ තවත් එහි රැඳී සිට සේවයේ නිරත වීමට තරම් මා තුල ජවයක් හා මානසික තත්වයක් නොතිබූ නිසාය. හදිසි අසනීප තත්වයක් යැයි පවසා ලොක්කාගෙන් අමාරුවෙන් නිවාඩුවක් රැගෙන මා පැමිණියද මම කල යුත්තේ කුමක්දැයි මම නොදැන සිටියෙමි. ඝන අන්දකාරයේ තනිවී මංමුලා වූ එකෙකු සේ මට දැනුනි.
කාලය වෙනදාට වඩා වේගයෙන් ගෙවෙන්නට වූයේ මාගේ ජීවිතය තව තවත් අඳුරු අගාදයකට ඇද දමමින්ය. ගෙවුනු විනාඩියක් විනාඩියක් පාසා ඇගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමට මා උත්සහ කලද එම උත්සහයන් සියල්ල අසාර්තක විය. මගේ මිතුරා වූ අමිල ඇයව මුනගැසිමට ගොස්තුබූ අතර ඔහුටද ඇය පවසා තිබුනේ ඇයව අමතක කරනා ලෙසය. අමිල එයට හේතූන් පවසා සිටියද ඇය ඔහුට කිසිවක් නොපසවා තිබූ අතර අමිලටද බැන තුබුනේ ඇගේ ජීවිතේ තීරන ඇයට අයිති බව පවසාය.
Labels:
Friendship,
Life,
Life Story,
Love,
School Life,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Tuesday, November 15, 2016
හිතුවක්කාර ආදරය - 35 කොටස
"ඔහොම ඉන්න එපා පොඩි මහත්තයා.. මටත් දුකයි. අනික ඒ ළමය යන්නම ගියා නෙමේනෙ."
"කොහොමද මොහොමඩ් මම මොකුත් නොවුන ගානට ඉන්නෙ. හම්ම්ම්. මම ප්ලෑන්ස් ගොඩක් හිතේ තියාගෙන ආවෙ ලංකාවට. ඒත් .."
"ඒ ගෑණු ළමය ටික කාලයක් ඉල්ලුවෙ. ඉතින් පොඩි මහත්තය ඒක එයාට දෙන්න. මොකද පොඩි මහත්තය ඒ ගෑණු ළමයගෙන් ගිය දා ඔයිට වඩා ඒ ළමය විඳින්න ඇති. අඬන්න ඇති."
"හම්ම්.. මොහොමඩ් හරි. මේ දේ මට ලැබෙන්න තිබුන දෙයක්. කාලයට බාර දීල බලාගෙන ඉන්න තියෙන්නෙ"
"ඒක තමා පොඩි මහත්තයා.. මේ ආව නිවාඩුව යාළුවො එක්ක ටිකක් විනෝදෙන් ඉන්න. අනික පොඩි මහත්තයම් නේද මට කිව්වෙ, ඒ ගෑණු ළමයට යන්න දෙන්න පුලුවන් තරමට ආදරේ කරනවා කියලා."
මොහොමඩ් සමග කල කතා බහින් තරමක් හිත සැහැල්ලු උවද මගේ දෙනෙත් තුල කඳුළු රැඳී තිබුනේ ඇගේ මතකයන් විටෙන් විට මසිත පෑරූ නිසාය. ඇය එවැනි තීරනයකට එළෑඹෙතැයි මම එක තප්පරයකටවත් නොසිතූවද ඇය ගත් එම තීරනයට මා හට බලපෑමක් කල නොහැක්කේ ඇයට එවැනි තීරනයකට යාමට අයිතියක් තිබූ නිසාය. මක්නිසාදයත් මා මෙලෙස අද දින ඇය වෙනුවෙන් දුක් වෙනවා සේම ඇය වෙනුවෙන් ඇගේ ආදරය වෙනුවෙන් මෙලෙස යදිනවා සේම පෙර දිනයක ඈ මා ඉදිරියේ ආදරයේ යාචකයෙකු වූ නිසාවෙනි.
Labels:
Friendship,
Life,
Life Story,
Love,
School Life,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Wednesday, November 2, 2016
හිතුවක්කාර ආදරය - 34 කොටස
මා හදිසියේම නැවත ලංකාව බලා පිටත් වීමේ ගමනට අවෂය සියලුම දේ අසිස් හා ඔහුගේ සොහොයුරා එකතුවී මා හට සූදානම් කර දුන්නේ අවසාන මොහොත දක්වාම මා මගේ කාර්යාලයේ රාජකාරීන් සමග හිරවූ නිසාවෙනි. අළුත් බලාපොරොත්තුවක් ඇතිව අලුත්ම හීනයකට පෙම් බඳිමින් මා මේ ගමන ගියද මගේ හිත තරමක සැකයෙන් යුක්ත වූයේ පියුමි ගැන සිතනා විටය. ඇයගේ පිළිගැනීම කුමක් වේද, නැතිනම් ඇය මට බනීවිද, මගේ යෝජනාවට ඇය කැමති වේදෝ යන පිළිතුරක් නිගමනය කල නොහැකි ප්‍රස්න රැසක් මා සිත තුල විය.
"පුතේ.. ඔ..යා.. අනේ කවද්ද ආවෙ. ඇයි මට කිව්වෙ නැත්තෙ එනව කියලා"
"අයියෙ.. ඔයානම හරි නපුරුයි. නොකියම ආව නේද"
"අනේ මගෙ පුතා ඇදිල ගිහිල්ලා. කෑමක් බීමක් නැද්ද හරියට."
"එහෙම දෙයක් නැහැ අම්මෙ. ටිකක් වැඩ වැඩියි එහෙ. විස්තර කතාකරමුකො. මම ටිකක් ඇඟපත සෝදගෙන එන්නම්කො."
Labels:
Friendship,
Life,
Life Story,
Love,
School Life,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Monday, October 24, 2016
හිතුවක්කාර ආදරය - 33 කොටස
වැඩරාජකාරීන් සමග දවසින් දවස තප්පරයෙන් තප්පරය ගෙවී යද්දී දින සති මාස පිළිබඳව අදහසක් නොතිබූ තරම් උවද පියුමි මගේ සිත තුල වැඩි වැඩියෙන් සක්මන් කලේ මටත් හොරාවටමය. ඇගේ ආදරය ඇගේ සුවඳ මෙන්ම ඇගේ මතකයන්ම මා හට තදින්ම දැනෙන්නට වූයේ මා මෙහි තනී වි සිටි නිසා විය යුතුය. මගේ හිතට දැනෙන්නා වූ දුක කියන්න අම්මාවත් ළඟ සිටියානම් යන සිතිවිල්ල මගේ සිතේ දළුලා තුබුනේ ඇය සිටියානම් ඇගේ ඔඩුක්කුවට වී හිස තබා ගෙන සිටිය හැකි නිසාය. එසේනම් ඇය මගේ හිස අතගාමින් මට අවවාද කරනවා නොඅනුමානය.
පියුමි, වර්ණකුලසූරිය හා ඩුබාහි ජීවිතය යන තුනම සමබර කිරීමට අපහසු වූයේ පියුමිගේ මතකයන් තවමත් මගේ හිත කොනක ඉතිරි වී මා නොසිතූ ලෙස මසිත රිදවූ නිසාවෙනි. අවස්තා කීපයකදීම මේ රැකියාව අමතක කර නැවත යාමට අදහසක් මසිත තුල පැන නැගුනද මා ඒ සියලුම සිතිවිලි පාලනය කර ගත්තේ මේ රැකියාව නිසා මා ලබාගත් දේ බොහොමයක් නිසාය. නමුත් මා ඇයට පිටුපා ඇයව රිදවා ඇගෙන් වෙන්වී යාම මගේ යටි සිත කවදාවත්ම නොපිළිගත් නිසාදෝ ඇයව ඇමතීමට මම කීපවරක්ම උත්සහ කලද සියලුම අවස්තා සාර්ථක නොවුනේ ඇයිද යන්න මම නොදැනසිටියෙමි. මම ඇයට කොතරම් පෙම් කලත් ඇගේ ජීවිතයෙන් ඈත්ව සිටීම ඇයට කරනා සාධාරනයක් බව මම දැන සිටියෙමි. මක්නිසාද යත් ඇයට සැප සම්පත් පිරි ලස්සන පිරිසිදු ජීවිතයක් උරුම වූ නිසාය.
Labels:
Friendship,
Life,
Life Story,
Love,
School Life,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Friday, October 21, 2016
හිතුවක්කාර ආදරය - 32 කොටස
හිතට දැනෙන්නාවූ සාන්කාව නිසාත් හරිහැටි නින්දක් නොලැබීමෙන් මා වෙහෙසට පත්ව සිටි නිසාත් ගුවන් ගමන අතරතුර මම සුව නින්දක පහස විඳගත්තෙමි. මොහොමඩ් විසින් ව්‍යාපාරික පන්තියේ ටිකට්පතක් වෙන්කිරීම නිසා සුවපහසු තෙහෙට්ටුවක් නැති ගුවන් ගමනක් නිම කිරීමට මට හැකිවිය. මොහොමඩ් පැවසුවා පරිදිම අසීස් මා රැගෙනයාමට එහි පැමින සිටියේ ඔහුගේ සොහොයුරාද සමගය. වෙනදාට වඩා ඔහු සුවෙන් සිටිනාබව ඔහුව දුටු විගසම මා හට තේරුම්ගියා සේම තරමක් දිගට වවා තුබූ ඔහුගේ රැවුල පමනක් වෙනස් වී තුබුනේ එය තඹ පැහ වර්ණයකින් වර්ණ ගන්වා තිබූ නිසාය.
"වෙල්කම් ටු ඩුබායි පුතා.. පොඩ්ඩක් ඇදිල ගිහිල්ලද මන්දා. මොහොමඩ් මට සේරම විස්තරේ කිව්වා. ඉස්සෙල්ල්ම යමුකො ගෙදර."
"කොහොමද නසීම්"
"හොන්දින් ඉන්නවා දිනුක.. ගෙදර ගිහින් මොනව හරි කාලම කතාකරමුකො විස්තර"
Labels:
Friendship,
Life,
Life Story,
Love,
School Life,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Wednesday, October 19, 2016
හිතුවක්කාර ආදරය - 31 කොටස
කාලය හෙමින් හෙමින් ගෙවී යද්දී අපේ ගෙදරද නොදැනීම නිහඬ බවෙන් පිරී ගියේ මගේ විදේෂ ගතවීම නිසා අම්මා කනගාටුවෙන්සිටි නිසා විය යුතුය. මගේ ඇඳුම් පැලදුන් පිලිවෙලකට නමා බෑගයකට අසුරා තිබුනේ ඇයම වූ අතර ගෙවුනු දවස් කීපයේම අම්මා මගේ ළඟට විත් මට නිදිමත එනතුරු මගේ හිස අතගෑවේ ඇගේ දෙනෙති කඳුලු මට නොපෙනෙන ලෙස පිසදමමින්ය.
"මම නම් උඹ යනවට කැමති නැහැ දිනුක..මම කියන්නෙ උඹ ෆයිනල් ඉයර් එකක් ඉවරම කරල යන්න කියල බන්."
"ම්ම්ම් මටත් නොතේරෙනව නෙමේ රොෂෙන්. ඒත් මේ ගමන මට යන්න වෙනනවා මචං."
"උඹ ගියාම අපිට තමා බන් පාළු. බියර් එකක්වත් ගහන්න හවසට කවුරුත් නැති වෙනවා. අනික බන් උඹ ඉන්නකම් අපේ උන්ටික එකට හිටියා."
"ඒකනම් ඇත්ත ඩිලා, දිනුක ඉන්නකම් කට්ටිය එකට හිටියා. දැන් දිනුකය ගියාට පස්සෙ මුන්ව හොයන්න දැල් දාන්න වෙයි"
"එහෙම හිතන්න එපා බන්. මන් මේ යන්නම යන්න හදන ගමනක් නෙමේනෙබන්. උඹල සේරම ඩිග්‍රි එක ගොඩදාල ටයි කෝට් දාල ලොකු තැන්වල ඉඳපල්ල මම ආයෙ එනකොට"
Labels:
Friendship,
Life,
Life Story,
Love,
School Life,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Wednesday, December 23, 2015
හිතුවක්කාර ආදරය - 30 කොටස
"දිනුක අයියා.. අනේ මේ බලන්නකො ලස්සන සමනළයෙක්. අනේ මටත් ආසයි ඒ වගේ ලස්සන අත්තටු දෙකකට. ම්ම්ම් අපේ පැත්තට කොහෙන්ද මෙච්චර ලස්සන සමනළයෙක්. පාර වැරදිලා අතරමන් වෙලාවත්ද.අනේ එහෙම උනොතින් පව් නේද"
"හම්ම්ම්"
"මොකද අනේ හම් හම් ගාන්නෙ. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් ගතියක් නැහැ දිනුක අයියා. බලන්න නිල් අහස ඈත මුහුද එක්ක ලස්සනට කතාකරන හැටි, මුහුදු රළ තාලයකට නැලවෙන හැටි, ඒ විතරක්ද අපි දෙන්නව බලන්න ආව මේ ලස්සන සමනළයෙකුත් ඉන්න්කොට ඔයා ඔහේ ඉන්නවා. ආදරේ කරන්න රොමැන්ටික් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙද්දි ඔයා දුෂ්ටයෙක්ගෙ චරිතයක් කරන්න හදනවා. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් එකක් නැහැ අනේ"
"මම දුෂ්ටයෙක් වෙමි. මොකද කියන්නෙ ඒ අදහස ගැන මගෙ රොමැන්ටික් කෙල්ලෙ"
"ආ..ඇත්තද.. අර කෙවින් වගේ වෙන්නද කල්පනාව"
"ඔව්. ඔයා කැමතිද"
"ඔයා දන්නවද එහෙම උනොත් මම ඔයාට කරන දේ. ඔයාව මම පොලිසියට අල්ලල දෙනවා. දීල ඔයාව හිරේ තියනවා අවුරුදු ගානක්. හැබැයි ඔන්න මම ඔයා එනකම් ඉන්නවා බලාගෙන හරි."
Labels:
Friendship,
Life,
Life Story,
Love,
School Life,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Monday, December 14, 2015
හිතුවක්කාර ආදරය - 29 කොටස
නොසිතූ වෙලාවක ඔවුන් දෙදෙනාවම පුදුමයට පත් කරමින් මගේ මුවින් එවැනි වදනක් පිට උවද ඔවුන් එවැනි දෙයක් මගෙන් බලාපොරොත්තුව සිටියාවත්දයැයි මම සිතුවෙමි. ලේ දන්දීමේ වැඩසටහනට සමුදුන් මා අමිල සමග අප සිටි ස්ථානයෙන් ඉවත්ව ගියේ පියුමිගේ නොයෙකුත් ප්‍රස්නයන්ට මැදිව හවස ඇයව හමුවීමට දුන් පොරොන්දුවක්ද සමගය. මා කලදේට අමිලගේද එතරම්ම කැමැත්තක් නොතිබූ බව ඔහුගේ නිහඬ බවින මම තේරුම් ගත්තෙමි.
"හිරුණි දුව, දැන්වත් ඔයා විස්වාස කරනවද මම මෙච්චර දවස් මිරිඟුවක් පස්සෙ නෙමේ දිව්වෙ කියන එක"
"මටනම් මේක තවමත් ප්‍රෙහේලිකාවක් බාප්පෙ. ඔයාගෙ නම ඇහුවහම ඕන කෙනෙක් බයවෙනකොට මේ පොඩි කොල්ලෙක් එක්ක ඔයාට චැලෙන්ජ් කරනවා. මට පුදුමෙ කියන්නෙ ඔයත් නිහඬ ඉන්න එකනෙ."
"දුව හරි. මමත් හැඬල් කරන ටිකක් සන්කීර්ණ කේස් එකක් මේක. කොල්ල මොනව උනත් වැඩකාරයා. කරන කිසිම දේක සාක්ෂියක් තියන්නෙ නැහැ. මට ඕන මිනිහව විතරක් නෙමේ මිනිහගෙ වටේ ඉන්න කට්ටියත් අල්ලන්න"
"අනේ මන්දා බාප්පෙ. මට තාමත් හිතාගන්න බැහැ. හොඳ හිතක් තියන කොල්ලෙක් බාප්පෙ. පියුමි එදා ඒ කොල්ලගෙ කකුල්දෙක අල්ලල වැඳල සමාව ඉල්ලන්න තරම්..."
"ඔන්න ඔතනින්ම තමා මිනිහව කොටු කරනවනම් කරන්න ඕන. මිනිහව වට්ටන්න තියන එකම තුරුම්පුව, පියුමි"
Labels:
Friendship,
Life,
Life Story,
Love,
School Life,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Friday, November 27, 2015
හිතුවක්කාර ආදරය - 28 කොටස
ඇගෙන් ලද ආදරය කොතරම් සුන්දර උවද කෙවින් අප ආදරයට එක් කලේ අඳුරු මතකයන්ය. එක අවස්ථාඅකදී මම ඔහුට කාරනා තේරුම් කර දුන්නද ඔහු මගේ කීම කවදාවත්ම නොපිළිගත්තේය. මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබුනද මොනදේ සිදුවුනත් ඔහු නිහඬව සිටීම මගේ සිතට එක් කලේ ආගන්තුක හැඟීමකි.
"පොඩි මහත්තයා කොහොමද ඉතින්. ආයෙමත් මේ මේසෙ එකට ඉඳගන්න ලැබුන එහෙනම්."
"කොහොමද මොහොමඩ්ගෙ වැඩ කටයුතු. තාමත්.."
"මමත් දැන් ඉස්සර වගේ නැහැ පොඩි මහත්තයා. ඒත් ඉතින් ටික ටික ... දන්නැද්ද ඉතින්. ඒක නෙමේ මොකද මේ හදිසියේම"
"කෙවින් නිසා.. මිහිහව මගේ පාරෙන් අයින් කරන්න ඕන ඉක්මනටම."
"මම පොඩි මහත්තයට ඕක කලින්ම කිව්වා නේද. අපි මිනිහට අපේ සීමා ළඟට එන්න දුන්න වැඩියි."
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Monday, November 16, 2015
හිතුවක්කාර ආදරය - 27 කොටස
"කව්ද ඉමාෂා කියන්නෙ"
එක මොහොතකට මා සිටි තැනම ගල් පිළිමයක් බඳුවූයේ ඇය ඇසූ ප්‍රස්නයත් සමගය. මම තප්පර කීපයක් නිහඬව ඇගේ කඳුලින් පිරි දෙනෙත් දෙස බලා සිටියෙමි. එම දෙනෙත් මගෙන් සඟවනා දෙය කුමක්දැයි මට නොහැඟුනත් මගේ හිත කැලඹූ කරුන වූයේ මා කීමටත් පෙර මොවුන් ඉමාෂා ගැන දැනගත්තේ කෙසේද යන්නය. මම පියුමිට වැරැද්දක් නොකලද මා තවත් විනාඩි කීපයක් නිහඬව සිටියේ මොවුන් දෙදෙනාට කෙසේ පිළිතුරු දෙම්දයැයි සිතමින්ය.
"ඇයි දිනුක අයියා ඔයා නිහඬ. මන් අහපුදේට උත්තර දෙන් නැත්තෙ ඇයි"
"පියුමි, මේ .."
"නිකන් බලු වැඩ කරන්න එපා මිනිහො. තමුසෙ මේ කෙල්ලට මෙච්චර දුකක් දෙන්න මේ කෙල්ල කරපු අපරාදෙ මොකක්ද. අපි කිව්වා නේද පියුමි උඹට. මේ කොල්ලව උඹට ගැලපෙන්නෙ නැහැ කියලා. උඹ විඳවපන් දැන් ඉතින්"
"ඔයාලට කවුරු හරි වැරදි දෙයක් කියල තියෙන්නෙ. මම ඉමාෂ ගැන කියන්නම්. කලබල නොවී ඉන්නකො"
"හොඳ වෙලාවට මේක දැන්ම අපි හොයා ගත්තෙ. පියුමි උඹ මර උගුලකින් බේරුනේ. මතක තියා ගනින් පියුමිව අඬවපු තමුසෙට යහතින් ඉන්න වෙන්නෙ නැහැ. කියනව බලන්න තමුසෙ මේ තවත් කෙල්ලෙක්ගෙ සැප හොයාගෙන ගියෙ මේකි මොනව කලාටද"
"හිරුණි, ඔයා ටිකක් නිහඬ වෙන්නකො. ඇයි දිනුක අයියා මට මෙහෙම දුකක් දුන්නෙ. කියන්න මට. මම ඔයාට කරපු වැරැද්ද මොකක්ද. කවුද මේ ඉමාෂා. කොහෙද ඔය කෙල්ල ඉන්නෙ. මට එයාව මීට් වෙන්න ඕනි"
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Tuesday, November 3, 2015
හිතුවක්කාර ආදරය - 26 කොටස
ආදරය විඳිමින් කාලය කෙමෙන් ගෙවී යද්දී අතුරු ආබාධයකින් තොරව අප සූදානම් කර තිබූ මත්ද්‍රවය්‍ය අදාල පාර්ෂවය වෙත ලබා දීඅට අපට හැකි විය. මෙතරම් තේ කොල ප්‍රමාණයක් ජර්මනියට ගෙනියන්නේ ඇයිදැයි යන්න එකම එක පරික්ෂන ස්ථානයක්දී පමනක් පරීක්ෂාවට ලක් කෙරී තිබූ අතර අප විදේශිකයාගේ තැනට සුදුසු නුවණ නිසා එම අවස්ථාවද කරදරයකින් තොරව ගොඩදාගැනීමට ඔහුට හැකි වී තිබුනි. මේ අතරම මේ වෙළඳාම් ක්‍රමය දිගටම පවත්වාගෙන යමුයැයි මොහොමඩ් විසින් කල යෝජනාවෙන් මා ඉවත් වූයේ මා නිසා පියුමිගේ ආදරය විනාස කල නොහැකි නිසාය. එමෙන්ම ඉමෂා මෙන්ම මට මැයවද නැති කර ගැනීම්ට නොහැකි වූ නිසාය. එහෙත් මෙගේ මේ තීරනය කෙරෙහි මොහොමඩ් ගේ එතරම්ම කැමැත්තක් නොතිබුනද ඔහුට මෙමෙ ව්‍යාපාර කටයුතු ගැටළුවකින් තොරව කරගෙන යාමට මට හැකි වෙලාවක උදව් දීමට මම පොරොන්දු වූ නිසා අපට හිත් අමනාපයකින් තොරව සමුගෙන යාමට හැකි විය.
ජීවිතයේ කොතරන්නම් නොහොබිනා වැඩ කර ඇත්දැයි මම තනිව කල්පනා කලේ අම්මාගේ රස තේ කෝපයද අතැතිවය. මම මාගේ ජීවිත ගමන වෙනස් කල යුතුව ඇත. මාගේ මිතුරන් දෙදෙනා නැතිවීමත් සමගද මා එලසම සිතුවා මට මතක ඇත. එනමුත් කාලයාගේ ඇවෑමෙන් මා නැවතත් පරන දාවන පථයටම පැමිණ ඇත. වෙනස් වීමට මා සිතන තරම් පහසු කාර්යයක් නොවුනද පියුමිගේ ආදරේ වෙනුවෙන්වත් මා එලෙස කල යුතුයැයි මම දැඩිවම සිතුවෙමි.
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Wednesday, October 21, 2015
හිතුවක්කාර ආදරය - 25 කොටස
"මොකද පුතේ අද උදෙන්ම"
"ඉවරකරන්න බැරි උන වැඩ වගයක් තියනවා අම්මෙ. අද උදේ නමයට කලින් දෙන්න ඕන. ඒකයි මේ උදෙන්ම යන්න කියල බැලුවෙ"
"අහ් අයියෙ.. ගුඩ්මොර්නිං. මොකද මේ අද කුකුලත් අතේ අරන්ම යන්න හදන්න්නෙ. අනේ මේ ඒක නෙමේ මට ඇඳුම් වගයක් ගන්න තියනවා. කීයක් හරි දෙන්නකො. ඔයා ඉතින් මගෙ සුදු අයියනෙ."
"ඔයාගෙ බටර් ඕන නැහැ. මගෙ මේසෙ උඩ ඇති පන්දාහක්. ඒක එහෙම්මම් තියල ලාච්චුවේ තියන එක්දහස් පන්සීය අරන් යනවා"
"ඒක්දහස් පන්සීයෙන් මොනා ගන්නද අනේ. ඔනේ නෑ ඔයාගෙ සල්ලි. මම තාත්තගෙන් ඉල්ල ගන්නම්"
අම්මා සාදා දුන් තේ කෝප්පය උගුරට දෙකට ගිල දැමූ මම පුළුවන් තරම් ඉක්මනින් අපගේ සුපුරුදු ස්ථානටට පැමිනියෙමි. මා එන විටද මොහොමඩ් එම ස්තානයට පැමින සිටියේය. ඔහුද තරමක් නොසන්සුන්තත්වයේ සිටියේ ඊයේ රාත්‍රියේ පුවත නිසා විය යුතුය.
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Thursday, October 15, 2015
හිතුවක්කාර ආදරය - 24 කොටස
රොෂෙන්ගේ තේ පැන් සංග්‍රහයෙන් පසුව අපි සියලු දෙනාම අපගේ පන්ති කාමරය වෙත යාමට සූදානම් උනෙමු. අද දින අප හට උගන්වනුයේ නැති උවත් පසුගිය ප්‍රස්න පත්‍ර කරමුයැයි ගයාන්ගේ යෝජනාවට මා හා අමිලද කැමැත්ත ප්‍රකාෂ කලේ අප හටද පසුගිය සතියේ පන්තීන් කීපයක්ම මග හැරුනු නිසාය. නමුත් අප මිතුරන් සමග යාම මට මදක් ප්‍රමාද කිරීමට සිදු වූයේ පියුමිගේ පැමිනීම නිසාය. ඇය මදක් කලබල ගතියකින් සිටි නමුත් වෙනාදාට වඩා ඇයගෙන් දිස් වූයේ අමුතුම දසුනකි. ඇගේ මුළු වතම වෙනදාට වඩා එලිය වැටී තිබූ අතර ඇය දෙතුන් පාරක්ම පසු පස හැරී බැලුවේ කවුරුන් හෝ ඇය දෙස බලා සිටිනවාද යන හැඟීමකිනි. ඇගේ ඉරියව් වලින් ඇගේ හිත කියවිමට මට හැකිවූ අතරම අමිලටඩ එසේ හැකිවූයායැයි මා සිතුවේ කන කොනට කර මට සුහ පතා ඔහු එතනින් වෙන්ව ගිය නිසාය.
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Subscribe to:
Posts (Atom)









