කාලය හෙමින් හෙමින් ගෙවී යද්දී අපේ ගෙදරද නොදැනීම නිහඬ බවෙන් පිරී ගියේ මගේ විදේෂ ගතවීම නිසා අම්මා කනගාටුවෙන්සිටි නිසා විය යුතුය. මගේ ඇඳුම් පැලදුන් පිලිවෙලකට නමා බෑගයකට අසුරා තිබුනේ ඇයම වූ අතර ගෙවුනු දවස් කීපයේම අම්මා මගේ ළඟට විත් මට නිදිමත එනතුරු මගේ හිස අතගෑවේ ඇගේ දෙනෙති කඳුලු මට නොපෙනෙන ලෙස පිසදමමින්ය.
"මම නම් උඹ යනවට කැමති නැහැ දිනුක..මම කියන්නෙ උඹ ෆයිනල් ඉයර් එකක් ඉවරම කරල යන්න කියල බන්."
"ම්ම්ම් මටත් නොතේරෙනව නෙමේ රොෂෙන්. ඒත් මේ ගමන මට යන්න වෙනනවා මචං."
"උඹ ගියාම අපිට තමා බන් පාළු. බියර් එකක්වත් ගහන්න හවසට කවුරුත් නැති වෙනවා. අනික බන් උඹ ඉන්නකම් අපේ උන්ටික එකට හිටියා."
"ඒකනම් ඇත්ත ඩිලා, දිනුක ඉන්නකම් කට්ටිය එකට හිටියා. දැන් දිනුකය ගියාට පස්සෙ මුන්ව හොයන්න දැල් දාන්න වෙයි"
"එහෙම හිතන්න එපා බන්. මන් මේ යන්නම යන්න හදන ගමනක් නෙමේනෙබන්. උඹල සේරම ඩිග්‍රි එක ගොඩදාල ටයි කෝට් දාල ලොකු තැන්වල ඉඳපල්ල මම ආයෙ එනකොට"