Wednesday, June 24, 2015

හිතුවක්කාර ආදරය - 11 කොටස



මා අදාල ස්ථානාට ඇය පැවසූ පරිදි පැමිනියද ඒ වනතුරුත් ඇය නොපැමිනි තිබුනි. කෙල්ලො කවද්ද වෙලාවට වැඩක් කලේ යැයි මම ඇය එනතුරු එතනට වෙලා සිටි මාගේ හද කම්පා වූයේ මා සිටි තැනට තරම්ක් දුරින් ගිමන් හැරීමට හිඳගෙන සිටිනා වයසක අත්තම්මා කෙනෙකු දැකීමෙන්ය. මේ ගෙවන ජීවිතය කොතරන්නම් පුදුමාකාරද, අවිනිෂ්ෂිතද යැයි සිතමින් මම අත්තාමාට උදව් කලෙමි. ඇය තරමක් දුර බැහැර සිට පැමින තිබුනේ මීගමුව මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. උදේ ආහාර වේලද නොගෙන තිබූ නිසා මම පළමුවෙන්ම ඇයට කෑමට යමක් අරන් දුන්නෙමි. පිරිමි දරුවෙකුගේ හා ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවක් වූ ඇය අද මෙලෙස අසරණ වී සරනාගත ජීවිතයක් ගතකරනුයේ පෝසත් පුතාගේ ජීවන ක්‍රමයට හා පොෂ් දුවල තිදෙනාගේ ජීවන රටාවට මේ වයසක අත්තම්මාව නොගැලපෙන නිසා යැයි ඇය ඇඬූ කන්දුලින් මට පැවසුවේ මා ඇයට උදව් උපකාර කලාට ස්තූතිකරන අතරතුරේදීමය. මතු උපදින හැම ආත්මයකදීම මීටත් වඩා හොඳින් සිටීවායි පතමින් මම නැවතත් බස් නැවතුමට ආවේ ඉමාෂාව ගැනීමටය. මා එම ස්තානයට යන විටදී ඇය පැමින සිටි අතරම ඇගේ මුහුණෙහි නුරුස්සන ගතියක් තිබුනේ මම ප්‍රමාද නිසා විය යුතුය.

"මොනාද දිනුක.. මාව ගන්නවත් වෙලාවට එන්න බැරිද ඔයාට. බලන්න මම මෙතන කොච්චර වෙලා හිටියද"