ඇගෙන් ලද ආදරය කොතරම් සුන්දර උවද කෙවින් අප ආදරයට එක් කලේ අඳුරු මතකයන්ය. එක අවස්ථාඅකදී මම ඔහුට කාරනා තේරුම් කර දුන්නද ඔහු මගේ කීම කවදාවත්ම නොපිළිගත්තේය. මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබුනද මොනදේ සිදුවුනත් ඔහු නිහඬව සිටීම මගේ සිතට එක් කලේ ආගන්තුක හැඟීමකි.
"පොඩි මහත්තයා කොහොමද ඉතින්. ආයෙමත් මේ මේසෙ එකට ඉඳගන්න ලැබුන එහෙනම්."
"කොහොමද මොහොමඩ්ගෙ වැඩ කටයුතු. තාමත්.."
"මමත් දැන් ඉස්සර වගේ නැහැ පොඩි මහත්තයා. ඒත් ඉතින් ටික ටික ... දන්නැද්ද ඉතින්. ඒක නෙමේ මොකද මේ හදිසියේම"
"කෙවින් නිසා.. මිහිහව මගේ පාරෙන් අයින් කරන්න ඕන ඉක්මනටම."
"මම පොඩි මහත්තයට ඕක කලින්ම කිව්වා නේද. අපි මිනිහට අපේ සීමා ළඟට එන්න දුන්න වැඩියි."
මොහොමඩ් සමග මේ ප්‍රස්නය පිළිබඳව කතාකලද සාදාරණව මෙය විසඳීමට යෝජනාවක් දෙදෙනාගෙන්ම ඉදිරිපත් නොවිනි. මොහොමඩ්ගේ අදහස වූයේ ඉක්මන් තීරනයකට නොගොස් ත්ව ටිකක් කෙවින් පිළිබඳව විස්තර ලබාගමු යන්නය. මක්නිසාද්යත් තවමත් ඔහුගෙන් අපට කරදරක් නොවුනු නිසා හා ඔහුගේ ඇති නිහඬබව නිසාය. විනාඩි හතළිහකින් පමන මොහොමඩ් මා හට සමු දී ගියේ ඔහුට පැවරී තිබූ වැඩ කටයුක්තක් නිසාය. නමුත් මා සිටි තැනටම වී ඉඟුරු තේ කෝප්පයක රස බලමින් කල්පනා කලේ මෙතන කුමක් හෝ වැරදීමක් වී ඇතිබවය. එසේත් නැතිනම් කුමක් හෝ පටලවිල්ලක් ඇතිබවය. හදිසියේම අමිලගෙන් ලැබුනු දුරකතන ඇමතුම නිසා මා කල්පනා ලොවෙන් මිදුනු අතර එම දුරකථන ඇමතුම මා තව තවත් අවුල් ජාලයකට ඇද දාන්න විය.
"මොකෝ අමිල.. මොකක්ද මේ හදිසියෙම"
"යාළුවා, මම මේ ප්‍රස්නය කලිනුත් ඔයාගෙන් අහල තියනවා. මම ඒක ආයෙමත් අහන්න යන්නෙ. මම හිතනවා මට ඒ ප්‍රස්නෙට අවන්ක පිළිතුරක් මට අදවත් ලැබේවි කියලා. මොකද මම හිතනවා මට ඒකට උරුමයක් තියනවා කියලා."
"හරි හරි.. අටුවා ටිකා ඕනනැහැ. අහපන්කො ඔය අහන්න තියන දේ"
"යාළුවා, ඔයා කව්ද? පතාලය එක්ක තියන උඹට තියන ගනුදෙනුව මොකක්ද?"
අමිල එසේ ආසනවාත් සමග මාගේ හුස්ම මොහොතකට නැවතුනි. නමුත් මම මගේ කිසිදු වෙනසක් නොපෙන්වා ඔහු දෙස තප්පර කීපයක් නිහඬව බලා සිටියේ අමිල බාවිතා කල ඒ පාතාලය යන වචනය නිසාය. ඔහුගේ ප්‍රස්නයට පැහැදිලිව පිළිතුරක් ලබා දීමට මම නොදැන සිටියෙමි.
"මොකද යාළුවා නිහඬ.."
"ඇයි අමිල ඒ වගේ දෙයක් මගෙන් ඇහුවෙ. අනික පාතාලය වගේ වචනයක් බාවිතා කලේ"
"හරි මම අවන්ක වෙන්නම්. උඹත් එක්ක ගනුදෙනු කරන සමහර චරිත නිසා තමා මම එහෙම ඇහුවෙ. දැන් බලපන් එදා රෑ අපි බෝතලේ ගෙනාව සිද්දිය. ඒ මිනිහා බොහොම බැගෑපත්ව උඹ එක්ක කතා කලේ. මම ඒ මිනිහගෙ පොෆයිල් එක ටිකක් හොයල බලද්දි මිනිහ දහ පාරකට වැඩිය හිරේ ඉඳල තියනවා. අනික කෙවින්, දේෂපාලනය බලය සල්ලි බලය තියාගෙන එලිපිට සෙල්ලම් දාන එකෙක්. ඒත් මිනිහ උඹ ඉස්සරහ ටිකක් ඇඹරෙනව"
"හරි හරි අමිල.."
"හිටපන් තව තියනවා.. එතකොට මොහොමඩ්.. මිනිහ ගැනැ කිසිම තොරතුරක් නැහැ. කිසිම ඩේට බේස් එකකවත් නැහැ."
"උඹ ඒ කියන්නෙ මම ගැන ඔත්තු බැලුවා මෙච්චර දවස්"
"එහෙමම කියන්නත් බැහැ. නෑ කියන්නත් බැහැ. මම එහෙම කලේ උඹට තියන ආදරේ හින්දයි. උඹ මගේ යාළුවා නිසයි. අනික උඹ දන්නවද ලොකුම දේ. මම මේක කිව්වට පස්සෙ උඹ කලබල වෙන්න බැහැ හරි. මම උඹේ යාළුකම වෙනුවෙන් ඕන දෙයක් කරන්නම්. හැබැයිමට ඇත්තදැනගන්න ඕන"
"හරි.. මොකද්ද ඒ දේ.. ඒකත් කියමුකො බලන්න"
"කවුරු හරි කට්ටියක් උඹව මොනිටර් කරනවා. උඹගෙ ගෙදර අය පවා. අනික ගෙදර ෆොන් ලයින් එක, උඹේ ෆොන් ලයින් එක ටැප් කරල තියෙන්නෙ"
"මොනවා ... උඹ කොහොමද එහෙම කියන්න"
"උඹ දන්නවනෙ මම හැකින් කරනවා කියලා. ඉතින් මට හිතුනා උඹ ගැන ටිකක් හොයන්න. ඉතින් මම උඹව මොනිටර් කලා. මට තාක්ෂනේ තිබුනට මට මොකුත් ස්පෙෂල් දෙයක් හොයා ගත්තෙ නැහැ."
අමිලගේ සමහර තාක්ෂනික වදන් මට නොතේරුනද කොට්ටෝරුව කෙසෙල් ගසට කොටන දවස වැඩි ඈතක නොවන බව මම තේරුම් ගත්තෙමි. අමිලගෙන් ප්‍රස්න රැසක් මට අසා විසඳා ගැනීමට තිබුනද ඊට මත්තෙන් මම අමිලගේ ඉල්ලීම ඉටුකෙරුවෙමි. අමිල මා හට විස්වාසය තැබිය හැකි පුද්ගලයෙක් නිසා මම මගේ සැඟවුනු ජීවිත කතාව ඔහුට කෙටියෙන් කීවේ ඔහුද පුදුමයකට පත්කරමින්ය. මා කියූදේ පිළිබඳව අමිල සාවදානව අසා සිටියා මිසක ඔහු කිසිදු ප්‍රශ්නයක් මතු නොකලේය. එමෙන්ම පියුමිගේ මිතුරිය වන හිරුණි ඉමාෂාගේ අම්මාගේ නන්ගිගෙ දුව බව අමිල කල ප්‍රකාෂය නිසා මම මොහොතකට මියදුනෙමි.
පසුගිය දවස් කීපය තුලදී සිදුවූ සිදුවීම් සියල්ල මා එකිනෙක පිළිවෙලකට නැවතත් මෙනෙහි කලේ අමිල ඉදිරිපත් කල තර්ක ද සමගය. ඔහුට අනුව පියුමි යනු මිරිඟුවකි. මා එහි පසුපස දුවන මුවෙක් බඳු විය. මා එය පිළිගැනීමට සූදානම්ව නොසිටියේ පියුමිගේ ආදරය නිසාය. ඒ ආදරේ අවන්ක නිසාය. නමුත් පියුමිගේ යාළුවා වන හිරුණිගේ රඟපෑම මගේ හිත සසල කරන්නට වූ අතර ඇය එදා මා සල්ලාලයෙකු යැයි මට නම් පට බැන්දේ ඈ ඇත්තම විස්තරය දැගගෙන බව මගේ මේ සිතට දැනෙද්දී මගේ පළිගැනීමේ සිතුවිලි දළු ලන්නට විය. නමුත් ඒ සියලුම සිතිවිලි මා යටපත් කර සිටියේ අමිල මා හට කරුනු කාරනා එකිනෙක පැහැදිලිකර දුන් නිසාය.
"යාළුවා, පියුමිට යන්න දීපන් උඹේ ජීවිතෙන්."
"මට ඒක කරන්න බැහැ අමිල. ඒ කෙල්ල ලඟ නැතිඋනොත් මට මොනවා වෙයිද දන්නෙ නැහැ. අනික මගේ හිත කියනවා මේ කිසිම දෙයකට පියුමිගේ සම්බන්දයක් නැහැ කියල අමිල"
"හිතුවක්කාර වෙන්න හදන්න එපා යාළුවා. ජීවිතේ ඔට්ටු අල්ලන්න එපා බන් කෙල්ලෙක් හින්දා"
අමිල කොතරම් කීවද මම ඔහුගේ කීමට එකඟ නොවුනේ මම පියුමිට ආදරය කල නිසාවෙනි. අමිලගේ තාක්ෂනයත්, මගේ මොළයත් සමග මොහොමඩ්ගේ කැපවීමත් එකතු කර මේ සටන ගෙනියමුයැයි අප අවසානයේ තීරනය කලද අප තුල කිසිදු සැලැස්මක් නොතිබුනේ මා කෙසෙල් ගසට නොකෙටුවාට එහි වසා සිටින කොට්ටෙරුවෙකු බඳු වූ නිසාය.
අමිල හා ගත කරපු පැය කීපය අවසානයේ මා නිවසට පැමිනියේ ප්‍රශ්න රැසකට පිළිතුරු සොයමින්ය. පියුමි වෙනුවෙන් කොතරන්නම් දේවල් මා කරන්න ඇත්ද. මගේ සමහර ජීවන පුරුදු පවා ඇය වෙනුවෙන් වෙනස්කලේ මා ඇයට ආදරය කල නිසාවෙනි. එනමුත් අමිලට අනුව ඇය මා ප්‍රයෝජනයට ගත්තාදෝ යන්න මගේ සිතට නැගෙද්දී මගේ මේ ආදරය කල හිතට සැනසීමක් නොතිබුනු තරම්ය. සැනසීමක් නොතිබුනු තරම්ය.
"දිනුක අයියා.. මම මේ දවස් දෙකක ඉඳන් නෝට් කලේ. ඔයා හොඳින් නේද. මොකක් හරි ප්‍රෂ්නෙකද ඉන්නෙ ඔයා"
"අනේ එහෙම එකක් නැහැ පියුමි. ඇයි"
"නෑ. මට තේරුනා. ඒකයි ඇහුවෙ. ඔයාට ප්‍රස්නයක් තියනවනම් කියන්න අයියා. මම පිට කෙනෙක් නෙමේනෙ. ඔයාගෙ ජිවිතේ බෙදාගන්න ඉන්නෙ මමනෙ. ඉතින් ප්‍රස්නයක් තියනවනම් මටත් කියන්න හරි. අපි එකතු වෙලා විසඳමු"
"හරි හරි කෙල්ලෙ. මම හොඳින් ඉන්න්. මේ ටිකේ ටිකක් නින්ද මදි උනා. පාඩම් කලානෙ එක්සෑම් එකට. ඒක නිසා එහෙම තේරෙනව ඇති ඔයාට"
"ඒක තමා. මම දන්නවා ඔයා ගැන. එදා හිරුණි මට ඔයාගැන එහෙම කියනකොට මම විස්වාස කලේම නැහැ දිනුක අයියා. මම දන්නවා ඔච්චර ආදරේ කරන ඔය හිතින් මට දුකක් දෙන්න බැහැ කියල මම දැනන් හිටියා. මම හරි නේද"
"හම්ම්ම්.."
"ඒක නෙමේ අපේ ස්කූල් එකේ බ්ලඩ් ඩොනේෂන් එකක් තියනවා. අනේ එන්න හරි ඔයා. ඔය ඇඟෙන් ලේ ටිකක් දුන්නට මැරෙන් නැහැනෙ."
"අහ්.. ඒ කවද්ද.. තාඅ ස්කූල් පටන් අරන් සතියක්වත් නැහැ නේද."
"ඔව් අනේ. මේ අපේ සීනියර්ස් කොමර්ස් කට්ටිය තමා ඔර්ගනයිස් කරන්නෙ. අපි තමා ඉතින් මැරෙන්නෙ. ඔයා එන්නකො. මෙතකොට මට මගේ යාළුවන්ටත් ඔයාව පෙන්නන්න පුළුවන්. ඊලඟ සතියෙ බදාදා. එනව නේද"
"ඔයා එන්න කිව්වහම නෑවිත් ඉන්න බැහැබෙ මට"
ඇය සමග කාලා ගතකරනා විට මට කාලය පිළිබඳව හැඟීමක් නොතිබුනද ගෙවුනු දවස් කීපයේ ඈ හා කාලය ගත කිරීම මට තරමක් අපහසු වූයේ මා ඇය ඉදිරියේ දෙබිඩි චරිතයක් රඟදැක්වූ නිසාවෙනි. මක්නිසාද යත් හිරුණි පිළිබඳව තොරතුරු ලබාගැනීමට පහසුම මාර්ගය ඈ වූ නිසා හා කවුරුන් හෝ මා හා කරන මේ හැන්ගිමුත්තමට පියුමිගේ සම්බඳයක් තියනවාද නැද්ද යන්න හරි ආකාරව දැන ගැනීමටය. නමුත් මා ඇය ගැන එසේ සිතනා සෑම අවස්ථාවකදීම මගේ හිතින් මට ලැබුන පිළිතුර වූයේ ඇය නිවරැදි බවය. සෑම විටම එය එසේ වන්නේ මගේ ආදර හැඟීම් නිසාදෝ යන්නද මට නොතේරූ කරුනක් විය.
ලේ දන්දීමේ වැඩසටහනට සහබාහි වීමට මා අමිලටද ආරාධනා කලේ මෙය මාගේ පළමු ලේදන්දීම නිසාත් අපේ අම්මාගේ කතා නිසා මගේ සිත තරමක් නොසන්සූ වී තිබූ නිසාවෙනි. අමිල පැමිනි විගසම අප දෙදෙනා නියමිත ස්තානයට යාඅට පිටත් වූ අතර අමිලගේ ඔත්තු බැලීමේ වැඩකටයුතු පිළිබඳව අපි දෙදෙනා සාකච්චා කලේ මෝටර් සයිකලයේ යන ගමන්මය. අමිලගේ අදහස වූයේ පියුමිගෙන් ඈත් වෙන ලෙසය. ඔහු එසේ පැවසුවේ මා නිසා පියුමිගේ ජී විතයට හනියක් වීමට ඉඩ ඇති නිසාය. නමුත් මා එයට අකමැති වූ නිසා අප දෙදෙනාම අප කතාව නැවතූ අතර ලේ දන්දීමේ ස්ථානයට ඇතුලුවෙත්ම දුටු දසුනින් මා මදක් තිගැස්සුනි.
"මොකද යාළුවා බය වෙලා වගේ. මම කිව්වෙ මේක හරියන වැඩක් නෙමේ කියලා. ලේ දන් දීඅ පැත්තකට දාල යමු බන්"
"අමිල.. අර ඉන්නෙ ඉමාෂගෙ තාත්ත හිරුණිත් එක්ක"
"එහෙමද, තාම අපිව දැක්කෙ නැහැ. මොකද කියන්නෙ. මොකුත් නොදන්නා ගානට ඉන්නවද. නැතිනම්..."
"අපි පටන්ගමු එහෙනම් සෙල්ලම් කරන්න. යමු එහෙනම්. "
මා පැමින ඇති බව දැනගත් විගසම පියුමි මා දෙසට දිව්විත් ආදරයෙන් පිළි ගත්තේ ඈ සිටින්නේ පාසලේ යන්නද අමතක කරමිනි. ඇය හා කතා කලද මගේ ඇස් රැඳී තුබුනේ හිරුනි හා වර්ණකුලසූරිය මහතා දෙසටය. ඔවුන් දෙදෙනා මා නොදුටු නිසා මා ඔවුන් වෙත ගියේ පියුමිට හා අමිලට මදකට සමු දෙමින්ය. මා ඔවුන් අසලට ලන්වෙත්ම ඔවුන් දෙදෙනා මුහුනට මුහුන බලාගත් අතර ඔවුන් මා බලාපොරොත්තුවෙන් සිටියාද නැද්ද යන්න පිළිබඳව මා තුල අදහසක් නොතිබුනි.
"දිනුක පුතා.. හුඟ කාලෙකින් නේද. කොහොමද ඉතින්"
"මම හොඳින් ඉන්නවා අන්කල්. ඔයාලට කොහොමද"
"හොඳින් ඉන්නවා. අහ් මේ ඉන්නෙ මගේ කසින් දුවක්. හිරුණි "
"දන්නවා අන්කල්.. මම අන්කල්ගෙන් දෙයක් අහන්නද. ඇත්තම කියන්වනම් මේක ඉල්ලීමක්"
"මොකක්ද පුතා.. "
"මටයි පියුමිටයි නිදහසේ ඉන්න දෙන්න අන්කල්... ඉමාෂා මගේ ගාවින් යන්නම ගියා. පියුටත් ඒ දේම කරන්න හදන්න එපා. අනික මේ හිරුනියි අන්කලුයි එකතුවෙලා කරන්න හදන දේ මොකක් උනත් ඒ දේ කරන්න අන්කල්ට ටිකක් මහන්සි වෙන්න වෙයි. මම මගේ ජීවිතේ ගොඩක් ඔයාට ගරු කලා අන්කල්. අන්කල් මම ගැන දන්නවා ඇතිනෙ. මම මේ පාර සටන් කරන්නෙ පියුමි වෙනුවෙන්. ඒ නිසා මම ලෑස්තියි මගේ ජීවිතේ ඔට්ටු අල්ලන්න. හොඳින් ඉන්න අන්කල්. තව තවත් තරු ඔය යුනිෆොම් එකට එන්න කියලා පතනවා, හදවතින්ම මම"
හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
No comments:
Post a Comment