Monday, May 11, 2015

හිතුවක්කාර ආදරය - 4 කොටස


"ගුඩ් මෝර්නිං දිනුක.."
"ගුඩ් මෝර්නිං නිවන්ති:
"බලන්නකො බ්‍රයන් කොල්ලගෙ තියන පිං පාට. රැවුල කපලා.. ආව් ආව් හැන්ඩ්සම් ආ.. "
"එක බැල්මෙන්ම කොල්ලට කෙල්ලව බොකු ඇතුලටම තැම්පත් වෙලා වගේ. මුගෙ අම්මටවත් කප්පවන්න බැරිඋන මේ රැවුල් ගස්ටික, අහෝ දෙවියනි අද කැපුන ලස්සන. කෙල්ලෙක්ගෙ එක බැල්මකින්"
"අනේ මේ උඹල දෙන්නගෙ අම්මලට පිං අනුමෝදන් කරවන් නැතිව ඉන්නවද උදෙන්ම"
"හරි හරි ලොක්කා ඔහොම තමා .. අපි අද ඒ කෙල්ලව උඹගාවට එවන්නම්කො"

බ්‍රයන්ට මම මොකුත්ම නොකිව්වේ ඔහුගේ යෝජනාවට මගේ යටි සිත් එක හෙලාම කැමැත්ත දැක්වූ නිසා විය යුතුය. නමුත් කිසිම දෙයකට ඉක්මන් නොවී කටයුතු කිරීමට මම සිතා ගත්තෙමි. මක්නිසාද යත් අප ආයතනය තුල මා ගොඩනැගූ නාමය කෙල්ලෙක් නිසා විනාස නොවිය යුතු නිසාය. කෙසේ නමුත් මම පුහුනුව මුවාවෙන් ඇයව බැලීමට යාමට සිතනවාත් සමගම මගේ දුරකථනය වෙනදා මෙන්ම නාදවන්නට විය. අසීස් නාමය දිස් වූ නිසා මම මදක් කල්පනා කෙරුවෙමි. මක්නිසාදයත් ඔහු පනිවිඩ දෙන්නේ බ්‍රයන්ට නිසාය.