Monday, September 28, 2015

හිතුවක්කාර ආදරය - 22 කොටස


"මම බය උනා පොඩි මහත්තයට අසනීපයක්වද්ද කියලා, මොකද මේ අවේලාවෙ නිදි"
"අනේ එහෙම දෙයක් නැහැ මොහොමඩ්, ඊයෙ මේ ක්ලාස් එකේ පොජෙක්ට් එකක් කලා නිදි මරාගෙන. ඒකයි ටිකක් තදටම නින්ද ගියෙ. ඉතින් මොකද්ද කාරනාව"
"ඒ සේරටම කලින් කියන්නකො අර වීඩියෝ එකේ වැඩේ මොකද උනේ කියලා"
"ඒක අවුලක් නැහැ මොහොමඩ්. එයාල ගාව ඒ වීඩියෝ එක විතරනෙ තියෙන්නෙ. ඒකෙන් මහලොකු දෙයක් කර්න්න බැහැ. පුළුන්නම් ඉතින් දැන් තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබ්බනෙ. මොහොමඩ් බය වෙන්න එපා, මට අවුලක් වෙන් නැහැ. ඉතින් දැන් අපු ආව කාරනාව කිව්වනම්"
"මතකද අපි බ්‍රයන් මහත්තය නැති හින්දා අපට ආව වැඩක් නැවැත්තුවා"
"ඔව් ඔව්.. ඉතින් ඒක දැන් කරන්නද යන්නෙ."
"එහෙම දෙයක් නැහැ. ඒ ජර්මන් පොර ආයෙත් ඇවිත්. එයාට ඕනලු අපේ වැවෙන මල් එයාගෙ රටට ගෙනියන්න."
"ඉතින් මොහොමඩ් කිව්වෙ නැද්ද අපිට වෙච්ච කරදර. අපි දැන් ඩීල් කරන එක නවත්වල කිව්වෙ නැද්ද"
"කිව්වා. අසීසුත් කියල. ඒත් මිනිහ කියනව අපි තරම් කවුරුත් එයාට විස්වාස නැහැලු."
"ඉතින් ඒක අමාරු වැඩක් නෙමේනෙ. අපි වෙනද දාන තියරියම දාමු"
"ඒක නෙමේ තියන ප්‍රස්නෙ.. අපි පුත්තලමෙන් ඒ ටික ගේන්නත් ඕන. අනික ඒ ටික කොළඹට ගෙනියනත් ඕන පැකින් කරල. ලොකුම අවුල තමා එයා ඉල්ලන්නෙ කිලෝ 4ක්."
"කිලෝ 4ක් "

Wednesday, September 16, 2015

හිතුවක්කාර ආදරය - 21 කොටස


"අර කොල්ල ගැන මතක් කරනකොට මේකිගෙ තියන පෙම් පාට බලහන්කො"
"කව්ද බන් අර දිනුක නේද.. මෙයා ඒ කොල්ලට වහ වැටිල වගේ. අනේ මේ බලහන්කො හැටි උගෙ. හිඟන්නෙක් වගේ"
"හිරුණි මේ.. මිනිහෙකුට ටිකක් ගරුසරු ඇතිව කතාකරන්න පුරුදු වෙනවා. තමුසෙගෙ ගෙදර ඉන්න බල්ලො නෙමේ මිනිස්සු කියන්නෙ, තමුසෙගෙ කකුල් ලෙවකන.."
"පියුමි නවත්ත ගන්නව ඕක.. දැන් තමුසෙම නේද ඔය වැඩේ පටන් ගත්තෙ. ඒ කොල්ලව බයිට් කරමු කියලා"
"මම පටන් ගත්ත තමා, ඒත් ඒ කොල්ල අහින්සකයි බන්. මාර ගති. මේකිගෙ තාත්තගෙ සල්ලි .."
"මම දැන් සැරයක් කිව්ව නේද උඹට ඕක නවත්වන්න කියලා"
"හිරුනිටයි අනෙක් අයටයි මම මේ කියන්නෙ හිඟන්නෙක් එක්ක මන් ඉන්නවට අකමැතිනම් මාව යාළුවෙක් විදිහට තියා නොගත්තට කමක් නැහැ."
"ඈම් සොරි පියුමි.. මම ඒක හිතල කිව්වෙ නැහැ"
"පිස්සු කෙල්ල.. එනව යන්න පන්තියට. උඹ ඒ කොල්ලට කැමතිනම් කියපන්. අපි සෙට් කරල දෙන්නම්. මෙතන මේ යාළුවො එක්ක වලි දාගන්න ඕන නැහැනෙ බන්"
"එහෙම කැමැත්තක් නැහැ තිනුරි.. ඒත් ඒ කොල්ලට මන් ආසයි. එයා මාරයි. ගති"
"හා හා ඇති ඇති.. වරෙන් යමු පන්තියට. පස්සෙ එමු උඹේ කුමාරයව බලන්න"

Wednesday, September 9, 2015

Top 5 Camera Apps For Android

Modern smartphone age has changed the way we take pictures. Camera technology in smartphones has developed a lot in last decade. Most smartphones are equipped top notch imaging hardware and software. Even though you cannot really change the camera hardware in your smartphone, you can always tinker with the software. Today we have listed top 5 camera apps for Android.

Wednesday, September 2, 2015

හිතුවක්කාර ආදරය - 20 කොටස



මා තරමක් අසීරුවට පත්කල අමිලගේ එම ප්‍රස්න කීපයෙන් අනතුරුව අපි දෙදෙනාම නිවස් බලා ගියේ නිදිමත ගතිය අපට තදින්ම දැනුන නිසාය. පෙර දින හරි ආකාරව නින්දක් නොලැබුන නිසාදෝ මා ඇඳ මතට පැමින විගසම නින්දට වැටුනේ තප්පර කීපයක් ඇතුලතය. ගෙවීගිය දිනයේ පැයක පමන කාල්යක් නිදාගත් නිසාත් ඇඟට දනුන වෙහෙස නිසාත් මා අවදිවන විට පසුදින පාන්දර පහ පමන වී තිබුනේය. රාත්‍රී ආහරය නොගෙන සිටි නිසා තදින්ම දැනෙන්නට වූ බඩගින්න හෙතුවෙන් තේ කොප්පයකුත් සාදාගෙන මම එළියේ බන්කුවක් මත වාඩි වී සිටියේ අළුත් දවසක අළුත් බලාපොරොත්තු සමගය. නමකින් විස්තර කිරීමට නොදැන සිටියත් පාන්දර අහසේ දීප්තිමත්ව පායා තීබු එම තරුව දෙස මදක් නිහඬව බලා සිටියේ, අනෙක් තරු කීපය අතර එය ආඩම්බරව බැබලෙන අයුරුය. පාන්දර අහසට අමුතුම අලන්කාරයක් ගාම්භීරත්වයක් එක් කිරීමට එයට හැකිවිය.