මා ඉදිරියේ සිටිනා වූ පිරිස මා අඳුනන්නේ නැති උවද ඔවුන්ගෙන් මාහට කරදරයක් නොවන බව මා සිතූ නිසා ඔවුන් අසලට ගියේ හිසට දැන්නෙන්නා වූ දැඩි වේදනාවත් සමගමය. ඔවුන් මා අසලට පැමින මොනමොනවදෝ මිමිනුවද මා හට ඒ කිසි දෙයන් නොතේරූ තරම්ය. නමුත් ඔවුන්ගේ තිබූ ශාන්ත ගමන හා ආදරණීය වචන මගේ සිතට එකතු කලේ පුදුමාකාර සහනයකි. මා සිටිනා අවස්තාව අනුව මට එය මහමෙරක් වූ අතර ඔවුන් හා මා වචන කීපයක් කතා කිරීමට උත්ස දැරූවද එම උත්සහයද අසාර්ථක වූයේ එක වරම වටපිටාව අඳුරු වී ගොස් මගේ ඇඟට පන නැති ගතියක් දැනුන නිසාය.
"මේ ඇත්තාට දැන් කොහොමද පොඩි හාමුදුරුවනේ"
"අපි හිතුවට වඩා හොඳයි නායක හාමුදුරුවනේ. ඒත් මම දුන්න සින්හල බේත් ටිකක් සැර වැඩිද කොහෙද"
"ඒ මොකද?, පොඩි නම ඇයි එහෙම කියන්නෙ"
"මෙයාගෙ ඇඟට පණ නැහැ. අද දවල් මෙයා අඩියක් දෙකක් ඇවිදල යන්න උත්සහ කලා. ඒත් ඇදගෙන වැටුනා. දැන් ආයෙමත් සිහිය නැහැ"
"සේරම හොඳින් සිද්දවෙයි පොඩි නම. සෝමිර පොඩි නමත් මේ වෙලාවෙ හිටියනම් හොඳයි නේද"
"ඒක නම් ඇත්ත අපෙ හාමුදුරුවනේ. ඒත් සෝමිර පොඩි නම එන්න තව සති දෙකක්වත් යාවි. ඊයෙ මට ස්කයිප් වලින් කතාකරල දිනුක ගැන විස්තර ඇහුවා. සෝමිර පොඩි නමටත් සතුටුයි දිනුක නැගිට්ටා කිව්වහම"