විනාඩි කීපයකට පමන මා හොළුවෙකු විය. බිහිරෙකු විය. ඊළගට කල යුත්තේ කුමක්දැයි මා හට නිවරැදි කල්පනාවක් නොතිබුනි. කාර්යාලයේ මා සමග වැඩ කරනා පිරිස නොයෙකුත් දේ මගෙන් විමසුවද ඔවුනට කෙටි පිළිතුරු ලබා දෙමින් මා කාර්යාලයෙන් පිටව ගියේ තවත් එහි රැඳී සිට සේවයේ නිරත වීමට තරම් මා තුල ජවයක් හා මානසික තත්වයක් නොතිබූ නිසාය. හදිසි අසනීප තත්වයක් යැයි පවසා ලොක්කාගෙන් අමාරුවෙන් නිවාඩුවක් රැගෙන මා පැමිණියද මම කල යුත්තේ කුමක්දැයි මම නොදැන සිටියෙමි. ඝන අන්දකාරයේ තනිවී මංමුලා වූ එකෙකු සේ මට දැනුනි.
කාලය වෙනදාට වඩා වේගයෙන් ගෙවෙන්නට වූයේ මාගේ ජීවිතය තව තවත් අඳුරු අගාදයකට ඇද දමමින්ය. ගෙවුනු විනාඩියක් විනාඩියක් පාසා ඇගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමට මා උත්සහ කලද එම උත්සහයන් සියල්ල අසාර්තක විය. මගේ මිතුරා වූ අමිල ඇයව මුනගැසිමට ගොස්තුබූ අතර ඔහුටද ඇය පවසා තිබුනේ ඇයව අමතක කරනා ලෙසය. අමිල එයට හේතූන් පවසා සිටියද ඇය ඔහුට කිසිවක් නොපසවා තිබූ අතර අමිලටද බැන තුබුනේ ඇගේ ජීවිතේ තීරන ඇයට අයිති බව පවසාය.
"දිනුක, මොකද මේ පිස්සෙක් වගේ. කල්පනාවෙන් වැඩ කරන්න. ඔයා හොඳින් හිටියෙ නැතිනම් කොහොමද මොකද උනේ කියල අපි හොයා ගන්නෙ"
"අනේ මට තේරෙන්නෙ නැහැ අසීස්. මට තේරෙන්නෙ නැහැ. මම ඒ කෙල්ලට ගොඩක් ආදරේ කලා"
"හරි හරි ළමයො, මට නොතේරෙනව නෙමේ.. "
"එයාට මොකද උනේ එක පාරටම. එයාට මට වඩා ආදෙරේ කරන්න කව්ද හම්බුනේ. කොහොමද එයා මගේ ළඟ තුරුලුවෙලා හිටිය විදිහටම තව කෙනෙක් ළඟ ඉන්නෙ"
"ඔය කියපු සේරම කෙල්ලෙකුට හරි ලේසියෙන්ම කරන්න පුළුවන් දිනුක. පිස්සෙක් වගේ හැසිරෙන්න එපා. තමන්ව පාලනය කරගන්න බලන්න. මෙඩිකල් ලීව් දෙකක් දාල ඉන්න මේ දවස් දෙකත් ගෙදර"
"මම කොහොමද අසීස් එමොනවත් නොවුන ගානට ඉන්නෙ. මම කරපු වැරැද්ද මොකද්ද. අනික මාව මෙහෙම තනි කරල යන්නනම් ඇයි මගේ ළඟට ආවෙ ආයෙමත්. මට ජීවයක් දුන්නෙ ඇයි"
"ඔය ප්‍රස්න සේරටම උත්තර තියෙන්නෙ ඒ ළමය ළඟ විතරයි දිනුක. හම්ම්ම් මට තේරෙන්නෙ නැහැ ඔයාව දිනුක"
අසීස්ට නොව මටද මාව තේරුම් ගැනීමට නොහැකි වී තිබුනි. මගේ මිතුරා අසීස් පැවසූ පරිදි මගේ හිතේ තිබෙනා වූ ප්‍රස්න සියල්ලටම පිළිතුරු ඇත්තේ ඇය ළඟය. මා නැවත ඇය වෙතට යා යුතුය. මාව මෙතරම්ම තනිකර හැරයන්න මෙතරම්ම මා වෙතට ළන්වුනේ ඇයිදැයි මට ඇගෙන්ම ඇසිය යුතුය. ඇගේ මතකයන් සිහිවනා විට මා සිතින් දැවී දැවී මැරුනද එම වේදනාව වෛරයකට නොපෙරලුනේ ආදරය කරපු හිතින්ම ඇයට වෛර කිරීමට මම අපොහොසත් වූ නිසාය.
සිතට දැනෙන්නා වූ වේදනාවට මා ටිකෙන් ටික හුරු උවද වෙනදා මෙන් නොව මාගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම අවුල් වියවුල් එකක් විය. මාගේ කාර්යාලීය වැඩ පවා මට අතපසු වී මගහැරී ගිය අවස්ථා අනන්ත අප්‍රමාන වූ නමුත් මා සමග සේවය කල මගේ මිතුරන් පිරිස ඒ සෑම අවස්තාවකදීම මාව කරදරවලින් බේරාගනු ලැබුවේ ඔවුන් සියලු දෙනාම මා සිටිනා තත්වය තේරුම්ගත් නිසාවෙනි. නමුත් මගේ තත්වය දිනෙන් දින අවාසනාවන්ත වූ නිසා, දින දෙකක පමණ දීර්ග කල්පනාවකින් අනතුරුව කාර්යාලයට මුසාවක් පවසමින් මගේ විදේෂ ගමන් බලප්‍රත්‍රය අතට ගත් මා ගුවන් ටිකට් පතක්ද රැගෙන කාර්යාලයනෙ කෙලින්ම ගුවන් තොටුපලට ගියේ කිසිවෙකුට නොදන්වා ඇයව හමුවීමට යාමටය.
"අසීස්, මම ෆලයිට් එකේ ඉන්නෙ. සොරි නොකිව්වට."
"මොනව. ඔයා මොනවද මේ කියන්නෙ දිනුක. ඇඳුම් සේරම මෙහෙනෙ"
"ඇඳුම් වලින් මට වැඩක් නැහැ අසීස්. මට තවත් ඉන්න බැහැ මේ විදිහට. ඒකයි මම මේ තීරනේ ගත්තෙ. කවුරුත් දන්නෙ නැහැ. අඩුම තරමෙ ඔෆිස් එකට කිව්වෙත් නැහැ"
"මට තේරෙන්නෙ නැහැ දිනුක. හම්ම්ම්.. ඒ කියන්නෙ ආයෙමත් මේ ජොබ් එකට ඔයාට එන්න බැරි වෙයි"
"මට ජොබ් ඕනි නැහැ අසීස්. ගොඩක් ස්තූතියි මම වෙනුවෙන් කරපු හැම දේටම."
"කරන දෙයක් පරිස්සමට කරන්න දිනුක. මොහොමඩ් ඉන්නවනෙ උදව්වට. කෙල්ලෙක් හින්දා ජීවිතේ අමාරුවෙ වැටෙන්න එපා. අනික ඔයා කව්ද කියන එක අමතක කරන්නත් එපා. පරිස්සමෙන් යන්න"
අසීස් කොතරම් දේ පැවසුවද ඒ කිසිම දෙයක් මසිත තුල නොරැඳුනේ මගේ සිත වේදනාවෙන් පිරී තිබූ නිසාවෙනි. මා මේ ගත් හිතුවක්කාර තීරනය නිසා ජිවිතයේ ගොඩක් දේ මා හට අහිමි වනවා මෙන්ම තවත් බොහෝ දේවල් මා හට අහිමිවනවා නොඅනුමානය. ඇයව හමුවු පසු මා කුමක් කරම්දැයි මගේ සිත තුල ස්තීර සැලැස්මක් නොතිබුනද මෙම අවස්තාවේ මට උවමනා වූයේ ඇයව මගේ මේ දෙනෙතින් දැක ගැනීමටය. ඇය වෙනුවෙන් මා තවමත් සිටිනවා බව ඇඟවීමටත් මා ඇයට දුන් ආදරය බාල්දු හිස් ආදරයක් නොවන බවත් ඇයට තේරුම් කරදීමටත්ය.
පැය හතරක ගුවන් ගමනක් උවත් මට එය දවස් ගනනාවක් ලෙස දැනුනේ මගේ සිත කලබලයෙන් තිබූ නිසා විය යුතුය. එමෙන්ම මා පැවසූ ලෙසම අමිල මා රැගෙන යාමට ගුවන් තොටුපලට පැමින තිබුනද මට අදහාගත් නොහැකි දසුන වූයේ අමිල අපේ අම්මා හා නංගී සමග පැමින තිබීමය. අම්මා දුටු විගසම අම්මාට තුරුලු වී පොඩි ළමයෙකු මෙන් කඳුලු සැලුවේ මා අසල සිටි සියලුම දෙනා පුදුමයකට පත් කරමින්ය. මගේ දෑසින් පිටවීගිය කඳුලු නිසාත් අවශය්‍යම මොහොතක අම්මාගේ උණුසුම ලැබූ නිසාත් මෙතුවක් දවසකට වේදානාවෙන් හා පිරී තිබූ මගේ සිතට සිසිලසක් ගෙනදෙන්නට වූ අතරම, අප සිලළු දෙනාම ඉතා ඉක්මනින්ම නිවස බලා පිටත්ව ගියේ අම්මාව මෙමෙ ස්ථානයට ගෙන ආවාට මා මගේ මිතුරා වූ අමිලට ස්තූතිය පුද කරන අතර වාරයේය.
මුලු රාතිය පුරාවටම නින්දක් නොතිබුනද මම අම්මාගේ තුරුලේ සිටි නිසා පැය කීපයකට පමන ඇස පියවා ගැනීමට මට හැකි වූ අතර එම පැය කීපය දින කීපයකින් මා ලද එකම සුවපහසු පැය කීපයක් විය. එමෙන්ම අම්මාගේ ඉල්ලීම මත අද තාත්තාද නිවාඩුවක් දමා නිවසේ නතර වී සිටි අතර නංගීද අමතර පන්තියට නොගොස් හිටියේ ඔවුන් සියලු දෙනාම සිදුවූ දෙය දැනගෙන සිටි නිසාවෙනි. අමිලද උදෙන්ම අප නිවසට පැමිනි අතර සියලු දෙනාම නිහඬව වාඩි වී එකිනෙකා දෙස බලමින් සිටියේ අම්මාගේ තේ කෝප්පයක රස විඳින අතරතුරදීය.
"දැන් ඔයා ආව කියල ඔයාලගෙ ඔෆිස් එකෙන් දන්නවද"
"නැහැ තාත්තෙ. මම වැඩකට කියල පාස්පොර්ට් එක ඉල්ලගෙන එහෙම්ම ටිකට් එකක් දාගෙන ආව."
"පොඩ්ඩක් ඉවසන්න තිබුනෙ නැද්ද ඔයාට. එක පාරකුත් කෙල්ලෙක් හින්දා මැරෙන්න ගිහින් හරි අමාරුවෙන් ගොඩ ආවෙ. දැන් ආයෙමත්.."
"ඒ ළමයට කෑගහන්න එපා අනේ.. වෙච්චදේ උනා. පුතා අපි ගාව ඉන්න එක හොඳයි."
"ඒකනම් ඇත්ත තමා ඇන්ටි. දිනුක අපි එක්ක ඉන්න එක හොඳයි. තනියම ඉන්නවට වඩා. නැතිනම් මොනවයින් මොනව වෙයිද දන්නෙ නැහැ"
අප සියලුදෙනාම නිවස තුල සිටි නමුත් සියලුම දෙනාගේ සන්වාදා ඉතා කෙටි සන්වාද වූයේ මා කනස්සල්ලෙන් සිටි නිසා විය යුතුය. මාගේ නැවත පැමිනීම පිළිබඳව අම්මා තරමක් සතුටු උවද තාත්තා තරමක් මා සමග තරහින් සිටියේ මා හිතුවක්කාර තීරණයක් ගත් නිසාය. පියුමිව හමුවීමට තිබූ දැඩි ඕනෑකම නිසා සියලු දෙනාටම සමු දුන් මා අමිල සමග ටවුමට ගියේ බලාපොරොත්තු රැසක් සහිතවය. අද සෙනසුරාදා දිනයක් වූ නිසා මීගමුවේ ටවුමේදී ඇයව හමුවීමට පුලුවන් බව අප දෙදෙනාම දැන සිටියේ ඇයට අද දවස පුරාවටම අමතර පන්ති තිබූ නිසාය. උදේ වරුව තුල කොතරම් උත්සහ කලද ඇයව හමුවීමට නොහැකි වූ අතර ඇය අද පන්ති නොපැමින ඇතැයි අප දෙදෙනාම අනුමාන කලේ ඇගේ මිතුරියන් අතර ඇය නොසිටි නිසාය. ඇගේ නිවවසට යාමට වරක් දෙවවරක්ම අමිල යෝජනා කලද මා එයට අකමැති වූයේ ඇගේ ගෞරවය ආරක්ෂා කල යුතු නිසාය.
අමිල හා මම දවස් කීපයක්ම ඇයව හමුවීමට උත්සහ කලද ඒ සියලුම උත්සහයන් අසාර්තක වූයේ අප දෙදෙනාම නොසිතූ ආකාරයටය. මගේ මිතුරා වූ අමිල පවසන ආකාරයට මා නැවත පැමින ඇති බව ඇයගේ යාලුවන් ඇය දැනගෙන මාව මග හැරීමට ඇය උත්සහ දරනවා ඇත. නමුත් මා තුල ඇති වූ එකම ගැටලුවනම් ඇය මෙලෙස මා මග හරින්නේ ඇයිදැයි යන්නය. මා තුරුලුකර මගේ දෙතොල් සිපගෙන මට ආදරේ යැයි පැවසූ ඇයම මෙලස මා මග හරින්නේ කුමන හේතුවකටද යන්න මට ප්‍රස්නයක් විය.
"පොඩි මහත්තයා, මට බැහැ මෙහෙම පොඩි මහත්තයා විඳින දුක බලාගෙන ඉන්න. මොඩි මහත්තය විතරක් නෙමේ මටත් වැරදුනා. "
"ඒ මොකද මොහොමඩ්"
"මතකද මම කිව්වා පොඩි මහත්තයට ගැලපෙනම ගෑනු ළමය මෙයා කියලා. ඒ වගේම මේ ගෑණු ළමය වෙනුවෙන් අපහු එන්නත් කියල කිව්ව මම පොඩි මහත්තයට. බලගෙන යනකොට මේ .."
"හම්ම්ම්.. මටත් වඩා ආදරේ කලා ඒ ළමයට මොහොමඩ්. මට එයාගෙන් තොර ලෝකයක් තිබුනේම නැතිතරම්.."
"අමතක කරල දාන්න පොඩි මහත්තයා. ඒ ළමය හින්දා මොඩි මහත්තයා විඳ කරදර ඇති. පොඩි මහත්තය අවසර දෙනවනම් .."
"එපා.. මොහොමඩ්. මොනවත් කරන්න එපා. මම ආදරෙයි ඒ කෙල්ලට තවමත්. මාට ඕන ඇයි මට මෙහෙම කලේ කියල දැනගන්න විතරයි. එයාට එයාගෙ පාඩුවේ ඉන්න දෙන්න මොහොමඩ්. එයා හොඳින් ඉන්නවනම් ඉන්න තැනක මට ඒ ඇති"
"පොඩි මහත්තයා හොඳ වැඩියි"
අප දෙදෙනා බොහෝ වෙලාවක් අතීත මතකයන් ගැන සිහිකරමින් සිටියේ මගේ මිතුරා වූ අමිල පැමිනෙනෙතුරුය. එම මතකයන් මසිත පාරන සුලු උවද ඒ දැනෙන වේදනාමට මම හුරු වී සිටි නිසා මට මසිත පාලනය කරගන්න හැකි විය. ආදරය කරපු හිතක් මෙච්චර තනි කරන්නේ කොහොමද, ඒ ආදරේ කරපු හිතකට මෙතරම්ම දුකක් දෙන්නේ කෙලෙසින්ද යන්නම මා තුල රැඳි පැහැදිලි පිලිතුරක් නොරැඳි තවත් එක ගැටලුවක් විය.
කරුණු කාරනා මෙසේ සිදුවන විට මා හා මොහොමඩ්ව පුදුම කරවූ කරුන වූයේ අප සිටිනා තැනට හදිසියේම අමිල විසින් ගෙන ආ පුවත විය. එනම් ඔහුට පියුමිව මීගමුව ආපිකෝ එකතුලදී ඇගේ මව හා හමු වී ඇති අතර තවත් නන්නාදුනන පිරිමි චරිතයක් ඔවුන් සමග සිට ඇති අතර අමිලට ඇය සමග වචන කීපයක් කතා කීරීමටද අවස්තාල උදා වී ඇත. මේ දවස් කීපයේ කම්බුල් ගාය නැමති රෝගය වැලඳී තිබීම නිසා ඇය නිවසින් එලියට නොපැමිනි බවත් ඇයව අමතක කරන ලෙස හා ඇයට සමාවදෙන ලෙස ඇය ඉල්ලීමක් කර තිබූ අතර අනිද්දා ඇය පන්ති පැමිනන බව අමිල අතේ දන්වා ඒවා තිබුනි. ඇයට එසේ දන්වා තිබුනේ ඇයට මා හමුවීමට උවමනාවෙන් බව අප සියලු දෙනාම වටහාගත් අතරමුත් ඇයව අමතක කිරීමටයැයි පැවසුවේ ඇයිද යන්න අප සියලුදෙනාටම ප්‍රෙහෙලිකාවක් විය.
"පියුමි, දිනුක ලංකාවට ඇවිත් කියල ඇයි මට උඹ කිව්වෙ නැත්තෙ."
"මම දැන ගත්තෙත් ඊයෙ හිරුණි. මට තිනුරි කෝල් කරල කිව්වා"
"ඉතින් උඹට මට කියන්න තිබුනනෙ. උඹට තවමත් මාව විස්වාස නැහැ නේද. දිනුක කියන්නෙ ජාවවාරම් ලෝකෙ උඩින්ම ඉන්න මොළ කාරයෙක් කියල උඹ තවමත් පිලි ගන්නෙ නැහැ නේද"
"අනේ ඕක නවත්වන්න හිරුණි. මම ඔයාගෙ කීම අහල තමා ඒ අසරන කොල්ලට දුකක් දුන්නෙ. මට කවදාවත් හොඳක් වෙන්නෙ නැහැ"
"නවත්වගනින් බන් උඹේ ඔය බොලඳ ආදරේ. මමත් දිනුක ගැන මුලින්ම හිතුවෙ එහෙම තමා. මෙන්න මේකත් මතක තියා ගනින්. බාප්පගෙ මරණයටත් දිනුක කොහොම හරි සම්බන්දයි"
"අනේ මන්දා හිරුණි. ඒ ආදරේ බොලඳ උනාට ඒ ආදරේ අවන්කයි. මම හැමදාමත් ආදරේ කල ඒ බොලඳ කමට"
"මට උඹේ ඔය බයිල තේරෙන්නෙ නැහැ පියුමි. මට උඹෙන් පොඩි දෙයක් වෙන්න ඕන"
"ඒ මොකද්ද, අනේ මම උඹේ කකුල් දෙක අල්ලල වඳින්නම් එයාට එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්න. මම දුන්න දුකම ඇති ඒ කොල්ලට මැරි මැරි ඉපදෙන්න"
"හරි හරි.. මම ඒ ගැන බලාගන්නම්. උඹ හෙට ආපිකෝ එක අයිනෙ පාරෙ දිනුකට එන්න කියන්න ඕන තනියම"
"ඒ මොකටද. "
"ඒ මොකටද කියල උඹට බලාගන්න පුළුවන් වෙයි. උඹත් එතනට ආවොත්. ඒත් ඔයා එන තරමටම තමා හොඳ."
"හම්ම්ම්.. මම ඔයා කියන විදිහට කරන්නම් පියුමි. මට සමාවෙන්න මුල්ම දවසෙ ඔයාල මට එයාව ගැලපෙන් නැහැ කිව්ව එක ඇහුවෙ නැති උනාට."
"ඒ වලින් වැඩක් නැහැ. උඹට දැන් රත්තරන් වගේ කොල්ලෙක් ඉන්නවනෙ. මම ආයෙ උඹෙන් උදව්වක් ඉල්ලනෙ නැහැ. මේක විතරක් කරල දියන් මට. අනික මතක තියා ගනින් මේ රටේ තියන හොඳම මොළවලින් එකක් තමා මිනිහට තියෙන්නෙ. ඒ නිසා කිසිම සැක සහිත වැඩක් කරන්න එපා හරි."
පියුමිව දැක ගැනීමේ ආසාවෙන් මම ඇය පන්ති පැමිනෙනා දිනය වෙනුවෙන් නොඉවසිල්ලෙන් සිටියෙමි. වෙනදා මෙන් නොව අද දිනයේ වෙලාවද ඉතා හිමින් ගමන් කරන්නාක් මෙන් මට දැනුනි. අම්මාට කියා දෙතුම් පාරක්ම තේ සාදා ගත් මා රූපවාහිනියේ චැනලයන් එහා මෙහා මාරු කලේ කිසිම අරමුණක් නොමැතිවය. පුරුද්දට මෙන් පියුමිගේ දුරකතනයට ඇමතුමක් ලබා ගැනීමට උත්සහ කලද ඇගේ දුරකථනය ප්‍රතිචාර නොදැක්වු අතර නොසිතූ මොහොතක ඇගේ දුරකථනය නාද වූයේ මගේ හද ගැස්ම මොහොතකට නතර කරමින්ය. නමුත් එම ඇමතුමටද ඇය ප්‍රතිචාර නොදැක්වූ අතර නැවතත් ඇගේ දුරකථනය ක්‍රියා විරහිත කෙරුනි.
"හෙලෝ ගනේෂ්"
"ඔව් මැඩම් කියන්න."
"මොකද මිනොහෝ මෙච්චර වෙලා ගත්තෙ ෆොන් එක ආන්සර් කරන්න"
"අනේ හිරුණි මැඩම් මම බාත් රූම් එකේ හිටියෙ. සමාවෙන්න. මැඩම් හදිසියේම"
"හරි හරි ඒකට කමක් නැහැ. ගනේෂ් අපේ වැඩේ අද හවස කරමු. කල් දාන්න ඕන නැහැ. ප්ලෑන් කරපු විදිහට නියම තැනට මිනිහ වෙලාවට එයි. බැරි වෙලා හරි අපේ පාරෙන් මිනිහා ආවෙ නැතිනම් වැඩේ අත ඇරල දාන්න හරි."
" ඒ කියන්නෙ අපි රැකල ඉන්න පාරෙ එන එකක් නැද්ද"
" මට සීයට සීයක් විස්වාසයි මිනිහ එනවා. මොකද ඒක තමා මිනිහගෙ පුරුදු පාර. අනික හවස් වෙලා ස්ටේෂන් එක පැත්තෙන් එන්න බැහැ ටැෆික් වැඩි නිසා. ඒ නිසා මිනිහා අනිවාර්යයෙන්ම ඔය පාරෙ තමා එන්නෙ"
"මැඩම් මිනිහව ඉවරයක්ම කරල දාන්නද"
"ම්ම්ම්.. එපා. අවුරුද්දක් දෙකක් එකම තැන ඉන්න විදිහට වැඩේ කරන්න. හැබැයි ගනේෂ් මතක තියාගන්න. මිනිහ අමාරු කාරයා. කව්ද මේක කලේ මට මොකද උනේ කියල මිනිහට හිතාගන්න බැරි වෙන්න වැඩේ කරන්න හරි"
"මැඩම් බය වෙන්න එපා. අපි ගානට වැඩේ දෙන්නම්."
"බොහොම හොඳයි. මම ගනේෂ්ටම මේ වැඩේ බාරදුන්නෙ ඒ නිසානෙ. අහ් තව එකක්, මිනිහට සිහිය එන්න කලින් කොහෙ හරි ඈතකට ගිහින් දාල එන්න."
"හිරුණි මැඩම් ඒ ගැන කරදර වෙන්න එපා. අපි ඒව දැනටමත් හිතල් ඉවරයි. වැඩේ ඉවර වෙලා මැඩම්ට අපි කෝල් එකක් දෙන්නම්"
නොසිතූමොහොතක ඇගේ දුරකථනය නාද වීම නිසා මාගේ හිත මදක් කැලඹී තිබුනි. මා දුකින් කල්පනාකාරීව සිටි නිසාදෝ අම්මා මා අසලින් වාඩි වී මගේ හිස පිරි මදිමින් සිටියේය. මේ මොහොතේ එය මා හට විෂාල සහනයක් ගෙනදුන් නිසා මා අතැති තිබූ දුරකථනය මදකට පසෙකින් තබා අම්මාගේ ඔඩොක්කුවේ හිස තබාගෙන සිටියේ ඇය මාගේ හිස පිරිමදිනා අතරතුරදීය. හදිසියේම මාගේ දුරකථනයට ලැබූ කෙටි පනිවිඩයක් නිසා මා අම්මාගේ උණුසුමින් මොහොතකට මිදුනු අතර එය පියුමිගෙන් පැමින ඇති නිසා මා නැවතත් කලබල විය. එම කෙටි පණිවිඩයෙහි මට සාමාවෙන්න යනුවෙන් පමනක් සටහන් කර තිබූ අතර මාම් එයට පිළිතුරු නොයවා ඇයගේ දුරකතනයට ඇමතුක් ගත්තෙමි.
"පියුමි"
"දිනුක අයියා.."
"අනේ ඇයි ඔයා මාව මේ විදියට අයින් කලේ. මම ඔයාට කරපු වැරැද්ද මොකද්ද.. මට ඔයාව මීට් වෙන්න ඕන. එකම එක පාරක්."
"අනේ මට සමාවෙන්න දිනුක අයියා.මේ දේවල් මේ විදියට සිද්ද උනාට. මම හිතුවෙ ඔයා හොඳ කෙනෙක් කියලා. ඔයා මොකටද ඔයයි මමයි බීච් එකේ ගත්තු ෆොටොස් මගෙ බෝයිට සෙන්ඩ් කලේ"
"මොනව.. ඔයා මොනවද මේ කියවන්නෙ. ෆොටෝ.. ඔයාගෙ බෝයි.. මට තේරෙන්නෙ නැහැ මොනවද මේ කියන්නෙ කියලා"
"ඔව් මම වෙන කෙනෙකුට ආදරේ කරනවා දිනුක අයියා. අනික මම හිතුවෙ නැහැ ඔයා ඔච්චර පහත් වැඩක් කරයි කියලා."
"සමාවෙන්න පියුමි. මම දන්නෙ නැහැ ඔයා මොනවද මේ කියවන්නෙ කියලා . මම ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කලා තමයි. ඒත් මගේ ආදරේ ඔය විදිහට සත පනහකට දාල කතා කරයි කියල මම කවදාවත්ම හිතුවෙ නැහැ."
"හරි සමහර විට මට වැරදීමක් වෙන්න පුලුවන් දිනුක අයියා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මම දැන් වෙන කෙනෙකුට ආදරේ කරනවා"
"හම්ම්.. මට පළමු වතාවට ලැජ්ජා හිතුනා පියුමි මම මේ ඔයාටද මෙච්චර ආදරේ කලේ කියලා. මෙන්න මේකත් ඔයා මතකෙ තියා ගන්න. මම කවමදාවත් ඔයාගෙ ලෝකෙට එන්නෙ නැහැ. ඔය ඔයා ආදරේ කරනව කියන කොල්ල මට පාරක බල්ලෙකුට වගේ ගැහුවත් මම අතක්වත් උස්සන් නැහැ. පුලුවන් උපරිමයෙන් විඳදරාගෙන ඉන්නවා. ඒ ඔයා නිසා. මොකද මම කැමති නැහැ ඔයාට වරදක් වෙනවට. ඔයා දුක් වෙනවට. ඒ තරම්ම මම ඔයාට ආදරේ කලා. උමතුවක් තිබ්බෙ.හැබැයි ඔයා ඔය ආදරේ කරනව කියන කොල්ල කවදා හරි ඔයාව අත ඇරියොත් මිනිහට එදාට බෝනසුත් එක්කම ලැබේවි"
"හම්ම්ම්ම්"
"මට ඇත්තටම පුදුමයි පියුමි, ඔයාගෙ මේ වෙනස් වීම.. මම ආදරේ කලේ ඔයාටද කියල හිතෙනවා"
"මට සමාවෙන්න. හිත හදාගෙන හොඳින් ඉන්න බලන්න අයියා"
"මට එකම එක පාරක් ඔයාව මීට් වෙන්න ඕන"
"හැබැයි ටික වෙලාවකට. මොකද අපි අපේ ලෝකයෙනෙ ගොඩාක් ඈත් වෙලා ඉන්නෙ. මම කැමති නැහැ අනවෂය්‍ය ප්‍රස්න දාගන්න. මම අද නෝ ලිමිට් එකට එනවා. ඔයාට පුලුවන් මාව එතනදි මීට් වෙන්න."
"කීයටද"
"තව පැයකින් විතර.. ඒ කියන්නෙ හයයි හතලිස්පහට විතර"
"ඕකේ මම එන්නම්"
ඇගේ දුරකථනය විසන්දි වෙනවාත් සමගම මට දුකට වඩා ඇතිවූයේ කණගාටුවකි. මක්නිසාද යත් මා මටත් වඩා ආදෙරේ කරපු ඒ දඟකාරියගේ මුවින් පිටවූ සමහර වචන නිසාය. මාගේ දැඩි නිහඬබාවය අම්මාට ප්‍රස්නයක් උවද ඇය මගෙන් කිසිවෙක් නොඇසුවේ මා කියූ දේ වලින් ඇය අප දෙදෙනා අතර සන්වාදය තේරුම්ගත් නිසා විය යුතුය. මා හටද අම්මාට පැවසීමය දෙයක් නොතිබූ නිසා නැවතත් අම්මාගේ ඔඩොක්කුව මත හිසතැබුවේ ඔරලෝසුවේ වේලාව තවමත් පහයි පනහ ලෙස සටහන් වී තිබූ නිසාය. කීපවරක්ම හිස ඔසවා ඔරලෝසුව දෙස බැලුවේ ඇය පැමිනෙන විලාව ලන්වී ඇත්දයැයි බැලීමට මුත් ඇයව බැලීමට තිබූ ආසාව මදකට අඩු වී තිබුනි. නමුත් ඇයව දැකීමට යටි සිතෙහි සැඟවී තිබූ ආසාව නිසා හා ඇය සමග බොහෝ දේවල් කතා කිරීමට තිබූ නිසා ඇය කියූ වේලාවට විනාඩි පහක් පමන ප්‍රමාද වී මම යාමට සූදානම් උනෙමි.
"පුතේ ඒ ළමය එක්ක එකට එක කියන්න යන්න එපා. වෙච්චදේවල් වෙලා ඉවරනෙ. අනික මම අහගෙන හිටියනෙ ඔය දෙන්නගෙ කතාව"
"හරි අම්මෙ. මටත් ලොකු ආසාවක් නැහැ දැන්. ඒත් මම තාමත් ඒ කෙල්ලට ආදරෙයි. මම එයාව විනාඩි පහකට මීට් වෙලා ඉක්මනටම එන්නම්"
"කරන දෙයක් පරිස්සමට. කතා කරද්දි උනත් හොඳට හිතල බලල කතා කරන්න"
අම්මාගේ කීමට කීකරු වූ මා මගේ ස්කීටිය වෙත ගොඩවූයේ මා ආදරය කල ඒ යුවතියව, පියුමිව මුනගැසීමට උවද ඇය හමු වී කුමක් කියම්දැයි මසිත තුල පැහැදිලි අදහසක් නොවූයේ ඇය හා දුරකථනයේ යෙදුනු සන්වාදයෙන් අනතුරුව මා තරමක කලකිරීමකට පත් වී තිබූ නිසාවෙනි. වෙනදේකට මුහුන දෙමියැයි සිතා මා ඇය මුණගැසීමට ඇය පැවසූ ස්තානයට ගියේ මාගේ සුපුරුදු ගමන් මගෙහි උවත් හදිසියේම ඉදිරියේ නවතා තිබූ සුදු පැහැති වෑන් රියක් නිසා මාගේ ස්කූටියේ තිරින්ග තද වූයේ මටද හොරාවටමය. මිනිසුන් කීප දෙනෙක්ද එම ස්තානයේ සිටි නමුත් ඔවුන් සිනා වෙමින් දුම්වැටියක් උරමින් සිටි නිසා මා නැවතත් මගේ ස්කූටිය පන ගැන්වූයේ මා පැමිනි ගමන යාමටය. නමුත් හදිසියේම දුම් වැටිය උරමින් සිටි පුද්ගලයා මාගේ පාර අවහිර කිරීමට පාර මැදට පැමිනියේ විෂාල පොල්ලක්ද අතැතිවය. අනතුරක ඉවක් දැනුන නිසා මා ඉතා ඉක්මනඉන්ම මාගේ ස්කූටිය නැවත හැරෙව්වත් මාගේ හිසට වැදුනු තද පහරක් නිසා මා බිම ඇදවැටුනි. හිස් ආවරණය පැලැඳ සිටි නිසා එම පහරින් හිසට අනතුරක් නොවූවද මා හට නැගිටීමට නොහැකි වූයේ නොසීතූ වෙලාවක එකපිට එක වැදූ පොලු පහරවල් නිසාය.
හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
No comments:
Post a Comment