Thursday, January 12, 2012

මොක්ද මේ Cloud Computing කියන්නේ?



බ සියලු දෙනාම Google Docs, Picasa, Sky Drive, Blogger,Facebook සහ application භාවිතා කරන බව. නමුත් කෙදිනකවත් ඔබ සිතුවාද මෙම application පිටුපස ඇති තාක්ෂණය ගැන. ඔයාලා අහලා ඇති Servers කියලා ජාතියක් ගැන ඔයා Servers කියන්නේ මොකක්ද කියලා හොයාලා බැලුවද?Servers ගැන සරලව කිවොත් අපේ Data Save කරලා තියෙන තැනක්.මේ ක්ලවුඩ් කොම්පියුටින් කියන තාක්ෂණය ඉහත කි දේවල් වලට වඩා ඉහළ තාක්ෂණයක්.

මම දැන් මුලින් කි කතාවට එන්නම්,
ඔයාලා සිතුවාද ඔයාලගෙ Google Doc,Piccasa වලට දාන Images,Document
ආදිය කොහෙද තියෙන්නේ දවසකට කි දාහක් දෙනා ඉහත කි දැ Upload කරනවද?මම කියපු Servers වල Space එක කොච්චර තියෙන්න ඕනෙද?අපි Upload කරන Data තියෙන්නේ එක Server එකක විතරක්ම නෙවෙ.2ක 3ක නැතහොත් 10ක 15ක 100ක 1000ක වෙන්න පුලුවන්.අපට එක Server එකකින් Service එක වෙන Server එකකින් ගන්න පුලුවන් මේ ගැන තව ගොඩාක් ගැඹුරුයි සරලව මුල් අවධිය පැහැදිලි කරන්නම් මෙසේ.

පරිගනක විද්‍වතුන්ට අනූව ක්ලවුඩ් කම්පියුටින් යනු, අන්තර්ජාලය පදනම් වූ අවශ්‍යතාවය අනූව පරිගනකයකින් පරිගනකයකට හෝ වෙනයම් විද්‍යුත් උපකරනයකට resources, software, information හුවමාරු වෙන electricity net 1කකට සමාන ජාලයකි.
1990 වර්ශයේදි Jhone McColins නම් විද්වතා විසින් අදහසක් ලෙස ප්‍රකාශ කල මෙම තාක්ෂණය 2009 වසරේදී මුල්වරට භාවිතයට ගැනිනි. සත්‍ය වශයෙන්ම මෙය Technology එකක් නොව service එකකි. එනම් මෙම Cloud Computing යනු Hosted Service යන කුලයේ සාමාජිකයෙකි. Cloud Computing අනු කොටස් 03කි.

01. IAAS - Infrastructure as a Service
02. PAAS - Platform as s Service
03. SAAS - Software as a Service

Infrastructure as a Service
අප කිසිවෙකුට Super Computer 1කක අත්දැකීම නිවසේදී ලබා ගත නොහැකිව තිබිනි. ඒ අත්දැකීම හා පහසුකම දැන් අපට නිවසේදීම ලබාගැනිමට අවස්ථා ලබෙමින් පවතී. Cloud Computing යනු virtual computers 1කක් ලෙස සරලව දැක්විය හැකි අතර මෙම service 1ක හරහා අපට පහසුවෙන්ම Super Computer 1කක පිහිටුවා ඇති අතිවිශාල algorithms සහිත application 1කක GUI වෙබ් බ්‍රව්සර් 1ක හරහා ඉතා පහසුවෙන් access කල හැකි අතර ඉන් අනතුරුව එම application 1ක අපේ පරිගනකයේ රන් වන ආකාරයෙන් browser 1ක හරහා run කල හැක. මෙය 1ක් උදාහරනයක් පමනක් වන අතර මෙසේ hardware පිටස්තර පරිගනයක සිට access කිරිම මෙම category හි ලක්ෂනයකි.

Platform as s Service
මෙය මෙම තාක්ෂණයේ ආකර්ශනීය කොටසකි. ඉහත සඳහන් කල විශාල servers තුල virtual computers හි ඇති වර්චුවල් storage හි ස්ථාපිත OS වෙනත් පරිගනක සහ electronic device වලට access කිරීමට ලබා දීමට මෙයට හැකියාව ලැබී ඇත. මෙමගින් තම පරිගනක වල OS ස්ථාපිත නොකර direct internet connection එකක් හරහා තමන්ට අවශ්‍ය විටකදී තම පරිගනකයට ලොග් විය හැකි ආකාරයකි. මෙහි පරිනාමික අවස්ථාවක් Windows 8 හි ලැබෙන බව Windows 8 Developer Edition මගින් සනාථ කරගත හැක.

Software as a Service
ඉහත දැක්වූ Google Docs, Picasa, etc. application සියල්ල මෙම ගනයට අයත් වන අතර iCloud ද මෙයට උදාහරන සපයයි. server 1කක පවතින 1ක් application 1කක් පරිගනක විශාල ගනනකට එකවර access කිරීම මෙමගින් සිදුවේ.

Advantages
01. ආර්ථික වාසි
මිල අධික hardware අනවශ්‍ය වේ. සරල පරිගනකයක් සහ හොඳ internet connection එකක්, Browser එකක් පමනක් භාවිතයෙන් අති සංකීර්න ගනනයන් ඉටුකරගත හැක.

02. Increase Storage
Software Download කිරීම, Install කිරීම වැනි කාර්යයන් නොමැති බැවින් Storage Device සැහැල්ලු වේ.
03. flexibility
1ක් application එකක් පමනක් බැවින් software engineers ලාට application එකක් develop කිරීම ඉතා පහසු කටයුත්තකි. application owner ටද විශාල ආර්තික වාසි ලැබේ.

නමුත් මේ සඳහා භාවිතා කරන VPS-Visual Privet Servers සහ Dedicated Servers වැනි server තාක්ණයන් වලට පසුගිය දිනවල එල්ල වූ hacker ප්‍රහාර, D-Dos attack සහ Cloud Computing උපරිම ලෙස භාවිත කරන amazon.com හි සිදු වූ server drop down එක මගින් සනාථ වන්නේ Cloud App වල ER design සහ Design pattens ඉතා නිරවද්‍ය වියයුතු බවයි.මිට මාස කිහිපයකට ඉහතදි අප කවුරුත් දන්නා Apple Inc හි Server වලටත් ආක්‍රමන එල්ල වුනි.එය සිදු විමට හේතු වී ඇත්තේ ඉහත කී දුර්වලතා වෙන්න පුලුවනි.

කෙසේ වෙතත් මේ වන විට ලෝකයේ ඇති ප්‍රබලම ක්ලවුඩ් ඇප්කෙෂන් එක වනුයේ අප කවුරුත් දන්නා Google වේ.

කෙසේ නමුත් අනාගත ලෝකය ඉතා විශාල ලෙස Cloud Computing සමග සම්බන්ධ වනබවත් පරිගනකයේ අනාගතය මේ මත ගොඩ නැගෙන බව අවිවාදයෙන් පිළිගත හැක.

නංගියේ... මටත් නුඹ වගේ නංගියෙක් ඉන්නවා.....

මදක් නැවති සිතන්න.......
ඔබටත් හදවතක් තියෙනවානම්, මේ චුටි නංගියාට ජිවත් විමට වරම් ලබා දෙන්නට මෙලොවදි ඔබ කරන මහගු පුණ්‍ය කර්මයක්,
ඔබ ලග මනුස්සකමක් තියෙනවානම් හැකි අයුරින් මේ චුටි නංගියාට නව ලෝකය දකින්න උදවූ කරන්න.
මේ තියෙන්නේ මේ නංගියාගේ වෙබ් අඩවිය ගිහින් බලන්න http://www.ruvinirangana.com
මදක් හිතන්න අපිට ලෙඩක් හැදුනහම අපේ අම්මා තාත්තා කොච්චර කලබල වෙලා දුක් වෙනවාද කියලා.මේ චුටි නංගියගේ අම්මාටයි තාත්තාටයි කොච්චර දුකක් ඇතිද හිතලා බලන්න.ඇත්ත නේද කියලා ඔයාගේ හදවතට තට්ටු කරලා අහන්න.ඇත්ත නේද කියලා?එතකොට ඔයාට හදවත කියයි ඇත්ත කියලා.
ඔයාගේ හදවතට දැනුනොත් උදවු කරන්න ඔනේ කියලා උදවු කරන්න...
"මතක තියා ගන්න අපිත් මේ තැනට ඇවිත් ඉන්නේ ඒ පුංචි අවධිය පසු කරලා බව"

Wednesday, January 11, 2012

ඔබත් ලේ බිදුවක් දන් දි වටිනා ජිවිතයක් බේරා ගන්න..

ලේ බැංකුව හිස් ලු! ඇයි ඒ? දැන් යුද්දේ ඉවර නිසා, ගොඩක්මිනිස්සු ලේ දන් දෙන එක නවත්තලලු! 50% කට වඩා ලේ දන් දෙන අය අඩු වෙලා කියලා තමයි ලේ බැංකුවේ නිලධාරීන් කියන්නේ!විශේෂයෙන්ම අප්‍රේල් මාසේ ලේ ඇත්තෙම නැතිතරමට, බැංකුව හිස් වෙනවලු! මින්ස්සු වෙසක් දවසට, වෙනත් පෝය දවස් වලට, නත්තලට එහෙම වැල නොකැඩි ගිහින් දන් දෙන්නේ! එතකොට ඒවා රහත් වෙනවද? නැහැ එත්වැල නොකැඩි ගිහින් ලේ දන් දුන්නට,ඒ දෙන ලේ තියාගන්න පුළුවන් දවස් 30 ක් වගේ කාලයක් විතරයි!


ඒ වගේම අලුත උපන් දරුවන්ට, දෙන්නේ අලුත්ම ලේ විතරයි! ඉතින් හැම දවස් දාහතරකට සැරයක්, ලේ බැංකුවට ලැබෙන අලුත්ම ලේ ටික, කාසල් මාතෘ රෝහල, කොළබ මහා රෝහල, රිජ්වේ ළමාරෝහල වගේ ඒවාට දීලා,ඒවායේ ඉතුරු වෙලා තියෙනවනම්, දවස් 14 වැඩි ලේ නැවත ගෙන්න ගන්නවලු, වැඩිමල් රෝගීන් සදහා අවශ්‍ය වෙලාවට රෝහල් වලට සපයන්න!


ගොඩක් වෙලාවට පෞද්ගලික රෝහල් වලට සපයන්නවත්, ලේ නැහැලුලේ බැංකුවේ! ලේ දන් දෙන ඒකට මිනිස්සු බයද? මම හිතන්නේ බයට වඩා මිනිස්සුන්ටවෙලාවක් නැති කම! ඔබගේ වටිනා කාලයෙන් පැයක්, ලේ දන්දෙන්න කැප කලොත්, ඊලග පැයේ ඔබ නිසා, තවත් මනුස්සයෙක්ගේ ජිවිතයක් බේරෙන්න පුළුවන්!දන් දීමෙන් අඩුවෙනලේ, පැය කිහිපයක් ඇතුලත,අපේ ශරීරය විසින් සමබර කරගන්නවා!


තව දෙයක් තියෙනවා, ගැහැණු ළමයින්ට කිවුවොත් ලේ දන් දෙන්න කියලා අපෝ මහත් වෙනවනේ කියනවා! එහෙම මහත් වීමක් කොහොමටවත් වෙන්නේ නැහැ! එක අත්දැකීමෙන් කියන්නේ!


අනිත් කාරණේ
, ලේ දන් දීමේ කදවුරු වලට යනවට වඩා ඉක්මනින්, නාරාහේන්පිට ලේ බැංකුවට ගිහින්, ලේ දන් දෙන්න පුළුවන්! පැය බාගයකින් ඔක්කොම ඉවර කරලා, දුර ගමන් සහ බර වැඩ නැති දවසක්, ගත කරන්න පුළුවන් කමක් තියෙනවනම්, වෙලාවක් ලැබුන සැනින් ලේ ටිකක් දන් දෙන්න!වෙලාවට ලේ ටිකක් ලැබුනොත් 'මරණය' උනත් කල් දාගන්න පුළුවන්, මැරෙන්න ඉන්නමනුස්සයෙක්ට!




අනික දැන් රුධිරපට්ටිකා (red cells) දන් දෙන්නත් පුළුවන්! හැබැයි එක නම් කරන්න ඉඩ දෙන්නේ, අඩුමතරමින් 12 පාරක් වත්, ලේ දන් දීලා තියෙන කෙනෙකුට විතරයි! හේතුව, එකටපැය 2 කටආසන්න කාලයක් ගත වෙනවා සහ එක ටිකක් අමාරු ක්‍රියාවලියක් නිසා!


අනික දැනට හිගම ලේ වර්ගේ තමයි A+ වර්ගය! මිනිස්සුන්ගෙන් වැඩි පිරිසක් A+ නිසා රෝහල් ගත වෙන්නන් වැඩි හරියක් A+! ඉතින් වැඩියෙන් උවමනා වෙන්නෙත් A+ ම තමයි! එක පුද්ගලයෙකුට අවුරුද්දකටලේ දෙන්න පුළුවන් වාර හතරේදී,විරාමය, මාස 3 යි! ඉතින් ඒ මාස 3 ඇතුලතදී ලේ හිගයක්‌ ආවත්, දීපු අයට නැවත දෙන්න බැහැ...!!


ඉතින් තියෙන එකම විසදුම
, මට හිතෙන හැටියට, හැකි පමණින් නිරෝගී අය, ලේ දන් දෙන්න පෙළබිම විතරයි! ලේ දන් දෙන්න යද්දී, තවත්කෙනෙක්ව එක්කන් යන්න ලේ දන් දෙන්න!අඩුම තරමින්, තව එක මනුස්සයෙක් වත් පොළබවන්න,ලේ ටිකක් දන් දීලා මේ රටේ, කොහේ හරි දැනට ජිවත් වෙන, මරණාසන්න මනුස්සයෙක්ට ජිවිතයක් දෙන්න!


නිරෝගී, වයස අවුරුදු 18 වැඩි, නියමිත බර ඇතිකෙනෙකුට, අවුරුද්දකට, හතර පාරක් ලේ දෙන්න පුළුවන්එකේ, හදිස්සියකදීතව කෙනෙක්ගේ ජිවිතයක් බේරගන්න පුළුවන් වෙන්න නිරෝගී අය, ලේ දන්දෙන්න යොමු වෙන්න කියලා මම කාරුණික ඉල්ලීමක් කරනවා, සියලුම බ්ලොග් කියවන්නන්ගෙන්! ඉතින් පුළුවන් අය පුළුවන් ඉක්මනට, ලේ ටිකක් දන් දීලා, කගේ හරි ජිවිතයක් බේරගන්න උදවුකරන්න! සමහර විට ඔයා බේරාගන්නේ මගේ ජිවිතේ වෙන්නත් පුළුවන් දවසක!

උපුටා ගැනිම ඊමේල් ශ්‍රීලංකා

Tuesday, January 10, 2012

ලංකාවේ පෞද්ගලික විශව විද්‍යාල......

ලංකාව තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කලහොත් දුප්පත් දරුවන් හට හොද කල දසාවක් උදාවන බව ඒකාන්තය

නිදහස් අධ්‍යාපනයෙන් පසුව ලංකාවේ ඇති කර ලිමට යන මෙම විප්ලවයට අපත් හැකි අයුරින් සහයෝගය ලබාදෙමු.අද වන විට ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ගෙන් 80% පමන පෞද්ගලිකව ටියුෂන් හෝ කන්ඩායම් හෝ ටියුෂන් පන්ති වලින් අධ්‍යාපනය ලබා ගත් අය වේ.තම පාසලෙන් තම මහන්සියෙන් උගෙන විශ්ව විද්‍යාලවලට පැමිනි ළමුන් අත්තේ අතලොස්ස්සකි මෙලෙස වතාවරනයක් රට තුළ පවතිද්දි විශ්ව විද්‍යාල අධ්‍යපන කටයුතු වල නිරත වන්නේ මුදල් හදල් යහමින් ඇති දරුවන් වේ.පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරතොත් එම මුදල් යහමින් ගැවසෙන දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල කරා ඇදි යයි.එවිට ගමේ දුප්පත් අහිංසක දරුවන්ටද සරසවි අධ්‍යාපනය ලබා ගත හැකි වේවි.

"උගතුන් පවසන ආකාරයට,නිදහස් අධ්‍යාපනයෙන් අවුරුදු 60කට පසුව ලංකාව තුල බිහි වු විශ්ව විද්‍යාල සාංඛයාව 14ක් වේ.රටක දියුනුවට ආර්ථික සංවර්ධන පමනක් ප්‍රමානවත් නොවේ ඒ සදහා රටක දියුනුව මනින මිනුම් දන්ඩක් වු රටක ජනතාවගෙන් 50%ක් උපාධිධාරීන් විය යුතුය.එහෙත් ලංකාවේ A/L නැමැති මහත් අමාරු,දුෂ්කර,ක‍ටුක විභාගය 200,000 අධික සිසුන් සංඛයාවක් මුහුන දේ එම සිසුන් සංඛයවෙන් රජයේ විශ්ව විද්‍යාලවලට තොරා ගැනේන්නේ 20,000ක් වැනි සුලු පිරිසකි එය මුලු පිරිසෙන් 20% ප්‍රතිෂතයකි ලංකාව ආර්ථික සංවර්ධනය කරා යාම මෙන්ම අධ්‍යාපනික සංවර්ධන කල යුතුය.පවතින ජනගහනයෙන් 50% උපාධිධාරීන් බිහි කිරිමට ලංකාව තුල තව විශ්ව විද්‍යාල 106ක් සැදිය යුතුය අවු:60 තුල බිහි වුයේ විශ්ව විද්‍යාල 14ක් නම් තව 106 සැදිමට වසර 600ක් ගත වනු ඇත ඒය සිහිනයකි.ලංකාව ආර්ථික අතින් පොහොසත් වුවත් අධ්‍යාපනික බවින් පිරිපුන් සමාජයක් ගොඩ නැගිමට තව වසර 600ක් ගත වෙවි"

පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිමෙන් මුදල් යහමින් ගැවසෙන ළමුන් පෞද්ගලික විශ්ව විද්‍යාල කරා ඇදේති එවිට ගමේ දුප්පත් අහිංසක ළමුන්ටත් සරසවි වරම් ලබා දිමට හැකි වේවි.එවිට ලංකාව උපාධිධාරීන්ගෙන් පිරි ඉතිරි ගියහොත් ලංකාවද තව නොබෝ කලකින් සංවර්ධිත රටකි.එම නිසාවෙන් රට තුල ඇති මුදල් පිටරටට ඇදි යා නොදි රට තුල රදවා ගත හැකි වේ.

"ලංකාව තුල මෙලෙස සිනා සපිරි මුහුනු දකින්නට අසා කරන්නෙමු"



දෙයක් ඉගෙන ගන්න යන්වානම් මෙන්න තැන.......


මම අද කියන්න යන්නෙ මාරම මාර අධ්‍යාපන අසපුවක් ගැන ඒක නමින් හදුන් වන්නෙ IJTS-
Institute of Java and Technological Studies Sri Lanka.දැනට ලොකෙ තියෙන එකම ජාවා අධ්‍යාපන ආයතනය මෙක තමා මම දන්න අයුරින්.මෙකට ආපු ගොඩාක් ළමුන් දැන් ගොඩක් හොද රැකියාවන් කරනවා ඇතමුන් තමන්ගෙම කියලා මෘදුකාංග කොම්පැනි පවත්වාගෙන යනවා.ඔයාලට පුලුවන් මෙ ආයතනයෙ නිල වෙබ් අඩවියට ගිහින් වැඩි දුර තොරතුරු ලබා ගන්න පුලුවන් මෙන්න ඒකේ නිල අඩවියේ http://ijts.edu.lk මේකෙන් ගන්න පුලුවන් මේ ආයතනය USA හි Chamber of Chartered Java Professionals Internationa හි අනුබද්දිත ආයතනයක්.Chamber of Chartered Java Professionals Internationa හි නිළ වේබ් අඩවිය මෙන්න මෙක http://ccjpinternational.org. IJTS හි උගන්වන විශය නිර්දේශය මෙතනින් බල ගන්න පුලුවන් බලන්නකො මෙකත් කොහොමද ඒ තියෙන්නේ උපාධිය සදහා කරන විශය නිර්දේය මේ තියෙන්නේ තියෙන Course ටික බලන්නකො.

Monday, January 9, 2012

බලාගෙන ඉන්න තව ටික දවසකින්..........

ටික දවසකින් මා සතුව ඇති,මා සොයා ගත් විශාල තොරතුරු සංඛ්‍යාවක් ඇත තව නොබො දිනකින් මුදා හැරිමට නියමතය.
සැම අංශයක් පිළිබදවම මා දන්නා කරුනු සියල්ලක්ම ඔබට

ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල්වල විස්තර

Nawaloka Hospitals PLC
23, Deshamanya H. K Dharmadasa Mawatha,
Colombo 2, Sri Lanka.
Tel:- +94 (0) 11 2544444-7,
+94 (0) 11 2304444-56
Fax:- +94 (0) 11 2430393
Email:- nawaloka@slt.lk
Website:- www.nawaloka.com

Durdans Hospital
3 Alfred Place,
Colombo 3,
Sri Lanka.
Helpline:
Tel:- 1544 (Short code)
+94 (0)11 5410 000
Fax:- +94 (0)11 2575302
Email: contactus@durdans.com

Lanka Hospital
578, Elvitigala Mawatha,
Narahenpita,
Colombo 5,
Sri Lanka.
Emergency:- 1566
Tel:- +94 (011) 553 0000
+94 (011) 553 0000
+94 (011) 543 0000
+94 (011) 543 0000
Fax:- +94 (011) 451 1199
Email:- info@lankahospitals.com