Tuesday, June 9, 2015

හිතුවක්කාර ආදරය - 10 කොටස


විවේක ගැනීමට මා හට නිවාඩුවක් ලැබුනද පසුදින උදයේම මා කාර්යාලයට යාමට සිතුවේ මා හට එතරම්ම අමාරුවක් නොදැනුන නිසාය. එමෙන්ම ඉතිරි වූ වැඩරාජකාරි කීපයක් තිබීම හා ඉමාෂාව දැක ගැනීමට ඇති ආසාව නිසාත්ය. බ්‍රයන්ටද ඇමතුමක් ලබදෙමින් මම ඔහුවද රැගෙන වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට ගියෙමි. මක්නිසාදයත් අද එම වැඩසටහනේ අවසන් දිනය වූ නිසාවෙනි. මෙම වැඩමුළුවෙන් අප සිතුවටත් වඩා සාර්තකත්වයක් ලබා ගැනීමට හැකිවීම ආයතනයක් ලෙස, අප ලැබූ ඉහලම ජයග්‍රහනයකි.

"ඔයාල දෙන්නට අද මම විවේක ගන්න කිව්වා නේද"
"ඒක අවුලක් නැහැ සර්. දිනුකටයි මටයි එච්චර ලොකු අමාරුවක් නැහැ. ඒකයි මේ පැත්තට ආවෙ. අනික අද මිස්ටර් වික්‍රමසින්හ එනවා කිව්වා"
"ඒකත් එහෙමද. ඔයාල දෙන්නට අමාරුවක් තියනවනම් අද ඕනම වෙලාවක යන්න හරි. මගෙන් ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැ. බ්‍රයන් කකුල කොහොමද දැන්"
"තාම හොඳටම හොඳ නැහැ සර්, ඒත් අවුලක් නැහැ. ඒක ඇරිල යාවි"
"ඔයාල දෙන්න මේ කම්පැනියට ආව දා ඉඳන්ම හොඳටම තම රාජකාරිය කලා. ඒකනෙ මම තාමත් තමුසෙල දෙන්නට ආදරේ. මට අද යන්න ඕන කොළඹ වැඩ වගයකට. ඔයාල එහෙනම් මෙතන වැඩ ටික බලා ගන්න. තව දෙයක්, වික්‍රමසින්හ එක්ක ගනුදෙනුවට යනොකොට ටිකක් කල්පනාවෙන්. මිනිහ නීති කාරයා. අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ"
"අපි ඒ ගැන බලාගන්නම් සර්. මොනාහරි අවුලක් උනොත් විතරක් සර්ට කෝල් එකක් දෙන්නම්"