Tuesday, May 16, 2017

මනමාලිය වෙත


බැහැ මට කවදාවත්
සැමියෙකු වෙන්නට ඔබ හට
වෙන්නම් හැමදාම
හද දිනූ පෙම්වතෙක්

මුනිවතක නොපිහිටමි
පතිවතත් රකිද්දී
රකින්නම් නුඹේ හෙට
අදත් මා මියෙද්දී



ගලන විට කඳුලැලි
තුරුලු කර පපුතුරට
මා හදේ කඳුලැලි
නොදොඩාම ඉන්නම්


-කාව්‍ය සංකල්පනාව -මාලන් විදානපතිරණ-

No comments:

Post a Comment