Friday, January 6, 2017

හිතුවක්කාර ආදරය - 37 කොටස


"හෙලෝ අමිල පුතාද"
"ඔව් ඇන්ටි අමිල තමා."
"අනේ පුතේ අපෙ පුතා දිනුක ඉන්නවද ඔයාලගෙ දිහා"
"නැහැ ඇන්ටි. මම මේ දැනුයි ගෙදර ආවෙ. එයාගෙම වැඩකට ගිහින්. මොකද අවුල"
"අනේ පුතේ හයා මාරට විතර ගියා පියුමි දුව හම්බෙන්න යනවා කියලා. තාම ආවෙ නැහැ. පුතත් ටිකක් කලබලන්නෙ හිටියෙ. අනික එයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නැහැ"
"හරි හරි.. ඇන්ටි බය නොවී ඉන්නකො. මම ටිකක් බලන්නම්."

අපේ අම්මාගෙන් ලැබූ දුරකථන ඇමතුමත් සමගම අමිල පියුමිට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර, ඇයව මුන ගැසීමට පැමිනෙන බව පැවසූවද මා පැමිනියේ නැති බව ඇය අමිලට දන්වා තිබුනි. ඇගේ වචන කීපය ඇසීමෙන් පසුව මගේ මිතුරා මා සෙවීමට අප සුපුරුදු ස්ථාන වලට ගියද මා එම ස්ථානයන්ගෙන්ද සොයාගත නොහැකි වූ නිසා අමිල මොහොමඩ්ගේ නිවසට ගියේ මා ඔහු සමග ඇතැයි යන බලාපොරොත්තුවෙන්ය. නමුත් මා එහි නොසිටීම නිසා, කලබලයට පත් වූ ඔවුන්දෙදෙනා මා සෙවීමට පිටත්ව ගියේ ප්රස්න රැසක් ඔවුන්ගේ මනස තුල සිරකරගෙනය.

"හෙලෝ.. හිරුණි මැඩම්"
"ඔව් කියන්න ගනේෂ්.. මොකද වැඩේ"
"වැඩේනම් ප්ලෑන් කරපු විදිහටම කෙරුනා. ඒත්.."
"ඒත්.. මොකද ඒත්"
"මැඩම්, වැදුනු පාරවල් නිසා මිනිහ මැරුණද දන්නෙ නැහැ. කිසිම ප්රතිචාරයක් තිබුනෙ නැහැ"
"හම්.. එතකොට කෝ දැන් බොඩි එක"
"අපේ දෙන්නෙක් අරගෙන යනවා. එයාල කෝකිලායි හරියෙ තියෙන කුරුළු අභය භූමිය පැත්තට යන්නෙ. යන ගමන් පදවිය වැව හරියෙ තියන කැලේකට අතාරින්නම් කිව්වා"
"හම්ම්.. මැරිලනම් ඉතින් කරන්න දෙයක් නැහැ ගනේෂ්. ඒත් මැරිල නැතිනම් ඔයාගෙ මිනිස්සුන්ට කියන්න මරන්න එපා කියලා. බොඩි එක දාන තැනකින් දාල යන්න කියලා. ගනේෂෙ ඔයා දන්නවනෙ, පොඩි හරි ලීක් එකක් තිබ්බොත් අපි සේරම ඉවරයි හරි"
"ඒ ගැන බය වෙන්න එපා හිරුණි මැඩම්. මේ අපි පුරුදුවෙන්න කරපු වැඩක් නෙමේනෙ. මම වැඩේ කම්ප්ලීට් උන ගමන් ආයෙත් මැඩම්ට කෝල් එකක් දෙන්නම්"
"ආයෙ කතා කරන්න ඕන නැහැ. මම ගනේෂ් ගැන දන්නවනෙ හොඳට. හෙට අපි කතාකරගත්තු තැනට එන්න. මම ඉතුරු සල්ලි ටික දෙන්නම්"
"ඔකේ මැඩම්"



හැකි සෑම තැනකම විපරම් කෙරුවද, දන්න අදුනනා සෑම දෙනාගෙන් විමසුවද මා ගැන තොරතුරක් නොලැබීම නිසා මගේ මිතුරන් වූ අමිල හා මොහොමඩ් හැසිරුනේ මදක් කලබල ගතියකින් හා බියකින් යුක්තවය. ඔවුන් දන්නා තරමට මා හට අනතුරක් කිරීමට කිසිවෙකු නොසිටිය නිසා ඔවුනටද සිදුවී ඇත්තේ කුමක්දැයි නිගමනය කිරීමට නොහැකි වූ අතර අවසානයේ ඔවුන් දෙදෙනාම තීරනය කලේ පොලීසිය වෙත ගොස් ඔවුන්ගේ සහය පැතීමට උවත් තී රෝද රියදුරෙක් ගෙන් හදිසියේම ඇසීමට ලැබූ කට කතාවක් නිසා ඔවුන් දෙදෙනාම මා පැහැරගත් ස්ථානයට ලඟා වූයේ එහි කිසිවක් නොදැනමය. ඔවුන් එම ස්ථානයට ලඟා වෙන්තම මිනිසුන් රැසක් හා පොලීසියෙන් එම ස්ථානයේ රැඳී සිටි අතර මගේ මිතුරන් දෙදෙනාගේ හද කම්පා වූ දසුන වූයේ පොලීස් ලේබලයක් සහිතව පසෙක නවතා තිබූ මාගේ ස්කූටිය දැකීමෙන්ය. මගේ මිතුරන් වූ අමිල හා මොහොමඩ් ඉතා ඉක්මනින්ම සිදුවී ඇති දෙය තේරුම් ගත් අතර ඔවුන් දෙදෙනාම කඳුලු පිරි දෑසින් නිහඬව එකිනෙකා දෙස බැලුවේ ඔවුන් දෙදෙනාටම කතා කිරීමට පවා මොහොතකට අමතක වී ගිය නිසාය.

"මොහොමඩ්, දිනුකගෙ බයික් එක නේද මේ. මොකද මෙත උනේ දෙවියනේ."
"මොනව උනත් හිත හයියට තියා ගන්න අමිල. අපි හිතන තරම් දෙයක් මෙතන වෙලා නැතුව ඇති. පොඩි මහත්තය කියන්නෙ පණ හතක් තියන මිනිහෙක්. හිත හයියට තියා ගන්න අමිල, මොකද අපි දෙන්නට කරන්න ගොඩක් වැඩ තියනවා. අනික අපි දෙන්නත් වැටුනොත් පොඩි මහත්තය හැමදාටම තනි වේවි"
"සමාවෙන්න මහත්වරුනි. ඔයාලා මේ බයික් එක අඳුන ගත්ත වගේ"
"ඔව් සර්.. මේ අපේ යාළුවගෙ, එයාගෙ නම දිනුක. හවස එයා එයාගෙ ගර්ල්ව මීට් වෙන්න ඇවිලා ආපහු ගෙදර ආවෙ නැති නිසා අපි මේ හොයන්න ආවෙ"
"මොකද වෙලා තියෙන්නෙ සර්.."
"අපිත් හරියටම දන්නෙ නැහැ. හැබැයි සිද්දිය පොඩි ළමයෙක් දැකල තියනවා. එයා කියන් විදිහට මෙතන කට්ටියක් රැකල ඉඳල තියනවා. ඔයාලගෙ යාළුව ආව ගමන් හිටපු අය එයාට ගහල වෑන් එකක දාගෙන ගිහින් තියනවා"
"මොනවා.. අනේ සර් අපේ යාළුවට එහෙම හතුරෙක් හිටියෙ නැහැ. හරි හොඳ මනුස්සයා. මේ ළඟදි තමා නිවාඩුවකට ලංකාවට ආවෙත්"
"හම්ම්ම්.. මේක පැහැර ගැනීමක් වගේ පේන්නෙ. සැලසුම් කරල කරපු එකක්. අතන ඉන්නවා කොස්ත මහත්තයා. එයාට ගිහින් ඔයාල දන්න දේ කියන්න. වැදගත් වේවි ඔයාලගෙ යාළුවව ඉක්මනටම හොයා ගන්න. තව එකක් එයාලගෙ ගෙදරට දැනුම් දෙන්න. කලබල වෙන්න එපා කියන්න. අපි මෙතන වැඩ ඉවර කරල එන්නම් කට උත්තර ගන්න හැමෝගෙන්ම"
"හොඳමයි සර්"
"අහ් තව එකක්.. ඔයාලගෙ යාළුවා අර මීට් වෙන්න ආව කියන ගැහැණු ළමයගෙ විස්තර ටිකත් අපිට දෙන්න"

පොලීසියේ මහත්වරුන් පැවසූ පරිදි අප දන්නා සියලුම දේ ඔවුනට පැවසූවද අප මේ සිටින්නේ සිහිනයකැයි හැඟුනේ අප මිතුරාට වී ඇති දේ අපදෙදෙනාට තවමත් විස්වාෂ කල නොහැකි වූ නිසාය. පොලීසියට කට උත්තර දීමෙන් අනතුරුව මාමිතුරා වූ අමිල අප නිවසට් ගියේ සිදුවී ඇති දෙය අප අම්මාට පැවසීමට වූ අතර මොහොම්ඩ් අමිලට සමු දෙන්නේ හෙට දිනයේ උදෙය වරුවේ අප සුපුරුදු ස්ථානයේදී හමුවන ලෙස අමිලට දන්වමින්ය. අමිලටද සිදුවූ දේ අදහාගත නොහැකි උවත් අමිලට ඇතිවූ අනෙක් ගැටලුව වූයේ මේ පිළිබඳව අප අම්මාට පවසන්නේ කෙසේද යන්නය.

අමිල අප නිවස්ට ගොඩ වෙනවාත් සමග අප් නිවසේ සියලු දෙනාම ඔහුව වට කරගෙන ඇත්තේ කිසිඅම් හෝ තොරතුරක් දැන ගැනීමටය. අප පවුලේ සියලු දෙනාගේම ඇස් වල තිබූ බය හා කුතුහලය නිසාදෝ අමිලට සිදූවූ ඇති දේ පැහැදිලි කර දීමට තරමක් අපහසු උවද, යමෙකුට දෙයක් පැහැදිලි කර දීමට ඔහු තුල වූ මනා හැකියව නිසා එම අවස්ථාව අමිල විසින් සාර්ථකව ජයගෙන තිබුනි. නමුත් ඔහුගේ කතාව ඇසීමෙන් පසු කලබල වූ අම්මාව නැවත යතාතත්වයට පත් කිරීමට ඔවුන් සියලු දෙනාටම නොසිතූ වෙහෙසක් දැරීමට සිදු වී ඇත. සියලු දෙනාගේම දුක් සෝ සුසුම් මැද කාලය ගෙවෙද්දී අසල් වැසි සියළුම දෙනාම පුදුමයකට පත් කරමින් හා අප අහල පහල සිටිනා රොයිටර් නැන්දලාවද පුදුමයකට පත් කරමින් පොලීසියෙන්ද අප නිවසට පැමිනෙන්නේ ඔවුන් පැවසූ ආකාරයට අප නිවසේ සියලු දෙනාගෙන් කට උත්තර ලබා ගැනීම සඳහාය.

"මොකද්ද අමිල පුතේ මේ උනේ. අනේ මයෙ කොල්ල කාටවත් නරකක් කරපු එකෙක් නෙමේ. අමිල පුතා කියන්න මට ඔයාල මොකක් හරි ප්‍රස්නයක්වත් ඇතිකර ගත්තද කා එක්ක හරි"
"අනේ එහෙම දෙයක් නැහැ නැන්දෙ. මටත් හිතා ගන්න බැහැ මේ එක පාරටම මොකද උනේ කියලා. නැන්ද කලබල නොවී ඉන්නකො. පොලීසියෙ අයත් මේ ගැන හොයල බලනවනෙ"
"මොකද අමිල අයියෙ මේ උනේ අපේ අයියට. අනේ මට බයයි"
"බය වෙන්න එපා දුවේ. අමිල, අපේ කොල්ල පියුමිව හම්බවෙන්න යනව කියල නේද ගිහින් තියෙන්නෙ. ඔයා ඒ ළමයට කතා කරල බැලුවෙ නැද්ද"
"මට මේ කලබල අස්සෙ ඒකත් අමත උනානෙ අන්කල්. ඉන්නකො මන් ගන්නම් කෝල් එකක් එයාට දැන්"
"හෙලෝ.."
"පියුමි, මම මේ අමිල අයියා කතා කරන්නෙ"
"කියන්න අමිල අයියෙ. දිනුක අයිය කතා කලාද ඔයාට."
"පියුමි මම මේ ඔයාගෙන් වැදගත් දෙයක් කියන්න හදන්නෙ. කලබල නොවී අහගෙන ඉන්න. දිනුක ගැන"
"අනේ අමිල අයියෙ. මට එයා ගැන අහන්න ඕන නැහැ. මොකද අපි දෙන්න ඉන්නෙ දැන් පාරවල් දෙකක. අනික.."
"දිනුකව කිඩ්නැප් කරලා"
"මොනවා.. මොක..ද්.. ද අමිල අයියෙ ඔයා කිව්වෙ"
"දිනුකව කිඩ්නැප් කරලා"
"අනේ.. මගෙ දිනුක අයියාට මොකද උනේ. අනේ එයා හොඳින් නේද. එයාට කරදරයක් නැහැ නේද.. ඇයි අමිල අයියෙ කතා කරන්නෙ නැත්තෙ. මොනව හරි කියන්න මට"
"දිනුකට කරදරයක් නොවෙන්න කියල තමා අපි හැමෝගෙම පැතුම පියුමි. අද හවස වෙලා තියෙන්නෙ. ඔයාව මීට් වෙන්න නේද දිනුක ආවෙ"
"ඔව් අයියා. දිනුක අයියට මම කිව්වා නෝ ලිමිට් එකට එන්න කියලා. එයා මාව මීට් වෙන්න ඔනිම කිව්ව නිසා මම එහෙම කිව්වෙ. මොකද මම ඇඳුම් වගයක් ගන්න ගියා"
"ඉතින් ඔයාට දිනුකව හම්බුනාද.. ඔයා තනියමද ගියෙ"
"ඔව් අයියෙ මම තනියම ගියෙ. ඒත් දිනුක අයියා ආවෙ නැහැ. මම ඉතින් මගේ ඇඳුම් ටික අරගෙන ආවා"
"හම්ම්ම්. ඔයාව මීට් වෙන්න එන අතරතුරදි තමා මේක වෙලා තියෙන්නෙ. තෑන්ක්ස් පියුමි. අහ් තව එකක්, සමහර විට පොලිසියෙන් ඒවි ඔයාගෙන් කට උත්තරයකට"
"පොලීසියෙන්.. අපේ ගෙදරට"
"බය වෙන්න එපා පියුමි. ඔයාට කරදරයක් වෙන්නෙ නැහැ. ඔයා සිදු උන දේ එයාලට කියන්න. හොඳින් ඉන්න,."
"දිනුක අයියට කරදරයක් වෙන්නෙ නැති වෙයි නේද අමිල අයියා"
"එහෙම හිතමු පියුමි. මම ඔයාට දෙයක් කියන්නද, මම මෙච්චර දවස් මේක හිතේ හිර කරන් හිටියෙ"
"මොකද්ද අමිල අයියා"
"ඔයාට ගොඩක් දිනුක ආදරේ කලා පියුමි. එයාගෙ ජීවිතෙටත් වඩා. ඒත් ඔයා ඒ ආදරේට උත්තර බැඳපු හැටි අපිටත් පුදුමයි. ඔයා නිසා ඒ කොල්ල විඳ දුක හොඳට ඇති. දිනුකගෙන් ඈත් වෙලා ඉන්න. දිනුක ගැන ආරන්චියක් ආවොත් මම ඔයාට පණිවිඩයක් දෙන්නම්"
"අනේ ඇයි ඔයා එහෙම කියන්නෙ අයියා. දිනුක අයියා මගෙ .."
"බායි පියුමි"

පියුමිගෙන්ද හිත සැනසෙන පිළිතුරක් නොලැබීම නිසා සියලු දෙනාම මදක් නිහඬව කල්පනා කලේ සිදුවූ දේ පිළිබඳවය. කිසිවෙකුටත් හිතා ගත් නොහැකි දෙයක් වූ අතරම, අප අහල පහල පිරිසද අප නිවසට පැමින තිබුනේ සිදු වී ඇති දේ පිළිබඳව ඔවුනට ඉතා ඉක්මනට දැන ගැනීමට හැකි වූ නිසාය. සියලු දෙනාගේම දෙනෙත් කඳුලින් පිරී තිබූ අතර මගේ මිතුරා වූ අමිල සියලු දෙනාටම සමු දී ඔහුගේ නිවස බලා ගියේ දිනුකව කොහොම හරි හොයා ගන්නවැයැයි අප අම්මාට දුන් පොරොන්දුවක් සහිතවය.

"උඹ හොඳට වැඩේ කලා පියුමි"
"අනේ මන්දා හිරුණි. මම ආත්ම ගානකට විඳවන පවක් කලාදෝ කියල හිතෙනව"
"එහෙම වෙන්නෙ නැහැ. මට ගොඩක් දෙනා අහිමි උනා බන් මේ අපේ බාප්පගෙ සැකයක් නිසා. වැඩේ සාර්තකව මට ඉවර කරන්න බැරි උනත් උඹ මට දුන්න සප් එකට ගොඩක් තැන්ක්ස්"
"මම එයාව අමතක කලේ උඹ මට ජාවාරම් ගැන කිව්ව දවස් වලමයි. අනික මට ඔයිට වඩා හොඳ කොල්ලෙක් හොයාගන්න බැරිද බන්, හොඳට සල්ලි තියන කොල්ලෙක්"
"ඔය ඉන්නෙ මගෙ කෙල්ල. තව එකක් මතක තියා ගනින්. ගෑනු අපි රහස් රකින්න හරි දුර්වල්යි. ඒ නිසා මේ ගැන කාටවත් නොකිය ඉන්න හරි. දන්නවනෙ එහෙම උනොත් අපි දෙන්නටම වෙන දේ. අමිල කිව්ව වගේ පොලීසියෙන් ඒවි උඹෙන් කට උත්තරයක් ගන්න. බය නොවී දෙබස් ටික කියල දාපන්. මම ඉතුරු ටික හැඬ්ල් කරන්නම්"
"ඔකේ හිරුණි"
"අනික මට කෝල් කරල කවදාවත් මේ ගැන අහන්න එපා. අපි මේ ගැන කතා කරන්වනම් මීට් වෙලාම විතරයි හරි. බය නොවී ඉඳපන් මම තාමත් රටේ හිටපු හොඳම නායකයෙක්ගෙ දුවක්."
"ඒක දන්න නිසා තමා හිරුණි මම මේ වැඩේට ඔයාට උදව් කලේ"

දිනෙන් දින කාලය ගත වී ගියේ අප නිවස මෙන්ම මුලු මීගමු නගරයම දුක් සෝ සුසුම් මැද්දේය. මක්නිසාද යත් හැම පුවත් පතක වාගේම මේ පැහැර ගැනීම පිළිබඳව විස්තර පල වී තිබූ අතර හැම කණුවක්, ගහක් ගලක් පාසාම සොයා දෙන්නයැයි කියමින් මාගේ පෝස්ටර් අලවා තිබූ නිසාවෙනි. එමෙන්ම පොලීසියටද මෙමෙ සිද්දිය තරමක අවුල් වියවුල් සහගත වූයේ මෙය පැහැර ගැනීමක් නම් පැහැරගන්නන් විසින් කිසිදු කප්පමක් නොඉල්ලූ නිසා හෝ කිසිදු පනිවිඩයක් නොතිබූ නිසාවෙනි. එම නිසා මෙය පෞද්ගලික තරහකට සිදු කර ඇති බව සැක කල පොලීසිය ඔහුන්ගේ සැකය ඔස්සේ ගමන් කිරීමට උත්සහ දැරුවේ මෙම සිද්දියේ සුල මුල සොයාගැනීමටය.

වන සිවුපාවන්ගෙන් බහුල වූ ඝන කැලයක මාගේ සිරුර ගහක එල්ලා තිබුනේ වන සිවුපවකෙගුගේ ගොදුරකට විය. ඔවුන් මා හට එල්ල කල ප්‍රහාර වලින් මා මියගොස් ඇතැයි ඔවුන් සිතුවද එය එසේ නොවී තිබූ අතර ඔවුන් මාව ගසක එල්ලා ගියද දවස් දෙකක් පුරාවට ඇද හැලුන දාරාණිපාත වර්ෂාව නිසා මසිරුර එලා තිබූ ගසද එම වර්ෂාවෙන් කඩා වැටුනේ මගේ ෂරීර කූඩුවටද බරපතල හානි සිදුකරවමින්ය.

කරුනු කාරනා මෙසේ සිදුවනකොට මාගේ මිතුරා වූ අමිලා හා මාගේ සගයා වූ මොහොමඩ්ද කනස්සල්ලෙන් සිටියේ මේ සිදුවීම් පෙල විසඳීමට ඔවුන් ගත් උත්සහයද අසාර්ථක වූ නිසාවෙනි. එමෙන්ම මේ වන විට මේ පැහැර ගැනිම්ම පිළිබඳව මුලු රටම දැනුවත් වී තිබූ අතර මා ගැන නිවරැදි තොරතුරක් ලබා දෙන්නෙකුට වටිනා තෑගි බෝග ලබා දෙන බවද ගම් නියම් ගම් පුරා දන්වා තිබුනි. එමෙන්ම සෑම දෙදිනකට වරක්ම මා වෙනුවෙන් බෝධි පූජාවන් පැවැත්වීමටද කටයුතු කර තිබුනේ මාගේ මිතුරන් වු අමිල හා මොහොමඩ්ගේ මූලිකත්වයෙනි. මේ සිදුවූ සිදුවීම් නිසා අම්මාද ලෙඩ වූයේ මා ගැන සිතමින් කල්පනාකරමින් වූ අතර තාත්තාටද ඒ දුක දරාගත නොහැකි වූ නිසා ඔහුද තම රැකියාවෙන් අස් වී තිබුනේ අම්මාව රැකබලා ගැනීමටය. මාගේ මුළු පවුලම අනාත වී සිටි මොහොතක මගේ මිතුරා වූ අමිල හා ඔහුගේ පවුලේ උදවියගෙන් ලැබුනු උදව් අනන්තය අප්‍රමාණය. සෑම දිනකම තුන් වේලම අමිලගේ නිවසින අප නිවසට කෑම බීම ලැබූ අතර මාගේ සහෝදරියගේ ඉගනීමේ වැඩකටයුතු සඳහා වියදම් දරා ඇත්තේ මොහොමඩ් විසිනි.


"පොඩි හාමුදුරුවනේ.. පොඩි හාමුදුරුවනේ.. පොඩි හාමුදුරුවනේ.."
"මොකද රූපෙ මේ මහ දවල් බෙරිහන් දෙන්නෙ. මොකද මේ දාඩිය දාගෙන. හති නේද, මෙන්න මේ වතුර ටික බීල ඉන්න"
"පොඩි හාමුදුරුවනේ.. මම පොඩි හාමුදුරුවො හොයන් එන්න කිව්ව බෙහෙත් හොයන්න මම එහා ගම් මායිමේ තියන ඝන කැලයට ගියා"
"ඉතින් මොකද උනේ රූපෙ. ඒ කැලෑව බයානකයි. සත්තු සිව්පාවො ඉන්නවා."
"අහන්නකො පොඩි හාමුදුරුවනේ.. මම කැලේට ගියෙ පොඩි හාමුදුරුවො ලියල දුන්න අර මොකද්ද මල් ජාතිය හොයන්න. මම දැක්කනෙ මල සිරුරක් පොඩි කොල්ලෙක්ගෙ. පඩු ගිය දවස් දෙකේ මහ වැස්සට ගහක් කඩා වැටිල ඇඟ උඩට."
"මොනවද රූපෙ කියන්නෙ. මල සිරුරක්. ඉතින් රූපෙ බැලුවෙ නැද්ද ලන් වෙලා"
"අනේ පොඩි හාමුදුරුවො දන්නවනෙ මම බයයි කියලා. මම ඒක දැක්ක ගමන් බය වෙලා දුවගෙන ආව පොඩි හාමුදුරුවො ළඟට. එකතු කරගත්තු බේත් ටිකත් එතන"
"හම්ම්ම්.. රූපෙට තියෙන්නෙ මාර බයක්නෙ. සෝමිර පොඩි හාමුදුරුවන්ටත් ගිහින් එන්න කියන්න, නායක හාමුදුරුවො දානෙකට වැඩලා. ඒ නිසා අපි තුන්දෙනා ගිහින් බලමු"

දවස් තුනකට පසුව මා පිලිබඳව දැනගත් එකම පුද්ගලයා වූයේ රූපෙ නැමැති තැනැත්තාය. ඔහු මෙ අසල තිබූ කුඩා පන්සලක ජීවත් වූයෙකි. මා හට ජීවත් වීමට කිසියම් හෝ අයිතියක් තිබුනානම් ඒ ඔවුන් සතුවිය. මාගේ සිරුර දුටු ස්ථානයට රූපෙ නැමැති තැනත්තා පොඩි හාමුදුරුවන් දෙනම සමග පැමිනියේ දැඩි නිහඬතාවයකින් හා දැඩි කුතුහලයකිනි. ඔවුන් මා අසලට පැමිනි විගසම මා යට කරගෙන වැටී තිබූ විසාල අතු කීපය ඉවත් කල අතර පොඩි හාමුදුරු දෙනමට මා අඳුන ගැනීමට එතරම් වෙලාවක් ගත් නොවුනේ මාගේ රූපය මේ දිනවල ප්‍රසිද්ද රූපයක් වී තිබූ නිසාය.

"මේ අර අතුරුදහ් වෙලා කියල හොයන ළමය නේද සාමිර"
"ඒක තමා රාහුල සාදු. මෙයා මැරිල නැහැ. මෙයාට කට්ටියක් පහර දීල තියනවා. පව්. අපි මෙයාව පන්සලට අරගෙන යමු. ගිහින් අපිට කරන්න පුලුවන් දෙයක් කරමු"
"ඒ ක හොඳයි. රූපෙ බය නොවී එන්න මෙහෙට. මෙයාට තවම පණ තියනවා. අපි මෙයාව පන්සලට අරගෙන යමු. මතක තියාගන්න රූපෙ, මේ ගැන කිසිම කෙනෙකුට දැනගන්න තියනව නෙමේ ඔන්න. නායක හාමුදුරුවො වැඩියම අපි කියන්නම් මේ ගැන."
"එහෙමයි පොඩි හාමුදුරුවනේ"

ස්වාමින්වහන්සේලා වැඩ සිටි මෙමෙ ආරාමයේ විසේසය වූයේ නවීන උපකරණවලින් සමන්විත වෛද‍ය්‍ය විද‍ය්‍යාගාරයක් තිබීම්ය. එහි එක්ස් කිරණ පිටපත් ගැනීමට හැකි යන්තයක්ද පිහිටා තිබීම පුදුමයකට කරුනක් උවද එය මා ලද වාසානවක් විය. මක් නිසාද යත් මා හට ජීවත් වීමට තවත් බලාපොරොත්තිවක් තබාගත හැකි නිසාවෙනි. රැජිනගේ දේෂය වූ එන්ගලන්ත්යේ යුවලකට වෛද‍ය්‍යවරු සුවකිරීමට නොහැකියැයි රෝගයකින් ඔවුන්ව බේරාගත් නිසා මෙම විද්‍යාගාරය එම විදේෂ යුවල විසින් මෙම ආරාමය සාදා දී ඇති අතර එදා සිය අද වන තුරුම ඔවුන් ගමේ අසරණ පුද්ගයන්ව නොයෙකුත් රෝගවලින් සුව කර තිබුනි. එමෙන්ම මෙම ආරමයේ වැඩ විසූ සෝමිත හිමියන් බටහිර වෛද‍ය්‍ය විද‍ය්‍යාවේ හිණි පෙත්තටම ළඟා වී සිටි අතරම, මෙම ආරාමයේම වැඩ විසූ අනෙක් භික්ෂුව වූ රාහුල හිමියන්ද දේෂීය වෙද කලාවේ ඉහලින්ම සිටි අයෙකු වූවෝය. ප්‍රසිද්දියට මොවුන් අකැමැති වූයේ මුදල් පසු පස යන සමාජයක මිනිසාට තමන් කවුරුද යන්න අමතක වී තිබීම නිසාය. එනමුත් ඔවුනට සෑම අවස්ථාවකදීම ලංකාවේ ගම් නියම්ගම් පීරා ගොස් අසරණ මිනිසුන්ට පිහිට වූයේ දෙවියන් ලෙසය.

රූපේ හා පොඩි හාමුදුරු දෙනම එකතු වී ලේ තැවරුනු සිරුර ක්‍රමාණුකූලව පිරිසිදු කලේ වුන්ගේම ආකාරයකටය. මා හට අවෂයව තිබූ මූලික වෙද දෙහකම් ඉතා ඉක්මනින්ම ඉටු කලේ පීඩාවෙන් වල්මත් වී තිබූ මගේ සිරුරට මෙන්ම මගේ ආත්මයටද සහනයක් එක් කරමින්ය. දානයකට වැඩම කර සිටි නායක හාමුදුරුවන් පැමිනි විගසම පොඩි හාමුදුරුවෝ දෙනම මා පිළිබඳව විස්තර උන්වහන්සේට පැහැදිලිකර දුන්නේය. උන්වහන්සේගේද අදහව වූයේ මා හට සනීපවනතෙක් මා පිළිබඳව කිසිවෙකුට නොපැවසීමට වූ අතර වෙදහෙදකම් කිරීමට ඔවුන් මා රඳවා තිබුනේද ආරාමයට තරමක් ඈතින් පිහිටා තිබූ විශේෂ වූ වෙද කුටියකය.

"ගොඩක් බරපතලයි නේද පොඩි හාමුදුරුවනේ. යතා තත්වයකට ගේන්න පුලුවන් වෙයිද"
"ඒකනම් එහෙම තමා නායක හාමුදුරුවනේ. සෝමිර තාක්ෂනික දේ උපයෝගී කරගෙන මෙයාව ටිකක් පරීක්ෂා කලා. ඒත් තත්වය ටිකක් බරපතලයි කියල තමා උන්වහන්සේ කියන්නෙත්"
"හොඳ කරන්න බැරිවෙයිද ඒ කියන්නෙ"
"එහෙම දෙයක් නෙමේ නායක හාමුදුරුවනේ.. අපි මේ ඔබ වහන්සේට කියන්න හැදුවෙ.."
"මම දන්නවා කියන්න හදන දේ. මගේ අවසර ලැබෙනවා ඒකට. මොනව හරි කරල මේ ඇත්තව සුව කරන්න බලන්නකො. පෙනුමෙන්නම් වැදගත් පවුලක කෙනෙක් වගේ"
"අපිට මෙයාගෙ හැඳුනුම්පත හම්බුනා. මේ තියෙන්නෙ."
"හම්ම්ම්.. සිනෙත් දිනූක.."

මා සිටිනා තත්වය ඉතා බරපතල නිසා මා පිළිබඳව තොරතුරු හෙලි කිරීම මදකට සැඟවූ අතර මා හට ප්‍රතිකාර කිරීමට යොදා ගනු ලැබූයේ තවමෙත් අත්හදා බැලීම් කරන්නා වූ සුව කිරීමේ ක්‍රමයයකි. එනම් දැනට මාස කීපයක සියම රාහුල හා සෝමිර යන පොඩි හාමුදුරුවන් දෙනම උත්සහ දරනුයේ සිංහල වෙදකම හා බටහිර වෙදකම එකට මිශ්‍රකර ඔවුනට ආවීනික වූ ක්‍රමයක් හඳුන්වා දීමටය. ඒ සහඳා අවෂය්‍ය සියලුම දැනුම තාක්ෂනය ඔවුන් සතුව තිබූ නමුත් මාගේ ජීවත් වීම පිළිබඳවද ඔවුනට ප්‍රස්නයක් වී තිබුනේ යම්හෙයකින් ඔවුන්ගේ වෙදකම වැරදුනොතින් මාහට සහදටම මෙලොවින් සමුගැනීමට සිදුවන නිසාවෙනි.

"රාහුල සාදු, අපි හිතුවට වඩා මේ කොල්ල ශක්තිමත්. මෙයාව සුව කරන්න පුළුවන්. දැන් දවස් පහක්ම අප කරපු වෙදකම් දාරාගෙන හිටිය කියන්නෙ අපි ගොඩක් දුරට සාර්ථකයි කියන එක"

කාලය ගෙවීයත්ම ටිකෙන් ටික සමහරක් දෙනාගේ මතකයෙන් දිනුක යන නාමය ඈත්ව ගියද අම්මා ඇතුලු මාගේ පවුලේ උදවිය මෙන්ම මගේ මිතුරන් පිරිසද තවමත් මා කොහේ හෝ ජීවත්ව සිටිනවායැයි බලාපොරොත්තුවකින් සිටියේය. දිනපතාම පොලීය වෙත ගියද ඔවුන්ගෙන්ද හැම දිනකම එකම උත්තරය ලැබුනු අතර මා මිතුරා හා උරණ වූ එක පොලිස් නිළදාරියෙක් පැවසූ වදනක් වූ 'මෙතන අපට වද දෙන් නැතිව ඔය කොල්ල මැරුන කියල හිතල දානයක් දීල පිං දෙනව ඕයි' නිසා මා මිතුරන් ප්‍රදේශ වාසීන් හා පොලීසිය අතර ඇතිවූ ගැටුමද නිරාකරනය කිරීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.

අසීස්, මොහොමඩ්, අමිල මෙන්ම කෙවින් ද මා හෙවීමේ වැඩකටයුතු වලින් හෙම්බත් වී තුබුනේ ඔවුන් ගත් සියලුම උත්සහන් අසාර්තක වූ නිසය. මා හට සිදුවූ දේ අසීස්ටද දරාගත නොහැකි වූ නිසා ඔහුද සියලු වැඩ අතහැර දමා ලංකාවට පැමින සිටියේ මා වෙනුවෙන්මය. එමෙන්ම මාගේ අම්මාගේ අසනීප මදකට සුව වී තිබ්බූ නමුත් ඇය සුදුමැලි වී තිබුනේ මගේ මතකය හා සමග ජීවිතය ගතකල නිසාවෙනි. මගේ අම්මේ සිහිනෙන් හෝ පැමින මා තවමත් ජීවත් වනවායැයි පැවසීමට හැකිනම් මා එසේ කරනවා නොඅනුමානය.

ජීවිතය පවා ඔට්ටු ඇල්ලූ මා ආදරය කල ඒ යුවතිය වූ පියුමි, ඇයගේ අලුත් ආදරවන්තයා සමගම එකිනෙකා අත්වැල් පටලා මා හා හිය මගම ඇවිද ගියේ කෙසේද යන්න විමසීමට අද මා ඇය අසල සිටියේ නැත. නළඟනන් මා ඉදිරියේ ඔවුන්ගේ ඇඳුම් අකිනෙක ගලවා දමද්දී මා ඒ අසලඉන් නැගිට ආවේ මා පියුමිට ආදරය කල නිසාවෙනි. මාගේ ජීවිතය ඇය පමනක් යැයි සිතූ නිසාවෙනි. මා කවමදාවත් මා ඇයට කල ඒ ආදරය හෑල්ලු කලේ නැත. පාගා දැමුවේ නැත. ඒ තවමත් මා ඇයට ආදරේ කල නිසාවෙනි. නමුත් ඇය මා හා හිඳ එකට සිටි තැනම වෙනකෙකු හා සමගම මට දෙඩූ පෙම්බස්ම ඔහු හා දොඩමින්, ඔහුගේ පපුවට තුරුල් වෙද්දී මට නොතේරුනේ ආදරයේ අරුතද නැතිනම් මගේ ආදරයද යන්න මා හට පැහැදිලි අදහසක් නොතිබුනු තරම්ය. සිහිනෙන් හෝ ඇවිදින් ඇයටද හොඳින් ඉන්නයැයි කීමට හැකිනම් මා එසේ කරනවා නොඅනුමානය. මක් නිසාද යත් ඇගේ සිනහව ඇගේ සතුට මට එක හුස්මක් වූ නිසාවෙනි. ඇය සතුටින්නම් ඇය සිනාවෙනවානම් මා ජීවත්වන නිසාවෙනි.

"පොඩි හාමුදුරුවනේ.. පොඩි හාමුදුරුවනේ.. "
"මොකද මොකද රූපෙ මේ බෙරිහන් දෙන්නෙ. නායක හාමුදුරුවො භාවනා කරනවා"
"අනේ සමා වෙන්න පොඩි හාමුදුරුවනේ. දිනුකට සිහිය ඇවිත්.. අතපය හෙල්ලුවා.. වතුර වතුර කියල කතා කලා. මම වතුර ටිකක් දුන්නා"
"මොනවා.. යමු යමු ඉක්මනටම"

මාහට සිහිය එන විටද සිදුවූ කිසිදු දෙයක් පිළිබඳව මා හට මතක නොතිබූ අතර මා කවුරුද යන්නය මා හට එතරම්ම මතකයක් තිබුනේම නැතිතරම්ය. මා සිටිනා ස්ථානය පිළිබඳව පිලිබඳව දැන්ගැනීමට උත්සහයක් දැරූ මා අසල තිබූ ජනේලයෙන් එළිය බැලීමට සූදානම් වනවාත් සමගම කවුරුන් හෝ මා දෙසට පැමිනෙනවා ඇසූ නිසා මා මදක් කලබල වූ අතර අසල තිබූ මේසයක් අසල මා හැන්ගුනේ අනේ මට ගහන්න එපා.. අනේ මට ගන්න එපා.. අනේ මට ගහන්න එපා යැයි කියමින්ය.

"අපි ඔයාට කරදරයක් කරන් නැහැ දිනුක. බය වෙන්න එපා. එන්න ඔතනින් එළියට"

මා හට දැනුනු කාරුණික වදන් නිසා මම මෙතෙක් වෙලා වසා සිටි දෙනෙත් ඇර බැලුවෙමි. හදවත සිසිලක් ගෙන දෙන්නා වූ කහ පැහැති ඇඳුමකින් සැරසී සිටි හා මනරම් සිනහවකින් යුක්තව මා ඉදිරියේ සිටි නන්නාදුන පුද්ගලයා නිසා ඉතා ඉකමනින්ම සිතට දැනුනු සහනය නිසා මම සැඟව සිටි ස්ථානයෙන් එලියට ආවෙමි.



හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

No comments:

Post a Comment