Wednesday, August 19, 2015

හිතුවක්කාර ආදරය - 18 කොටස


දිනෙන් දින එදිනෙදා ජීවිත කටයුතු තරමක් කාර්යයබහුල වූයේ අපගේ දෙවන වසර අවසාන පරීක්ෂන ලන් වූ නිසාත් නොයෙකුත් බාහිර වැඩකටයුතු නිසාය. අමිලගේ අදහසක් මත ආරම්භ කෙරුනු අසරණ ළමයින්ට පාසල් උපකරන බෙදා දීමේ වැඩසටහන නිසා අප තරමක් කාර්යබහුල වූයේ එම අසරනයන්ගේ සතුට සිනහව මැදය.

"යාළුවා, අපේ මේ සමාජ සේවය අපි ටික දවසකට නවත්වමු. ටිකක් ආයෙ පොතපතට යොමු උනොත් නරකද, විභාගෙත් ළඟ නිසා"
"ඒකනම් ඇත්ත අමිලයා. අපේ මේ වැඩේ හිතුවට වඩා සාර්තකයි. බලහන්කො අපිට දැන් පිළිගැනීමකුත් තියනවනෙ."
"පිළිගැනීම්නම් මොකටද ඩිලා. බලහන්කො ඒ ළමයින්ගෙ සතුට. මටනම් මාර සතුටක් හිතට දැනෙන්නෙ බන්. ඒක නෙමේ අමිලය කිව්ව වගේ කොහොමත් මේ සමාජ සත්කාර නවත්වමු ටික දවසකට. මොකද අපේ අරමුදලත් ඒ හැටි නැහැ මන් හිතන්නෙ"
"මාත් ඔය ගැන අමිලයයි උඹයි එක්ක කතා කරන්න හිටියෙ. අපි අයෙමත් මොනව හරි කරමු සල්ලි ටිකක් හොයන්න.. අයිඩියා එකක්නම් තියනවා, අපි අපේ අරමුදල පරිත‍ය්‍යාගෂීලින්ට ඕපන් කරමුද. එතකොට බන් සල්ලි තියන උන් කීය කීය හරි දායිනෙ"