Sunday, November 30, 2014

ඔයාගෙ වෙබ් සයිට් එකේ URL එක හංහමු - How to hide url using .htaccess file?



මම අද කියලා දෙන්න යන්නේ ටිකක් විතර අමාරු දෙයක් අමාරුයි කිවුවට අමාරුම නෑ.මේකයි අද කියලා දෙන්න යන්න ඔයාලා කැමතිනේ ඔයාලගේ වෙබ් සයිට් එකේ URLඑක හංගන්න .

ඔයාලා ගොඩාක් වෙලාවට දැකලා ඇති බොහොමයක් වෙබ් සයිට් වල URL එක හරිම ලස්සනයි සහ පැහැදිලි යි.හරියට මෙන්න මේ වගේ,

http://abc.lk/product-detail/Skin & Beauty Care/Default/Bath 20Treatment/1-0-17

මට ගොඩාක් වෙලාවට ගැටලුවක් වෙලා තිබ්බේ කොහොමද මේ දේ කරන්නේ කියලා මම ගොඩාක් ක්‍රම වලට අත්හදා බැලීම් කරා.

අන්තර්ජාලයේ කරක් ගහලා ගහලා හොයා ගන්න සම්පල් එක බා ගෙන වැඩේ කරන්න යද්දි ඒක වැඩ කරන්න යන්නේ නෑ .අවසානයේ එක ක්‍රමයක් හොයා ගත්තා ඒක තමයි මේ .
How to hide url using .htaccess file?




ගොඩාක් වෙලාවට .htaccess මෙන්න මෙයත් එක්ක වැඩ කරද්දි ටිකක් විතර අමාරුයි මිනිහා ටිකක් විතර කියන දේ අහන්නේම නෑ.මෙයා තමයි මුලු සයිට් එකම පාලනය කරන්නේ
අපි පොඩි හරි වරදක් කලොත් මුලු වෙබ් සයිට් එකම වැඩ කරන්නේ නෑ.
උදාහරණයක් විදිහට :- අපි විසින් වචනයක එක අකුරක් වැරදුවෝතින් මුලු වෙබ් සයිට් එකම පේන්නේ නෑ අයියෝ.
වැල් බයිලා ඇති දැන් අපි වැඩේට බහිමු නේහ්,
එහෙනම් ඔයාලගේ වෑම්ප් සර්වර් එක ඔන් කොරාලා ,IDE එකත්ඔන් කොරා ගන්නලකෝ .

මුලින්ම අපි මෙහෙම පටන් ගමු,
අපි මොනවා හරි  දෙයක් අපේ වෙබ් සයිට් එකේ වෙනස් කම් කරද්දී URL එක වෙනස් වෙනවා මෙන්න මේ වගේ


Ex:-http://localhost/PHP/update_view.php?uid=2

අපි විසින් කරන්න හදන වෙනස් කම අපිට මුලදිම හදුනා ගන්න පුලුවන්  අන්න ඒ නිසා අපි මේ ක්‍රමය භාවිතා කරනවා.අපිට ඔය URL එක මෙන්න මේ විදිහට වෙනස් කර ගන්න පුලුවන්නම් මරු නෙහ් .

http://localhost/PHP/View-User-Data/2

පට්ට නේද?

පලමුව අපි අපේ URL ටික හදා ගන්න ඔනේ ඒකට වෙනම .php ෆයිල් එකක් අරගෙන මෙන්න මේ විදිහට පහත code එක ඔබා ගන්නකෝ,

========================================================================
define('HTTP_SERVER', 'http://localhost/PHP');

define('HTTP_SERVER_PATH', HTTP_SERVER.'/');
define('HTTP_SERVER_IMAGES', HTTP_SERVER_PATH.'images/');
define('HTTP_SERVER_JS', HTTP_SERVER_PATH.'js/');
define('HTTP_SERVER_CSS', HTTP_SERVER_PATH.'css/');

define('HTTP_SERVER_HOME', HTTP_SERVER_PATH.'Home');
define('HTTP_SERVER_VIEW_USERS', HTTP_SERVER_PATH.'View-All-Users');
define('HTTP_SERVER_VIEW_USER_DATA', HTTP_SERVER_PATH.'View-User-Data');

=========================================================================



මීලගට කරන්න තියෙන්නේ අපේ .htaccess ෆයිල් එක හදා ගන්න තමායි.
අලුත් ෆයිල් එකක් හදා ගන්න ඒකේ ෆයිල් නේම් එක .htaccess ඕකේ,
දැන් ඒෆයිල් එකට මෙන්න මේ කෝඩ් එක දමා ගන්න කෝ .

========================================================================
RewriteEngine On

#identify location
#RewriteBase /

RewriteRule ^Home$ index.php

RewriteRule ^View-All-Users$ db_view.php

RewriteRule ^View-User-Data/(.*) update_view.php?uid=$1

========================================================================

බැලූ බැල්මට දල අවබෝධයක් එන්න ඔනේ ආවේ නැතත් අවුලක් නෑ .
මම කරලා තියෙනේ මම අලුතෙන් සාදා ගත් අලුත් .php ෆයිල් එකේ පාවිච්චි කරපුන නේම් තමා .htaccess එකේ පාවිච්චියට අරගෙන තියෙන්නේ ..
මම රතු පාටින් පාට කරලා තියෙන්නේ ඒ වචන තමා.

මේකේ සරල සිද්දිය මේකයි අපේ URL එකේ  Home කියන වචනය ආවොත් මෙන්න මේ ෆයිල් එක වීව් කරන්න කියන එක තමා කරලා තියෙනේ සරලම දේ .

තව ගොඩාක් දේ කරන්න පුලුවන් .htaccess එකෙන් ඒ දේවල් තව හිමිහිට පැහැදිලි කර්ලා දෙන්නම්..htaccessගොඩාක් වෙලාවට පාවිච්චි කරනේ ආරක්ෂක හේතුන් වලට හොදේ ඒකත් හොදින් මතක තියා ගන්න.

දැන් ඔයාලට ප්‍රශ්ණ ගොඩාරියක් ඇති ඒ සියලුම දේවල් අහන්න මම දන්න හැම දේම කියන්නම්.
මේ සමග මම හදපු කෝඩ් එක දෙනවා ඒක බලලා වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න.තව දෙයක් මම අමතක කලා කලින් කියලා දීපු දෙයක් ඒ දේ ගැන මම මේ පෝස්ට් එකේදි සදහන් කලේ නෑ ඒක හොයා ගන්න.පුංචි සහයෝගයක් දෙන්නම් මෙන්න මේ විදිහට .
"කාමරේක තියෙන දෙයක් ගන්න ඔනේ නම් ඒ කාමරේ අයිති කාරයව දැලේ දා ගන්න ඔනේ නේද ?පස්සේ හිමිහිට ගන්න ඔනේ දේ ගන්න පුලුවන් "

අනිත් දේ තමා ඔයා මේ කොඩ් සාම්පල් එක බාගෙන රන් කරත් රන් වෙන්නේ නෑ ඒ සදහා වෑම්ප් සර්වර් එකේ කකොන්ෆිගරේෂන් වල (httpd.conf) පුංචි වෙනස් කමක් කරන්න ඔනේ ඒ දේ  පොඩ්ඩක් හොයාලා කරන්න එතකොට ඔයාටත් තව දැනීමක් එනවා.
Google අයියාගෙන් අහන්න මිනිහා ඔනේම දෙයක් දන්නවා,

තේරුම් ගැනීමට අපහසු තැනක් ඇත්නම් කොමෙන්ටුවක් මගින් අහන්න නැති නම් මා මුහුණු පොතේ සිටින බැවින් ඒ මගින් අසා දැන ගන්න .

මෙය කියවූවාට ඔබට තුති

හැකියාවක් තිබේ නම් මේ පොත හොයලා බා ගෙන කියවන්න 


සම්පුර්න Code එක මෙන්න බා ගන්න 

වැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේ 

මොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න


6 comments:

  1. මට නං ඔය තියන එකම හොඳා. සමහරු නිකං දෙන බ්ලොග්ස්පොට් හොඳ නැතිව ඩොට් කොම්/ඩොට් ටීකේ ගන්න ගිහිල්ල ඇරගත්ත අවස්තාත් තියනව

    ReplyDelete
    Replies
    1. රාජ් අයියා මොන දේ වුනත් හරි යන්න හරි වරදින්න හරි කොරලා බලන්න ඔනේ නේද ?

      Delete
  2. ලිපිය නම් හොදයි, වැඩිය කියවන්නේ නැතුව අවශ්‍ය දේ විතරක් ලිව්වොත් හොදයි. බොරු සෝබන එපා

    ReplyDelete