Thursday, November 24, 2016

හිතුවක්කාර ආදරය - 36 කොටස


විනාඩි කීපයකට පමන මා හොළුවෙකු විය. බිහිරෙකු විය. ඊළගට කල යුත්තේ කුමක්දැයි මා හට නිවරැදි කල්පනාවක් නොතිබුනි. කාර්යාලයේ මා සමග වැඩ කරනා පිරිස නොයෙකුත් දේ මගෙන් විමසුවද ඔවුනට කෙටි පිළිතුරු ලබා දෙමින් මා කාර්යාලයෙන් පිටව ගියේ තවත් එහි රැඳී සිට සේවයේ නිරත වීමට තරම් මා තුල ජවයක් හා මානසික තත්වයක් නොතිබූ නිසාය. හදිසි අසනීප තත්වයක් යැයි පවසා ලොක්කාගෙන් අමාරුවෙන් නිවාඩුවක් රැගෙන මා පැමිණියද මම කල යුත්තේ කුමක්දැයි මම නොදැන සිටියෙමි. ඝන අන්දකාරයේ තනිවී මංමුලා වූ එකෙකු සේ මට දැනුනි.

කාලය වෙනදාට වඩා වේගයෙන් ගෙවෙන්නට වූයේ මාගේ ජීවිතය තව තවත් අඳුරු අගාදයකට ඇද දමමින්ය. ගෙවුනු විනාඩියක් විනාඩියක් පාසා ඇගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමට මා උත්සහ කලද එම උත්සහයන් සියල්ල අසාර්තක විය. මගේ මිතුරා වූ අමිල ඇයව මුනගැසිමට ගොස්තුබූ අතර ඔහුටද ඇය පවසා තිබුනේ ඇයව අමතක කරනා ලෙසය. අමිල එයට හේතූන් පවසා සිටියද ඇය ඔහුට කිසිවක් නොපසවා තිබූ අතර අමිලටද බැන තුබුනේ ඇගේ ජීවිතේ තීරන ඇයට අයිති බව පවසාය.