Wednesday, July 8, 2015

හිතුවක්කාර ආදරය - 13 කොටස


"හිත හයියට තියාගන්න දිනුක, ඔයාගෙ දුක මට නොතේරෙනව නොවේ. "

සරත් සර් මා අසලට පැමින එසේ පැවසූවේයේ මාගේ ඇස් වලින් ගලා ගිය නොනවතිනා කඳුළු නිසා විය යුතුය. අවසාන වතාවටත් මම මගේ මිතුරාගේ අත ඇල්ලුවෙමි. මම ආදරය කල ඒ දඟකාරියගේ නලල සිප ඇයට මම සමුදුන්නෙමි. මම දෙවියන් වහන්සේගේ ස්තීර භත්හිකයෙකු නොවූවත් මගේ ළඟ සිටි මගේ මිතුරා හා ඒ ආදරේ මගෙන් මෙලෙස උදුරාගත්තේ ඇයිදැයි යන්න මම උන්වහන්සේගෙන් විමසා සිටියෙමි.

සරත් සර්ගේ ස්තූති කතාවත් සමගම ආගමික වැඩ කටයුතු හා අනෙකුත් සියළුවැඩ කටයුතු නිමා උවත් නිවන්ති මෙමෙ ස්තානෙයේ නැති අඩුව මට තදින්ම දැනෙන්නට විය. අප දෙදෙනාගේ ළඟින්ම සිටි මිතුරියක් වූ ඇය බ්‍රයන්ගේ එකම ආදර හිමිකාරියද වූවාය. ඇය වෙනුවෙන් බ්‍රයන් ඔහුගේ ජීවිතයද ඔට්ටු ඇල්ලූ අවස්තා අනන්තය. නමුත් ඇයට මෙම ස්තානයට පැමිනිය නොහැක. ඇයද ඇගේ ජීවිතය හා පොරබදිමින් සිටින්නේය. සියළුම වැඩ කටයුතු අවසානයේ සියළුම දෙනාගේ දුක් සෝසුම් මැද්දේ, කඳුළු වරුසාවන් මැද්දේ ඔවුන් දෙදෙනා අවසාන ගමන් ගියේ ලස්සන වූ මතකයන් සියළු දෙනාගේ සිත් තුල ඉතිරිකරවමින්ය. එමන්ම ලස්සන ආදර කතාවක ඇරඹුමම කඳුලක් කරමින්ය.