Sunday, November 30, 2014

ඔයාගෙ වෙබ් සයිට් එකේ URL එක හංහමු - How to hide url using .htaccess file?



මම අද කියලා දෙන්න යන්නේ ටිකක් විතර අමාරු දෙයක් අමාරුයි කිවුවට අමාරුම නෑ.මේකයි අද කියලා දෙන්න යන්න ඔයාලා කැමතිනේ ඔයාලගේ වෙබ් සයිට් එකේ URLඑක හංගන්න .

ඔයාලා ගොඩාක් වෙලාවට දැකලා ඇති බොහොමයක් වෙබ් සයිට් වල URL එක හරිම ලස්සනයි සහ පැහැදිලි යි.හරියට මෙන්න මේ වගේ,

http://abc.lk/product-detail/Skin & Beauty Care/Default/Bath 20Treatment/1-0-17

මට ගොඩාක් වෙලාවට ගැටලුවක් වෙලා තිබ්බේ කොහොමද මේ දේ කරන්නේ කියලා මම ගොඩාක් ක්‍රම වලට අත්හදා බැලීම් කරා.

අන්තර්ජාලයේ කරක් ගහලා ගහලා හොයා ගන්න සම්පල් එක බා ගෙන වැඩේ කරන්න යද්දි ඒක වැඩ කරන්න යන්නේ නෑ .අවසානයේ එක ක්‍රමයක් හොයා ගත්තා ඒක තමයි මේ .
How to hide url using .htaccess file?


Tuesday, November 25, 2014

මමත් එක්ක.. වසරක් පුරා,දින,සති,මාස ඔබ පසු කලා....


රාත්‍රී 12 පසුවී මිනිත්තු කිහිපයක් ගෙවි ගොස් අවසන් වී හමාරය.මමත් සිත් සේ මගේ හීන ලෝකේ රවුමක් ගහන ගමන් ඉන්න වෙලාවක ,
මගේ සල්ලි කන මැසිම කෑ ගැසීමට පටන් ගත්තේ හීන ලෝකේ ජනාධිපති හමු වීමට යොදා ගත් වෙලාවට මොහොතකට පෙර,
ලොක්කා හමු වෙන එක පැත්තකින් තියලා නිදි මර ගාතෙම ගත්තා සල්ලි කන මැසිම් අතට.

Friday, November 14, 2014

ජීවිතේ එකම තැන කොටුවෙලා,හිරවෙලා,යාන්ත්‍රික වෙලා වගේ දැනෙනවද?


ජීවිතේ එකම තැන කොටුවෙලා,හිරවෙලා,යාන්ත්‍රික වෙලා වගේ දැනෙනවද?හැමදාම කරන වැඩ ටික ඔහේ අසංවිධිත ක්‍රියා විදිහට කෙරෙනව කියලා හිතෙනවද?ගතට හිතට වෙනසක් ඕනි කියලා හිතෙනවද?ඒකාකාරී නිසාම වැඩකරන්න කම්මැලි කමක්,වෙහෙසක් දැනෙනවද?එහෙනම් අපි අපේ ජීවිතේ ටිකක් වෙනස් කරගමු නේද?ජීවිතේට දැනෙන වෙනසක් ඇතිකරගමු නේද?මම මේ කියන්න හදන්නේ විශල වශයෙන් කරන වෙනස් කම් ගැන නෙමෙයි.එදිනෙදා ජීවිතේදි කරන්න පුලුවන් පොඩි පොඩි වෙනස් කම් ගැන.

ඒ පොඩි වෙනස් කම් වලින් ජීවිතේ අපි විදින මේ ඒකාකාරී බවින් මිදෙන්න පුලුවන්.අපි හැමදාම වෙනසක් ගැන හිතුවහම හිතට එන්නේ විනොද ගමනක්,පිටින් ආහාර වේලක් ගැනීම වගේ දේවල්නේ.ඒවත් ඇත්තටම හොඳයි.ඒත් දැන් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අපිට නිතරම එහෙම දේවල් කරන්න හැකියාව අඩුයිනේ.ඉතින් මම මේ කියන්න යන්නේ අපේ එදිනෙදා පුරුදු වල පොඩි වෙනස් කම් වලින් ජීවිතේ රස විදින හැටි.