Showing posts with label බ්ලොග් අවකාශයේ මිතුරෝ. Show all posts
Showing posts with label බ්ලොග් අවකාශයේ මිතුරෝ. Show all posts

Thursday, November 21, 2013

ඇත්තද සයිබර් යාළුවො ආයෙ Set වෙනවා කියන්නෙ?

ගිනියම් ඉර ........ සඳ සිසිලස ............අතරේ හොයනවා හොයනවා අපි අපි කවුරුද?


වෙහෙස කාරී ජීවිතේ ඉන්න අතරෙම.. ඔබට ඉතිං කොහොමද?

සයිබර් අවකාශයේ බ්ලොග් ලියන සහ රසවිඳින ඔබ හැමෝම ප්‍රමාණයෙන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැනෙහැමදාමත් මිතුරු හවුල් වලට අලුත් අලුත් යාළුවො එකතු වෙනවාඉතින් හැමෝම දැන හඳුනා ගැනීම ඇත්තටම වැදගත්.සයිබරයේ යාළුකම් කොයි තරම් සොඳුරුද කියලා ඔබ දන්නවානෙ


ටික ටික දෙනා එකතුවෙලා බිම් මට්ටමේ පුංචි පුංචි උත්සව අවුරුද්ද පුරාම ගත්තාට මොකද, 2013 සිහින සයිබර් සැණකෙළියෙන් පස්සෙ අපිට ආයෙත් හැමෝටම එකතු වෙන අවස්ථාවක් නිර්මාණය කරන්න බැරි වුණානෙඉතින් අපි හිතුවා නිවාඩු උඳුවප් මාසෙ ඒකට සුදුසුම කාලය කියලා..දුර ඈත රටවල්වල ඉන්න යාළුවොත් මේ කාලෙට ලංකාවට එන විත්තිය අපි දන්නවානෙඉතිං දැන් අපි දිගටම වැඩ.


මේ වෙනකොට එක එක තැන් වල අපි Cyber Get to gather සංකල්පයෙ උත්සව නිර්මාණය කරලා තිබෙනවාහැබැයි මෙවර ඒ උත්සවයට නව අර්ථ කථනයක් දෙන්න අපි සූදානම්.