Friday, November 14, 2014

ජීවිතේ එකම තැන කොටුවෙලා,හිරවෙලා,යාන්ත්‍රික වෙලා වගේ දැනෙනවද?


ජීවිතේ එකම තැන කොටුවෙලා,හිරවෙලා,යාන්ත්‍රික වෙලා වගේ දැනෙනවද?හැමදාම කරන වැඩ ටික ඔහේ අසංවිධිත ක්‍රියා විදිහට කෙරෙනව කියලා හිතෙනවද?ගතට හිතට වෙනසක් ඕනි කියලා හිතෙනවද?ඒකාකාරී නිසාම වැඩකරන්න කම්මැලි කමක්,වෙහෙසක් දැනෙනවද?එහෙනම් අපි අපේ ජීවිතේ ටිකක් වෙනස් කරගමු නේද?ජීවිතේට දැනෙන වෙනසක් ඇතිකරගමු නේද?මම මේ කියන්න හදන්නේ විශල වශයෙන් කරන වෙනස් කම් ගැන නෙමෙයි.එදිනෙදා ජීවිතේදි කරන්න පුලුවන් පොඩි පොඩි වෙනස් කම් ගැන.

ඒ පොඩි වෙනස් කම් වලින් ජීවිතේ අපි විදින මේ ඒකාකාරී බවින් මිදෙන්න පුලුවන්.අපි හැමදාම වෙනසක් ගැන හිතුවහම හිතට එන්නේ විනොද ගමනක්,පිටින් ආහාර වේලක් ගැනීම වගේ දේවල්නේ.ඒවත් ඇත්තටම හොඳයි.ඒත් දැන් තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අපිට නිතරම එහෙම දේවල් කරන්න හැකියාව අඩුයිනේ.ඉතින් මම මේ කියන්න යන්නේ අපේ එදිනෙදා පුරුදු වල පොඩි වෙනස් කම් වලින් ජීවිතේ රස විදින හැටි.