Thursday, June 4, 2015

හිතුවක්කාර ආදරය - 9 කොටස


කතාකරගත් පරිදි සෙනසුරාදා උදේ දහයට පමණ මගේ අම්මා හා තාත්තා ඉමාෂලාගේ ගෙදර ගියේය. ඔවුන් කල කතාබහින් වැඩි හරියක්ම ගෙවුනේ මගේ සීල් සමාදන්වීම පිළිබඳවය. සමහර අවස්ථා වලදී මේ ජීවිතය කුමකටදැයි හැඟීමක් පහල උවත් මම මගේ ආදරේ වෙනුවෙන් ඒ සියල්ලම අසා සිටියෙමි. විඳදරාගෙන සිටියෙමි. අපේ ගෙදරින්ද ඉමාෂාට අකමැත්තක් නොතිබූ අතර එන්ගේජ්මන්ට් එක ඉක්මනටම ගමු යැයි ඉමාෂගේ තාත්තා ගෙනා යෝජනාවට මම අකමැති වූයේ මට තව ටිකක් ඉගෙන ගැනීමට අවෂයය වූ නිසාවෙනි. මගේ විරුද්දත්වයට ඔවුනගෙන් බාධාවක් නොවූ අතර මගේ අදහසට ඉමාෂාගේ තාත්තා කැමති වීමද මට ලොකු සහනයක් ගෙනදෙන්නාක් විය. අප හට පිළියෙල කර තිබූ ඉතා රසවත් දවල් කෑම වේලෙන් පසුව අපි සියළු දෙනාම ඔවුනට සමුදී පැමිනියෙමු.

"කොහොමද අම්මෙ ඒ අක්කි"
"අපේ එකාට හොඳ වැඩියි.. නෙළුම් මලක් වගේ"
"අනේ ඇත්තද, අපරාදෙ මට එන්න බැරි උනානෙ. නෙළුම් මලක් වගේ නම් මෙයාට හොඳ වැඩියි තමා. මෙයාට හරි යන්නෙ නිල්කටරොලු මලක් වගේ කෙනෙක්"
"අනේ මේ .. කියවන් නැතිව ඔයා ඔයාගෙ වැඩක් බලා ගන්නවද? කුමාරිකාවක් කියල හිතාගෙන ඇති"