Friday, August 14, 2015

හිතුවක්කාර ආදරය - 17 කොටස

මාස 18කට පසු .... 

"යාළුවා උඹ නම් මාර පොරක් බන්.. ෆස්ට් ඉයර් එක ගොඩ දැම්මෙ කිසිම ගින්නක් නැතිව. උඹ විතරනෙ බන් අපේ බැච් එකෙන් සබ්ජෙට් සේරම එකපාර ගොඩ දැම්මෙ. ආඩම්භරයි බන් උඹේ යාළුවෙක් වෙච්ච එක. අනික මචන් උඹේ ඔය මොළය සිරා බන්.. නාස්තිකරගන්න එපා හරි"
"හරි හරි අමිලයා.. ගනින් ඔය බියර් එක කඩලා. "
"අමිලය ඇත්ත කිව්වෙ දිනුක. මමත් උඹට කොච්චර කිව්වද මන් එක්ක ප්‍රොග්‍රෑම් සඩිඩ් එක කරමු කියලා. උඹේ ඔය මොළෙට එන ඇල්ගොරිදම්ස් අපිට එන්න ටිකක් වෙලා යනවා බන්. කොහෙද ඉතින් ඇහුවෙ නැහැනෙ උඹ."
"මම කැමති නැහැ රොෂෙන් මගෙ ලයිෆ් එක කොම්පිටුර් එක ළඟ ඉඳගෙන පුටුවක ගෙවන්න"
"හම්ම්.. ඒක නෙමේ ආදරයක් ගැනැ හිතන්න කාලය හරි නේද, උඹ වගේ එකේ තනිකඩව ඉන්නවා කියල දැනෙනකොට අපේ හිතත් වාවන් නැහැ බන් .. ඒයි මොකෝ බන් උඹ සයිලන්ට් උනේ. කෙල්ලො ඇලජික්ද උඹට.. අම්මට සිරි ඒ කියන්නෙ උඹ කැමති .."
"ඩිලා ඕක නවත්තගනින්.. ඔන්න ඔය බියර් එක ඉවර කරපන් කටවහගෙන.. යාළුවා මුන් කියන ඒව ගැන එච්චර හිතන්න එපා"