Showing posts with label css. Show all posts
Showing posts with label css. Show all posts

Sunday, November 30, 2014

ඔයාගෙ වෙබ් සයිට් එකේ URL එක හංහමු - How to hide url using .htaccess file?



මම අද කියලා දෙන්න යන්නේ ටිකක් විතර අමාරු දෙයක් අමාරුයි කිවුවට අමාරුම නෑ.මේකයි අද කියලා දෙන්න යන්න ඔයාලා කැමතිනේ ඔයාලගේ වෙබ් සයිට් එකේ URLඑක හංගන්න .

ඔයාලා ගොඩාක් වෙලාවට දැකලා ඇති බොහොමයක් වෙබ් සයිට් වල URL එක හරිම ලස්සනයි සහ පැහැදිලි යි.හරියට මෙන්න මේ වගේ,

http://abc.lk/product-detail/Skin & Beauty Care/Default/Bath 20Treatment/1-0-17

මට ගොඩාක් වෙලාවට ගැටලුවක් වෙලා තිබ්බේ කොහොමද මේ දේ කරන්නේ කියලා මම ගොඩාක් ක්‍රම වලට අත්හදා බැලීම් කරා.

අන්තර්ජාලයේ කරක් ගහලා ගහලා හොයා ගන්න සම්පල් එක බා ගෙන වැඩේ කරන්න යද්දි ඒක වැඩ කරන්න යන්නේ නෑ .අවසානයේ එක ක්‍රමයක් හොයා ගත්තා ඒක තමයි මේ .
How to hide url using .htaccess file?


Wednesday, July 23, 2014

PHP ගෙදර හියෙන දෙයක් යාවත්කාල (UPDATE) කරමු

අද අපි කරන්න යන්නේ මොකක්ද කියලා මම කියල දෙන්නම් මෙන්න මේ විදිහට
අපි හිතමු අපිට වැරදිලා මොනවා හරි දෙයක් ගෙදර , තියන්න ඔනේ තැනින් නෙමේ වෙන තැනකින් තියලා කියලා පස්සේ අපිට පුලුවන් නේද ඒ වැරැද්ද නිවැරදි කර ගන්න අන්නෙ ඒ වගේ දෙයක් තම අද කරන්නේ
( සරල වැඩි ඇති දන්න අයට )



Thursday, July 3, 2014

PHP ගෙදර හියෙන දෙයක් මකලා දාමු

අපි මේකෙන් කරන්න යන්නේ මොකක්ද් කියලා මම සරල විදිහල කියලා දෙන්නම් මෙන්න මේ විදිහට
උදාහරණයක් විදිහට අපි හිතමු අපේ ගෙදර අපිට වැඩක් නැති මොනවා හරි දෙයක් තියෙනවානේ අපි ඒවා ගේ ඇතුලෙම තියා ගෙන ඉන්නේ නෑනේ අපි ඒවා අයින් කරලා දානවා නැත්නම් විනාශ කරලා දානවා ( පොලිතින් වගේ ඒවා පුච්චලා දානවනේ ) අන්න ඒ වගේ දෙයක් තමා මේ කරන්න යන්නේ .



සමහරවිට ගොඩාක් අය දන්නවා ත් ඇති කමක් නෑ දන්නේ නැති අයත් ඇතිනේ නෙද ?
" මතක තියා ගන්න Programming කියනේ Code කරන එක නෙමේ කියලා "

Tuesday, June 24, 2014

PHP ගෙදර තියෙන දේවල් හොයමු

මම අද මේ කොටසින් කිය දෙන්න යන්නේ කොහොමද අපේ PHP ගෙදර තියෙන දේවල් හොයන්නේ කොහොමද් කියලා.

අපි කලින් පොස්ට් එකේ කතා කලා මතක ඇති කොහොමද අපි PHP පාවිච්චි කරලා අපේ Database එකට දා ගන්නේ කියලා . අද බලමු ඒ අපි දා ගත්තු Data කොහොමද අපි View කර ගන්නේ කියලා .

සැ:යු :- මම අද එදා කියලා දීපු පොඩි පොඩි දේවල් කියා දෙන්නේ නෑ ඒවා ඔයාලට මතක තියෙන්න ඔනේ ඒ දේවල් මතක කරන්නම් 

අපි දැන් වැඩේට බහිමු PhpStorm අරගෙන අපි කලින් හදපු Project එකම භාවිතා කරමු ඒ Project එකේම අලුත් PHP File එකක් හදා ගමු මම ඒකට නම දෙනවා db_date_view කියලා අවුලක් නෑනේ :D

Thursday, June 5, 2014

PHP ගෙදර බිත්ති බැදලා , තීන්ත ගාමු


දවස් කිහිපයට පස්සේ අපි දැන් PHP ගේ හදලා ඉවර වෙලා දැන් හදන්නේ අපි හදන form එකක් පාවිච්චි කරලා database එකට දත්ත save කර ගන්නේ කොහොමද කියලා බලන්න .
හොදයි එහෙනම් මම හිතනවා ඔයාලා HTML ගැන සහ PHP ගැන අපේ Google අයියාගෙන් අහලා බලලා තොරතුරු හොයා ගෙන ඇති කියලා දැන් අපි වැඩේට බහිමු .

ඒ සදහා අපිට ඔනේ කරන මෙවලමක්  ( Tool ) එකක්  තියෙනවා එක නම් IDE එකක් . IDE එකක් කියන්නේ PHP වැඩ කර ගැනිමට තියෙන වැඩසටහනක් ( Program එකක් ) හරියට අපි පිංතූර සකසා ගැනීමට පාවිච්චි කරන රූපකඩේ ( Adobe Photoshop ) වගේ :D

Thursday, May 29, 2014

PHP ගේ හදමු


මුලින්ම මම මෙහෙම කියන්නම් ඔයාලා අන්තර්ජාලයේ සැරි සරද්දී දකින වෙබ් සයිට් එකක් කියන්නේ ලොකූ දෙයක් කියලා හිතන් හිටියට ඒවා හදලා තියෙන්නේත් ඔයා මම වගෙම් මිනිස්ස්සු ඒක මතක තියා ගෙන ඉදිරියට කරගෙන යමු
ඔනෙම දෙයක් මුලින් පටන් ගන්න ගියහම අමාරුයි එත් පස්සේ එකේ විදිහ අල්ල ගත්හම වැඩේ ලේසි .
තව දෙයක් මම PHP වල "අ" යන්න කියා දුන්නේ ජනක සර් තමා .

ඉතින් අපි මුලුන්ම ඕනෙම දෙයක් කරන්න කලින් සැලැස්මක් තියෙන්න ඔනේ
අපි මුල ඉදන් සරලව වැඩේ පටන් ගමුකෝ... තව දෙයක් .!

Monday, October 14, 2013

Joomla 1.5 සිංහලෙන් ඉගෙන ගමු පාඩම 04

මම කලින් joomla post එකේදි කතා කලේ අපේ site එකට profile maintain module (Community Builder)එකක් දාගන්නේ කොහොමද කියලා ඉතින් එකෙ තව වැඩ තියනවා, ඔයාල ඒක එක්ක වැඩ කරද්දී ඒවා අල්ලා ගන්න පුලුවන් ඒක නිසා මම අද කියන්න යන්නෙ අලුත් Module එක්ක ගැන. මෙකෙන් අපිට අපේ site එකට FAQ forum එකක් දාගන්න පුලුවන්. මේකේ විශේෂත්වය තමයි මම කලින් කියපු Community Builder module එකට මේක support කරන එක. ඒක නිසා අපිට CB එකෙන් අපේ site එකෙ register වන අයව automatically forum එකට ගන්න පුලුවන්. ඒවගේම එළකිරි වගේ මේකේ email update වැඩකරනවා.පහත තියෙන්නේ අමතර පහසුකම් වැඩි විස්තර ඕන නම් මේතන බලන්න.

Tuesday, October 8, 2013

Joomla 1.5 සිංහලෙන් ඉගෙන ගමු පාඩම 03

ටිකක් වැඩ වැඩි නිසා ටිකක් කාලෙකට පස්සෙ තමයි මේ ලියන්න ගත්තෙ වැඩිය කතා නැතිව බලමු අද පාඩම මොකක්ද කියලා.මම ආරමභයක් ගන්න ඕන නිසා තමයි joomla basic ටිකක් කලින් post වලින් කතා කලේ, එත් අද ටිකක් වැදගත් වෙන දෙයක් ගැන තමයි කියන්න යන්නෙ මම හිතන්නෙ jooml වල Article එකක් දාගන්න Menu ටික Manage කරගන්න ලේසියෙන් කර ගන්න පුලුවන් කියලා ඒ ගැන විස්තර මොනවහරි දැනගන්න ඕන නම් comment එකක් දාන්න.මෙතනත් බලන්න. joomla වල තියන වැදගත්ම දෙයක් තමයි මේ Extensibility එක.ඒ කියන්නෙ අපිට අවශ්‍ය පරිදි අපේ site එක වර්ධනය කර ගන්න නොයෙකුත් Extension (Modules,plugins)භාවිතා කීරීමට හැකි වීමයි.

ඔයාල joomla extension directory එකට ගිහින් බැලුවොත් දහස් ගාණක් free extension අපිට දැක ගන්න පුලුවන්.ඉතින් මේ ඕනම එකක් අපේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට තෝරගෙන නොමිලේම අපිට බාගත කරගන්න පුලුවන්. ඉතින් මේ අතරින් අද මම කතා කරන්න යන්නෙ Community Builder extension එක ගැන.අපේ එක Social site එකක් කර ගන්න නම්,Face Book වගේ site members ලට තමන්ගේ profile එකක් maintain කරමින් අනෙක් Membersලත් එක්ක සම්බන්ධ කරන්න ඕන නම් මෙන්න extension එක.මේකෙන් කරන්න පුලුවන් ප්‍රධාන දේවල් කීපයක් මම කෙටියෙන් කියන්නම්.

Sunday, September 8, 2013

joomla 1.5 සිංහලෙන් ඉගෙන ගමු පාඩම 02

අපි කලින් post එකෙන් joomla 1.5 install කර ගත්තා නේ. එකේ ඔයාල administration log වෙලා Extensions -> Template manager ගියොත් පෙනෙයි ඔබට සපයන Default Template (beez, rhuk_milkyway, JA_Purity)ත්‍රිත්වය එයින් ඕනම එකක් ඔයලට use කරලා Edit කරන්න පුලුවන්. එත් අලුත් ලස්සන template එකක් දාගන්න කව්ද අකමැති ඉතින් අද කියන්න යන්නෙ අපේ joomla site එකට අලුත් template එකක් දාගන්නෙ කොහොමද කියලා කියන්න. එකට අපිට ඉස්සෙල්ලම අලුත් template එකක් හොයා ගන්න වෙනවා.පුලුවන්නම් හොද එක්ක හදා ගන්න එත් එක ටිකක් ලෙඩ වැඩක්. Google එකේ free joomla 1.5 template කියලා සෙව්වොත් අපිට ඕනතරම් template හොයා ගන්න පුලුවන් ඉතින් අඩුව තියෙද්දි අත පුච්ච ගන්න ඕන නෑ නේ. ඉතින් ඔයලත් මේ වගේ template එකක් හොයා ගන්න මම මෙතන ඒ වගේ free template සපයන site කීපයක් සදහන් කරන්නම්.

Tuesday, September 3, 2013

Joomla 1.5 සිංහලෙන් ඉගෙන ගමු - පාඩම 01 (හදුන්වාදීම)

හුග දවසකින් ආවේ මේ පැත්තට,
PHP පාඩම යන අතරතුර මම හිතුවා Joomla ටිකකුත් කරන්න 
සැ. යු :- Joomla වල Version  කිහ්පයක් ඇවිත් තියෙනවා මම මේ කරන්නේ ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් Version 

කෙටියෙන්ම කිව්වොත් joomla ( joomla අල ගිය මුල ගිය තැන් දැන ගන්න ඕන නම් මෙතන බලන්න ) කියන්නෙ CMS(content management system /හරියටම කියනවනම් web content management system)එකක් ඒ කියන්නේ ඔයාල කව්රුත් දන්න Wordpress, Drupal වගේ අපිට පහසුවෙන්න websites හදාගන්න පුළුවන් software එකක්.CMS එකක් කරන්නෙ අපේ website එකේ සියළුම content (text, photos, music, video, documents ..etc) track කරලා manage කරලා දෙන එක. CMS එකක තියන ප්‍රධාන වාසිය තමයි අපිට මෙය භාවිතා කරන්න කිසිම විශේෂ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවීමයි. Joomla 1.මලාවේ 1.0 ට පසුව ආව අලුත්ම විශේෂාංග රාශීයක් එක්ක වර්ථමානයේ බහුලව භාවිතා කරන්නේ joomla 3.1

Sunday, December 16, 2012

PHP මුල සිට සරලව- පාඩම 04

හුග දවසකට පස්සේ නිවාඩුවක් ලැබුනේ කමක් නෑ එකට
මම අද ඔයාලට කියන්න යන්නේ අමුතුම දෙයක් ගැන ඒ තමයි මගේ PHP ම් සෙට් එකේ වැදගත් කොටස මොකද තියටිම කියද්දිත් කම්මැලිනෙ මම අද ඔයලාට දෙනවා මම දැකපු හොදම PHP ටියුටෝරියල්  ටික ඔයාලත් බලලා හොදයි නම් යමක් ගන්න පුලුවන් දෙයක් තියෙන්නවා නම් ගන්න අරගෙන බලලා සතුටුඉ නම් කොමෙන්ටුවක් කොටලා යන්න අමතක කරන්න් එපා හොදේ

වැඩි කතා ඕනේ නෑ මෙන්න බඩු ටික

Friday, November 9, 2012

PHP මුල සිට සරලව- පාඩම 03

Phpmyadmin කියන්නේ මොකක්ද?
*************************************************************
මම කලින් පඩමේ කිවුවා වගේ ඔන්න ඔයාලට මතු වන ප්‍රදාන ගැටලුව විසදන්න
*************************************************************
Phpmyadmin කියන්නේ PHP වලින් කරපු software එකක්.ඒක පාවිච්චි කරන්නේ MySql එක්ක වැඩ කරන්නයි.WAMP install කරනකොට Phpmyadmin එකත් ඉබේම install වෙනවා.පහල තිබෙන පින්තූරය බලන්න.



 
 Mysql සමඟ වැඩ කරන්න Phpmyadmin අවශ්‍ය වීමට හේතුව මොකක්ද?

අපි හිතමු පාසලක ඉන්න ළමයින්ගේ තොරතුරු තියා ගන්න software එකක් හදනවා කියල.එතකොට ඒ තොරතුරු ගබඩා කරන්න යොදා ගන්නේ Mysql කියන මෘදුකාංගය තමයි.අන්න එතනදී අපිට අවශ්‍ය වෙනවා Mysql වලින් වැඩ ගන්න.ඒත් Mysql අපිට දීල නෑ ඒ සඳහා සුදුසු පරිසරයක්.ඒ කියන්නේ අපිට දීල තියෙන්නේ Mysql Consol එකක්.පහත තියෙන පින්තූර බලන්න.මේ Mysql Consol එකේ වැඩ කරන්න නම් හොඳ වැඩ කාරයෙක් වෙන්න ඕනි ( Mysql Commands හොඳට දැන ගන්න ඕනි ).අන්න ඒ නිසා අපිට ඕනි වෙනවා අමතර මෘදුකාංගයක සේවය ලබාගන්න.ඒ සඳහා තමයි අපිට Phpmyadmin අවශ්‍ය වෙන්නේ.









Friday, November 2, 2012

PHP මුල සිට සරලව- පාඩම 02

PHP වැඩ කරන්න ඔනේ නම් ,අනිවාර්යෙන් Wamp හෝ Xampp  පරිගණකයේ ස්ථාපිත කර තිබිය යුතුයි.

*මුලින්ම Wamp ඩවුන්ලෝඩ් කර ගමු
*Wamp ඩවුන්ලෝඩ් කර ගන්න මෙන්න ලින්ක්


*ඔයාලගේ OS Version එකට ගැලපෙන WampServer එක ඩවුන්ලෝඩ් කර ගන්න නැත්තම් ප්‍රශ්ණ එන්න     ඉඩ තියෙනවා

********************************************************************************
මතක තියා ගන්න වැදගත් :-
මතක් තියා ගන්න ඔයාලගේ Computer එකේ MySql Server දාලා තියෙනවානම් පළමුව අයින් කරන්න නැත්තම් පාඩම කරගෙන යන විට ඉදිරියට විශාල ගැටලු නිර්මාණය වෙනවා
********************************************************************************

1) මුලින්ම Wampserver.exe එක click කරන්න.දැන් පහත පියවර අනුගමනය කරන්න.

[Image: howtoinsta.jpg]

2) දැන් "Next" Button එක click කරන්න.

[Image: howtoikqk.jpg]


Wednesday, October 31, 2012

PHP මුල සිට සරලව පාඩම 01

PHP ඉගෙන ගන්නකොට අපිට Editor එක ඉතා වැදගත් වෙනවා.සමහර අයට ප්‍රශ්නයක් වෙයි මොකක්ද මේ Editor එක කියන්නේ කියලා.Editor එක කියන එකෙන් අදහස් කරන්නේ අපි PHP Coding කරන පරිසරයි.
උදා:- හරියට අපි දැල් බොංචි වගේ [Net Beans,Eclipse]  ඒවා පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ.
කලින් පාඩමේ අපි මේ කාර්ය සඳහා පවිච්චි කලේ Note Pad එක.Note Pad එකෙන් වැඩ කරන්න අමාරුයි.ඒ නිසා දැන් අපි අලුත් Editor එකකට යමු.මේකේ නම Crimson Editor.බොහෝම සරළ Editor එකක්.නොමිලේ download කර ගන්නත් පුලුවන්.මෙන්න ලින්ක් එක.



http://www.crimsoneditor.com/download/cedt370r.exe

මොකක්ද Crimson Editor එකේ තියෙන මහා ලොකු වෙනස?

Crimson Editor එක මගින් PHP codings පාට කරලා පෙන්වනවා.අපි කල් යනකොට මේ පාට වලට හුරු වෙනවා.අනික තමයි මේ Editor එකේ තියෙන keyboard Shortcuts.

මමත් ඉගෙන ගත්තේ තිළාන් අයියගෙන්
PHP ඉගෙන ගන්න ආස අය ඉන්නවානම් මටත් ඉතින් සළකලා යන්න.