Saturday, October 13, 2012

කොතරම් දැඩි හදක් වුවද........................

කොතරම් දැඩි
හදක් වුවද
යම් දවසක
දයා දියෙන්
ආර්ද්‍ර වී
කදුලු සලන මොහොතක් ඇත.
ඒ මොහොතේදි
ඒ හදවත
අත්ලට ගෙන
බලනු මැනවි
මෙ ලොව ඇති
කිසිම දෙයක්
එ තරමට  ................
සුන්දර නැත  
-මහගමසේකර-