Saturday, March 29, 2014

සැබැ නොවුනත් මම මගේ පුංචි හීනයට හැමදාමත් ආදරෙයි

අතීතය ගෙවී ගොස්ය. අතිතයේ අප තැබූ ආදරණීය සිහිවටන ගොන්නක් ඔයාගෙත් මගෙත් හදවතේ ඉතිරි කර. අපේ සුන්දර බැදීම පමණක් සොරාගෙන අතීතය  යන්නම මම තවමත් ඒ සුන්දර අතිතයට ආදරය කරනවා.
බලන බලන අත පෙනෙන පෙනෙන අත අප දෙදෙනාගේ ආදරයේ නොමියෙන මතක සටහන් වේ නැතහොත් අප දෙදෙනාගේ අහිංසක ප්‍රේමයේ සුන් බුන් අප දෙදෙනාගේ සිත් තුළ නිදන් ගත ඒ ආදර මතකයන් කේසේ අතුගා දමන්නද ?
ලෝකයාට පෙනෙන්නට මා සිනාසුවාට , ලොවට රහසක් වූ මගේ ඒ ආදරයේ මතක සැමරුම් මා අදටත් රිදවා ඒ මතකයන්  මාව රිදවූවත් ඒ රිදෙන වේදනාවටත් මම ආදරෙයි .