Wednesday, September 24, 2014

හෙටත් ඔයා මගෙ සුදු මැණික....

ඉර බැහැගෙන යන වෙලාවට ගෝල්ෆේස් එකේ තියෙන දිග බංකු වල කිටි කිටියෙ හිර වෙලා .. ආදරේ වැඩි කරගන්න අරගලයක යෙදෙන පෙම්වතුන් පෙම්වතියන් දිහා එක පාරක් වත් හොරැහින් වත් නොබැලෙන්නේ කාටද. 
අවුරුදු හතක් තිස්සේ ජීවිතේ සුන්දරතම මතකයන් ගෙවුන තැන මෙතන. ඒ සුන්දර ජීවිතේ 50%ක් අඩු උනත්.. මං තාමත් මෙතනට එන්නෙ ආදරණීය අතීතය දිහා ආයෙත් හැරිලා බලලා හිතට බොරුවක් කරලා මූනිච්චාවට සතුටු වෙන්න. දන්නවා මං මටම කර ගන්නෙ බොරුවක් වංචාවක් කියලා. 
ඒත්... 
හැමදාම පිස්සෙක් වගේ ඔයා ගැන කිය කිය ඔයා ගැන හිත හිත මටම දුකක් දී ගන්නවට වඩා.... ඒ පුංචි බොරුව කරන්න මං ආසයි.. .