Thursday, November 24, 2016

හිතුවක්කාර ආදරය - 36 කොටස


විනාඩි කීපයකට පමන මා හොළුවෙකු විය. බිහිරෙකු විය. ඊළගට කල යුත්තේ කුමක්දැයි මා හට නිවරැදි කල්පනාවක් නොතිබුනි. කාර්යාලයේ මා සමග වැඩ කරනා පිරිස නොයෙකුත් දේ මගෙන් විමසුවද ඔවුනට කෙටි පිළිතුරු ලබා දෙමින් මා කාර්යාලයෙන් පිටව ගියේ තවත් එහි රැඳී සිට සේවයේ නිරත වීමට තරම් මා තුල ජවයක් හා මානසික තත්වයක් නොතිබූ නිසාය. හදිසි අසනීප තත්වයක් යැයි පවසා ලොක්කාගෙන් අමාරුවෙන් නිවාඩුවක් රැගෙන මා පැමිණියද මම කල යුත්තේ කුමක්දැයි මම නොදැන සිටියෙමි. ඝන අන්දකාරයේ තනිවී මංමුලා වූ එකෙකු සේ මට දැනුනි.

කාලය වෙනදාට වඩා වේගයෙන් ගෙවෙන්නට වූයේ මාගේ ජීවිතය තව තවත් අඳුරු අගාදයකට ඇද දමමින්ය. ගෙවුනු විනාඩියක් විනාඩියක් පාසා ඇගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමට මා උත්සහ කලද එම උත්සහයන් සියල්ල අසාර්තක විය. මගේ මිතුරා වූ අමිල ඇයව මුනගැසිමට ගොස්තුබූ අතර ඔහුටද ඇය පවසා තිබුනේ ඇයව අමතක කරනා ලෙසය. අමිල එයට හේතූන් පවසා සිටියද ඇය ඔහුට කිසිවක් නොපසවා තිබූ අතර අමිලටද බැන තුබුනේ ඇගේ ජීවිතේ තීරන ඇයට අයිති බව පවසාය.

Tuesday, November 15, 2016

හිතුවක්කාර ආදරය - 35 කොටස


"ඔහොම ඉන්න එපා පොඩි මහත්තයා.. මටත් දුකයි. අනික ඒ ළමය යන්නම ගියා නෙමේනෙ."
"කොහොමද මොහොමඩ් මම මොකුත් නොවුන ගානට ඉන්නෙ. හම්ම්ම්. මම ප්ලෑන්ස් ගොඩක් හිතේ තියාගෙන ආවෙ ලංකාවට. ඒත් .."
"ඒ ගෑණු ළමය ටික කාලයක් ඉල්ලුවෙ. ඉතින් පොඩි මහත්තය ඒක එයාට දෙන්න. මොකද පොඩි මහත්තය ඒ ගෑණු ළමයගෙන් ගිය දා ඔයිට වඩා ඒ ළමය විඳින්න ඇති. අඬන්න ඇති."
"හම්ම්.. මොහොමඩ් හරි. මේ දේ මට ලැබෙන්න තිබුන දෙයක්. කාලයට බාර දීල බලාගෙන ඉන්න තියෙන්නෙ"
"ඒක තමා පොඩි මහත්තයා.. මේ ආව නිවාඩුව යාළුවො එක්ක ටිකක් විනෝදෙන් ඉන්න. අනික පොඩි මහත්තයම් නේද මට කිව්වෙ, ඒ ගෑණු ළමයට යන්න දෙන්න පුලුවන් තරමට ආදරේ කරනවා කියලා."

මොහොමඩ් සමග කල කතා බහින් තරමක් හිත සැහැල්ලු උවද මගේ දෙනෙත් තුල කඳුළු රැඳී තිබුනේ ඇගේ මතකයන් විටෙන් විට මසිත පෑරූ නිසාය. ඇය එවැනි තීරනයකට එළෑඹෙතැයි මම එක තප්පරයකටවත් නොසිතූවද ඇය ගත් එම තීරනයට මා හට බලපෑමක් කල නොහැක්කේ ඇයට එවැනි තීරනයකට යාමට අයිතියක් තිබූ නිසාය. මක්නිසාදයත් මා මෙලෙස අද දින ඇය වෙනුවෙන් දුක් වෙනවා සේම ඇය වෙනුවෙන් ඇගේ ආදරය වෙනුවෙන් මෙලෙස යදිනවා සේම පෙර දිනයක ඈ මා ඉදිරියේ ආදරයේ යාචකයෙකු වූ නිසාවෙනි.

Wednesday, November 2, 2016

හිතුවක්කාර ආදරය - 34 කොටස


මා හදිසියේම නැවත ලංකාව බලා පිටත් වීමේ ගමනට අවෂය සියලුම දේ අසිස් හා ඔහුගේ සොහොයුරා එකතුවී මා හට සූදානම් කර දුන්නේ අවසාන මොහොත දක්වාම මා මගේ කාර්යාලයේ රාජකාරීන් සමග හිරවූ නිසාවෙනි. අළුත් බලාපොරොත්තුවක් ඇතිව අලුත්ම හීනයකට පෙම් බඳිමින් මා මේ ගමන ගියද මගේ හිත තරමක සැකයෙන් යුක්ත වූයේ පියුමි ගැන සිතනා විටය. ඇයගේ පිළිගැනීම කුමක් වේද, නැතිනම් ඇය මට බනීවිද, මගේ යෝජනාවට ඇය කැමති වේදෝ යන පිළිතුරක් නිගමනය කල නොහැකි ප්‍රස්න රැසක් මා සිත තුල විය.

"පුතේ.. ඔ..යා.. අනේ කවද්ද ආවෙ. ඇයි මට කිව්වෙ නැත්තෙ එනව කියලා"
"අයියෙ.. ඔයානම හරි නපුරුයි. නොකියම ආව නේද"
"අනේ මගෙ පුතා ඇදිල ගිහිල්ලා. කෑමක් බීමක් නැද්ද හරියට."
"එහෙම දෙයක් නැහැ අම්මෙ. ටිකක් වැඩ වැඩියි එහෙ. විස්තර කතාකරමුකො. මම ටිකක් ඇඟපත සෝදගෙන එන්නම්කො."