Tuesday, November 15, 2016

හිතුවක්කාර ආදරය - 35 කොටස


"ඔහොම ඉන්න එපා පොඩි මහත්තයා.. මටත් දුකයි. අනික ඒ ළමය යන්නම ගියා නෙමේනෙ."
"කොහොමද මොහොමඩ් මම මොකුත් නොවුන ගානට ඉන්නෙ. හම්ම්ම්. මම ප්ලෑන්ස් ගොඩක් හිතේ තියාගෙන ආවෙ ලංකාවට. ඒත් .."
"ඒ ගෑණු ළමය ටික කාලයක් ඉල්ලුවෙ. ඉතින් පොඩි මහත්තය ඒක එයාට දෙන්න. මොකද පොඩි මහත්තය ඒ ගෑණු ළමයගෙන් ගිය දා ඔයිට වඩා ඒ ළමය විඳින්න ඇති. අඬන්න ඇති."
"හම්ම්.. මොහොමඩ් හරි. මේ දේ මට ලැබෙන්න තිබුන දෙයක්. කාලයට බාර දීල බලාගෙන ඉන්න තියෙන්නෙ"
"ඒක තමා පොඩි මහත්තයා.. මේ ආව නිවාඩුව යාළුවො එක්ක ටිකක් විනෝදෙන් ඉන්න. අනික පොඩි මහත්තයම් නේද මට කිව්වෙ, ඒ ගෑණු ළමයට යන්න දෙන්න පුලුවන් තරමට ආදරේ කරනවා කියලා."

මොහොමඩ් සමග කල කතා බහින් තරමක් හිත සැහැල්ලු උවද මගේ දෙනෙත් තුල කඳුළු රැඳී තිබුනේ ඇගේ මතකයන් විටෙන් විට මසිත පෑරූ නිසාය. ඇය එවැනි තීරනයකට එළෑඹෙතැයි මම එක තප්පරයකටවත් නොසිතූවද ඇය ගත් එම තීරනයට මා හට බලපෑමක් කල නොහැක්කේ ඇයට එවැනි තීරනයකට යාමට අයිතියක් තිබූ නිසාය. මක්නිසාදයත් මා මෙලෙස අද දින ඇය වෙනුවෙන් දුක් වෙනවා සේම ඇය වෙනුවෙන් ඇගේ ආදරය වෙනුවෙන් මෙලෙස යදිනවා සේම පෙර දිනයක ඈ මා ඉදිරියේ ආදරයේ යාචකයෙකු වූ නිසාවෙනි.