Showing posts with label Father's Love. Show all posts
Showing posts with label Father's Love. Show all posts

Friday, June 28, 2019

තාත්තා

තමන්ගේ දුවගේ වෙඩින් එක දවසේ තාත්තා කෙනෙක් කරපු කතාවක්......😢😢💕❤

🔴 #ඇසටකදුලක්උනනවා_සත්තයි...


                            අද මගේ චූටි කෙල්ල සුරංගනාවියක් වගේ ගොඩක් ලස්සනයි... ඒදා මගේ බෝනික්කි මේ ලොකේට ආපු දවසේ ඒ සතුට මේ ලොකේටම ඇහෙන්නම කෑ ගහලා කියන්න හිතුණා..එදා පුළුන් බෝලයක් වගේ සුදුවට හිටපු කෙලි පැටියා මං දිහා බැලුවේ ඒ චූටි ඇස් ලාවට ඇරලා හිනා වෙන ගමන්..ඒ චූටි කෙළි පැටික්කි දැන් ලොකු වෙලා අද මාව දාල යනවා නේද දුවේ......?

                            මගේ අතින් අල්ලන් වැටි වැටි ඇවිදිද්දි දුවද්දි ඒ දේවල් දිහා බලලා මේ තාත්තා ගොඩක් සතුටු වුනේ කවදාවත් මගේ රත්තරන් දුව වෙන පිරිමියෙක්ගෙ වෙයි කියලාවත් ඒ මොහොතේ දැනුනේ නැති නිසා දුවේ... අම්මා මගේ චුටි කෙල්ලගේ පොඩි පොඩි දග වැඩ වලදී ගහන්න පස්සෙන් එද්දී ඔයා දුවගෙන එන්නේ මගේ ළගට " තාත්තී අම්මී ගහන්න එනවෝ " කියාගෙන , ඒ හැම මොහොතේම මගේ චූටි කෙළි පැටික්කිව මං බේරුවේ ඔයාගේ අම්මිගෙන් මං බැනුම් අහලා... එතකොට ඔයා මගේ මුණට කිස් එකක් දීලා දුවලා යනවා.....

Monday, February 16, 2015

තාත්තා ගැන modern පුතාගේ ඇසින්



මගේ තාත්තා (ඩැඩි නෙවෙයි) ...
මට අවුරුදු 8,9 සිට
ඔෆිස් ගිහින් එනතුරු මට ටොෆි ගේනකං හවස 4 සිට මා ඔහු එනතුරු බලා සිටියෙමි.
උදේට වැඩට යන්න කලින් ඔහුගේ බයික් එකේ ගේ වටේ රවුමක් ඔහුව බදාගෙන මා ගියෙමි.
එසේ ගියේ නැතොත් එදා දවසෙම අම්මා සමඟ රණ්ඩු වේවි අඬ අඬා කාලය ගෙවුවෙමි.
ඔහු හවස එන්න පරක්කු උනොත් මා දුකෙන් රෑ කෑමද නොකා සිටින අතර ඔහු පැමිණීමෙන් පසුව මා ඔහු සමඟ ඔරොප්පු මුඩ් එකෙන් සිටියෙමි.
මට කවුරුන් හෝ මොනා හරි දෙයක් කිවුවොත් ඔහුට අතක් ඉස්සීමට ඔහු කිසි විටෙකත් දෙවාරයක් සිතන්නේ නැත.