Friday, November 9, 2012

PHP මුල සිට සරලව- පාඩම 03

Phpmyadmin කියන්නේ මොකක්ද?
*************************************************************
මම කලින් පඩමේ කිවුවා වගේ ඔන්න ඔයාලට මතු වන ප්‍රදාන ගැටලුව විසදන්න
*************************************************************
Phpmyadmin කියන්නේ PHP වලින් කරපු software එකක්.ඒක පාවිච්චි කරන්නේ MySql එක්ක වැඩ කරන්නයි.WAMP install කරනකොට Phpmyadmin එකත් ඉබේම install වෙනවා.පහල තිබෙන පින්තූරය බලන්න.



 
 Mysql සමඟ වැඩ කරන්න Phpmyadmin අවශ්‍ය වීමට හේතුව මොකක්ද?

අපි හිතමු පාසලක ඉන්න ළමයින්ගේ තොරතුරු තියා ගන්න software එකක් හදනවා කියල.එතකොට ඒ තොරතුරු ගබඩා කරන්න යොදා ගන්නේ Mysql කියන මෘදුකාංගය තමයි.අන්න එතනදී අපිට අවශ්‍ය වෙනවා Mysql වලින් වැඩ ගන්න.ඒත් Mysql අපිට දීල නෑ ඒ සඳහා සුදුසු පරිසරයක්.ඒ කියන්නේ අපිට දීල තියෙන්නේ Mysql Consol එකක්.පහත තියෙන පින්තූර බලන්න.මේ Mysql Consol එකේ වැඩ කරන්න නම් හොඳ වැඩ කාරයෙක් වෙන්න ඕනි ( Mysql Commands හොඳට දැන ගන්න ඕනි ).අන්න ඒ නිසා අපිට ඕනි වෙනවා අමතර මෘදුකාංගයක සේවය ලබාගන්න.ඒ සඳහා තමයි අපිට Phpmyadmin අවශ්‍ය වෙන්නේ.