කඳු හෙළ් අතරින් සයිබර් අවකාශයේ නව මං පෙත් සොයා යන්නට අවසරයි........ "විප්ලවයට නව අරුතක්"
Wednesday, September 2, 2015
හිතුවක්කාර ආදරය - 20 කොටස
මා තරමක් අසීරුවට පත්කල අමිලගේ එම ප්‍රස්න කීපයෙන් අනතුරුව අපි දෙදෙනාම නිවස් බලා ගියේ නිදිමත ගතිය අපට තදින්ම දැනුන නිසාය. පෙර දින හරි ආකාරව නින්දක් නොලැබුන නිසාදෝ මා ඇඳ මතට පැමින විගසම නින්දට වැටුනේ තප්පර කීපයක් ඇතුලතය. ගෙවීගිය දිනයේ පැයක පමන කාල්යක් නිදාගත් නිසාත් ඇඟට දනුන වෙහෙස නිසාත් මා අවදිවන විට පසුදින පාන්දර පහ පමන වී තිබුනේය. රාත්‍රී ආහරය නොගෙන සිටි නිසා තදින්ම දැනෙන්නට වූ බඩගින්න හෙතුවෙන් තේ කොප්පයකුත් සාදාගෙන මම එළියේ බන්කුවක් මත වාඩි වී සිටියේ අළුත් දවසක අළුත් බලාපොරොත්තු සමගය. නමකින් විස්තර කිරීමට නොදැන සිටියත් පාන්දර අහසේ දීප්තිමත්ව පායා තීබු එම තරුව දෙස මදක් නිහඬව බලා සිටියේ, අනෙක් තරු කීපය අතර එය ආඩම්බරව බැබලෙන අයුරුය. පාන්දර අහසට අමුතුම අලන්කාරයක් ගාම්භීරත්වයක් එක් කිරීමට එයට හැකිවිය.
Labels:
Friendship,
Life,
Love,
අතීත මතකයන්,
හිතුවක්කාර ආදරය
Location:
Colombo 13, Colombo, Sri Lanka
Subscribe to:
Posts (Atom)