Sunday, October 28, 2012

ගෙදර යන්න

දවස් කිහිපයකට පස්සේ අපේ ගමේ බස් එකේ නැගලා කිලෝමිටර දහයක් දොළහක් යන්න ලැබුනා. හිමිදිරි උදේ පාන්දර 4.30 කොළබ එන බස් එක මම වැඩ කරන තැනට එනකොට උදේ 8.45 විතර වෙනවා
ගෙදර යන දවස තත්පර , පැය , දවස් , මාස වලින් ඈතට යනකොට මට පුංචි අස්වැසිල්ලක් වනු ලබන්නේ මෙ හිත්පිත් නැති යකඩ ගොඩෙනි .
අදත් අපේ අම්මා නැගිටින්න ඇත්තේ මෙ බස් එකේ සද්දෙට අපේ ගෙවල් යට තාර පාරේ හැරුනු මඩ වලෙන් අදත් මෙකේ රෝද තෙමෙන්න ඇති. මගේ යාලු මිත්‍රයෝ මගේම ගුරුවරුන් නැන්දලා මාමලා
මෙකේ නැගලා ටවුමට එන්න ඇති මට මෙක අපේ ගමේම කොටසක් වගෙයි දැනෙන්නේ බස් එකට නැගපු වේලේ ඉදලා හැම ආසනයක්ම සිසාරා බැල්මක් හෙලුවෙ ගමේ ඉදන් ආපු අදුරන මුහුනක් තියෙනවද කියලා හොයන්න් .
එත් දන්න කියන කවුරුවත් හිටියේ නෑ. ඩ්‍රැයිවර් කොන්දොස්තර දෙන්නාත් ආගන්තුක පාටයි . ඒ වුනත් මම මෙ බස් එකේ ඉදහිට හරි යන්න එන්න ආසයි . සමහර වෙලාවට වෙන කොච්චර බස් තිබුනත් ගමේ ඉදලා කොළබ එන බස් එකේ ගව්වක් දුර යන්න හිතාගේන මම හෝල්ට් එකේ ඉන්නවා මම මෙ බස් එක දැක්කහම අපේ ගම සිහිවෙනවා . එදා මම දුව පැන ඇවිදපු පාර සිපගෙන දිය කඩිති උඩින් පැනලා අපේ ගමේ නෑදෑයන්ගේ යාලුවන්ගේ වගේම ගහ කොළ වලින් සුවද විදගෙනයි බස් එක කොළබ එන්නේ.
හිත්පිත් නැති යකඩ ගොඩාක් උනාට මෙයා කොච්චර වාසනාවන්තද? මටත් මෙයා වගේම හැමදාම ගෙදර යන්න තියේනවානම් කොච්චර හොදද? එත් අපට කොහින්ද අපට එහෙම නිදහසක් අපි දවසින්
දවසම ගෙදරින් ඈත් වෙනවා. නෑදෑයන්ගෙන් ඈත් වෙනවා අන්තිමට ජීවිතයට අපි එකතු කර ගන්නේ මොනවාද ? රස්සාවක් කරන්න කියලා කොළබ ඇවිත් ගත කරන ජීවිතය ආයේ කවදාවත් සම්පුර්ණ වෙන එකක් නැද්ද කියලත් හිතෙනවා .
මාත් සමග කොළබ ජීවිතය ගත කරන බොහෝ සහෝදරනුත් මෙ වගේ ගෙදර යන්නේ අවාරෙට පොල් වැටෙන්නා සේය ඔබ නොදන්නවා වූවාට ඔවුනුත් ගෙදර යන්න ආශාවෙන් පෙළෙන්නන් වේ . 

මෙ සේයාරුව නම් මගේ නෙමේ Google අයියාගෙන් ඉල්ල ගත්තේ