අම්මාගේ යෝජනාව පිළිබඳව මම මගේ ඇඳමතට වී පැයක් පමන කල්පනා කෙරුවෙමි. අම්මාගේ එම අදහස නිසා මට මේ දැනෙනෙ වේදනාව තරමක් අඩු කර ගැනීමට හැකියැයි විටක හිතුනද, එයද එතරම්ම දෙයක් නොවේවියැයි මට විටක සිතුනේ නැවත මිතුරන් ඇති කරගැනීමට නැවත ලෙන්ගතු හිතකට ආලකම් පෑමට මම අකමැති වූ නිසාය. නැතිනම් මට ඒ පිළිබඳව ප්‍රියක් නොතිබූ නිසාය.
"එහෙම හිතල හරියන්නෙ නැහැ දිනුක. මේ ඔයාගෙ ජීවිතේ අවසානෙ නෙමේ. ඔයා ඉදිරියට යන්න ඕන. නැතිනම් ඒක ඔයා ඔයාගෙ යාළුවො දෙන්නටත් කරන මදි පුන්චිකමක් වෙනවා නේද"
"අනේ මන්දා සර්.. මට තේරෙන්නෙ නැහැ මොනව කරන්නද කියලා. සම්පූර්ණ මගෙ ජීවිත කතාව නැවතිලා තියෙන්නෙ"
"මට ඔයාව නොතේරෙනව නෙමේ දිනුක. මම දන්නවා ඔයාට ආයෙමෙත් මෙතන්ට ඇවිල්ල වෙනද වගේ වැඩ කරන්න බැහැ. ඔයාගෙ අහිමි වීම ගැනැ මට නොතේරෙනව නෙමේ. මම මේ ඔයාට තේරුම් කරන්න හදන්නෙ, ඔයා ඉදිරියට යන්න ඕන කියන එක. මොකද ඔයා ටැලන්ටඩ් කොල්ලෙක්."
"හම්ම්ම්"