Friday, August 28, 2015

හිතුවක්කාර ආදරය - 19 කොටස


කිසිවක් කියාගත නොහැකිව මම නිසොල්ව සිටියෙමි. පරිඝනක තිරයෙන් මගේ ඇස් ඉවතට නොගිය තරම්ය. මම මේ දකිනා දේ විස්වාස නොකෙරු අතරම මගේ මිතුරෙකු වූ ලක්ෂිතගෙන් කන හරහා ලැබුනු ඒ ආදරබර පහරත් සමගම මම නැවත සිහියට පැමිනියෙමි.

"යාළුවා, ඉමාෂා ආයෙ එන්නෙ නැහැ කියල අපි දෙන්නම දන්නවා. ඔයාව පාලනය කරගන්න. අපි බලමු මේ කව්ද කියලා"
"කව්ද බන් මේ ඉමාෂා කියන්නෙ. සොරි මචන් මම උඹට හැහුවට. මොකක්ද බන් මේ ඉමාෂගෙ කතාව."
"ඒක දිග කතාවක් ලක්ෂිත."
"යාළුවා ඔන්න ෆුල් ස්ක්‍රීන් දැම්මා. හොඳටම බලන්නකො මේ එයාමද කියලා"

අමිල එසේ පවසනවාත් සමගම මම මා ගැනම පසුතැවුනේ ඒ ඉමාෂා නොවන බව මා තේරුම්ගත් නිසාවෙනි. ලැබ් එකෙහි ඇති කැමරාවෙන් ඇයව හරි ආකාරව නොපෙනුනත් ඉමාෂාට සමාන රුවක් ඇය සතුවිය. මදක් වෙලා මා නිහඬව පරිඝනක තිරය මත බලා සිටියේ ඒ වැලලී තිබු අතීතයට නැවත පණක් ලැබීම නිසාය. මා දුටු ඒ රුව නිසා මට ඉමාෂාව සිහිවන්නට විය. අපගේ සොඳුරු මතකයන් එකිනෙක පිළිවෙලකට ට් නැගුනේ නෙතු අග කඳුලින් බරකර උවත් මා එම කඳුළු සැඟවූයේ නැවතත් ලක්ෂිතගෙන් පාරක් කෑමට අකමැති වූ නිසාය. නමුත් ඉමාෂාව ජීවමානව දැකගත හැකි එකම රුව ඇය බව මම සිතුවෙමි. මක්නිසාදයත් ඇයව දුටු තප්පරයේදීම මගේ මතකයට ඉමාෂා පැමිනි නිසාවෙනි. එම නිසා ඇය හා කතාකිරීමට ආසාවක් මා හිත තුල ඉපදුනේ මටහ් හොරාවටය.