"ඔහොම ඉන්න එපා පොඩි මහත්තයා.. මටත් දුකයි. අනික ඒ ළමය යන්නම ගියා නෙමේනෙ."
"කොහොමද මොහොමඩ් මම මොකුත් නොවුන ගානට ඉන්නෙ. හම්ම්ම්. මම ප්ලෑන්ස් ගොඩක් හිතේ තියාගෙන ආවෙ ලංකාවට. ඒත් .."
"ඒ ගෑණු ළමය ටික කාලයක් ඉල්ලුවෙ. ඉතින් පොඩි මහත්තය ඒක එයාට දෙන්න. මොකද පොඩි මහත්තය ඒ ගෑණු ළමයගෙන් ගිය දා ඔයිට වඩා ඒ ළමය විඳින්න ඇති. අඬන්න ඇති."
"හම්ම්.. මොහොමඩ් හරි. මේ දේ මට ලැබෙන්න තිබුන දෙයක්. කාලයට බාර දීල බලාගෙන ඉන්න තියෙන්නෙ"
"ඒක තමා පොඩි මහත්තයා.. මේ ආව නිවාඩුව යාළුවො එක්ක ටිකක් විනෝදෙන් ඉන්න. අනික පොඩි මහත්තයම් නේද මට කිව්වෙ, ඒ ගෑණු ළමයට යන්න දෙන්න පුලුවන් තරමට ආදරේ කරනවා කියලා."
මොහොමඩ් සමග කල කතා බහින් තරමක් හිත සැහැල්ලු උවද මගේ දෙනෙත් තුල කඳුළු රැඳී තිබුනේ ඇගේ මතකයන් විටෙන් විට මසිත පෑරූ නිසාය. ඇය එවැනි තීරනයකට එළෑඹෙතැයි මම එක තප්පරයකටවත් නොසිතූවද ඇය ගත් එම තීරනයට මා හට බලපෑමක් කල නොහැක්කේ ඇයට එවැනි තීරනයකට යාමට අයිතියක් තිබූ නිසාය. මක්නිසාදයත් මා මෙලෙස අද දින ඇය වෙනුවෙන් දුක් වෙනවා සේම ඇය වෙනුවෙන් ඇගේ ආදරය වෙනුවෙන් මෙලෙස යදිනවා සේම පෙර දිනයක ඈ මා ඉදිරියේ ආදරයේ යාචකයෙකු වූ නිසාවෙනි.
වෙනදා මෙන් නොව මාගේ දුරකථ ඇමතුම් වලටද ඇය පිළිතුරු දුන්නේ ඉතා කලාතුරකින්වූ අතර ඇය පිළිතුරු දුන් එම ඇමතුම කීපයද වචන කීපයකට සීමා වූයේ අප දෙදෙනා අතර ඇති පරතරය තව තවත් වැඩිකරමින්ය. අපට අයිති නැති අපේම අතීතයකට, ආදරයකට මං සලකුණු විවර කරමින්ය. ඇය නැවතත් මගේම වී මගේ ලඟම සිටිවියැයි මා හට බලාපොරොත්තුක් තිබුනද එම බලාපොරොත්තුවට මා ජීවයක් නොදුන්නේ, මිනිස් සිත් මුලා කරන සතුටු කරන හා සනසන වචනයක් වූ බලාපොරොත්තුව කියනා දේට මා අකමැති වූ නිසාවෙනි. එනමුත් මා හට ඉතිරිව ඇති එකම දෙය එය වූ නිසා ඇගේ මතකයන්ගෙන්ම පමනක් මා දවසක් දෙකක් මගේ නිවසේ කාලය ගත කලේ අම්මා ඇතුලු අනෙක් සියලු දෙනාටම ප්රස්න රැසක් ඔවුන්ගේ මනසතුල ඉතිරි කරමින්ය. එමන්ම ඇගේ මේ වෙන්වීම මට දරාගත නොහැකි වීම මට මාවම පුදුමයට පත් කරන්නා වූ දෙයක් උවද ඇය නැති පාළුව හා ඇය මා හට නැතිවී ඇතැයි යන හැඟීමක් එන හැම මොහොතකම එම වේදනාකාරී වූ හැඟීම් පෑන් තුඩකින් පිට කලේ එය මා හට තාවකලික හෝ සැනසීමක් ගෙනදුන් නිසාය.
"මොකද අවුල පුතා. මම මේ දවස් දෙකක ඉඳන් බලාගෙන හිටියෙ. කන්නෙත් නැහැ හරියට, බොන්නෙත් නැහැ"
"මොකුත් නැහැ අම්මා. ටිකක් තනි වෙලා ඉන්න හිතුනා"
"හම්ම්ම්.. පියුමි දුවගෙ මොකක් හරි ප්රස්නයක් නේද"
"හම්ම්ම්.. "
"මට හිතුනා. ඕව ගැන හිතන්න එපා ළමයො. ඒ ළමයට ඇත්තටම ඔයාව ඕනෙ නම් ඔයාගෙ ගාවට ඒවි. මම කිව්වනෙ ඔය ඉස්කෝලෙ යන ගැහැණු ළමයිව විස්වාස කරන්න එපා කියලා."
"පියුමි එහෙම නැහැ අම්මෙ. හරි වෙනස් කෙල්ලෙක්. එයාව දාල ගිය එක මම කරපු ලොකු වැරැද්දක්"
"ඕව හිතන්න එපා. මේ නිවාඩු ඉන්න ටිකේ යාළුවො එක්ක ටිකක් විනෝද වෙලා ඉන්න. මයෙ පුතාව මට නැති කරගන්න බැහැ. ඉවසල ඉන්න පුතේ. හැමදේම හොඳින් සිද්ද වේවි"
අම්මා පැවසූ පරිදි සියලු දේම හොඳින් සිදුවෙනවානම් මමද කැමැත්තෙන් සිටියේ එවිට පියුමි මගේ ළඟ රැඳෙන නිසාය. නමුත් එය අම්මා පවසන අයුරින්ම ඉතා ලෙහෙසියෙන් සිදු නොවනා බව මම හොඳාකාරව දැන සිටියෙමි. මගේ නොවුනට ඉන්නා තැනක හොඳින් ඉන්න යැයි ඇයට සිතින් ආශිර්වාද කල මා සුපුරුදු ලෙස මගේ ස්කූටියට ගොඩවූයේ පරණ මිතුරන් පිරිස සමග සැඳෑ යාමය ගත කිරීම සඳහාය. මා සිතුවා සේම ඔවුන්ව එකතුකර ගැනීමට මට අපහසුවක් නොවූයේ ඔවුන් උපාදියේ අවසාන අදියර හදාරමින් සිටි නිසාය.
"පිස්සු හැදෙයි මචන්.. මම හිතුවෙ නැහැ කවදාවත් මේ රෙස්ටුරන්ට් එකේ අපි ආයෙමත් එකට ඉඳගනීවි කියල. අනික මේව උඹ නැතිව පාලුවෙන් තිබුනෙ දිනුක"
"එහෙම කියන්න එපා ඩිලා. හැමදාම මම ඔයාල එක්ක ඉන්නවා.. ඒක නෙමේ කොහොමද ලයිෆ් එක උඹලගෙ. කෝ රොෂෙන්"
"මිනිහා මේ ටිකේ ටිකක් බිසී යාළුවා. අපේ පන්තියේ ඉන්න අක්කල සේරම එකිනෙකාට හොරෙන් රොෂෙනට ලව්. ඒත් අපි දන්නවා"
"නෑ.. ඉතින්.. රොෂෙනත් ඉන්නෙ හරියට දහයට ගනින්න බැහැ වගේනෙ."
"ඒක තමා දිනුක. අමිල කිව්ව කතාව සහතික ඇත්ත. රොෂෙන් හිතාගෙන ඉන්නෙ අපි දන්නෙ නැහැ කියලා"
"ඒ උනාට අපි දන්නවා.. දන්නවනෙ අපේ ගයියගෙ වැඩ. ඇන්ටනාව දාල ගානට චැනල් ටියුන් කරල තියෙන්නෙ. හරි හරි ඕවලින් වැඩක් නැහැ.දිනුක කියන්නකො ඉතින් එහෙ විස්තර ටිකක්. ජොබ් එක එහෙම කොහොමද, එතකොට අරාබි කෙල්ලො එහෙම .."
මිතුරන් සමහ කාලය ගත කලද මාගේ හිත තරමක නොසන්සුන්ව තිබූ නිසාදෝ මා හට හිස් බවක් දැනෙන්නට විය. වෙනදා මෙන් නොව ඩිල්ෂාන් සමග තරඟෙට බීර බෝතල් හිස් කිරීමද මා අද ප්‍රතික්ෂේප කලේ ඒ නිසා විය යුතුය. මාගේ වෙනස ඔවුනට තේරූ නිසාදෝ නැවතත් මා හට තරමක අමාරු වූ ප්‍රස්න කීපයකට පිළිතුරු සැපයීමට සිදුවිය. ඔවුන් ඇසූ සෑම ප්‍රස්නයකටම අවන්කෑඅම පිළිතුරු ලබා දුන්නේ මා හට ඔවුනට සැඟවීමට තරම් දෙයක් නොතිබූ නිසාය.
කාලය හෙමිහිට ගෙවී ගියේ මාගේ නිවාඩු කාලය අවසාන බව මා හට අඟවමින්ය. මාගේ හිතේ ඉටුකර ගැනීමට නොහැකි වූ සිහින රැසක් ඉතිරිව තිබුනද ආපසු යාමට මට කාලය එළඹ තිබුනි. ජීවිතයේ ලස්සන හීනයක් හා තවත් එක බලාපොරොත්තුවකින් මා පැමිනි මේ ගමන හිස් අතිනම් ආපසු යාමට මා හට සිදු උවද හිත හදා ගන්නවා ඇරෙන්න මට කිරීමට දෙයක් නොතිබුනේ ඇගේ ආදරය බලහත්කාරයෙන් ලබා ගැනීමට මා අකමැති වූ නිසාවෙනි. එමෙන්ම මේ වේදනාව මා හට ලැබීමට තිබූ දෙයක් බව මම විෂ්වාස කලෙමි.
"සේරම ලෑස්තිද පුතේ.. කෑම මොනව හරි හදල දෙන්නද ගෙනියන්න"
"ඕන නැහැ අම්මෙ. ලෑස්ති කරන්ව කියල මේ ඇඳුම් ටික විතරනෙ තියෙන්නෙ"
"ඔයා හොඳින් නේද"
"ඔව් අම්මෙ මම හොඳින්. ඇයි එහෙම ඇහුවෙ"
"මට මේ කොල වගයක් හම්බුනා ඊයෙ ඔයාගෙ කාමරේ අස් කරනකොට. පියුමි ගැන ගොඩක් දේ ලියල තිබුනා ඒ කොලවල."
"ඒ.. මේ.. ඒ .. හම්ම්ම්ම්"
"අමතක කරන්න උත්සහ කරන්න පුතේ. යනතැන රස්සාව හරියට කරල දියුණු වෙලා එන්න. ඒ ළමයට පෙන්නන්න ඔයාව දාල හියාට ඔයා සැලුනෙ නැහැ කියලා."
"පියුමිව අමතක කරන එක ලේසි වෙන එකක් නැහැ අම්මෙ. ඒත් මම උත්සහ කරන්නම් මගේ උපරිමයෙන්ම"
මා එසේ පවසනවාත් සමගම අම්මා හා මා අතර තප්පර කීපයක නිහඬතාවයක් ඇති වූයේ අප දෙදෙනාගේ දෙනෙත් එකිනෙකට මුනගස්වමින්ය. මම මගේම සිත රවටමින් මා කියූ දේ බොරුවක් බව අම්මා දැන සිටි බව මම ඇගේ සුසුම් තුලින් තේරුම් ගත්තෙමි. එමෙන්ම කඳුලු පිරිනු මගේ දෑස් දෙස මොහොතක් බලා සිටි අප අම්මා මා සිටිනා තැනින් නොපෙනී ගියේ නිහඬවම වූ අතර ඇය අතැති වූ පොඩිවුණු කඩදාසියක් මගේ මේසය මත තබමින්ය. එය මට අයිති දෙයක් බව අඳුනාගැනීමට මට එතරම්ම වෙලාවක් ගත නොවූයේ පසුගිය දින කීපයන්හි මගේ හිතට දැනුන වේදනාව මා පෑන් තුඩකින් හැඩ දැමූ කීපයකින් එකක් වූ නිසාය.
"හිතට දැනුන හැම හැඟුමන් කීවේ
නුඹටම නේදෝ මා රහසින් ..
හදවත සරසා දඟකාරියෙ නුඹ
අහගෙන උන්නා සිනාසෙමින් ..
මේ දිවි ගමනට නුඹගේ සෙනෙහස
මල් වැස්සක් වී නොසැලුනොතින් ..
තනිකම පාළුව නුඹගේ මතකය
මේ මගෙ දිවියෙන් නොමැකුනොතින් ..
ඔබ ලබනට මා කල පිං
නොසෑහුනොත් මතුයම් හෙයකින්..
දෙනෙත් පියාගමි යලි නාරින්නට
මතු බවයක හෝ නුඹ පතමින් .."
තප්පර කීපයක නිහැඬියාවකින් අනතුරුව මා ඇතැති වූ එම කොල කැබැල්ල ගුලිකර කාමරය තුල වූ කුණු කූඩයට විසි කලේ එය නැවතත් මා සිතුවිලි පෑරූ නිසාය. මගේම නොවූ මගේම සිහිනයක අතරමන් වෙමින් කල්පන්න ලොවක අතරමන් වූයේ අම්මා සාදා දුන් තේ කෝප්පය තොලගාන අතරවාරයේය. කොතරම්ම මා කල්පනා ලොවක සිටියාද කියනවනම් අමිල අප නිවසට පැමිනෙනවාද මම නොදැන සිටියෙමි. මාගේ එම හැසිරීමට අමිලගෙන් සමාව අයැදීමෙන් අනතුරුව අප දෙදෙනාම සොහොන් පිටියට ගියේ මගේ අතීත මිතුරන් දෙදෙනාව බැලීමටය. පසුගිය මාස කීපය තුල මා නොසිටියද මගේ මිතුරා වූ අමිල විසින් එම ස්ථානය සුද්දපවිත්‍ර කර මල් තබා ඉටිපන්දම් දල්වා තිබුනි. මගේ මුලු හදවතින්ම මම නැවතත් අමිලට ස්තූති කලේ අප ගෙනා ඉටිපන්දම් දල්වන අතර වාරයේදීය. වෙනදාමෙන් නොව අද දිනයේ අප දෙදෙනාටම එම ස්තානයෙන් ඉතා ඉක්මනින් ඉවත්ව යාමට සිදු වූයේ නොසීතූ මොහොතක මා හට පියුමිගෙන් ලැබූ දුරකථන ඇමතුම නිසාය. මට එය අදහාගත් නොහැකි උවද ඇයව හමු වීමට ඉතා ඉක්මනඉනම අපගේ මතකන්ගෙන් පිරි ස්ථානයක් වූ වෙරළ තීරයට පැමිනෙනෙ ලෙස ඇය පවසා සිටි අතර මගේ මිතුරා වූ අමිල මා එම ස්ථානයට දමා ඔහු වෙන්වී ගියේ මට ගෙනයාමට අවෂය්‍යව තිබූ භාන්ඩ කීපයක් මිලදී ගැනීමටත් හා අප දෙදෙනාට නිදහසේ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව උදාකරදීමටත්ය.
"ඔයා මම එක්ක තරහ නැහැ නේද දිනුක අයියා"
"අනේ මම කොහොමද ඔයා එක්ක තරහ වෙන්නෙ. අනික මම ඇයි එහෙම කරන්නෙ.ඔයා වැරැද්දක් කලේ නැහැනෙ මට"
"මම කිව්ව ඒවටත් මම එක්ක තරහ නැනැ නේද. පොඩ්ඩක්වත්. මට ආදරේ අඩුවෙලත් නෑනෙ චුට්ටක්වත්"
"නැහැ .."
මා හට වැඩි යමක් පැවසීමට නොහැකි වූයේ නොසිතූ මොහොතක ඇය මා තුරුළුකරගත් නිසාය. කඳුලු පිරුනු දෙනතකින් යුතුව ඈ සියුමව මා දෙතොල් සිප ගත්තේ අපගේ ආදර කතාවට නව ජීවයක් එක් කරමින්ය. මගේ නොවූ මගේ සිහිනයට මගේම වන්නට බලාපොරොත්තුවක් දල්වාලමින්ය.
"මට සමාවෙන්න දිනුක අයියා. මම ඔයාට ආදරෙයි. මට බැහැ ඔයා නැතිව ඉන්න."
"එහෙනම් ඇයි එදා කිව්වෙ අපි ටිකකට් වෙන් වෙලා ඉමු කියලා"
"අනේ මම එහෙම කිව්ව තමා දිනුක අයියා. ඇත්තටම මම දන්නෙ නැහැ මම එහෙම කිව්වෙ ඇයි කියලා. ඒත් මම මාර විදිහකට දුක් වින්දෙ මේ දවස් වල. අනික ඔයා හෙට අයෙමත් යනව කියල මට මතක් වෙනකොට මම ඒ ඔයාගෙන් හන්ගපු අදරේ මට හන්ගගෙන ඉන්න බැරි උනා. අනේ මෙ කෙල්ලට වෛරකරන්න එපා"
"ම්ම්ම්.. මම හෙට යනව කියල කොහොමද දන්නෙ"
"මම දන්නවා. ඔයාට තවමත් මම ආදරෙයි. ඔයාව මට දැනෙනවා තවමත්, හැඟෙනවා තවමත්. අනේ යන්න එපා. මාවදාල යන්න එපා. ඉන්න මගේ ළඟට වෙලා. නැතිනම් මාවත් එක්කන් යන්න ඔයා ඉන්න තැනට"
"අනේ පියුමි ඔහොම කතාකරන්න එපා. මගේ මේ හිත වාවන්නෙ නැහැ"
ඇය නැවතත් මා වෙතට තුරුලුවෙමින් ඇගෙන් සිදුවූ වරදට සමාව අයැද සිටි අතර කීමට බොහෝ දේ තිබුනද ඇගෙන් ඇසීමට බොහෝ දේ තිබුනද එම කිසිවක් මගේ මනස තුලට නොපැමිනීම නිසා මමද නිහඬව සිටියෙමි. නිහඬව ඇගේ ස්පර්ෂය වින්දෙමි. එමෙන්ම මා නැවත පැමිනියේ ඇයව මා හා රැගෙන යාමට බව ඇයට පවනවාද නැද්ද යන චකිතයක් හදිසියේම මසිත තුළ දෝලනය වුවත් මා නැවත නොයා සිටීමට ක්ෂනික තීරනයක් ගනුලැබුවේ නැවත ඇයව මා අහිමිකර ගැනීමට අකමැති වූ නිසාය.
"දිනුක අයියා.. හෙට ඔයා යන්න. කමක් නැහැ, මම ඔයා එනකම් ඉන්නම් මේ හිත තියාගෙන."
"කමක් නැහැ පියුමි. ආයෙ යන්න ඕන නැහැ මට. ආයෙමත් බැහැ ඔයාව නැතිකරගන්න මට. අනික එක පාරක් විඳෙව්වා මන්. ඒ නිසා .."
"අහන්නකො දිනුක අයියා.. ඔයා ගිහින් එන්න. ඔයා එනකොට මගෙ එක්සෑම් ඉවරයිනෙ. ඊට පස්සෙ මාව එක්කගෙන යන්න. ඔයාගෙ ගාවින්ම තුරුල් කරගෙනම තියාගන්න මාව"
පියුමිගේ මෙම හැසීරීම මා හට අගන්තුක උවත් මා පැතූ ආදරේ මෙන්ම මා අදරය කල ඒ පුංච් දඟකාරිය නැවත මා ළඟට පැමිනීම මගේ සිතට ගෙන ආවේ පුදුමාකාර සහනයකි. එය මා හට වචනයකින් විස්තරකල නොහැකි දෙයක් වූයේ මාගේ මුළු ජීවිතයම එම හැඟීම් තුල තිබූ නිසා විය යුතුය. කරුනු කාරනා මෙසේ සිදුවෙද්දී මටත් වඩා සතුටින් සිටියේ මගේ අම්මා හා මගේ මිතුරා වූ අමිලය. මක් නිසාද යත් නැවත මගේ සුපුරුදු සිනහව ඔවුනට දැක ගැනීමට ලැබීම හා මම නැවතත් සුපුරුදු ජීවන රටාවට පැමිනි නිසාවෙනි. එමෙන්ම මා හටද පෙවුනු මාස කීපයටම වඩා දැනුනේ පුදුමාකාර සැහැල්ලුවක් වූවත් නැවටහ් ඇගෙන් වෙන්වී දුර රටකට යාම මගේ සිත අනුමත නොකලේය. නමුත් ඇගේ ඉල්ලීම නිසා හා මගේ අනාගත සැලසුම් නිසා මා නැවතත් පැමිනියේ බලාපොරොත්තු හා සිහින රාෂියක් පොදි බැඳගෙනය.
"කොල්ල හියාට වඩා සතුටින්නෙ. මේ වගේ හිනාවක් මෙහෙ හිටිය මාස ගානටම මම දැක්කෙ නැහැ ඔය මුහුනෙ"
"අසිස් දන්නවනෙ ඉතින් විස්තරේ."
"මම විහිළුවක් කලේ දිනුක. මම කිව්වෙ හැමදේම හොඳින් වෙයි කියලා. ඒ ළමය කැමති උනාද එන්න"
"මම ඒ ගැනනම් කිව්වෙ නැහැ අසිසි එයාට. එයාම කිව්වා එයාගෙ විභහගෙ ඉවර උනාම එයාව එක්කන් යන්න කියලා"
"හම්ම්ම් ඒක හොඳයි. ඔයා බය වෙන්න එපා දිනුක, මම සේරම ලෑස්ති කරන්නම්. දැන්වත් ඔය බීම ටිකක් අඩු කරල අලුතින් ජීවිතය පටන් ගන්න බලන්න. තාම පරක්කු නැහැ"
"හම්ම්ම් .. ඒක නෙමේ අසිස් අර ඔයාගෙ යාළුවගෙ වැඩක් තියනවා කිව්වා නේද"
"ඒක ටිකක් කල් දැම්මා දිනුක. පකිස්තාන් කාරයෙක් එක්ක තමා ගනුදෙනුව කරන්න තියෙන්නෙ. ඒත් මිනිහව මට ෂුවර් නැහැ. ඒ නිසා වැඩේ ටිකක් කල් දාල තියෙන්නෙ. අනික ඔයා මෙවට පැටලෙන්න එපා දිනුක. දැන් ඇති. සීමාවක් තියෙන්නත් ඕනනෙ. ඔයා දැන් ඔයාගෙ ලයිෆ් එක හදාගන්න බලන්න"
"ඒක ඇත්තනම් තමා. ඒත් එහෙම කියල මට ඔයාව හලන්න බැහැ අසීස්. ඕනම උදව්වක් තියනවනම් කියන්න හරි."
"බලමුකො .. බලමුකො .."
පළමු වතාවට නිදහස් මනසකින් හා නිදහස් සිතුවලි වලින් යුතුව මම මාගේ කාර්යාලයේ වැඩ කෙරුවෙමි. මගේ සිතෙහි තිබූ නිදහස් බව නිසාදෝ වෙනදා මෙන් කාර්යාලීය රාජකාරියන්ගේ තෙහෙට්ටු බවක් මට නොදැනුනි. එමෙන්ම සුරාවෙන් සැලකියයුතු දුරකට ඈත් වීමටද මට හැකිවිය. වෙනදා සතියේ දවස් හතම පැනරෝමාවෙහි ගතකල මම එය මාසයකට එක දවසකට දෙකකට සීමාකෙරුවෙමි. මාගේ මේ වෙනස්වීම මාගේ කාර්යාලයේ මිතුරන්ට හා අසීස්ටද අදහා ගත නොහැකි උවත් ඔවුන් සියලුදෙනාම මගේ එම වෙනසට ආදරය කලේ එම වෙනස තුල මම, මා ලෙසින්ම ජීවත් වූ නිසාය.
මස තුනක හතරක පමන කාලයක් ඉතා ඉක්මනින්ම ගෙවී ගියේ මටද හොරාවටමය. පියුමි මගේ ජීවිතය කොතරම්නම් දුරකට වෙනස්කලාදැයි මම අනන්තවාරයක් කල්පනා කලේ මීට මාස කිපයකට කලින් සිටිය මම හා දැන් සිටිනා මම අතර තිබූ වෙනස සසඳා බැලූ නිසාය. එමෙන්ම කොතරම් වැඩ රාජකාරීන් තිබුනද මම ගෙවුනු හැම දවසකදීම පියුමිට කතා කිරීමට අමතක නොකෙරුවේ ඒ නිසාවෙනි. ගෙවෙනා මේ ජීවිතය කොතරම් සුන්දරදැයි සිතූවද පියුමි ලඟ නැතිබව දැනෙනා විට, ඇගේ අතින් අල්ලන් එහේ මෙහේ ඇවිදීමට නොහැකි බව දැනෙනා විට, එමෙන්ම ඇගේ දෙතොල් සිප ගැනිමට නොහැකි නිසා වරින් වර මගේ සිතට වේදනාකාරි සිතුවිලි පහල උවද මා ඒ සියලුම දේ සඟවාගෙන සිටියේ ඇගේ ආදරේ මගේ ළඟ තිබූ නිසාය. ඇගේ සුවඳ මගේ ලඟ රැඳී තුබූ නිසාය.
"දිනුක අයියා.. ඔයා කොහෙද ඉන්නෙ"
"අනේ පියුමි මම තාම ඔෆිස් එකේ ඉන්නෙ. අද ටිකක් රෑ වෙයි වගේ ගෙදර යනකොට. ඉන්න මම ඔයාට කෝල් එකක් ගන්නම්"
"නෑ නෑ.. ඕනි නැහැ. දිනුක අයියා .. මේ ..."
"මොකද පියුමි. මොකද අවුල. ඔයා හොඳින් නේද"
"මම කෙලින්ම කියන්නම්කො. අපි මේ සම්බන්දය නතර කරමු. මොකද මට මේක කරගෙන යන්න බැහැ. අනික මට ඕනත් නැහැ"
"පියුමි.. ඔයා මේ මොනවද කියවන්නෙ. ඇයි මේ.."
"සමාවෙන්න මට බලාපොරොත්තු දුන්නට. අනික මම හිතාගෙන හිටියෙ ඔයා මට ආදරේ කරන්නෙ ටයිම් පාස් කරන්න කියල. අනික ඔයාට මට වඩා හොඳ කෙල්ලෙක් ලැබෙයි ආදරේ කරන්න. මාව අමතක කරල දාන්න."
"ඔයා මොනවද මේ කියවන්නෙ පියුමි. ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ පියුමි"
"එක පාරක් මාව එප කියල ගියානෙ. අනික මම වෙන කෙනෙකුට ආදරේ කරනවා."
"එතකොට ඔයා මේ කරපු හැමදේම බොරුවක්ද"
"ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න දිනුක අයියා. ආයෙ මට කෝල් කරන්න ට්‍රයි කරන්න එපා. හොඳින් ඉන්න ඔයා"
නොසිතූලෙස ඇගේ දුරකථනය විසන්ධි විය. මා අසල තිබූ පුටුවක මා ඉබේම ඉඳගත්තේ මගේ දෙපයට පණ නොමැති බවක් දැනුනු නිසාය. එමෙන්ම මගේ හිතට දැනුනු වෙදනාව මදකට හිර කරගෙන මා එම පුටුවේම වාඩි වී විනාඩි කීපයක් නිහඬව සිටියේ මගේ කාර්යාලයේ මිතුරන්වද පුදුමයකට පත්කරමිනි. 'මම් හිතුවෙ ඔයා මට ආදරේ කලේ ටයිම් පාස් කරන්න කියලා' 'මම වෙන කෙනෙකුට ආදරේ කරනවා' 'ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න' යන වදන් කීපය මගේ මනසේ දෝන්කාර දෙන්නට විය. මොහොතකට ගල්පිලිමයක් බඳු වූ මගේ සිරුර ගිනිගන්නා ගැඟීමක් මට දැනුනු අතර මෙතෙක් වෙලා මා දරාගෙන සිටි ඒ වේදනාව දෙනෙතේ කඳුළුවලින් පිටව ගියේ මගේ කාර්යාලයද මොහොතකට නිහඬකරමින්ය.
හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
No comments:
Post a Comment