Tuesday, October 8, 2013

Joomla 1.5 සිංහලෙන් ඉගෙන ගමු පාඩම 03

ටිකක් වැඩ වැඩි නිසා ටිකක් කාලෙකට පස්සෙ තමයි මේ ලියන්න ගත්තෙ වැඩිය කතා නැතිව බලමු අද පාඩම මොකක්ද කියලා.මම ආරමභයක් ගන්න ඕන නිසා තමයි joomla basic ටිකක් කලින් post වලින් කතා කලේ, එත් අද ටිකක් වැදගත් වෙන දෙයක් ගැන තමයි කියන්න යන්නෙ මම හිතන්නෙ jooml වල Article එකක් දාගන්න Menu ටික Manage කරගන්න ලේසියෙන් කර ගන්න පුලුවන් කියලා ඒ ගැන විස්තර මොනවහරි දැනගන්න ඕන නම් comment එකක් දාන්න.මෙතනත් බලන්න. joomla වල තියන වැදගත්ම දෙයක් තමයි මේ Extensibility එක.ඒ කියන්නෙ අපිට අවශ්‍ය පරිදි අපේ site එක වර්ධනය කර ගන්න නොයෙකුත් Extension (Modules,plugins)භාවිතා කීරීමට හැකි වීමයි.

ඔයාල joomla extension directory එකට ගිහින් බැලුවොත් දහස් ගාණක් free extension අපිට දැක ගන්න පුලුවන්.ඉතින් මේ ඕනම එකක් අපේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට තෝරගෙන නොමිලේම අපිට බාගත කරගන්න පුලුවන්. ඉතින් මේ අතරින් අද මම කතා කරන්න යන්නෙ Community Builder extension එක ගැන.අපේ එක Social site එකක් කර ගන්න නම්,Face Book වගේ site members ලට තමන්ගේ profile එකක් maintain කරමින් අනෙක් Membersලත් එක්ක සම්බන්ධ කරන්න ඕන නම් මෙන්න extension එක.මේකෙන් කරන්න පුලුවන් ප්‍රධාන දේවල් කීපයක් මම කෙටියෙන් කියන්නම්.