මා ඉදිරියේ සිටිනා වූ පිරිස මා අඳුනන්නේ නැති උවද ඔවුන්ගෙන් මාහට කරදරයක් නොවන බව මා සිතූ නිසා ඔවුන් අසලට ගියේ හිසට දැන්නෙන්නා වූ දැඩි වේදනාවත් සමගමය. ඔවුන් මා අසලට පැමින මොනමොනවදෝ මිමිනුවද මා හට ඒ කිසි දෙයන් නොතේරූ තරම්ය. නමුත් ඔවුන්ගේ තිබූ ශාන්ත ගමන හා ආදරණීය වචන මගේ සිතට එකතු කලේ පුදුමාකාර සහනයකි. මා සිටිනා අවස්තාව අනුව මට එය මහමෙරක් වූ අතර ඔවුන් හා මා වචන කීපයක් කතා කිරීමට උත්ස දැරූවද එම උත්සහයද අසාර්ථක වූයේ එක වරම වටපිටාව අඳුරු වී ගොස් මගේ ඇඟට පන නැති ගතියක් දැනුන නිසාය.
"මේ ඇත්තාට දැන් කොහොමද පොඩි හාමුදුරුවනේ"
"අපි හිතුවට වඩා හොඳයි නායක හාමුදුරුවනේ. ඒත් මම දුන්න සින්හල බේත් ටිකක් සැර වැඩිද කොහෙද"
"ඒ මොකද?, පොඩි නම ඇයි එහෙම කියන්නෙ"
"මෙයාගෙ ඇඟට පණ නැහැ. අද දවල් මෙයා අඩියක් දෙකක් ඇවිදල යන්න උත්සහ කලා. ඒත් ඇදගෙන වැටුනා. දැන් ආයෙමත් සිහිය නැහැ"
"සේරම හොඳින් සිද්දවෙයි පොඩි නම. සෝමිර පොඩි නමත් මේ වෙලාවෙ හිටියනම් හොඳයි නේද"
"ඒක නම් ඇත්ත අපෙ හාමුදුරුවනේ. ඒත් සෝමිර පොඩි නම එන්න තව සති දෙකක්වත් යාවි. ඊයෙ මට ස්කයිප් වලින් කතාකරල දිනුක ගැන විස්තර ඇහුවා. සෝමිර පොඩි නමටත් සතුටුයි දිනුක නැගිට්ටා කිව්වහම"
"හම්ම්ම්.. පොඩි නමට පුලුවන්නෙ මෙ ඇත්තොගැන බලාගන්න"
"ඔව් හාමුදුරුවනේ.. රූපෙත් ඉන්නවනෙ උදව්වට. ඇයි එහෙම ඇහුවෙ නායක හාමුදුරුවනේ"
"නැහැ නැහැ පොඩි නම. එහෙම විෂේස දේකට නෙමේ.. සෝමිර පොඩි නමට කියන්න ඔය එක්සෑම් ටික හොඳට කරගන්න කියලා."
කාලය වේගයෙන් ගෙවී ගියද මාගේ මතකයන් ගොඩාක් දෙනාගේ මතකයන්ගෙන් ඉවත්ව ගියද මොහොමඩ් හා මහේ මිතුරා වූ අමිල මා සෙවීමේ වැඩකටයුතු නවතා තිබුනේ නැත. එමෙන්ම මා ආදරය කල ඒ දඟකාරිය, පියුමි ගේ නිවසට දෙතුම්පාරක්ම පොලීසිය ගොස් තිබුනේ මාගේ මේ පැහැර ගැනීමේ සිද්දියට ඇයගේ කුමක් හෝ සබඳතාවයක් ඇතැයි ඔවුන් සැක කල නිසාය. එමෙන්ම දිගින් දිගටම පොලීසිය පැමිනීම නිසා, මම ඇයට කරදර කලා යැයි ඇය පොලීසියට පවසා තිබුනේ සාලිය අෂෝකමලා හා රෝමියෝ ජුලියට්ගේද හද කම්පා කරමින්ය. ඇයගේ පැමිනිල්ලට අනුව මා ඇගෙන් ආදරය ඉල්ලා කරදර කර ඇත. මා හට ඇය කැමැත්තක් නොතිබූ නිසා මා ඇයට මරණ තර්ජන මෙන්ම අයුතු යෝජනාද එල්ල කර ඇත. ඇයව හමුවීමට අවස්තාවක් මා අයැද සිටි නිසාද ඇයට දුක හිතුන නිසාද මා හට ඇය එන්න කියා තිබුනේ මා හට කරුනු පැහැදිලි කිරීමට දීමට වූ අතර එම එන අවස්තාවේදී මෙම සිද්දිය වී ඇති බවත්, ඇගේ කිසිම සබඳතාවයක් නොමැති බවත් තව දුරටත් ඇගේ පැමිනිල්ලේ සටහන් වී ඇත. මෙය දැන ගැනීමෙන් පසු උරණ වූ මගේ මිතුරා ඇගේ නිවසට යාමට සැරසුනද මොහොමඩ් විසින් ඔහුව නවතා තිබුනේය.
අරමුණක් නොමැතිව කොලුකමෙන් ගලා ගිය මගේ ජීවිතය පලමුවෙන්ම හැඩ ගැන්වූයේ ඉමාෂාය. ඇයව හමුවීමත් සමගම මගේ ජීවන රටාව සියට සීටක් තරමටම වෙනස් උවද ඇගේ වෙන්වයාම හා මගේ මිතුරා වූ බ්‍රයන්ගේ වෙන්වයාම නිසා මා නැවතත් ජීවිතයේ පහලටම ඇද වැටුනේය. යන එනමන් නොදැන සිටි හෙට දවසක් පිළෛබඳව සිහිනයන් නොතිබුනු මා හට නැවත ජීවයක් ලැබුනේ පියුමි නිසාය. මට හමු වූ මිතුරා අමිල නිසාය. බොඳවෙලා ගිය සිහින එකිනෙක නැවත එකතු කර ජීවිතයේ අරමුනු කරා යාමට ඇගෙන් ලැබූ ආදරය හා ඔහුගෙන් ලැබූ මිතුදම මහා රුකුලක් විය. නමුත්, මා එකිනෙක සිහින එකතුකර හැදූ මගේ ජීවිතය හිහියක් නොමැතිව අන්ගවිකලයෙකු සේ නන්නාදුනන තැනක ලෑල්ලක් උඩ මල සිරුරුක් සේ තැබීමට ද ඒ ආදරයට හැකි විය.
"ඇයි නැන්දෙ මට මේ හදිසියේම එන්න කිව්වෙ. කවදාවත් නැතිව අද නැන්දගෙ මූණ එලිය වැටිලා. දිනුක ගැන ආරන්චියක්වත් .."
"අමිල පුතාට දෙයක් කියන්න එන්න කිව්වෙ. ම..ට .."
"අම්ම ඔතනින් වාඩි වෙන්නකො. මම අමිල අයියට විස්තරේ කියන්නම්. "
"මොකද්ද නන්ගි කියන්න හදන්නෙ. ඔයාල මාවත් බය කරනවනෙ."
"නැහැ අමිල අයියෙ මේකයි උනේ, අද මමයි අම්මයි ගියා කඩොල්කැලේ පන්සලට නිමිත්තක් බලන්න අයිය ගැන. එතනින් කිව්වා අයිය තාමත් ඉන්නවා කියලා ජීවත් වෙලා. මොකද්ද බලවේගයක් අයියව රකිනවලු"
"බලවේගයක්.. ඔයා ඕව විස්වාස කරනවද නන්ගි.. හම්ම්ම්ම්.. මට නම් ඔව ගැන එච්චර විෂ්වාස නැහැ. ඒත් මම එක දෙයක් දන්නවා"
"මොකද්ද අමිල අයියෙ"
"මම එදා ඉඳන් කිව්ව වගේ දිනුක ඉන්නවා කොහේ හරි හොඳින්. මිනිහට මොකුත් කරන්න කාටවත් බැහැ. පණ හතක් තියන කොල්ලෙක්. මොකද මම මගේ යාළුවා කව්ද කියන්න හොඳට දන්නවා නන්ගි."
"මගේ හිතත් කියනවා අයිය හොඳින් ඇති කියලා අමිල අයියෙ"
"ඉතින් ඔය, අඬන්න එපා.. මම යාලුවෙක් එක්ක අයියව හෙවීමේ වැඩ පටන් අරගෙන තියෙන්නෙ. මේ වෙනකොට දකුණ, ඌව, බස්නාහිර, සබරගමුව, මද්‍යම පලාත් වල අස්සක් මුල්ලක් නෑරම, ගෙයින් ගෙට ගිහින් අපි දිනුකව හෙව්වා. නෙක්ස්ට් වීක් ඉඳන් පටන් ගන්නවා නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ"
"මම දන්නවා අයියෙ, ඔයාල ගොඩක් වෙහෙසෙනව කියලා. ඒත් ඉතින්"
"බලාපොරොත්තුවක් තියාගන්න නන්ගි. බය වෙන්න එපා දිනුක ඉන්නවා හොඳින්.. මට ඒක දැනෙනවා"
නොයෙකුත් හැල හැප්පීම්, එකිනෙකට නොගැලපෙනා මත හා බලාපොරොත්තූන් සමග කාලය ගෙවී යද්දී සාමීර හා රාහුල පොඩි හාමුදුරුවන්ගේ හීනට තවත් එක හීනයක් සේ බොඳවී නොගියේ මා හට නැවත සිහිය පැමිනි නිසාය. එමෙන්ම පොඩිහාමුදුරුවන්ගේ සහයට් උන් රූපෙ නැමැති තැතැත්තාත් අවන්කවම සතුටු වූයේ මා වෙනුවෙන් ඔහුද දැරූ වෙහෙස අනන්ත අප්‍රමාන නිසාය. කෙසේ නමුත් මා හට සිහිය තිබුනද වචන කීපයක් කතාකර ගැනිමට හැකි උවද මා සිටි තැනටම වී තවත් දවස් දෙක තුනක්ම සිටීමට හැකි වූයේ පය තබා ඇවිදීමට තරම්ම මා හට ශක්තියක් නොතිබූ නිසාය. නමුත් ඔවුන් සිතුවාටත් වඩා ඉක්මනින් මා නැවතත් දුව පැන ඇවීදීමට හැකි තත්වයකට පත් වූයේ ඔවුනද පුදුමයකට පත් කරමින්ය.
මා මේ රැඳී සිටින්නේ ආරාමයක බව මා හට තේරුම් ගැනීමට එතරම්ම වෙලාවක් ගත නොවිනි. මා අසල සිටි පොඩි හාමුදුරුවන් දෙනම හා ආරාමයේ නායක හාමුදුරුවෝද මා බැහැ දැකීමට පැමින සුව දුක් විමසා සිටියද ඔවුන්ව මෙන්ම මාවද පුදුම කරනා වූ කරුන වූයේ මට මා ගැන මතකයක් නොතිබීමය. මගේ අතීතයක් ගැන මතකයක් නොතිබීමය. එය මගේ හිතට වද දුන් නිසා පොඩි හාමුදුරුවන් දෙනමගේම අවසරය ගෙන ආරාමයේ මදක් ඇවිදීමට ගියේ රූපෙ මමාවත් සමගමය. රටාවකට අතුගා තිබූ මිදුල මල් පිරුනු අරලිය මල්ගස් මගේ සිතට ඉතා ඉක්මන් සහනයක් ගෙනදෙන්නට සමත් විය. අරාමය පහල ගලනා වූ මනරම් ඇල පහරින් මුහුන අතපය සෝදා ගත් අප දෙදෙනා එහි තිබූ විෂාල බෝ ගස සෙවනට පැමිනියේ එහි ඇති සිසිල විඳීමටය. එයනම් පුදුමාකාර වූත් සුන්දර වූත් මොහොතක් වූ අතර විනාඩි කීපයක් භාවනා කිරීමට අප සැරසුනේ රූපෙ මාමාගේ බල කිරීම හා ඔහුගේ මගපෙන්වීම මතය. පොඩි හාමුදුරුවෝ දෙනම ඔහුට භාවනාව පිළිබඳව මනා අවබෝධයක් හා දැනුමක් ලබා දී ඇති බව මම රූපෙ මාමාගේ කතාවෙන් තේරුම් ගත්තෙමි.
කාලය ගෙවී යත්ම පොඩි හාමුදුවන්ගේ වෙදකම් නිසා මාහට ඉක්මන් සුවය ලැබූවද මාගේ අතීතය පිළිබඳව පැහැදිලි මතකයක් මා තුල නොතිබූ තරම්ය. තවද පොඩි හාමුදුරුවන්ගේ වෙදකම් වලින් මගේ මතකය නැවත ලබාදිය හැකි උවද එය නැවතත් මගේ ජීවිතය අවදානම් තත්වයකට පත්කීරීමේ වැඩි සම්බාවිතාවක් තිබූ නිසා නායක හාමුදුරුවන්ගේද අනුසාසනා මැද ඔවුන් එම අදහස අතහැර තිබුනි. එමෙන්ම මේ වන විට බුදු දහම පිළිබඳව සැලකිය යුතු ගැඹුරකට මාහට දැන ගැනීමට හැකි වූ අතර සිංහල හා බටහිර වෙදකම පිළිබඳවද යාන්තම් දැනුමක් මා හට තිබුනේ පොඩි හාමුදුරුවන් දෙදෙනාගේ මගපෙන්වීමේ ප්‍රතිඵලයක් නිසාය.
මා ආරාමයේ ගතකල් ජීවිතය මට දැනුනේ වෙනම ලොවක ජීවත්වනවා සේය. එය එතරම්ය පිරිසිදුය. ශාන්තය. රූස්ස ගස්කොලන් වලින් වටවූ පරිසරය හිතට එකතු කලේ අමුතුම හැන්ගීමකි. එමෙන්ම නොයෙකුත් වර්ගයේ කුරුල්ලන් හා ආරාම වත්තට පියඹා එන වර්ණවත් සමනලුන් නිසා මගේ ජීවිතය තව තවත් සුන්දර විය. නමුත් සමහර වෙලාවට කුමක් හෝ හැඟීමක් මා හිත පාරන්නට විය. එය කුමක්දයැයි මා නොදැන සිටි අතර එය පැහැදිලි කිරීමටද අපහසු එකක් විය. එමෙන්ම එම අමුතු දෙය මා හිතට දැනෙනා සෑම මොහොතකම මගේ දෙනෙත් කඳුලින් පිරී ගියේය. නමුත් එය එසේ වනේ ඇයිද යන්න මම නොදැන සිටියෙමි.
"අම්මේ.. අම්මේ.. "
"මොකද කෙල්ලෙ මේ බෙරිහන් දෙන්නෙ."
"පොඩි හාමුදුරුවො දෙනමක් වැඩිය අපේ ගෙදරට"
"මගේ අප්පේ.. පින්ඩපාතෙ වැඩියද දන්නෙ නැහැ. අනේ අමිල පුතේ සුදු රෙදි දෙකක් දාන්න කෙල්ලගෙන් ඉල්ලගෙන"
"සුවපත් වේවා .. සුවපත් වේවා .."
"පොඩි හාමුදුරුවන් අපේ පන්සලේ නම් නෙමේ මයෙ හිතේ."
"ඔව් ඔව් උපාසක අම්මෙ. අපි මේ ආවෙ ගොඩක් දුර ඉඳල, උපාසක අම්මව හම්බවෙන්නමයි"
"අනේ ඒ මොකද හාමුදුරුවනේ"
"ඔතනින් සුවපහසුව ඈඬි ගත්තනම් සේරම, ගෙදර උත්සවක්වත්ද"
"එහෙමයි හාමුදුරුවනේ. මෙ මගේ පොඩි දුව. මේ ඉන්නෙ එයා බඳින්න ඉන්න කෙනා. මහත්තයනම් ටිකක් එලිය ගිහින්. දුවගෙ එන්ගේජ්මන්ට් එක ගන්න කියල අනිද්දට"
"ඒකත් එහෙමද.. පොඩි දුව කිව්වෙ.. තව කවුරු හරි ඉන්නවද උපාසක අම්මට"
"පුතා හිටියා හාමුදුරුවනේ"
අම්මා එසේ පවසනවාත් සමගම අම්මාගේ දෙනෙත් කඳුළුවලින් පිරී ගියේ සියලු දෙනාම නොසිතූ ලෙස නොසිතූ වෙලාවකය. මා සහෝදරිය විසින් අම්මාව ඉතා ඉක්මනින්ම සැනසූමට හැකි උවද නොසිතූ මොහොතක හාමුදුරුවන් දෙනමක් තම නිවසට වැඩියේ ඇයිද යන්න සියලු දෙනාගේම සිත තුල රැඳි සරල ගැටලුවක් විය. එමෙන්ම අම්මාගේ පුතා යැයි සඳහන් කල තැනැත්තාට සිදු වූ දේ, එනම් මා හට සිදුවූ දේ පිළිබඳව කෙටියෙන් මගේ මිතුරා වූ අමිල පොඩි හාමුදුරුවෝ දෙනමට පැහැදිලි කරදුන්නේය.
"අනේ සමාවෙන්න අපිට පොඩි සාදු. අයියා ගැන මතක් වෙන හැම වෙලාවෙම අම්මා ඔහොම තමා. පහුගිය අවුරුදු ගානටම .. හම්ම්ම්ම්ම්"
"ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් තමා, උපාසක අම්මෙ. හදවතට ලන්වෙලා තියන බැඳීම් තියනකොට ගිහියො හැම වෙලේම දුකින් ඉන්නෙ"
"එහෙමයි හාමුදුරුවනේ.. හාමුදුරුවනේ මම මේ අහන්නමයි හිටියෙ. ඔබ වහන්සේලා මව සොයාගෙන වැඩියයි කිව්වෙ.."
"හම්ම්ම්.. සෝමිර.. ඔයාම ඒ ගැන කියන්නකො"
"අම්ම කලබල වෙන්න එපා. අපි මේ හදිසියේම වැඩියෙ ඔයාගෙ පුතා දිනුක නිසා"
"මොනවා.. සාදු අයියා.. මේ අපේ අයියා..අනේ සාදු එයා ඉන්නවද කෝ එයා. අනේ කියන්න"
"කලබල වෙන්න එපා පොඩි උපාසිකාව. සන්සුන්ව වාඩිවෙලා ඉන්නකො. අපි කියන් දේ අහගෙන"
සෝමිර හාමුදුරුවන් එසේ පවසනවාත් සමගම සියලු දෙනාම මුහුනට මුහුන බලා ගත්තේ උන්වහන්සේ පැවසීමට යන දේ පිළිබඳව මනා අවබෝදයක් ඔවුන් තුල නොතිබූ නිසා අතර උන්වහන්සේ පැවසීමට යන දෙය කුමක් උවද එය සහන දායී දෙයක් වේවායි සියලු දෙනාගේම පැතුම විය. හාමුදුරන්ගේ වෙද හෙදකම් වලට බෙහෙත් සොයා ගිය රූපෙට මා හමුවූ ආකාරයද ඔවුන් වියලු දෙනාම මා සුව කිරීමට දැරූ උත්සහය හා මා දැන් සිටිනා තත්වය පිළිබඳව සෝමිර හාමුදුරුවන් කරුනු එකිනෙක පැහැදිලි කලේ සියලු දෙනාගේම දෙනෙතින් කඳුලු කඩා හැලෙනා අතරතුරදීය. කතාව අතර මගදී මගේ තාත්තාද පැමිනි අත ඔහුටද මේ දේ අදහාගත නොහැකි අතර ඔහුගේ මුහුනෙන් ආදරනීය සිනහවක් දිස්වූයේ 'මම දැනගෙන සිටියා මගේ පුතා හොඳින් ඉන්නවා කියලා' යැයි පවසමින්ය.
"ඔව් උපාසක අම්මෙ. අපි දිනුකට අවුරුද්දයි මාස අටක් බේත් කලා. ගොඩක්ම වෙහෙසුනේ මේ සෝමිර පොඩි නම තමා."
"ඔබ වහන්සේලා අපේ ගෙදර හොයාගත්තෙ කොහොමද"
"දිනුකගෙ හැදුනුම්පත අපි ගාව තියනවා. මේ තියෙන්නෙ ඒක."
"අනේ ඇයි හාමුදුරුවනේ මේක අපිට කලින් දැනුම් දුන් නැත්තෙ"
"දිනුකව මුලින්ම දකිද්දි අපි හිතුවෙ නැහැ සනීප කරන්න පුලුවන් කියලා. අනික අපි දැක්කා දිනුක ගැන පත්තරවල ටීවී වල"
"ඔව් රාහුල හාමුදුරුවො කිව්ව හරි. අපිට ඕන උනේ දිනුකව සනීප කරලම එයා ගැන දැනුම් දෙන්න"
"අනේ කෝ දැන් එයා. මට එයාව බලන්න ඕන. අනේ හාමුදුරුවනේ මට මගේ පුතාව බලන්න ඕන"
අම්මා පැවසූ දෙයට පොඩිනම දෙනමගෙන්ම අවසරය ලැබුනු මොහොතේම මගේ මිතුරා වූ අමිල සිදුවූ දෙය කෙටියෙන් මොහොමඩ්ට පැවසු අතර ඔහු ඔහුගේ වාහනයද සමග ඉතා ඉක්මනින් පැමිනියේය. උන්වහන්සේලා පැමිනි වාහනය පසුපසින් මොහොමඩ් වාහනය පැද වූවද ඔහු යන තැන පිළිබඳව හැහැදිලි අදහසක් නොතිබූ අතර අදහසක් තිබුනානම ඒ මගේ මිතුරා වූ අමිලට පමනි. ඔවුන් පැමිනි වෑන් රථය දැඩි නිහඬතාවයකින් යුක්ත වූයේ මේ සිදුවූ දෙය කාටවත්ම අදහාගත නොහැකි දෙයක් වූ නිසාත් මා හමිවන මොහොත පිළිබඳව ඔවුනට වැටහීමක් නොතිබූ නිසාත්ය. කෙසේ නමුත් හාමුදුරුවන් පැවවූ ආකරයටම එය තරමක වෙහෙසකර ගමනක්, දිගු ගමනක් උවත් සියලු දෙනාම ඇසිපිය නොහෙලා නොඉවසිල්ලෙන් සිටියේ මා දැක ගැනීමටය. ඉතා දිගු ගමනකින් පසුව ඔවුන් පැමිනි වෑන් රථය මනරම් වූ ආරාමයක් අසල නතර වූයේ සියලු දෙනාගේම හුස්ම පොද මොහොතකට නතරකරමින්ය. නායක හාමුදුරුවන්ද තරමක් නොසන්සුන් තත්වයක් සිටියේ ඔවුන් පැමිනීමට තරමක් රෑ බෝ වූ නිසා වූ අතර රූපෙ මාමා විසින් ඔවුනට නවාතැන් පහසුකම් සියල්ල සූදානම් කර තිබුනේ අරාමයේ පසකට වන්නට ඉදිකර තිබූ දායකයන් සඳහා වූ නවාතැන්පලෙහිය.
"සුවපත්වේවා .. සුවපත්වේවා!!"
"අපෙ හාමුදුරුවනේ කෝ මගෙ පුතා"
"උපාසක මහත්තයලටයි මේ උපාසක නෝනලටයි මට දෙයක් කියන්න තියනවා, ඔයාලගෙ පුතාව දකින්න කලින්"
"මොකද්ද අපෙ හාමුදුරුවනේ"
"මම හිතන්නෙ පොඩි දෙනම විස්තර කරන්න ඇති දිනුක දැන් ඉන්න තත්වය ගැන. මට ඔයලා ඉන්න තත්වයත් නොතේරෙනව නෙමේ. ඒත් එක පාරටම එයාව දැක්කම ඔයාල එයා ගවට යන්න හදන්න එපා. එයාට ඔයාල ගාවට එන්න දෙන්න"
"ඔව් ලොකු හාමුදුරුවො කිව්ව හරි. ඔයාල කලබල කරොත් එයාට එක මානසිකව බලපාන්න පුලුවන්. එයා ඉන්න තත්වය අපි කාටවත් හරියටම කියන්න බැරි තරම්. දිනුකට ඔයාල ගාවට එන්න දෙන්න. බලමු ඔයාලව එයාට දැනේවිද කියලා"
"රූපෙ.. ගිහින් දිනුකව එක්කගෙන එන්න"
රාහුල පොඩි හාමුදුරුවම් මා හට කියවීමට දුන් පොත් කීපයක ගිලී සිටිනා විට රූපෙ මාමා මා අසලට පැමින මා ලොකු හාමුදුරුවෝ මට කතාකරනවායැයි කියූ නිසා මම රූපෙ මාම සමග ගියෙමි. භාවනාව පිළිබඳව මා සිත තුල තිබූ ප්‍රස්න කීපයක් මා රූපෙ මාමාගෙන් විමසුවද ඔහු නිහඬව සිටියේ මා තරමක් අවුල් කරමිනි. නායක හාමුදුරුවන් අසලට යන විට උන්වහන්සේගේ අසල සිටි පිරිස මාදෙස පුදුමයෙන් මෙන් බලා සිටිනවා දැකීමෙන් මා එක වරම ගල් පිලිමයක් බඳු වූයේ ඔවුන් මා හට කරදරයක් කරාවියැයි බියෙනි. මා රැගෙනයාවියැයි යන සිතුවිල්ලක් මගේ මනසට එකවරම පැමිනි නිසාය. 'ඔයාට කරදරයක් කරන් නැඇ දිනුක, ඔයාව බලන්න මෙයාල ඇවිල්ල ඉන්නෙ, මේ ඔයාගෙ යාලුවෝ ටිකක්' යැයි නැවතත් කරුනාවන්ත හඬකින් රාහුල පොඩි හාමුදුරුවන් පැවසූ නිසා මම ඔවුන් අසලට ගියෙමි. මගේ ජීවිතයට සමිපතයැයි එම පිරිසව මට හැඟුනද ඔවුනව මා හට අඳුනා ගැනීමට නොහැකි වූ නිසා මම අඩියක් පමන් ඔවුන් සිටි තැනින් පසුපසට පැමිනියෙමි.
"මට සමාවෙන්න, පොඩි හාමුදුරුවනේ. මෙයාලව මට මතක නැහැ"
මා එසේ පවසනවාත් සමගම අම්මා හඬමින් මා බදාගත්තේ මාගේ මුලු ශරීරයම උණුසුම් කරමිනි. තාත්තාද මා අසලට පැමිනි අතර පිලිවෙලින් මාගේ නැගිනිය හා මාගේ මිතුරන් දෙදෙනාද මා වට කර ගත්තේ මොහොතකට මා අපහසුතාවයකට පත් කරමින්ය. කෙසේ නමුත් මා බදාගත් අම්මාගේ උණුසුම මට පුරුදු යැයි දැනුනි. ඇගේ දෙනෙතින් වැටූ කඳුලු මට හුරු යැයි දැනුනි. එමෙන්ම තාත්තාගේ ස්පර්ෂය, නැගනියගේ ස්පර්ෂය මා අසල සිටි තරුන පෙනුමැති පුද්ගලයන් දෙදෙනාගේ හැඩරුව මා හට පුරුදුයැයි දැනුනද ඒ සියලුම මතකයන් නැවත ගැනීමට මට නොහැකි විය. සියලුදෙනාගේම දෙනෙත් කඳුලින් පිරී තිබූ නිසාද මා නොසිතූ ආකාරයට සිදුවූ ඔවුන්ගේ හැසිරීම් රටාව නිසාද මට තරමක අපහසුතාවයක් දැනෙන්නට වූ නිසා මම පොඩි හාමුදුරුවන් දෙනම දෙස බැලුවේ අසරණ වූ දෑසකින් යුක්තවය. මාගේ තත්වය ඉතා ඉක්මනට තේරුම් ගත් රාහුල හාමුදුරුවෝ ඔවුනගෙන් මා මදකට ඈත් කලෝය. රාහුල හාමුදුරුවන් මා සිටිනා තත්වය මට පැහැදිලි කර දුන් අයුරු මට සිහි විය. මට මෙගේ අතීතය කිසිවක් මතක නැති බව උන්වහන්සේ වදාලා මට මතකය. මෙහි සිටින්නේ, මා දෙස බලා දුක් සුසුම් සලන්නේ මගේ අම්මා තාත්තා සහෝදරයන් හා සහෝදරියයැයි දෝ මම මොහොතකට සිතුවෙමි. එය එසේනම් ඔවුනට කොතරම් නම් වේදනාවක් දැනෙනවා ඇත්දැයි මම මොහොතකට කල්පනා කෙරුවෙමි. එම නිසා ඔවුන් සමග වචන කීපයක් කතා කිරීමට මම තීරනය කලෙමි.
"මට සමාවෙන්න ඔය උපාසක උපාසිකාවො. රාහුල පොඩි හාමුදුරුවො කිව්ව විදිහට මට මගේ ගැන මතක නැහැ මොකුත්. සමහර විට ඔයාල මගේ පවුලෙ අය වෙන්න ඇති. මට සමීපව ඉන්න ඇති. මම ඔයාලව අදුනගත්තෙ නැති උනාට මට ඔයාලව දැනුනා. මට සමාවෙන්න ආයෙමත්. අනේ මාව ගෙනියන්න එපා. මම ආසයි මෙහෙ ඉන්න. මෙහෙ ඉන්න අය ඔය වගේ අඬන්නෙ නැහැ. අනික මට පොඩි හාමුදුරුවන් දෙනමගෙන් ගොඩක් දේවල් තියනවා ඉගෙන ගන්න. මට ආසයි රූපෙ මාම එක්ක පල්ලැහැ තියන දොල පාරෙ නාන්න. ලොකු හාමුදුරුවන්ගෙ බණ අහගෙන ඉන්න. බෝ ගහ යට භාවනා කරන්න. සත්තු එක්ක සෙල්ලම් කරන්න. ඒ නිසා ඔයාල මාව ගෙනියන්න එපා. මට මහන්සියි ටිකක්. අපි හෙට කතා කරමු. ඔයාල නවතින්න මෙහෙ අදට. බුදුසරණයි"
මා පැවසූ දේ නිසා සියලු දෙනාම සන්සුන්ව සිටීමට උත්සහ දැරූවද ඔවුන්ගේ දෙනෙතින් ගලා ගිය කඳුලැලි නතර නොවූ නිසා මම පොඩි හාමුදුරුවන් දෙස බැලුවෙමි. ඔවුන් දෙදෙනාදා මා දෙස පුදුමයෙන් මෙන් බලා සිටි අතර නායක හාමුදුරුවන් පමනක් සිනාසෙමින් මා දෙස බලා සිටියෝය. නායක හාමුදුරුවන්ට හා පොඩි හමුදුරුවන්ට වැඳ සිටිනා පිරිසගෙන්ද සමුගෙන මා මාගේ කුටිය වෙත ගියේ සුව නින්දක් දැමීමටය. නිහඬව මගේ පසුපස ආ රූපෙ මාමාද වෙනදා මෙන්ම මා අසල රැඳුනේ මා නෙතු පියාගන්නාතුරුය.
"හම්ම්.. දිනුක හරි ඉක්මනට ඉගෙන ගන්නවනෙ පොඩි දෙනම. එයා දෙයක් තේරුම් ගන්නා හැටි හරිම පුදුමාකාරයි."
"අපිටත් හිතාගන්න බැරිව ගියා ඒ කතා කලේ දිනුකමද කියලා නායක හාමුදුරුවනේ"
"අනේ අපෙ පුතාගෙ මතකය ගන්න බැරිද හාමුදුරුවනේ"
"ඒක ටිකක් අමාරු දෙයක් උපාසක අම්මෙ. උත්සහ කරන්න පුලුවන්. ඒත් ඒ උත්සහය අසාර්ත උනොත් එයා යන්නම යාවි අපි හැමදෙනාගෙන්ම"
"හම්ම්ම්.. තේරුනා හාමුදුරුවනේ. මගේ පුතා මොන වරදක් කලාටද මෙහෙම දෙයක් උනේ. අනේ මගෙ පුතාට මෙහෙම දෙයක් කරපු අයට හොඳක් වෙන්න එපා."
"තමන්ව පාලනය කරගන්න බලන්න උපාසිකාව. සමහර විට පහුගිය භවයක දිනුක ලොකු පවක් කරල තියෙන්න් ඇති. නැතිනම් මේ භවයෙදිම කරන්න ඇති. මොන දේ ලැබුනත් දිනුකට එය බාරගන්න තරම් ෂක්තියක් තිබුනා. තේරුම්ගන්න තරම් මොළයක් තිබුනා."
"නායක හාමුදුරුවනේ අපි උදේට කතාකරමු. මම මෙයාලට නවතින තැන් පෙන්වන්නම්. ගමන් වෙහෙසයි හිතේ විඩාවයි දෙකම තියන නිසා ටිකක් විවික ගන්න."
"එහෙමයි පොඩි හාමුදුරුවනේ"
"සුවපත් වේවා!! .. සුවපත් වේවා!! "
ගෙවුනු දිනය සිද්දීන් රාෂියකින් නිම උවද උදා වූ අද දවස මම ඔවුන් සමග සුහදව ගත කෙරුවෙමි. ඔවුන් සියලු දෙනා හ සිනා සී කතාබහ කිරිම්මට මට හැක්විය. එමෙන්ම අවසානයේ ලොකු හාමුදුරුවන් විසින් දේෂනා කල කෙටි ධර්ම දේෂනාද ඉතා රසවත් වැදගත් එකක් වූයේ එහි හිහියෙකු ලෙස අප සියලු දෙනාටම ගතයුතු දේ බොහෝ තිබූ නිසාය. මා ඔවුන් සමග දවසකට දෙකකට එවන ලෙසට කරන ලද යෝජනාවට එකවරම පොඩි හාමුදුරුවන් දෙදෙනාගේම අකමැත්ත ඵල විය. මා පරන ආගිය තැන් පරණ යාලුවන් මා ආදරය කල දේවල් සමග සිටිනා විට මගේ මතකය නැවත ඒවි යැයි ඔවුන්ගේ මතය උවද නායක හාමුදුරුවන් හා පොඩි හාමුදුරුවන් දෙදෙනාගේම මතය වූයේ මා තවමත් එවැනි අවස්තාවකට මුහුන දීමට සූදානම් නොමැති බවත් හා එසේ සූදානම් වූ විට ඔවුන් දැනුවත් කරනවායැයි පොරොන්දුවක්ද සහිතවය. උදේ ආහාරය ගැනීමෙන් පසුව පැමින සියලු දෙනාම පිටත්ව ගිය අතර පොඩි හාමුදුරුවන්ගේ ඉල්ලීම මත මා ඔවුන් සියලුම දෙනාගේ දෙපා වැන්දෙමි. එමන්ම ඔවුන් වෙන් වී යන මොහොතේ මගේ හිතට තරමක වේදනාකාරී සිතුවිල්ලක් පහල උවද රාහුල හාමුදුරුවන් ඉගැන්වූ ධර්මය නිසා එම වේදනාකාරී සිතුවිල්ල පාලනය කර ගැනීමට මට හැකි විය.
කාලය ගත වෙත්ම මා ධර්මය ඇසුරෙහි සිටීමට වැඩි කැමැත්තක් දැක්වුවෙමි. එමෙන්ම බොහෝ බෙහෙත් පැලෑටි වර්ගද මාහට අඳුනාගත හැකි වූයේ මා බටහිර වෙදකමට වඩා සිංහල වෙදකමට ඇලුම්කල නිසාවෙනි. පොඩි හාමුදුරුවන් දාන හා බණ සඳහ වඩින අවස්තාවලදී මම ද ඔවුන්ව අනුගමනය කලෙමි. එමෙන්ම කෑම බීම පිසීමටද රූපෙ මාමාට මා උදව් වූ අතර මේ වන විට මා හොඳ කෝකියෙකුද වී තිබුනේ රූපෙ මාමාගේ මනා මගපෙන්වීම නිසාය.
"රාහුල පොඩි හාමුදුරුවනේ. මම දෙයක් අහන්නද"
"ම්ම්ම්ම්.. මොකද්ද දිනුක. මොකටද මේ ඉව අල්ලන්නේ"
"මටත් ආසයි පොඩි හාමුදුරුවො වගේ සිවුර ඇඳගෙන රුවන්වැලි සෑය වටේ රවුමක් යන්න"
"ඉතින් දිනුකත් මහන වෙන්නකො. මම වගේම"
"බැහැ"
"ඒ මොකද"
"මහණ වෙලා මමත් පොඩි හාමුදුරුවො වගේ උනොත්මම කොහොමද රූපෙ මාම එක්ක ඇලේ නාන්නෙ. බෙහෙත් හොයන්න යන්නෙ. අනික.. කිතුල් රා ටිකක් එහෙම.."
"මොනවා.. රූපෙව මම අල්ලගන්නම්කො. දිනුකටත් පුරුදු කලාද."
"අනේ රූපෙ මාමට බනින්න එපා. මගෙ ආසාවට තමා දවසක් බීල බැලුවෙ. ආයෙ කරන් නැහැ මාගේ ඉල්ලීම ඉටු කලොත්"
"නායක හාමුදුරුවො දැනගත්තොත් එහෙම."
"මම නායක හාමුදුරුවන්ට කිව්වා. පොඩි හාමුදුරුවන් එක්ක කතා කරල බලන්න කිව්වා"
"හම්ම්ම්. එහෙනම් යමුකො. ගීහින් ඉක්මනට එමු. ඔන්න ගිහියෙක් වගේ හැසිරෙන්න එපා හරි. දන්නවනෙ එහෙම උනොත්, දෙන්නම ගස්"
අනෙක් සියලුම දෙනාට වඩා රාහුල පොඩි හාමුදුරුවන් මා හට සමීප්ව සිටි නිසා මගේ හිතේ ඇති වූ අශාව ඉටුකරගැනීමට මා හට එතරම්ම අපහසු තාවයක් නොවීය. රාහුල පොඩි හාමුදුරුවන් පැවසූ ආකාරයටම මම උන්වහන්සේගේ පාද සලකුනු ඔස්සේම ගමන් කලෙමි. කහ පැහැති සිරුර මගේ ශරීරය වසාගෙන සිටිනා විට දැනුන හැඟීම මා හට වචනයකින් විස්තර කිරීමට මම නොදැන සිටියෙමි. එවැනි පැහැදිලි හැඟීමක් මා හට කවදාවත්ම ඇතිවී නොමැති තරම්ය. රුවන්වැලි සෑය වටා රාහුල පොඩි හාමුදුරුවන්ගේ තාලයට පය තබා මම ඇවිද්දෙමි. එමෙන්ම රාහුල හාමුදුරුවන්ට මෙන්ම මා හටද උපාසක උපාසිකාවන් වඳිනා විට රාහුල පොඩි හමුදුරුවන්ව අනුගමනය කිරීමට මම අමතක නොකෙරුවෙමි.
"දිනු..ක .. දිනුක අයියා"
මාගේ නමින් කවුරුන් හෝ ඇමතීම නිසා මා මෙන්ම රාහුල පොඩි හාමුදුරුවෝද නැවතී හිස ඔවසා බැලුවේය. මා හට අඩි කීපයක් ඉදිරියේ සිටිනා රූමත් තරුණිය දුටු විගසම මා හට කැස්සක් ඇතිවිනි. එය එසේ සිදුවූයේ කෙසේද යන්න මා හට තේරුමක් නොමැති උවත් පොඩි හාමුදුරුවන්ගේ ක්ෂනික ප්‍රතිකාරය නිසා මම නැවතත් යතා තත්වයට පැමිනියෙමි. ඇය දෙස නිහඬව තප්පර කීපයක් මා නිහඬව බලා සිටියද ඇය කවුරුන්ද යන්න මගේ මතක්යන් මතක් කර දුන්නේ නැත. මීට ටික දවසකට කලින් මා හමුවූමට පැමිනි පිරිස මෙන්ම තව කෙනෙකුයැයි මා නිගමනය කලේ එම රූමත් තරුණිය මා දෙස කඳුලු පිරි දෑසින් යුතුව බලා සිටි නිසාය. සිදුවූ දෙය අප දෙදෙනාටම අදහා ගත නොහැකි වූ අතර මා මෙන්ම රාහුල පොඩි හාමුදුරුවෝද එම රූමත් තරුණිය හා ඇය අසලින් සිටි පැහැපත් තරුණයා දෙස නිහඬව බලා සිටි අතර එම තරුනිය ගැබ් ගෙන ඇති බවද මම දුටුවෙමි. එමෙන්ම ඇයව මා අඳුනාගත්තේ නැති බව ඇයට තේරූ බව මම ඇගේ හැසිරීමෙන් තේරුම්ගත්තෙමි.
"අනේ මට සමා වෙන්න හාමුදුරුවනේ.. වැරදීමක් උනේ"
"ඒකට කමක් නැහැ උපාසිකාව.. සුවපත් වේවා!!"
"සුවපත් වේවා!!"
ඇගෙන් සිදුවූ වරදට ඇය සමාව අයැද අප දෙපා නැමදූ අතර රාහුල පොඩි හාමුදුරුවන් අනුගමනය කරමින් මා උන්වහන්සේ පසුපස ගිය අතරම මා හට නැවත වරක් හැරී එම රූමත් තරුනිය දෙස බැලීමට සිතුනද මා එසේ නොකලේ රාහුල පොඩි හාමුදුරුවන් මා හට දුන් උපදෙස් මගේ මතකයේ තිබූ නිසාය.
"පියුමි, මොකෝ මේ එක පාරටම අඬන්න පටන් ගත්තෙ. හාමුදුරුවන් ඉස්සරහ හැසිරෙන්නෙ ඔහොමද පියුමි. කතා කරන්නවත් දන්නෙ නැද්ද එයාලට"
"අනේ මට බනින්න එපා සුපුන්. මම ඒ කතා කරපු හාමුදුරුවො තමා .."
"මොකද මේ පොඩි ළමයෙක් වගේ අඬන්නෙ. කව්ද ඒ හාමුදුරුවො.. කොහොමහ ඔයා දන්නෙ ඒ පොඩි සාදුව"
"ඒ තමා මට ආදරේ කරපු, දිනුක. හම්ම්ම්.. එයාගෙ පණටත් වඩා මට ආදරේ කලා. අනේ මට සමාවෙන්න ආයෙමත් දිනුක අයියා"
හිතුවක්කාර ආදරය මෙසේ නිමා විය.
No comments:
Post a Comment