Thursday, November 21, 2013

ඇත්තද සයිබර් යාළුවො ආයෙ Set වෙනවා කියන්නෙ?

ගිනියම් ඉර ........ සඳ සිසිලස ............අතරේ හොයනවා හොයනවා අපි අපි කවුරුද?


වෙහෙස කාරී ජීවිතේ ඉන්න අතරෙම.. ඔබට ඉතිං කොහොමද?

සයිබර් අවකාශයේ බ්ලොග් ලියන සහ රසවිඳින ඔබ හැමෝම ප්‍රමාණයෙන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැනෙහැමදාමත් මිතුරු හවුල් වලට අලුත් අලුත් යාළුවො එකතු වෙනවාඉතින් හැමෝම දැන හඳුනා ගැනීම ඇත්තටම වැදගත්.සයිබරයේ යාළුකම් කොයි තරම් සොඳුරුද කියලා ඔබ දන්නවානෙ


ටික ටික දෙනා එකතුවෙලා බිම් මට්ටමේ පුංචි පුංචි උත්සව අවුරුද්ද පුරාම ගත්තාට මොකද, 2013 සිහින සයිබර් සැණකෙළියෙන් පස්සෙ අපිට ආයෙත් හැමෝටම එකතු වෙන අවස්ථාවක් නිර්මාණය කරන්න බැරි වුණානෙඉතින් අපි හිතුවා නිවාඩු උඳුවප් මාසෙ ඒකට සුදුසුම කාලය කියලා..දුර ඈත රටවල්වල ඉන්න යාළුවොත් මේ කාලෙට ලංකාවට එන විත්තිය අපි දන්නවානෙඉතිං දැන් අපි දිගටම වැඩ.


මේ වෙනකොට එක එක තැන් වල අපි Cyber Get to gather සංකල්පයෙ උත්සව නිර්මාණය කරලා තිබෙනවාහැබැයි මෙවර ඒ උත්සවයට නව අර්ථ කථනයක් දෙන්න අපි සූදානම්.

Monday, October 14, 2013

Joomla 1.5 සිංහලෙන් ඉගෙන ගමු පාඩම 04

මම කලින් joomla post එකේදි කතා කලේ අපේ site එකට profile maintain module (Community Builder)එකක් දාගන්නේ කොහොමද කියලා ඉතින් එකෙ තව වැඩ තියනවා, ඔයාල ඒක එක්ක වැඩ කරද්දී ඒවා අල්ලා ගන්න පුලුවන් ඒක නිසා මම අද කියන්න යන්නෙ අලුත් Module එක්ක ගැන. මෙකෙන් අපිට අපේ site එකට FAQ forum එකක් දාගන්න පුලුවන්. මේකේ විශේෂත්වය තමයි මම කලින් කියපු Community Builder module එකට මේක support කරන එක. ඒක නිසා අපිට CB එකෙන් අපේ site එකෙ register වන අයව automatically forum එකට ගන්න පුලුවන්. ඒවගේම එළකිරි වගේ මේකේ email update වැඩකරනවා.පහත තියෙන්නේ අමතර පහසුකම් වැඩි විස්තර ඕන නම් මේතන බලන්න.

Tuesday, October 8, 2013

Joomla 1.5 සිංහලෙන් ඉගෙන ගමු පාඩම 03

ටිකක් වැඩ වැඩි නිසා ටිකක් කාලෙකට පස්සෙ තමයි මේ ලියන්න ගත්තෙ වැඩිය කතා නැතිව බලමු අද පාඩම මොකක්ද කියලා.මම ආරමභයක් ගන්න ඕන නිසා තමයි joomla basic ටිකක් කලින් post වලින් කතා කලේ, එත් අද ටිකක් වැදගත් වෙන දෙයක් ගැන තමයි කියන්න යන්නෙ මම හිතන්නෙ jooml වල Article එකක් දාගන්න Menu ටික Manage කරගන්න ලේසියෙන් කර ගන්න පුලුවන් කියලා ඒ ගැන විස්තර මොනවහරි දැනගන්න ඕන නම් comment එකක් දාන්න.මෙතනත් බලන්න. joomla වල තියන වැදගත්ම දෙයක් තමයි මේ Extensibility එක.ඒ කියන්නෙ අපිට අවශ්‍ය පරිදි අපේ site එක වර්ධනය කර ගන්න නොයෙකුත් Extension (Modules,plugins)භාවිතා කීරීමට හැකි වීමයි.

ඔයාල joomla extension directory එකට ගිහින් බැලුවොත් දහස් ගාණක් free extension අපිට දැක ගන්න පුලුවන්.ඉතින් මේ ඕනම එකක් අපේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට තෝරගෙන නොමිලේම අපිට බාගත කරගන්න පුලුවන්. ඉතින් මේ අතරින් අද මම කතා කරන්න යන්නෙ Community Builder extension එක ගැන.අපේ එක Social site එකක් කර ගන්න නම්,Face Book වගේ site members ලට තමන්ගේ profile එකක් maintain කරමින් අනෙක් Membersලත් එක්ක සම්බන්ධ කරන්න ඕන නම් මෙන්න extension එක.මේකෙන් කරන්න පුලුවන් ප්‍රධාන දේවල් කීපයක් මම කෙටියෙන් කියන්නම්.

Sunday, September 8, 2013

joomla 1.5 සිංහලෙන් ඉගෙන ගමු පාඩම 02

අපි කලින් post එකෙන් joomla 1.5 install කර ගත්තා නේ. එකේ ඔයාල administration log වෙලා Extensions -> Template manager ගියොත් පෙනෙයි ඔබට සපයන Default Template (beez, rhuk_milkyway, JA_Purity)ත්‍රිත්වය එයින් ඕනම එකක් ඔයලට use කරලා Edit කරන්න පුලුවන්. එත් අලුත් ලස්සන template එකක් දාගන්න කව්ද අකමැති ඉතින් අද කියන්න යන්නෙ අපේ joomla site එකට අලුත් template එකක් දාගන්නෙ කොහොමද කියලා කියන්න. එකට අපිට ඉස්සෙල්ලම අලුත් template එකක් හොයා ගන්න වෙනවා.පුලුවන්නම් හොද එක්ක හදා ගන්න එත් එක ටිකක් ලෙඩ වැඩක්. Google එකේ free joomla 1.5 template කියලා සෙව්වොත් අපිට ඕනතරම් template හොයා ගන්න පුලුවන් ඉතින් අඩුව තියෙද්දි අත පුච්ච ගන්න ඕන නෑ නේ. ඉතින් ඔයලත් මේ වගේ template එකක් හොයා ගන්න මම මෙතන ඒ වගේ free template සපයන site කීපයක් සදහන් කරන්නම්.

Tuesday, September 3, 2013

Joomla 1.5 සිංහලෙන් ඉගෙන ගමු - පාඩම 01 (හදුන්වාදීම)

හුග දවසකින් ආවේ මේ පැත්තට,
PHP පාඩම යන අතරතුර මම හිතුවා Joomla ටිකකුත් කරන්න 
සැ. යු :- Joomla වල Version  කිහ්පයක් ඇවිත් තියෙනවා මම මේ කරන්නේ ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් Version 

කෙටියෙන්ම කිව්වොත් joomla ( joomla අල ගිය මුල ගිය තැන් දැන ගන්න ඕන නම් මෙතන බලන්න ) කියන්නෙ CMS(content management system /හරියටම කියනවනම් web content management system)එකක් ඒ කියන්නේ ඔයාල කව්රුත් දන්න Wordpress, Drupal වගේ අපිට පහසුවෙන්න websites හදාගන්න පුළුවන් software එකක්.CMS එකක් කරන්නෙ අපේ website එකේ සියළුම content (text, photos, music, video, documents ..etc) track කරලා manage කරලා දෙන එක. CMS එකක තියන ප්‍රධාන වාසිය තමයි අපිට මෙය භාවිතා කරන්න කිසිම විශේෂ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවීමයි. Joomla 1.මලාවේ 1.0 ට පසුව ආව අලුත්ම විශේෂාංග රාශීයක් එක්ක වර්ථමානයේ බහුලව භාවිතා කරන්නේ joomla 3.1

Saturday, August 31, 2013

ඔයාත් උත්සහ කරල බලන්නකෝ

මේ බ්ලොග් එක සම්පුර්ණයෙන් කියවන්න. නැත්තන් හිතේ ප්‍රශ්න ඉතුරු වෙයි. කරන දේ හරියට තේරුන් අරන් කරන්න. එතකොට ලේසියි.

මේ ක්රමයෙන් Rs 50000ක් උනත් හොයන්න පුළුවන් හැබැයි එකට ටිකක් කල් යනව. අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට Rs 10000ක් වගේ තමයි හොයන්න පුළුවන්.

මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.

Saturday, January 12, 2013

ඔක්කොම සැට් වෙන ගම්පහ ගෙට්ටුව

ගම්පහ යනු බස්නාහිර පළාත තුල පිහිටා ඇති සිව්වන ස්ථානයට විශාලම නගරයයි. එය ගම්පහ දිස්ත්‍රික්කයේ අග නගරයද වෙයි. අතීතයේදී ගම්පහ යන නාමය වෙනුවට භාවිතා වී ඇත්තේ හෙනරත්ගොඩ යන නමයි.  කොළඹ රැකියාවෙහි නියුතු රජයේ සේවකයන් වැඩි ප්‍ර‍මාණයක් ගම්පහ පදිංචි කරුවන් වීම හෙයින්දෝ එය උගතුන්ගේ නගරය ලෙසද හදුන්වයි. ගම්පහ යන නම සෑදී ඇත්තේ එහි නමින් කියවෙන පරිදිම ගම්මාන 5 ක එකතුවකිනි. බහුතර අදහස අනුව ඉහළගම, පහළගම, මැදගම, අළුත්ගම සහ පට්ටියගම ලෙස ඒවා හැදින්වෙයි. නමුත් පට්ටියගම පිහිටා ඇත්තේ නගර සීමාවෙන් පිට නිසා පස්වන ගම ලෙස ඇතැම්හු  යාගොඩ ප්‍රදේශයද ඈදා ගනී.

සිරා උසස් පෙළ කරන අවදියේ ගම්පහ සංවර්ධනය එදා සහ අද යනුවෙන් කණ්ඩායම් ව්‍යාපෘතියකට රැස් කල තොරතුරු අනුව ගම්පහ ජීවත්වන අයගෙන් 80% පමණ දෙනා මාතර ප්‍රදේශයෙන් සංක්‍ර‍මණය වී ගම්පහ පදිංචි වූ අයය. මේ අයගෙන් බහුතරය වෙළදාමේ නියුක්තව සිටි පිරිසකි. සිරා කොලුවාගේ මවගෙ සීයාද ඒ අයුරින් මාතරින් ගම්පහට පැමිණි මුල් පුරුකකි. මෙයට අමතරව ශ්‍රීලංකාව පුරාම ගම්පහ නම කියවෙන්නේ  ගම්පහ බෙහෙත් ශාලා නිසාවෙනි. 1929 වසරේදී ආයුර්වේද චක්‍රවර්ති, භිෂග්රත්න, කව්රංජන, පණ්ඩිත් වෛද්‍ය ජී.පී වික්‍රමාරච්චි මැතිතුමා විසින් බිහිකල වික්‍ර‍මාරච්චි ආයුර්වේද විද්‍යායතනයෙන් බිහි වූ වෙදැදුරන් රට පුරා විසිරීමත් සමගම ගම්පහ බෙහෙත් ශාලාව යනුවෙන් බෝඩ් ලෑලිද  ඉහළට එසැවිනි.