Thursday, January 12, 2012

මොක්ද මේ Cloud Computing කියන්නේ?



බ සියලු දෙනාම Google Docs, Picasa, Sky Drive, Blogger,Facebook සහ application භාවිතා කරන බව. නමුත් කෙදිනකවත් ඔබ සිතුවාද මෙම application පිටුපස ඇති තාක්ෂණය ගැන. ඔයාලා අහලා ඇති Servers කියලා ජාතියක් ගැන ඔයා Servers කියන්නේ මොකක්ද කියලා හොයාලා බැලුවද?Servers ගැන සරලව කිවොත් අපේ Data Save කරලා තියෙන තැනක්.මේ ක්ලවුඩ් කොම්පියුටින් කියන තාක්ෂණය ඉහත කි දේවල් වලට වඩා ඉහළ තාක්ෂණයක්.

මම දැන් මුලින් කි කතාවට එන්නම්,
ඔයාලා සිතුවාද ඔයාලගෙ Google Doc,Piccasa වලට දාන Images,Document
ආදිය කොහෙද තියෙන්නේ දවසකට කි දාහක් දෙනා ඉහත කි දැ Upload කරනවද?මම කියපු Servers වල Space එක කොච්චර තියෙන්න ඕනෙද?අපි Upload කරන Data තියෙන්නේ එක Server එකක විතරක්ම නෙවෙ.2ක 3ක නැතහොත් 10ක 15ක 100ක 1000ක වෙන්න පුලුවන්.අපට එක Server එකකින් Service එක වෙන Server එකකින් ගන්න පුලුවන් මේ ගැන තව ගොඩාක් ගැඹුරුයි සරලව මුල් අවධිය පැහැදිලි කරන්නම් මෙසේ.

පරිගනක විද්‍වතුන්ට අනූව ක්ලවුඩ් කම්පියුටින් යනු, අන්තර්ජාලය පදනම් වූ අවශ්‍යතාවය අනූව පරිගනකයකින් පරිගනකයකට හෝ වෙනයම් විද්‍යුත් උපකරනයකට resources, software, information හුවමාරු වෙන electricity net 1කකට සමාන ජාලයකි.
1990 වර්ශයේදි Jhone McColins නම් විද්වතා විසින් අදහසක් ලෙස ප්‍රකාශ කල මෙම තාක්ෂණය 2009 වසරේදී මුල්වරට භාවිතයට ගැනිනි. සත්‍ය වශයෙන්ම මෙය Technology එකක් නොව service එකකි. එනම් මෙම Cloud Computing යනු Hosted Service යන කුලයේ සාමාජිකයෙකි. Cloud Computing අනු කොටස් 03කි.

01. IAAS - Infrastructure as a Service
02. PAAS - Platform as s Service
03. SAAS - Software as a Service

Infrastructure as a Service
අප කිසිවෙකුට Super Computer 1කක අත්දැකීම නිවසේදී ලබා ගත නොහැකිව තිබිනි. ඒ අත්දැකීම හා පහසුකම දැන් අපට නිවසේදීම ලබාගැනිමට අවස්ථා ලබෙමින් පවතී. Cloud Computing යනු virtual computers 1කක් ලෙස සරලව දැක්විය හැකි අතර මෙම service 1ක හරහා අපට පහසුවෙන්ම Super Computer 1කක පිහිටුවා ඇති අතිවිශාල algorithms සහිත application 1කක GUI වෙබ් බ්‍රව්සර් 1ක හරහා ඉතා පහසුවෙන් access කල හැකි අතර ඉන් අනතුරුව එම application 1ක අපේ පරිගනකයේ රන් වන ආකාරයෙන් browser 1ක හරහා run කල හැක. මෙය 1ක් උදාහරනයක් පමනක් වන අතර මෙසේ hardware පිටස්තර පරිගනයක සිට access කිරිම මෙම category හි ලක්ෂනයකි.

Platform as s Service
මෙය මෙම තාක්ෂණයේ ආකර්ශනීය කොටසකි. ඉහත සඳහන් කල විශාල servers තුල virtual computers හි ඇති වර්චුවල් storage හි ස්ථාපිත OS වෙනත් පරිගනක සහ electronic device වලට access කිරීමට ලබා දීමට මෙයට හැකියාව ලැබී ඇත. මෙමගින් තම පරිගනක වල OS ස්ථාපිත නොකර direct internet connection එකක් හරහා තමන්ට අවශ්‍ය විටකදී තම පරිගනකයට ලොග් විය හැකි ආකාරයකි. මෙහි පරිනාමික අවස්ථාවක් Windows 8 හි ලැබෙන බව Windows 8 Developer Edition මගින් සනාථ කරගත හැක.

Software as a Service
ඉහත දැක්වූ Google Docs, Picasa, etc. application සියල්ල මෙම ගනයට අයත් වන අතර iCloud ද මෙයට උදාහරන සපයයි. server 1කක පවතින 1ක් application 1කක් පරිගනක විශාල ගනනකට එකවර access කිරීම මෙමගින් සිදුවේ.

Advantages
01. ආර්ථික වාසි
මිල අධික hardware අනවශ්‍ය වේ. සරල පරිගනකයක් සහ හොඳ internet connection එකක්, Browser එකක් පමනක් භාවිතයෙන් අති සංකීර්න ගනනයන් ඉටුකරගත හැක.

02. Increase Storage
Software Download කිරීම, Install කිරීම වැනි කාර්යයන් නොමැති බැවින් Storage Device සැහැල්ලු වේ.
03. flexibility
1ක් application එකක් පමනක් බැවින් software engineers ලාට application එකක් develop කිරීම ඉතා පහසු කටයුත්තකි. application owner ටද විශාල ආර්තික වාසි ලැබේ.

නමුත් මේ සඳහා භාවිතා කරන VPS-Visual Privet Servers සහ Dedicated Servers වැනි server තාක්ණයන් වලට පසුගිය දිනවල එල්ල වූ hacker ප්‍රහාර, D-Dos attack සහ Cloud Computing උපරිම ලෙස භාවිත කරන amazon.com හි සිදු වූ server drop down එක මගින් සනාථ වන්නේ Cloud App වල ER design සහ Design pattens ඉතා නිරවද්‍ය වියයුතු බවයි.මිට මාස කිහිපයකට ඉහතදි අප කවුරුත් දන්නා Apple Inc හි Server වලටත් ආක්‍රමන එල්ල වුනි.එය සිදු විමට හේතු වී ඇත්තේ ඉහත කී දුර්වලතා වෙන්න පුලුවනි.

කෙසේ වෙතත් මේ වන විට ලෝකයේ ඇති ප්‍රබලම ක්ලවුඩ් ඇප්කෙෂන් එක වනුයේ අප කවුරුත් දන්නා Google වේ.

කෙසේ නමුත් අනාගත ලෝකය ඉතා විශාල ලෙස Cloud Computing සමග සම්බන්ධ වනබවත් පරිගනකයේ අනාගතය මේ මත ගොඩ නැගෙන බව අවිවාදයෙන් පිළිගත හැක.

නංගියේ... මටත් නුඹ වගේ නංගියෙක් ඉන්නවා.....

මදක් නැවති සිතන්න.......
ඔබටත් හදවතක් තියෙනවානම්, මේ චුටි නංගියාට ජිවත් විමට වරම් ලබා දෙන්නට මෙලොවදි ඔබ කරන මහගු පුණ්‍ය කර්මයක්,
ඔබ ලග මනුස්සකමක් තියෙනවානම් හැකි අයුරින් මේ චුටි නංගියාට නව ලෝකය දකින්න උදවූ කරන්න.
මේ තියෙන්නේ මේ නංගියාගේ වෙබ් අඩවිය ගිහින් බලන්න http://www.ruvinirangana.com
මදක් හිතන්න අපිට ලෙඩක් හැදුනහම අපේ අම්මා තාත්තා කොච්චර කලබල වෙලා දුක් වෙනවාද කියලා.මේ චුටි නංගියගේ අම්මාටයි තාත්තාටයි කොච්චර දුකක් ඇතිද හිතලා බලන්න.ඇත්ත නේද කියලා ඔයාගේ හදවතට තට්ටු කරලා අහන්න.ඇත්ත නේද කියලා?එතකොට ඔයාට හදවත කියයි ඇත්ත කියලා.
ඔයාගේ හදවතට දැනුනොත් උදවු කරන්න ඔනේ කියලා උදවු කරන්න...
"මතක තියා ගන්න අපිත් මේ තැනට ඇවිත් ඉන්නේ ඒ පුංචි අවධිය පසු කරලා බව"