Tuesday, June 24, 2014

PHP ගෙදර තියෙන දේවල් හොයමු

මම අද මේ කොටසින් කිය දෙන්න යන්නේ කොහොමද අපේ PHP ගෙදර තියෙන දේවල් හොයන්නේ කොහොමද් කියලා.

අපි කලින් පොස්ට් එකේ කතා කලා මතක ඇති කොහොමද අපි PHP පාවිච්චි කරලා අපේ Database එකට දා ගන්නේ කියලා . අද බලමු ඒ අපි දා ගත්තු Data කොහොමද අපි View කර ගන්නේ කියලා .

සැ:යු :- මම අද එදා කියලා දීපු පොඩි පොඩි දේවල් කියා දෙන්නේ නෑ ඒවා ඔයාලට මතක තියෙන්න ඔනේ ඒ දේවල් මතක කරන්නම් 

අපි දැන් වැඩේට බහිමු PhpStorm අරගෙන අපි කලින් හදපු Project එකම භාවිතා කරමු ඒ Project එකේම අලුත් PHP File එකක් හදා ගමු මම ඒකට නම දෙනවා db_date_view කියලා අවුලක් නෑනේ :D


ඒවගෙම් තව File එකක් හදා ගන්න db_view කියලා . හරි දැන් File දෙකම හදා ගෙන ඉවරයි 
මුලින්ම db_date_view කියන File එක Open කර ගන්න .
මම හිතනවා ඔයාලා ට දැන් HTML පිලිබදව යම් කිසි දැනුමක් ඇති කියලා .

<a href="db_view.php">View My Data </a>

දැන් පොඩ්ඩක් ඔයාලගෙ Page එක Run කරලා බලන්න නිකන් කැතයි කැතයි වගේ නේ අපි මේක ටිකක් ලස්සන කර ගමු 
තාප්පයක් බැදලා පාට ගා ගමු . මෙන්න මේ CSS එක දා ගන්න ඔයාලා කැමති විදිහට මේක වෙනස් කර ගන්න පුලුවන් 

<style type="text/css">
    .pageLink{
        margin: auto;
        width: 100px;
    }
    .pageLink a{
        border: 1px solid #999;
        color: black;
        display: block;
        font: 12px arial;
        padding: 10px;
        text-align: center;
        text-decoration: none;
        border-radius: 5px;
    }

    .pageLink a:hover{
        background-color: #999;
        color: white;
        font-weight: bold;
    }
</style>
<div class="pageLink">
<a href="db_view.php">View My Data </a>
</div>

මතක තියා ගන්න CSS එක දා ගන්නේ <head> Tag එක ඇතුලේ හොදේ.
දැන් ගන්න අපි හදා ගත්තු අනෙක් File එක 
දැන් තමා භයානක කොටස පටන් ගන්නේ ඒත් ඔයාලා භය වෙන්න එපා අපි දැන් Database එක Connection එක හදා ගමු මෙන්න මේ විදිහට 

######### Start Database Connection ####################################
const HOST_NAME = "localhost"; //host name
const DATABASE_NAME = "blogspot"; //database name
const USER_NAME = "root"; // database user name
const PASSWORD = ""; //database password

$link = mysql_connect(HOST_NAME, USER_NAME, PASSWORD);
if (!$link) {
    die('Not connected : ' . mysql_error());
}

$db_selected = mysql_select_db(DATABASE_NAME, $link);
if (!$db_selected) {
    die ('Can\'t use ' . DATABASE_NAME . ' : ' . mysql_error());
}
########### End Database Connection ###################################

මේ Database Connection එක හැම වෙලාවෙම හදන එක අමාරුයිනේ එක නිසා තව ලෙසි ක්‍රමයක් තියෙනවා කත් කියලා දෙන්නම් ඊ ලග දවසේ හොදේ .

දැන් තියෙන්නේ Mysql Query පාවිචි කරලා අපේ දත්ත View කර ගමු .

SELECT * FROM user_data
**මෙතන user_data කියලා පාවිචි කරලා තියෙන්නේ අපේ Database Table එකේ නම **

$my_data = mysql_query("SELECT * FROM user_data");

දැන් අපේ දත්ත ටික අපි හදා ගත්තු $my_data කියන variable  එකට ඇවිත් තියෙන්නේ එහෙනම් අපේ වැඩේ ඉවරයි නෙද එහෙනම් echo කරලා බලන්න . 

අයියෝ අපේ දත්ත ටික වෙනුවට error එකක් ඇවිත් නේද .අපිට අපේ දත්ත ටික Print කරගන්න ඔනේ නම් return වෙන value, array එකකට දාගන්න ඕනි. 

හොදයි දැන් මෙන්න මෙහෙම කරමු 

$row = mysql_fetch_array($My_data);

**මම මෙතන $row කියලා හදා ගෙන් තියෙන Variable එක ඔයාලට කැමති නම්ක් දා ගන්න පුලුවන් හොදේ**

හරි දැන් echo කරලා බලන්න එත් error එක එනවා නෙද ? Array කියලා මේකා error එකක් නෙමෙ කියල කියන්න් පුලුවන් මොකද
Array එකක් කියන්නේ හරියට ලාච්චුවක් වගේ අපේ ලාච්චුවේ ගොඩක් අයිතමයන් තියෙනවානේ ඒවා අතරින් අපිට එක එක වෙලාවට ඕනේ අයිතමයන් විතරනේ ගන්නේ අන්න ඒ වගේ.Array එකෙන් අපිට ඔනේ ටික විතරක් ගන්න ඔනේ තේරුනාද ?

while ($row = mysql_fetch_array($result)) {
    echo $row['name'];
    echo $row['email'];
    echo $row['address'];
    echo $row['phone'];
    echo "</br>";
}

දැන් මෙන්න මේක දාගෙන බලන්නකෝ දැන් echo වෙනවා නේද ? දැන් සතුටුයි නේද ? මේක ටිකක් ලස්සන කර ගමු නෙද ?
<style>
table{
        background-color: transparent;
        font: 12px arial;
        margin: 50px auto;
        padding: 10px;
        width: 400px;
    }

    table tr:first-child{
        text-align: left;
    }
    table tr td{
        font:12px arial;
        text-align: center;

    }
</style>

echo "<table border='1'>";
while ($row = mysql_fetch_array($result)) {
    echo "<tr>";
    echo "<td>" . $row['name'] . "</td>";
    echo "<td>" . $row['email'] . "</td>";
    echo "<td>" . $row['address'] . "</td>";
    echo "<td>" . $row['phone'] . "</td>";
    echo "</tr>";
}


echo "</table>";

දැන් ඒකත් හරි නෙද ? 

මුලදි මුලදි නිකන් එපා වෙන ගතියක් එනවා ඒක හරි යනවා ටිකක් පුහුණු වීම් කරන්න

සම්පුර්න Code එක මෙන්න බා ගන්න 

වැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේ 
මොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න


5 comments:

  1. දෙවනි පාඩමේ තිබුන විදියට නම, මේල් එක, ලිපිනය, ‍දු.ක. තියන වගුව නං ආව. දැං තියනව තව ප්‍රශ්නයක්.
    1.ඔය දීල තිබුන ස්ක්‍රිප්ට් ටික නෝට්පෑඩ්++ වලට කොපි කරල සේව් කරල තමයි මම අර වගුව ගත්තෙ. PhpStorm නං බාගත්තෙ නෑ. දවස් තිහකට ගන්න PhpStorm ට්‍රයල් එකක් නැතුව වෙනම සො‍ේට්වෙයා එකක් නැද්ද?
    2.මට ඉගනගන්න උවමනා කරන්නෙත් අර වගුව හැදුව වගේ, ෆෝම් හදල ඩේටා දාගන්න පොඩි පොඩි දේවල් ටිකක් ඉගනගන්න තමයි.
    වැඩේ අමාරු වෙයිද?

    පාඩම් ටික නියමයි. කවද හරි කවුරුහරි මේවයෙන් ඉගනගනීවි. පෝස්ට් ටික (හෙඩිමට ඉස්සරහින්) අංක කලා නං ලෙහෙසියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ් අයියේ
      01. PhpStorm නැතිව කර ගන්න පුලුවන්
      NetBeans ඔයා මේ Software එක බා ගන්න https://netbeans.org/downloads/ මතක තියා ගන්න ඔක්කොම තියෙන එක බා ගන්න ඒක ඉදිරියට ලෙසි . ඒක 210 MB විතර තියෙනවා :D

      02.වැඩේ කර ගන්න පුලුවන් කිසිම අමාරුවක් නෑ අයියා

      මම අනිවා පොස්ට් ටික අංක කරන්නම්

      Delete
    2. අනේ බං මේ වැඩේ හරියන්නෙ නෑ. මම අමාරුවෙන් නෙට්බොංචි ඩවුන්ලෝඩ් කරගත්ත. ඒක ඉන්ස්ටෝල් කරන්න ගියාම එනව එරර් එකක්.

      වෙල්කම් ටු ද නෙට්බීන්ස් කියල ඇවිල්ල බේස් අයිඩීඊ, ජාවා එස්ඊ්,......වගේ ලිස්ට් එකක් එනව.
      අන්තිමට 'නෝ කම්පැටිබල් ජ‍ේඩීකේ වෝස් ෆවුන්ඩ්' කියල එන්නෙ. ඊට පස්සෙ නෙක්ස්ට් දීල ඉස්සරහට ගියාම JDK(ටීම්) වලට පාත් එකක් ඉල්ලනව. ඉස්සරහට යන්න බෑ. මේ JDK(ටීම්) කලින් ඉන්ස්ටෝල් කරල තියෙන්න ඕනද?

      Delete
    3. බය වෙන්න එපා හරි යනවා ඔයා JDK එක බා ගන්න IDE එක දාද්දි එන Link එකෙන් ඊට පස්සේ අවුලක් නෑ නැත්නම් මෙන්න මේ ටික බලන්නකෝ
      http://www.visualcplusdotnet.com/javaopensource/netbean89javaeejsfweb.html

      Delete
  2. මම අර ෆෝම් එක පුරවල සේව් කලා. ඒ දත්ත ගබඩා වෙල‍ා තියෙන්නෙ කොහේද?

    ReplyDelete