Thursday, June 5, 2014

PHP ගෙදර බිත්ති බැදලා , තීන්ත ගාමු


දවස් කිහිපයට පස්සේ අපි දැන් PHP ගේ හදලා ඉවර වෙලා දැන් හදන්නේ අපි හදන form එකක් පාවිච්චි කරලා database එකට දත්ත save කර ගන්නේ කොහොමද කියලා බලන්න .
හොදයි එහෙනම් මම හිතනවා ඔයාලා HTML ගැන සහ PHP ගැන අපේ Google අයියාගෙන් අහලා බලලා තොරතුරු හොයා ගෙන ඇති කියලා දැන් අපි වැඩේට බහිමු .

ඒ සදහා අපිට ඔනේ කරන මෙවලමක්  ( Tool ) එකක්  තියෙනවා එක නම් IDE එකක් . IDE එකක් කියන්නේ PHP වැඩ කර ගැනිමට තියෙන වැඩසටහනක් ( Program එකක් ) හරියට අපි පිංතූර සකසා ගැනීමට පාවිච්චි කරන රූපකඩේ ( Adobe Photoshop ) වගේ :D



PHP සදහා පාවිච්චි කරන IDE ගොඩාක් තියෙනවා කිහිපයක් නම්


01. JetBrains PhpStorm
02. Aptana Studio
03 . NetBeans IDE ( මේක පාවිච්චි කරන්නේ ගොඩාක් Java මෘදුකාංග සංවර්ධනය කිරීමට නමුත් මේ IDE එකෙනුත් PHP වැඩ කර ගන්න් පුලුවන් )

PhpStorm කියන IDE එක Commercial එකක් එක නිසා ඒක් ගන්න සල්ලි ඔනේ අපි ලග සල්ලි නැති නිසා අපි crack කරපු virsion එකක් පාවිච්චි කරමු නෙද ?

torrent ඔනේ තරම් තියෙනවා එහෙම් නැත්තම් මෙන්න මේ ලින්ක් එකට ගිහින් PhpStorm  බා ගන්න    හැබැයි මේක Trial Virsion .
 අනිත් එක අපි හැමෝටම අන්තර්ජාලය නෑනේ එක නිසා මොකක් හරි Time Base පැකේජ් එකක් දා ගෙන මේ ඔනේ කරන් ටික බා ගන්න එක කර ගත්තා කියලා  පාඩුවක් නෑ .

මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ PhpStorm පාවිච්චි කරලා කොහොමද වැඩ කර ගන්නේ කියලා දැනට දැල්බොංචි ( NetBeans ) පාවිච්චි කරන අයවලුන් අලුත් IDE පුරුදු වුනා කියලා වැඩි වෙන්නේ නෑ හොදේ :P

දැන් අපි අපේ HTML Form එක හදා ගන්න පටන් ගමු . ඒ ඔක්කොටම කලින් අපි බලමු කොහොමද PhpStorm වල් අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේ කියලා ( Project ) මම කරන පිළිවෙල රූප සහිතව දාලා තියෙනවා ඒවා බලාගෙන ඔනේම කෙනෙක්ට ඉදිරියට කරගෙන් යන්න පුලුවන් .

01. PhpStorm ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා PhpStorm ඕපන් කර ගන්න



02. දැන් අලුත්ම Project එකක් හදා ගනිමු ( Project එකට නමක් දීලා එහෙම Location වෙන්න ඔනේ www ෆෝල්ඩර් එකමයි )
* Ex:- E:\wamp\www




03. දැන් ඔයාලට මෙහෙම පෙනෙයි



04. හ්ම්ම්ම්ම් ....... දැන් අපි අලුත් PHP ෆයිල් එකක් හදා ගමු ඒකට නම index කියලා දෙන්න ( ඒ ඇයිද කියලා මම හේතුව පසුව පැහැදිලි කරන්නම් )



05. දැන් මෙන්න මෙහෙමයි



06. දැන් මෙන්න මේ HTNL code එක දාලා Save කරලා Run කරලා බලන්න

දැන් ඔයාලාට පේනවා ඇති index.php කියලා file එකක් හැදිලා
<?php    ?> 
 කියලා කොටසක් ඇවිත් තියෙනවා. 
හැම PHP code එකක්ම ගහන්න ඕනි ඔය
<?php    ?> 
Tag ඇතුලේ තමයි. අපි PHP පාවිච්චි කරද්දී විතරක් දැනට Tag එක use කරමු නැත්නම් ඔයාලට එපා වෙනවා 
 php code විතරක් නෙවෙයි html, javascript,css වගේ ඒවත් ගහන්න පුලුවන්. 
 එහෙම නැත්තම් PHP tag වලින් එලියේ ගහන්න ඕනි.  

<html>
<head>
<title>PHP</title>
</head>
<body>
<form action="" method="post" name="firstForm">
    <table>
        <tr>
            <th>Name :</th>
            <td><input type="text" name="fname" class="textfield"/></td>
        </tr>
        <tr>
            <th>eMail :</th>
            <td><input type="text" name="email" class="textfield"/></td>
        </tr>
        <tr>
            <th>Address :</th>
            <td><input type="text" name="address" class="textfield"/></td>
        </tr>
        <tr>
            <th>Phone No :</th>
            <td><input type="text" name="phone" class="textfield"/></td>
        </tr>
        <tr>
            <th></th>
            <td><input type="submit" name="submit" value="Save"/></td>
        </tr>
    </table>
</form>
</body>
</html>




07. දැන් ටිකක් හිතට ෆිට් නේද ? නිකන් කැතයි කැතයි වගේද එහෙනම් <head> tag එක ඇතුලේ මෙන්න් මේ CSS එක දා ගන්නකෝ

 <style type="text/css">
 form {
            background-color: purple;
            margin: 0 auto;
            padding: 20px;
            width: 300px;
            border-radius: 5px;
        }
        form table tr th {
            font-family: Georgia, Arial, Verdana, sans;
            font-size: 12px;
            font-weight: normal;
            text-align: right;
        }
        form .textfield {
            width: 200px;
        }
        .textfield:focus {
            border: blue solid 1px;
            border-radius: 3px;
            padding: 3px;
            color: brown;
        }
        form table tr td .button {
            text-align: right;
        }
        form table tr th {
            color: white;
        }
    </style>



( CSS ලිනය හැටි වෙනම ඉගෙන ගන්න ඔනේ නෑ ඔයාට පාවිචිකරද්දි තේරෙනවා )
තව CSS අපේ වෙබ් පේජ් එකට ඈදා ගන්න විදි කිහිපයක් තියෙනවා ඔය මම උඩින් දා ගන්න කිවුව ක්‍රමයට කියන්නේ
Embedding CSS into the HTML

කියලා ප්‍රධාන ක්‍රම 4 යි

* Linking to a separate CSS file
* Embedding CSS into the HTML
* Adding Inline CSS to HTML tags
* Importing a CSS file from within CSS

මම මෙකට <table > tag පාවිච්චි කරලා තියෙන්නේ ලස්සනට format කර ගන්න් ඔනේ නිසා නැත්තම් CSS වලින් මේක කර ගන්න පුලුවන් ඒක ඔයාලට එක පාරටම කියලා දුන්නොත් අවුල්  කියලා  හිතුන නිසයි කලේ නැත්තේ .
හැබැයි දැන් <table > tag පාවිච්චි  කරනේම නැති තරම් <table > tag දාලා කරන්නේ පරන ක්‍රමයක් .

මේ form එකේ action="" විදියට දාලා තියෙන්නේ form එකේ data ටික process වෙන්න ඕනි මේ file එකටම නිසා. වෙන file එකකට යවා ගන්න ඕනි නම් ඒ location/fileName.php දෙන්න.

08.දැන් අපි HTML form එක හදා ගෙන ඉවරයි දැන් කරන්න තියෙන්නේ Database එක හදලා ඒකට data Save කර ගන්න තමයි .
ඒකට WAMP icon එක left click කරලා  phpMyAdmin තෝර ගන්න.
දැන් මෙන්න මෙහෙම පෙනෙයි අනිත් අයට 9 වෙනි පියවරේ තියෙන විදිහට පෙනයි


09. පියවර 


දැන් කරන්න තියෙන්නේ පහත තියෙන රූප වල පෙන්නලා තියෙන විදිහට කරගෙන යන එක 
තේරුනාද   ?

01 . Databases කියන ටැබ් එක ක්ලික් කරන්න 



02. create  new database කියලා තියෙන තැන කැමති database name එකක් දෙන්න. මම දුන්නේ blogspot කියලා 



03. දැන් create table කියන තැන Name එක "user_data" කියලත්, Number of fields තැන 5 කියලත් දෙන්න.Go click කරන්න 



04. එන window එකේ මේ values දෙන්න. 


  • id
  • name
  • email
  • address
  • phone

ඔයාලා කලබල වෙන්න එපා ඔය ත්යෙන්නේ Type කියලා තියෙන ඒවා ගැන පස්සේ කියලා දෙන්නම් මම කරලා තියෙන විදිහට කරන්න Type වලට ඒ Type එකම දාන්න ටික් කරලා තියෙන ඒවා ටික් කරන්න 

05. දැන් මෙන්න මෙහෙම පෙනෙයි




06.අම්මෝ ඇති යන්තන් දැන් අපි Database එක හදා ගෙන ඉවරයි 


දැන් form එකේ තියෙන data අරගෙන මේ data base එකේ user_data table එකට insert කරගමු.

දැන් ඔයාලගේ index.php file එකේ උඩින්ම PHP tag එකක් open කරලා 
<?php 

?> ලෙස 
මෙන්න මේ code එක දා ගන්න 

################################ Save User Data ##################################
if(isset($_POST['submit'])){
    // get form data
    $FristName = $_POST['fname'];
    $Email = $_POST['email'];
    $Address = $_POST['address'];
    $Phone = $_POST['phone'];

    $sql_data = "INSERT INTO `user_data` ( `name`,  `email`,`address`, `phone`) VALUES ( '" . $FristName . "', '" . $Email . "','" . $Address . "', '" . $Phone . "');";
    mysql_query($sql_data);
}
#################################################################################

දැන් මේ code එකෙන් කරන්නේ form එකේ ඔයාලා type කරපු data variable වලට සමාන කර ගන්නවා
මේකේ  මම  if එකක් දාලා චෙක් කරලා බලන්නේ save කියන  button එක click කරලා තියෙනවද කියලා check කර ගන්න.ඒ කියන්නේ අපි හදපු form එක data fill කරලා submit කරලා තියෙනවද කියලා දැන ගන්නයි .
 $Phone = $_POST['phone'];

$Phone කියන්නේ අපි හදා ගන්න variable එක
$_POST['phone'] කියන්නේ අපේ form එකේ input tag එකේ name="" කියලා අපි දාපු නම.

$_POST සහ $_GET කියලා තව Data pass කරන ක්‍රම දෙකක් තියෙනවා ඒ පිලිබදව ඒ ලග පොස්ට් එකේදි කියලා දෙන්නම් .

මේ ගත්ත value ටික database එකට දාගන්න නම්, අපි හදපු form එකයි database එකයි link කරගන්න ඕනි.
මේ ඒ දේ කරගන්න තියෙන තියෙන code එක.

########################## Start Database Connection ################################
const HOST_NAME = "localhost"; //host name
const DATABASE_NAME = "blogspot"; //database name
const USER_NAME = "root"; // database user name
const PASSWORD = ""; //database password

$link = mysql_connect(HOST_NAME, USER_NAME, PASSWORD);
if (!$link) {
    die('Not connected : ' . mysql_error());
}

$db_selected = mysql_select_db(DATABASE_NAME, $link);
if (!$db_selected) {
    die ('Can\'t use ' . DATABASE_NAME . ' : ' . mysql_error());
}
######################## End Database Connection ###############################



මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කොමෙට් එකක් දාලා අහන්න නැත්තම් මට PM කරන්න

සම්පුර්න Code එක මෙන්න බා ගන්න 

වැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේ 
මොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න


3 comments:

  1. ඔබ තවමත් සාමාජිකත්වය ලබා නොගත්තේද?
    ▪ තාක්ෂණික ගැටළු
    ▪ එදිනෙදා ජිවිතයේ පැන නගින ගැටළු
    ▪ අන්තර්ජාල මුදල්
    ▪ ඇතුළු අනෙකුත් ඕනෑම ගැටළුවලට පිළිතුරු පහසුවෙන් එකමතැනකින්. LKTips.com
    ඔබත් දැන්ම එකතුවන්න, අන් අය සමග දැනුම බෙදාගන්න

    http://lktips.com

    ReplyDelete
  2. නරක නෑ ව‍ගේ. මම බැලුව අඩවි ගනනාවකට ගිහිල්ල‍. හැ‍මෝම කියල දෙන්‍නෙ දන්න උදවියට විතරයි. තවත් එකක්. ම‍ගේ මැසි‍මෙ wamp දාන්න බෑ.xamo නං දාන්න පුළුවන්. නමුත් ඒ‍කෙන් කරන විදිහ කවුරුත් කියල නෑ.

    වෙරිෆිකේෂන් අයින් කරන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තව දවස් 2 කින් මම දාන්නම් කොහොමද xamp වලින් වැඩ කරන්නේ කියලා එකත් අමරු නෑ මේ වගේම තමයි රාජ්

      Delete