Sunday, September 8, 2013

joomla 1.5 සිංහලෙන් ඉගෙන ගමු පාඩම 02

අපි කලින් post එකෙන් joomla 1.5 install කර ගත්තා නේ. එකේ ඔයාල administration log වෙලා Extensions -> Template manager ගියොත් පෙනෙයි ඔබට සපයන Default Template (beez, rhuk_milkyway, JA_Purity)ත්‍රිත්වය එයින් ඕනම එකක් ඔයලට use කරලා Edit කරන්න පුලුවන්. එත් අලුත් ලස්සන template එකක් දාගන්න කව්ද අකමැති ඉතින් අද කියන්න යන්නෙ අපේ joomla site එකට අලුත් template එකක් දාගන්නෙ කොහොමද කියලා කියන්න. එකට අපිට ඉස්සෙල්ලම අලුත් template එකක් හොයා ගන්න වෙනවා.පුලුවන්නම් හොද එක්ක හදා ගන්න එත් එක ටිකක් ලෙඩ වැඩක්. Google එකේ free joomla 1.5 template කියලා සෙව්වොත් අපිට ඕනතරම් template හොයා ගන්න පුලුවන් ඉතින් අඩුව තියෙද්දි අත පුච්ච ගන්න ඕන නෑ නේ. ඉතින් ඔයලත් මේ වගේ template එකක් හොයා ගන්න මම මෙතන ඒ වගේ free template සපයන site කීපයක් සදහන් කරන්නම්.



හරි ඉස්සෙල්ලම ඉහත ඕන එකකට ගිහින් ඔයාල ආස template එක download කරගන්න.දැන් administration login එකට ගිහින්

 Extensions -> Install/Uninstall:

එකෙ ඔයාලට පහත window එක ලැබෙයි.
Upload Package File කියන තැනින් අපේ download කරගත්තු template එක browse දෙන්න දැන් click upload & install. අපිට ඕන නම් Install from URL මගින් කෙලින්ම අපේ template එකේ url එක දීලා කෙලින්ම install කරන්නත් පුලුවන්
දැන් හරි දැන් තියෙන්නෙ අපි අලුතෙන් දැම්ම template එක අපෙ site එකේ default template එක කරන එක .එකට
Extensions -> Template manager:


 දැන් පහත window එක ලැබෙයි


 
එකෙ අපි අලුතෙන් install කරපු template එක තෝරලා උඩ තියන තරුව click කරානම් හරි.
ඔක්කොම හරි දැන් Preview ගිහින් බලන්න ඔයාලගෙ අලුත් template එක කොහොමද කියලා.ඉදිරියෙදි මම බලාපොරොත්තු වෙනවා අපි මේ දාගත්තු template එක අපිට ඕන විදියට හදා ගන්නෙ සහ අපි අපේ joomla site එකට Article, Module, Plug in වගේ දෙවල් දාගන්නෙ කොහොමද කියලා කියලා දෙන්න එතකන් ගිහින් එන්නම්.

එතකල් ඔයාලත් පොඩ්ඩක් හොයලා බලන්න මොනවද Article, Module, Plug in කියන්නේ කියලා

No comments:

Post a Comment