Tuesday, September 3, 2013

Joomla 1.5 සිංහලෙන් ඉගෙන ගමු - පාඩම 01 (හදුන්වාදීම)

හුග දවසකින් ආවේ මේ පැත්තට,
PHP පාඩම යන අතරතුර මම හිතුවා Joomla ටිකකුත් කරන්න 
සැ. යු :- Joomla වල Version  කිහ්පයක් ඇවිත් තියෙනවා මම මේ කරන්නේ ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් Version 

කෙටියෙන්ම කිව්වොත් joomla ( joomla අල ගිය මුල ගිය තැන් දැන ගන්න ඕන නම් මෙතන බලන්න ) කියන්නෙ CMS(content management system /හරියටම කියනවනම් web content management system)එකක් ඒ කියන්නේ ඔයාල කව්රුත් දන්න Wordpress, Drupal වගේ අපිට පහසුවෙන්න websites හදාගන්න පුළුවන් software එකක්.CMS එකක් කරන්නෙ අපේ website එකේ සියළුම content (text, photos, music, video, documents ..etc) track කරලා manage කරලා දෙන එක. CMS එකක තියන ප්‍රධාන වාසිය තමයි අපිට මෙය භාවිතා කරන්න කිසිම විශේෂ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවීමයි. Joomla 1.මලාවේ 1.0 ට පසුව ආව අලුත්ම විශේෂාංග රාශීයක් එක්ක වර්ථමානයේ බහුලව භාවිතා කරන්නේ joomla 3.1



පහත දැක්වෙන ඕනම ගණයෙ site එකක් අපිට joomla use කරලා පහසුවෙන්න හදා ගන්න පුලුවන්

  • Corporate Web sites or portals
  • Corporate intranets and extranets
  • Online magazines, newspapers, and publications
  • E-commerce and online reservations
  • Government applications
  • Small business Web sites
  • Non-profit and organizational Web sites
  • Community-based portals
  • School and church Web sites
  • Personal or family homepages
මේ හැමදෙයක්ම අපිට කරන්න පුලුවන් වෙන්නෙ විශේෂයෙන් joomla 1.5 වල තියන features නිසා.ඒවා වෙන වෙනම ඉදිරියෙදි අපි ඉගෙන ගමු.
දැන් අපි බලමු කොහොමද joomla භාවිතා කරලා තමන්ගෙම කියලා හොද website එකක් හදා ගන්නෙ කියලා. ඒකට අපි ඉස්සෙල්ලම joomla 1.5 install කරගෙන ඉමු. joomla install කරන ප්‍රධාන ක්‍රම 2ක් තියනවා

01.Remote Host Installation:-w - ඒ කියන්නෙ hosting company එකක server එකක අපේ site එක host කර develop කරන්න යනවා නම්, එතකොට අපි අපේ site එක access කරන්නෙ Internet එක හරහා මේ විදියට joomla install කරන්න නම් ගොඩක් පහසුයි මොකද ගොඩක් hosting service providersලා එක click එකකින් joomla install කර ගැනීමේ පහසුකම සපයනවා.නැත්නම් localhost install කරලා මම කලින් post එකේ කියපු විදියට server එකට upload කරන්නත් පුලුවන්.

02.Localhost Installation:-s - මේ කියන්නේ දෙයියනේ කියලා තමන්ගෙම computer එකේ joomla install කරන එක.

මේ මොනවිදියට කරත් joomla install කරන computer එකේ තිබිය යුතු අවම අවශ්‍යතාවයන් කිපයක් තියනවා ඒවා තමයි..
  • operational Web server (Apache )
  • a database (MySQL )
  • server side scripting language (PHP)
කෙටියෙන් කිව්වොත් අපි කරන්න හදන්නෙ අපේ siteඑක අපේම server එකේ host කරන්න. ඉතින් එකට අපේ server එක MySql, php එක්ක Configure කරගන්න ඕන. අපි වෙන වෙනමApache, MySql, php manually install කරන්න ගියොත් ඇතිවෙන ලොකුම හිසරදේ තමයි Configure කරන එක . ඒක ටිකක් සංකීර්ණ නිසා මම මෙතන ඒක කියන්නෑ..කාට හරි manually install and configure කරන්නෙ කොහොමද කියලා දැන ගන්න ඕනනම් කියන්න මම ඒකට වෙනම post එකක් දාන්නම්.

මේ ප්‍රශනේට පිළිතුර තමයි මේ software තුනම එකට configure කරලා එකට තියන ready made package එකක් භාවිතා කිරීම.හරිම ලේසියෙන් අපිට මේ package එකක් install කරගන්න පුළුවන් වගේම ඉහත තුනේම කාර්යන් මැනවින් මෙය ඉටුකරනවා.ඉතින් දැන් ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ පහතින් ගැලපෙන package එකක් තෝරාගෙන තමන්ගේ computer එකට install කරගන්න එක.

  • WAMP for Windows Down
  • MAMP for Apple Mac OSX Down
  • LAMP for Linux (and other Unix) Down
  • XAMPP Multi-platform –Mac Windows, Linux, Solaris, Down
හරි දැන් තියෙන්නෙ joomla install කරගන්න .ඒකට කරන්න තියෙන්නෙ අපේ දැන් install කරගත්තු (ready made package ) server එකේ root directory එකට ගිහින්( WAMP නම් www, XAMPP නම් htdocs) අපි download කරගත්තු joomla 1.5.zip file එක extract කරන එක. joomla තියෙන්නෙ .zip file එකක් විදියට අපිට තියෙන්නෙ root directory එකට extract කරන්න විතරයි. ඔන්න දැන් තමයි joomla install කරන්න පටන් ගන්නේ, මම කියලා දෙන්න යන්නෙ Web Browser Installation එක.

පියවර 1
දැන් web browser එක අරන් එකේ localhost( 127.0.0.1) කියලා type කරන්න.මෙතනදි ඔයාලා joomla.zip extract කලේ root directory එක අතුලෙනම් localhost දෙන්න.එහෙම නැතුව තවත් sub directory එකක් අතුලේ unzip කරානම් එකත් එක්ක url එක දෙන්න.e.g :- joomla කියන folder එක අතුලෙ unzip කරානම්localhost/joomla කියලා url එක දෙන්න. URL එක දීලා Enter කරපු ගමන් ඔයාලට දකින්න ලැබෙනේ පහත වගේ screen එකක්



මෙතනින් තියෙන්නෙ අපිට භාෂාව තෝරන්න, default එන්නෙ English(UK) අපිට පස්සෙ ඕන නම් සිංහල දාගන්න පුලුවන් දැනට English(UK) තෝරමු. යමු Next


පියවර 2

Pre-installation Check

මෙතනින් කරන්නෙ joomlaවලට අවශ්‍ය කරන වෙනත් අධාරක හරියට තියද කියලා බලන එක.මේක නිකං error handling එකක් වගේ මෙතන එක කොටසක හරි No කියලා තිබුනොත් ඒ කියන්නෙ එතන මොනවහරි අවුලක් එහෙනම් අපිට ඒක නිවැරදි කරන වෙනවා. ඔක්කොම yes නම් Next

පියවර 3
වැඩක් නැත්නම් License එක කියවන්න නැත්නම් accept කරලා යමු.
පියවර 4
මෙතනින් කරන්න තියෙන්නෙ අපෙ site එක link කරන database එකේ තොරතුරු ටික දෙන එක. database එකක් නැත්නම් අලුතෙන් හදා ගන්න. SQL උදව් ඕන නම් මෙතනින් ගන්න.(Wamp, Xampp default User Name එක root විදියටත් Password එක හිස්වත්, Password එකක් නැතුව තමයි එන්නෙ. )
පියවර 5

ඊළග පියවර වෙන්නෙ FTP account configure කරන එක. අපි තාම localhost කරන නිසා මේක අවශ්‍ය නෑ..

පියවර 6
මේ පියවරෙදි අපිට අපේ website එකට නමක් දෙන්න පුලුවන් ඒ වගේම අව්ශ්‍යනම් admin e-mail එක දෙන්න.වැදගත් දේ තමයි password එක මේක use කරලා තමයි පස්සේ අපිට site එකට login වෙන්න පුලුවන් වෙන්නෙ.අනිත් වැදගත් දේ තමයි sample data. ඔබ joomla වලට අලුත් නම් Sample Data install කරගන්න.එවිට අපෙ site එකට default content එකතු වෙනවා ඒ මගින් අපිට jooomla features අධ්‍යනය කරන්න පුලුවන්.


පියවර 7


අපිට මේ screen එක ලැබුනා කියන්නෙ අපේ joomla installation එක හරි. එත් වැඩ පටන් ගන්න නම් තවදෙයක් කරන්න තියනවා.ඒ තමයි අපේ Server package installation එකේ root directory එකට ගිහින් එකේ තියන පහත පෙන්නා ඇති installation folder එක delete කරන එක.


මෙම installation folder එක ඉවත් කරනකම් එතනින් ඉදිරියට මුකුත් කරන්න බෑ. එක නිස්සා එක ඉවත් කරලා admin හෝ site button එක use කර පහත login screen එක ගන්න පුලුවන්.joomla වල default Username එක වෙන්නෙ admin ,password එකට අපි පියවර 6දි භාවිතාකරපු එක use කරන්න ඕන.


අපි පියවර 6දි sample Data install කරපු නිසා login වෙලා preview බැලුවොත් අපේ siteඑක ලස්සනට බලාගන්න පුලුවන්.හැබැයි ඒ අපිට ඕන විදියට නෙමෙයි.ඒ නිසා මේක අපිට ඕන ව්දියට හදා ගන්නෙ කොහොමද කියලා ඉදිරියෙදි බලමු. මේ වගේ joomla demo එකක් මෙතනින් බලාගන්න.

මට කියලා දුන්නේ මෙන්න මෙයා තමයි :- Mr.Janaka Ranathunga (ජනක සර් )

6 comments:

  1. Thanks Malayo....
    Word verfication eka aynkaranne. ekath ekka comments danna eka wadayak

    ReplyDelete
  2. පට්ට ඈ... ඒ දවස් වල මේවා කලේ මෙලෝ දෙයක් දන්නේ නැතුව නේ.(පාන්දර දෙක තුන වෙනකං නිදිමරාගෙන ඉගැන්නුවේ.) දැන් නම් නියමෙට තේරෙනවා... Thank you Rangana අයියා...

    ReplyDelete
    Replies
    1. බොහොම තුති කොමෙන්ටුවක් කොටලා සහයෝගයක් දුන්නාට

      Delete