Thursday, May 29, 2014

PHP ගේ හදමු


මුලින්ම මම මෙහෙම කියන්නම් ඔයාලා අන්තර්ජාලයේ සැරි සරද්දී දකින වෙබ් සයිට් එකක් කියන්නේ ලොකූ දෙයක් කියලා හිතන් හිටියට ඒවා හදලා තියෙන්නේත් ඔයා මම වගෙම් මිනිස්ස්සු ඒක මතක තියා ගෙන ඉදිරියට කරගෙන යමු
ඔනෙම දෙයක් මුලින් පටන් ගන්න ගියහම අමාරුයි එත් පස්සේ එකේ විදිහ අල්ල ගත්හම වැඩේ ලේසි .
තව දෙයක් මම PHP වල "අ" යන්න කියා දුන්නේ ජනක සර් තමා .

ඉතින් අපි මුලුන්ම ඕනෙම දෙයක් කරන්න කලින් සැලැස්මක් තියෙන්න ඔනේ
අපි මුල ඉදන් සරලව වැඩේ පටන් ගමුකෝ... තව දෙයක් .!


තමන් අමාරුවෙන් Internet එකේ හොයලා හොයලා ඒ දේ හොයාගෙන ඔයාගේ අවශ්‍යතාවය ඉටු කර ගත්තාහම දැනෙන සතුට ඔයාලට දැනෙනේ නැතිනම් මේක් කරන්න එපා අනිත් එක ටිකක් ඉවසන්නත් වෙනවා ,

ඇත්තටම PHP කියන් නේ Free Download කරගන්න පුලුවන් එකක්. Open Source එකක්. ඔයාලා දන්නවා ඇති  ඕනම web site එකක් right click කරල view source ගියාම ඒකේ
* html
* javascript
* CSS වගේ ගොඩාක් ජාති පෙනවනේ මේ කියපු දේවල් දන්නේ නැති නම් ඒක අමතක කරලා දාන්න ඉහත කියපු දේවල් හා තව දේවල් මම දන්න විදිහට කියලා දෙන්නම් .
ඔයාලා දන්නවා ඇති පරිඝණක භාශා ගොඩාක් තියෙනවා ඒවා අතරින් එකක් තමා PHP කියන්නේ . ( ඒ ගැන දන්නේ නැති නම් එකත් අත ඇරලා දාන්න )

ඔයාලා දන්නවා අපි හදන වෙබ් පේජ් View කරන්න අපිට අනිවාර්යෙන් වෙබ් සර්වර් එකක් ඔනේ ( මම කියන්නේ PHP ගැන අපිට HTML නම් සර්වර් එකක් ඔනේ නෑ View එක බලන්න )

අපිට මේක Local Server එකක් කියලා හදුන්වන්න පුලුවන් සරලව
අපි හදන වෙබ් සයිට් එක ලෝකෙටම පෙන්නන්න [ www ] ඔනේ නම් අපි අනිවාර්යෙන් Online Server එකක් මිල දී ගතයුතු වෙනවා [ Server එකක් mila මිලදී ගන්නේ නැතිව අපි හොදටම දන්න Dropbox එක අපිට පාවිච්චි කරන්න පුලුවන් ඒක මම පස්සේ කියලා දෙන්නම් ]

හරි දැන් අපි Local server & PHP බාගත කර ගමු . මෙතනට ගිහින් බා ගන්න

ඔයාලට දල HTML දැනුමක් තිබිය යුතුයි ඒ පිළිබදව දැන ගැනීමට මෙතන් කොටන්න

හරි දැන් ඔයාලා බාගෙන Install කර ගන්න Install කරද්දී සැළකිලිමත් විය කරුනක් නම් C:/ වෙනුවට D:/ පාවිච්චි කරන මෙන් අවවාද කරනවා

WAMP Server එක Install කරහම අපිට අවශ්‍ය හැම දේම Install  වෙනවා

W - Windows
A - Apache
M - My SQL
P - PHP

01. ඔක්කොම කරලා ඉවර වෙලා මෙන්න මේ වගේ අයිකොන් එකක් ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ ඇති දැන් ඒක Run කරන්න
02. දැන් W අකුරක හැඩයි ගත් අයිකොන් එකක් ඔයාලගේ ඩෙස්ක්ටොප් එකෙ ඔරලොසුවට වම් පැත්තට වෙන්න ඇති
03. ඔය W අකුර අනිවාර්යෙන් කොළ පාට වෙන්න ඔනේ නැත්තම් කහ පාටට හුරු පාටක් නම් ඒ අයිකොන් එක තාම Local Server එක Ready නෑ

දැන් ප්‍රධාන කොටස් වලින් එකක් අවසන් දැන් අපි පොඩි PHP Code එකක් Run කරලා බලමු නේද ?



මුලින් බලන්න ඔයා wamp Install කරපු drive එකේ wamp කියලා folder එකක් ඇති. එකේ www කියලා folder එකක් ඇති. ඒ www  folder එකට තමයි ඔයා හදන file ඔක්කොම save කරන්න  ඔනේ .

දැන් ඒකේ folder එකක් හදාගන්න කැමති නමකින්. මං හදනවා test කියලා. දැන් ඒ test folder එක ඇතුලට ගිහින්
WWW Folder එක ඇතුලේ test folder අලුත් .txt File එකක් අලුතෙන් හදලා මෙන්න මේ සරල කෝඩ් එක දාලා Save කරන්න

<?php

echo "Your Name Success " 

?>

දැන් Save කරලා File extension .txt වෙනුවට .php කියලා Save කරන්න

දැන් අර ඔරලෝසුවට වම් පැත්තෙන් තියෙන W අයිකොන් එක Left Click කරලා ඒකෙන් localhost කියන එක Click කරන්න .



එතකොටම ඔයාලා සෙට් කරපු default browser එක වෙලා මෙන්න මේ වගේ Home Page එකක් පෙන්නයි ඒකේ පහලින්ම ඇති  බලන්න your projects කියන තැන ඔයා www folder එකේ හදපු folder එකේ නම. ඒක click කරන්න



Ex:- localhost/folderName

දැන් ඔයාට පේනවානම්
Your Name Success
කියලා ඔයා ගොඩ නැත්නම් ඔයා දැන් ඔයාගේ පළවෙනි PHP කෝඩ් එක ප්‍රින්ට් කලා Good Luck

ගෙදර වැඩ : -
කොහොමද HTML වලින් text field , button , දාන්නේ කොහොමද කියලා මේකට ගිහිල්ලා බලන්න ඔනේ හොදේ .

මොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න



3 comments:

  1. කමෙන්ට් අඩු වුනාට සැලෙන්න එපා.පටන්ගත්ත ගැන්මටම කරගෙන යන්න මගෙන් සුභපැතුම්.....

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි සදරුවන්

    ReplyDelete
  3. Comments සහ page views කියන්නේ රහට තියෙන බ්ලොග් වල දකින්න තියෙන දෙයක්. මේ වගේ අධ්‍යාපනික බ්ලොග් අඩවි වල ඒවා අඩුයි. ඒක මේ රටේ හැටි (වෙන්න ඕනේ)
    ගණං ගන්න එපා.

    ඔයා සාර්ථකයි.

    ReplyDelete