Thursday, June 5, 2014

PHP ගෙදර බිත්ති බැදලා , තීන්ත ගාමු


දවස් කිහිපයට පස්සේ අපි දැන් PHP ගේ හදලා ඉවර වෙලා දැන් හදන්නේ අපි හදන form එකක් පාවිච්චි කරලා database එකට දත්ත save කර ගන්නේ කොහොමද කියලා බලන්න .
හොදයි එහෙනම් මම හිතනවා ඔයාලා HTML ගැන සහ PHP ගැන අපේ Google අයියාගෙන් අහලා බලලා තොරතුරු හොයා ගෙන ඇති කියලා දැන් අපි වැඩේට බහිමු .

ඒ සදහා අපිට ඔනේ කරන මෙවලමක්  ( Tool ) එකක්  තියෙනවා එක නම් IDE එකක් . IDE එකක් කියන්නේ PHP වැඩ කර ගැනිමට තියෙන වැඩසටහනක් ( Program එකක් ) හරියට අපි පිංතූර සකසා ගැනීමට පාවිච්චි කරන රූපකඩේ ( Adobe Photoshop ) වගේ :D

Thursday, May 29, 2014

PHP ගේ හදමු


මුලින්ම මම මෙහෙම කියන්නම් ඔයාලා අන්තර්ජාලයේ සැරි සරද්දී දකින වෙබ් සයිට් එකක් කියන්නේ ලොකූ දෙයක් කියලා හිතන් හිටියට ඒවා හදලා තියෙන්නේත් ඔයා මම වගෙම් මිනිස්ස්සු ඒක මතක තියා ගෙන ඉදිරියට කරගෙන යමු
ඔනෙම දෙයක් මුලින් පටන් ගන්න ගියහම අමාරුයි එත් පස්සේ එකේ විදිහ අල්ල ගත්හම වැඩේ ලේසි .
තව දෙයක් මම PHP වල "අ" යන්න කියා දුන්නේ ජනක සර් තමා .

ඉතින් අපි මුලුන්ම ඕනෙම දෙයක් කරන්න කලින් සැලැස්මක් තියෙන්න ඔනේ
අපි මුල ඉදන් සරලව වැඩේ පටන් ගමුකෝ... තව දෙයක් .!

Saturday, April 12, 2014

මතු ආත්මෙදිත් ඔයා මගේ කරදරකාර නංගිම වේවා !

නංගියේ මතකද උබට උප ඉස්සෙල්ලාම ගෙදර ආපු දවස අම්මත් එක්ක රෝහලේ ඉදලා ආපු දවසේ අපිට ( මටයි මල්ලිටයි ) උබව බලන්න අල්ලන්න හුරතල් කරන්න දුන්නේ නෑ හැබැයි ඉඩක් ලැබුනේ සැනින් මම උබව බැලුවා අම්මාටත් හොරෙන් උබ හරියට හා පැටියෙක් වගේ ගුලි වෙලා බයෙන් නිදා ගෙන හිටියා .

එදා මම ආසාවට උබව අල්ලන්න ගිහින් අම්මාගෙන් හොදටම බැනුම් ඇහැවුවා මොකද උබ තාම චුටිම චුටි ළමයෙක් නිසා ඉක්මට ලෙඩ රෝග හැදෙන්න පුලුවන්ලු ( පසු කාලෙක මම දැන ගත්තා එහෙම වෙන්න තියෙන ඉඩ කඩ වැඩි කියලා  ) කොහොමෙන් කොහොමෙන් හරි මම

Saturday, March 29, 2014

සැබැ නොවුනත් මම මගේ පුංචි හීනයට හැමදාමත් ආදරෙයි

අතීතය ගෙවී ගොස්ය. අතිතයේ අප තැබූ ආදරණීය සිහිවටන ගොන්නක් ඔයාගෙත් මගෙත් හදවතේ ඉතිරි කර. අපේ සුන්දර බැදීම පමණක් සොරාගෙන අතීතය  යන්නම මම තවමත් ඒ සුන්දර අතිතයට ආදරය කරනවා.
බලන බලන අත පෙනෙන පෙනෙන අත අප දෙදෙනාගේ ආදරයේ නොමියෙන මතක සටහන් වේ නැතහොත් අප දෙදෙනාගේ අහිංසක ප්‍රේමයේ සුන් බුන් අප දෙදෙනාගේ සිත් තුළ නිදන් ගත ඒ ආදර මතකයන් කේසේ අතුගා දමන්නද ?
ලෝකයාට පෙනෙන්නට මා සිනාසුවාට , ලොවට රහසක් වූ මගේ ඒ ආදරයේ මතක සැමරුම් මා අදටත් රිදවා ඒ මතකයන්  මාව රිදවූවත් ඒ රිදෙන වේදනාවටත් මම ආදරෙයි .

Thursday, November 21, 2013

ඇත්තද සයිබර් යාළුවො ආයෙ Set වෙනවා කියන්නෙ?

ගිනියම් ඉර ........ සඳ සිසිලස ............අතරේ හොයනවා හොයනවා අපි අපි කවුරුද?


වෙහෙස කාරී ජීවිතේ ඉන්න අතරෙම.. ඔබට ඉතිං කොහොමද?

සයිබර් අවකාශයේ බ්ලොග් ලියන සහ රසවිඳින ඔබ හැමෝම ප්‍රමාණයෙන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැනෙ. හැමදාමත් මිතුරු හවුල් වලට අලුත් අලුත් යාළුවො එකතු වෙනවා. ඉතින් හැමෝම දැන හඳුනා ගැනීම ඇත්තටම වැදගත්.සයිබරයේ යාළුකම් කොයි තරම් සොඳුරුද කියලා ඔබ දන්නවානෙ. 


ටික ටික දෙනා එකතුවෙලා බිම් මට්ටමේ පුංචි පුංචි උත්සව අවුරුද්ද පුරාම ගත්තාට මොකද, 2013 සිහින සයිබර් සැණකෙළියෙන් පස්සෙ අපිට ආයෙත් හැමෝටම එකතු වෙන අවස්ථාවක් නිර්මාණය කරන්න බැරි වුණානෙ. ඉතින් අපි හිතුවා නිවාඩු උඳුවප් මාසෙ ඒකට සුදුසුම කාලය කියලා..දුර ඈත රටවල්වල ඉන්න යාළුවොත් මේ කාලෙට ලංකාවට එන විත්තිය අපි දන්නවානෙ. ඉතිං දැන් අපි දිගටම වැඩ.


මේ වෙනකොට එක එක තැන් වල අපි Cyber Get to gather සංකල්පයෙ උත්සව නිර්මාණය කරලා තිබෙනවා. හැබැයි මෙවර ඒ උත්සවයට නව අර්ථ කථනයක් දෙන්න අපි සූදානම්.