Saturday, April 12, 2014

මතු ආත්මෙදිත් ඔයා මගේ කරදරකාර නංගිම වේවා !

නංගියේ මතකද උබට උප ඉස්සෙල්ලාම ගෙදර ආපු දවස අම්මත් එක්ක රෝහලේ ඉදලා ආපු දවසේ අපිට ( මටයි මල්ලිටයි ) උබව බලන්න අල්ලන්න හුරතල් කරන්න දුන්නේ නෑ හැබැයි ඉඩක් ලැබුනේ සැනින් මම උබව බැලුවා අම්මාටත් හොරෙන් උබ හරියට හා පැටියෙක් වගේ ගුලි වෙලා බයෙන් නිදා ගෙන හිටියා .

එදා මම ආසාවට උබව අල්ලන්න ගිහින් අම්මාගෙන් හොදටම බැනුම් ඇහැවුවා මොකද උබ තාම චුටිම චුටි ළමයෙක් නිසා ඉක්මට ලෙඩ රෝග හැදෙන්න පුලුවන්ලු ( පසු කාලෙක මම දැන ගත්තා එහෙම වෙන්න තියෙන ඉඩ කඩ වැඩි කියලා  ) කොහොමෙන් කොහොමෙන් හරි මම

උබව හරියට දකිද්දී උබ අපේ ගෙදරට ඇවිත් මාසයකට ආසන්න කාළයක් ගිහින් .
උබව ඉස්සේල්ලාම වඩා ගත්තු දවසේ මට දැනුනේ මම හරි ලොකු මිනිහෙක් කියලා මොකද මම ගෙදර ලොකු අයියා මට මල්ලි කෙනෙකුත් නංගියෙකුත් ඉන්න නිසා . මම එදා උබව ගොඩාක් පරිස්සමට වඩා ගෙන හිටියේ උබ ලග අමුතු සුවදක් නම් තිබ්බා එක මට කවදාවත් අමතක වෙන්නේ නෑ . අම්ම කිවුවේ නංගිට රිදෙයි වැඩිය අල්ලන්න ඉබින්න යන්න එපා කියලා ( හැබැයි නංගියේ උබ දන්නවානම් මේ ලොකු අයියා උබව ඉබින්න ගිහින් අම්මාගෙන් කොච්චර බැනුම් අහන්න ඇතිද කියල උබ අම්මාගෙන්ම අහලා බලාපන්  ) .

කොහොම හරි තවත් ටික දවසක් යද්දි උබ කෑ ගහලා අඩන ප්‍රමාණය වැඩි උනා උබ එහෙම අඩද්දි උබ , ගොඩාක් කැමති උබව වඩාගෙන ඇවිදිනවට ඒකත් ගේ ඇතුලේ බෑ එලියමට යන්න ඔනේ .
උබ ආපු දවස් වල තාත්තා නම් හිටියේ මුලු ලෝකෙම දිනලා වගේ තාත්තා කියන විදිහට තාත්තාට හරි ගියේ උබ අපේ ගෙදරට ආවට පස්සේලු ( දැන් ඉතින් උබ උඩ යන්න එපා  මම කිවුවේ තාත්තා කියපු දේ )  මේකත් මතක තියා ගනින් උබ ආපු දවසේ ඉඩලා මටයි මල්ලිට නම් ඉතින් කුඩම්මාගේ සැලකිලි තමා මොකද උබ එන්න කලින් අපේ ගෙදර ආපු හැමෝම හෙවුවේ මල්ලීයි මාවයි එත් දැන් නම් ඒ කාටවත් අපිව මතක නෑ හැමෝව හොයන්නේ උබව . ඒකට කමක් නෑ උබ අපේ එකීනේ නෙද?

උබ ආපු දවසේ මුලු ගෙදරම එලිය වැටිලා ( හැබැයි දැන් නෑ ) . හැමෝම උබට සලකන්නේ බලන්නේ උබ ගැන , උබ ගැන බලලා තමයි අපිව බලන්නේ ඒත් අපි දෙන්නා උබත් එක්ක තරහා නෑ බන් . තාත්තා නම් කියන්නේ උබව රෝස මලක් වගේ අපි පරිස්සම් කලාට කවදා හරි දවසක උබ වෙන ගෙදරකට එලිය දෙන්න යනවා කියලා මේක සිද්දිය දුවෙක් ඉන්න හැම තාත්තා කෙනෙක්ම දුක් වෙන තැනක් වෙන්න ඇති ඒ දුක දැනෙන්නනම් මමත් තාත්තා කෙනෙක් වෙන්න ඔනේ ( ඒත් ඒක කවදාවත් වෙන්නේ නෑ  ).
කොහොම හරි දැන් උබ ටික ටික ඇවිදින්න උත්සහා කරනවා ඒ දවස් වල අපි උබට නමක් දා ගත්තා " සිගිති  " කියලා . එක එක විකාර නමකින් උබට කතා කරනවට වඩා ඒ නමට් අපි හැමෝම කැමති වුනා එදා ඉදලා උබේ රියල් නම වෙනුවට සිගිති කියන නම ලියාපදිංචි වුනා .
 උබ් වගෙම සිගිති කියන් නමෙත් අමුතු හුරතල් බවක් තිබ්බා ,සිගිති ටික දවසක් යද්දි හරිම හුරතල් කරදර කාරියක් උනා මොකද ඔයාට තම අකුරු කියවලත් නැති දවස් වල අපි ස්කෝලේ වැඩ කරද්දී ඔයාටත් ඔනේ ඒ වගේ අකුරු ලියන්නමයි ඔයාව රවට්ටන්න හරිම අමාරු වුනා ඔයාට මම රවුම් අදින්න කිවිවහම ඔයා කිවුවේ මම අදින්නේ රවුම් නෙමේ ඒවා වල තව ඉරි තියෙනවා කියලා මතක් වෙද්දිත් හිනා යනවා ඔයා අඩාගෙන අම්මා ලගට දුවගෙන් ගියේ ඔය අදින රවුම් වල ඉරි නෑ කියලා මෙහෙම තව අවුරුදු කිහිපයක් මගේ කරදරකාරිත් එක්ක ගෙවලා දැම්මා පස්සේ ඔයත් පෙර පාසල් යන්න පටන් ගත්තා ඔයගේ වචන වලින් කියනවා නම් ඔය කිවුවේ කවුරු හරි ඇහැවුවහම කොහෙද ගියේ කියලා ඔය කිවුවේ ලොකු ඉස්කොලේ ගියා කියලා. 
ඒ දවස් වල අපිට පාසල් නිවාඩු කාලෙට ඔයාව මොන්ටිසෝරි ගෙනියන රාජකාරිය පැවරුනේ මට මුලින් ආසවෙන් කලත් පස්සේ පස්සේ මට ඒක එපා වුනා මොකද ඔයා අහන ඒවා මට තෙරෙන්නේ නැති නිසා අනිත් එක ඔයත් එක්ක බස් එකේ එනවා කියන්නේ ඉවරයි ( ඒක නම් ලොකු පවක් අයියා කෙනෙක් මුහුන දෙන  " තව ඒවා තියෙනවා නෙද ?  " )
කොහොම කොහොම හරි කාළය ටික ටික ගෙවිලා ගිහිල්ලා ඔයා ඇත්තටම ලොකු ස්කෝලේ යන්න පටන් ගත්තා ඒ දවස් වල ඔයගේ එකම ඉල්ලීම පාට පැන්සල් ඔයාට සතියට එක පෙට්ටියක් ඉවර කරනවා මොකද ඇදලා නෙමේ උල් කරලා . හෙමින් සැරේ ඔයා අපි හැමෝටම හොරෙන් 5 වසරටත් ආවා දැන් තමා ගෙදර යුද්දේ පටන් අරගෙන තියෙන්නේ .

අම්මා අපිට මෙහෙම කියනවා සිගිතිට විභාගේ එක නිසා හවස ටීවී බලන්න බෑ සද්දෙට සිංදු අහන්න බෑ ගෙදර මළ ගේ වගේ අමාරුවෙන් ඒ අවුරුද්දත් ගෙවලා දැම්මා වැඩේ කියන්නේ ඔයත් එක්ක දාපු පලවෙනි ඔට්ටුවම මම පරාද වුනා ඔයා ලකුනු 131 අරගෙන පාස් වුනා . ඉස්කෝලත් මාරු කලා දැන්.

දැන් ඔයාට සමාජේ තේරෙන්න පටන් ගන්නවා විවිධ විවිධ දේ හොයනවා එක එක මෝස්තර කරන්න පටන් ගන්නවා අන්න එතකොට නම් මට මල පනිනවා මොකද ඔය මොන මෝස්තර කලත් ඒ මෝස්තරේ ඉවර කරන්නේ ලොකු අයියේ කියලා නිසා . ඔයා මගේ ආදරණිය නංගි නොවුනා නම් දනී මම කරන දේ එත් මොනවා කරන්නද උබනේ මට ඉන්න එකම සහෝදරී නේද ? කොහොම හරි උබ අපේ හිත් වල ලොකු ඉඩක් අපිටත් නොදෙනිම අරගෙන .

මාගේ පඩි දවස ලන් වත්ම ලොකු අයියේ ඔයාට පුලුවන්නම් මට පොඩි අදුමක් ගන්න සල්ලි දෙනවද එහෙම අහලා කොහොම හරි ඔයා දිනනවා දිනලා ඔයාට තනියෙන් යන්න දෙන්නේ නැති නිසා මමත් චුටි අයියාත් ඔයත් එක්ක එනවා අනේ එදාට අයියලා දෙන්නාට බුදු සරණයි එක දතක් වත් නැති වෙන තරමටම ඔක්කොම් ගලවලා අයියෝ .
සිගිති ඔයත් එක්ක ඉන්න ජීවිතේ හරිම සරලයි මගේ ජීවිතේ මට නැති වුන දේවල් අමතක කරවන්න ඔයා ගොඩාක් උත්සහ කරනවා නංගියේ මට ඒක තෙරෙනවා එකනේ උබ මගෙ නංගි වෙලා මම අයියා වුනේ ඔයාගේ උත්සහය කවදාවත් මම අඩු තක්සේරු කරන්නේ නෑ නමුත් ඒ දේවල් ඔයාගේ ලොකු අයියාගේ හිතින් අමතක කරන්න බෑ සිගිති .
ඔයා තාම මගෙ පොඩි නංගි ඔයාට ජීවිතේ දවසක තේරේවි .දවසින් දවස ඔයා දැනුම් තෙරුම් ඇති කෙනෙක් වෙනවා මම , ඔයාගේ උපන් දින සුභ පැතුම මෙසේ සයිබර් අවකාශයට එක් කරන්නම් සිගිති ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා
මතු ආත්මෙදිත් ඔයා මගේ කරදරකාර නංගිම වේවා !
ඔයා නම් ඇත්තටම දෙවියෝ දීපු තෑග්ගක් නංගියේ 

No comments:

Post a Comment