Saturday, March 29, 2014

සැබැ නොවුනත් මම මගේ පුංචි හීනයට හැමදාමත් ආදරෙයි

අතීතය ගෙවී ගොස්ය. අතිතයේ අප තැබූ ආදරණීය සිහිවටන ගොන්නක් ඔයාගෙත් මගෙත් හදවතේ ඉතිරි කර. අපේ සුන්දර බැදීම පමණක් සොරාගෙන අතීතය  යන්නම මම තවමත් ඒ සුන්දර අතිතයට ආදරය කරනවා.
බලන බලන අත පෙනෙන පෙනෙන අත අප දෙදෙනාගේ ආදරයේ නොමියෙන මතක සටහන් වේ නැතහොත් අප දෙදෙනාගේ අහිංසක ප්‍රේමයේ සුන් බුන් අප දෙදෙනාගේ සිත් තුළ නිදන් ගත ඒ ආදර මතකයන් කේසේ අතුගා දමන්නද ?
ලෝකයාට පෙනෙන්නට මා සිනාසුවාට , ලොවට රහසක් වූ මගේ ඒ ආදරයේ මතක සැමරුම් මා අදටත් රිදවා ඒ මතකයන්  මාව රිදවූවත් ඒ රිදෙන වේදනාවටත් මම ආදරෙයි .

අනේ කාළය ආපස්සට හැරවිය හැකි නම් කෙතරම් අගනේද?
අවාසනාවකට මෙන් මට එය කල කොහැකියි.
මා ඔබට අහිමව ගියද ඔබ මට අහිමිව ගියද මගේ ප්‍රතම ආදරයේ සුවද තාමත් මට දැනේ , ඒ සුවදට මම අදත් හෙටත් පෙම් බදිමි මන්ද කෙදිනක හෝ කෙසේ හෝ , සිනිනයකින් හෝ මට ලැබේ කියා බලා සිටි ඒ විශ්වාසය මා සිත තුළ පවතී .
ඔබ තවමත්, ඔබේ පුංචි දගකාරකම් කරමින් මගේ පුංචි හදවතේ සක්මන් කරනු මට් දැනේ ඒ මා දිවිය තුල ඔබ ලබාගත් ස්තානය මගේ දිවි ඇති තුරා ඔබට පමනයි. එය අදටත් හෙටටත් වලංගුයි." සුදු නෝනා "
ඔබෙන් ලද මහමෙරක් තරම් ලද ආදරය අදටත් මා තුල විරාජමානව ඇත.

"අපෙන් වෙන් වුන
ප්‍රේමයක් ගැන කතා නොම කර
පෙරදා වගේ සිනහා අරන්
මුණගැසෙන්නට බැරිද නුබ මට

ලංව දෑසින් ඔබේ නළලට
තනිවෙන්න හැර අපේ දෙහිතට
මොහොතකට තනි වෙලා හිද
වෙන්න යන්නට හමු වෙමුද අපි"

සැබැ නොවුනත් මම මගේ පුංචි හීනයට හැමදාමත් ආදරෙයි






















රංගන රුද්‍රිගු
29-03-2014

2 comments:

  1. අපි හුඟක් දෙනෙක් ලග සැබෑ නොවුන එක හීනයක් හරි තියෙනවා මිත්‍රයා..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සහෝදරයා ඒක හරි ලස්ස්නයි

      Delete