Friday, July 10, 2015

හිතුවක්කාර ආදරය - 14 කොටස


අම්මාගේ යෝජනාව පිළිබඳව මම මගේ ඇඳමතට වී පැයක් පමන කල්පනා කෙරුවෙමි. අම්මාගේ එම අදහස නිසා මට මේ දැනෙනෙ වේදනාව තරමක් අඩු කර ගැනීමට හැකියැයි විටක හිතුනද, එයද එතරම්ම දෙයක් නොවේවියැයි මට විටක සිතුනේ නැවත මිතුරන් ඇති කරගැනීමට නැවත ලෙන්ගතු හිතකට ආලකම් පෑමට මම අකමැති වූ නිසාය. නැතිනම් මට ඒ පිළිබඳව ප්‍රියක් නොතිබූ නිසාය.

"එහෙම හිතල හරියන්නෙ නැහැ දිනුක. මේ ඔයාගෙ ජීවිතේ අවසානෙ නෙමේ. ඔයා ඉදිරියට යන්න ඕන. නැතිනම් ඒක ඔයා ඔයාගෙ යාළුවො දෙන්නටත් කරන මදි පුන්චිකමක් වෙනවා නේද"
"අනේ මන්දා සර්.. මට තේරෙන්නෙ නැහැ මොනව කරන්නද කියලා. සම්පූර්ණ මගෙ ජීවිත කතාව නැවතිලා තියෙන්නෙ"
"මට ඔයාව නොතේරෙනව නෙමේ දිනුක. මම දන්නවා ඔයාට ආයෙමෙත් මෙතන්ට ඇවිල්ල වෙනද වගේ වැඩ කරන්න බැහැ. ඔයාගෙ අහිමි වීම ගැනැ මට නොතේරෙනව නෙමේ. මම මේ ඔයාට තේරුම් කරන්න හදන්නෙ, ඔයා ඉදිරියට යන්න ඕන කියන එක. මොකද ඔයා ටැලන්ටඩ් කොල්ලෙක්."
"හම්ම්ම්"



"හම්ම්ම් නෙමේ, මම කියන්නෙ ඔයාගෙ අම්ම ගෙනා යෝජනාව ගොඩක් හොඳයි. ඔයා මොනව හරි ඉගෙන ගන්න. ඔයාගෙ වයසෙ ළමයි එක්ක ටිකක් කාලය ගතකරනකොට ඔයාගෙ දුක හිමිහිට තුනී වෙලා යාවි. අනික තනියමත් ඉන්න ඕන නැහැනෙ එතකොට"



සරත් සර්ගේද මගේ අම්මා විසින් ගෙන ආ යෝජනාවට එකඟ වූයේ ඔහුද මා හට ඔහුගේම පුතෙකුට මෙන් ආදරය කල නිසාය. ඔහු මා හට ඕනැම වෙලාවක අපගේ කාර්යාලයෙන් ඉවත් වී යාමට මා හට විෂේෂ අවසරයක්ද ලබා දුන් අතරම නැවත ආ හට වැඩ කිරීමට කැමතිනම් ලබන සතියේ ඒ ගැන ස්තීරවම වචනයක් දෙන ලෙසද මට දන්වා සිටියේය. කෙසේ නමුත් මේ දිනවලදී මම කාර්යාලයේ නොමැති වීම නිසා මා වෙනුවට කොළඹින් කෙනෙකු තාවකාලිකව පැමින තිබුනි. එමෙන්ම ඔහුට වැඩ කටයුතු නියමාකාරව කරගෙන ඉදිරියට යාමට සම්පත්ගෙන්ද ලැබුනේ නොඅඩු සහයකි. සරත් සර් සමග පැවති දීර්ග සාකච්චාව අවසාන වූයේ හදිසියේම නිවන්ති පැමිනි නිසාය. ඇය අපගේ නිවසට ගොස් තිබූ අතර මම කාර්යාලයට පැමිනි බව ඇය අපේ ගෙදරින් දැනගත් නිසා ඇය කෙලින්ම කාර්යාලයට පැමිනියේ මා හමුවීමටය.

"ඇයි දිනුක ඔයාගෙ ෆෝන් එක වැඩ කරන් නැත්තෙ. මම කොච්චර ට්‍රයි කලාද"
"ෆෝන් එක කොහෙද දන්නෙ නැහැ අනේ. හම්ම්.. මම ඔයාලගෙ ගෙදර එන්න හිටියෙ. ඔයාට තාම සනීප මදි නේද"
"ඔව්.. දිනුක මට යන්න ඕන බ්‍රයන්වයි ඉමාෂවයි බලන්න. මට ඒ දෙන්නට අවසාන ගෞරව දක්වන්න ඕන"
"හම්ම්ම්.. යමු එහෙනම්. ඒ ලස්සන මතකයන් එක්ක ටික වෙලාවක් තිනිවෙන්න යමු"

නිවන්තිගේ එම යෝජනාව පිළිගත් මම ඇය හා සොහොන් පිටියට ගියෙමි. පසුගිය දවස් දෙකෙහිම මා එහි නොගිය නිසා අප දෙදෙනා එහි තිබූ පරණ මල් ඉවත් කර අතුගා පිරිසිදු කර ඉටිපන්දම් දැල්වුවේය. නිවන්ති ඇයගේ වේදනාව මට හොරා සඟවාගෙන, ඇයගේ ඇසට ආ කඳුළු බලෙන්ම සිරකරගෙන සිටිනා බව ඇගේ පැවති දැඩි නිහඬ බව නිසා මම තේරුම් ගත්තෙමි. එමෙන්ම ඇයට විවාහ යෝජනාව සඳහා බ්‍රයන් ගෙනා මුදුවද මාගේ සාක්කුවේ තිබුනි. එය මට අයිති නොවන දෙයක් නිසා මම ඇයට එය දීමට තීරනය කලෙමි. එය දීම සඳහා හොඳම වෙලාවත් හොඳම ස්තානයත් මෙය බව මම සිතුවෙමි.

"ඇයි නිවන්ති ඔයා නිහඬ"
"මේ වෙච්ච දේවල් මට හිතා ගන්න බැහැ දිනුක. බ්‍රයන්.. ඒ වගෙම මේ දඟකාරී..මෙහෙම දෙයමට මූන දෙන්න තරම් අපි කල පව මොකක්ද දිනුක"
"අඬන්න එපා නිවන්ති. ඔය කඳුළු තියාගන්න. මට ඔයාට දෙයක් කියන්න තියනවා. ඒක ඇහුවහම අඩන්න ඕනි උනොත් අඬන්න ඔය කඳුළු තියා ගන්න"
"මොකක්ද දිනුක ඒ .... ආ මේ මොකක්ද.. ලස්සන රින් එකක් නේද.. ඉමාෂට ඔයා ප්‍රොපෝස් කරන්නද හිටියෙ"
"මේක මට අයිති එකක් නෙමේ නිවන්ති. ඔය සිදුවීම වෙච්ච දා, ඒ කියන්නෙ ඔයාගෙ උපන්දිනේ දා අපි ඔයාට සප්‍රයිස් පාර්ටි එකක් ලෑස්ති කරල තිබුනෙ. බ්‍රයන් ඔයාට ගොඩක් ආදරේ කලා. ඔයාට ඒක දැනෙන්න ඇති. ඉතින් ඔයාට බ්‍රයන්ගෙ ආදරේ ගැන කියල ප්‍රොපෝස් ...."

මට මගේ වචන ටික අවසන් කිරීමට නොහැකි විය. මා බදා ඇය අඬන්න්ට් වූ යේ මෙතෙක් වෙලා නිහඬව තිබූ පරිසරයද කම්පා කරමින්ය. ඇගේ වේදනාව අඩුවෙනකම්ම මම ඇයට ඇඬීමට ඉඩ දී සිටියේ කඳුළු පිරුනු දෑසිනි. මිතුදම සහෝදරත්වය ආදරය ඇගේ කඳුලින් ගලා ගියේ මාගේ බැනියමද තෙත් කරමින්ය. මේ වැටෙනා වූ කඳුළු වලට කතා කරගන්න පුලුවන්නම් යැයි මම නිහ්ඬව සිතුවෙමි.



"ඔහොම අඬන්න එපා නිවන්ති. ඔයාට තාම් සනීපත් මදි නේද"
"අනේ දිනුක .. කොහොමද මම එහෙම කරන්නෙ.."
"මේ ඇස් දෙකෙනුත් ඔයිට වඩා කඳුළු වැටුන කෙල්ලෙ. ඔව් ඔයිට වඩා.. දැන් මට අඩන්න තේරෙන්නෙ නැහැ. ඇඬුවත් කඳුළු වැටෙන් නැහැ. ඒ තරමටම මම අඬන්න ඇති. මම දැන් ඒකට හුරු වෙලා නිවන්ති. දැන් කඳුළු කියන්නෙ මගෙ හොඳ යාළුවෙක් නිවන්ති. බ්‍රයන් නැති අඩුව දැනෙනකොට ඉමාෂගෙ ආදෙරේ අඩුව දැනෙනකොට ඒ හැම වෙලේම කඳුළු මගේ ලඟට වෙලා හිටියෙ මටත් හොරෙන් මටත් නොකියාම"
"අපි යමු දිනුක. පස්සෙ එමු ආයෙමත් මෙතන්ට. මට මෙතන ඉන්නකොට දුක දැනෙනවා වැඩියි දිනුක"
"හම්ම්"
"තව එකක් දිනුක, මේ රින් එක ඔයාගාවම තියා ගන්න"
"ඒක මට අයිති දෙයක් නෙමේ නිවන්ති. ඒක ඔයාට අයිති දෙයක්"
"මම දන්නවා දිනුක. ඒත් මේ කෙල්ලට මේක ලොකු බරක් වේවි දිනුක. බ්‍රයන් කියන්නෙ පුදුමාකාර කොල්ලෙක්. ඔයා මේක ඔයගෙ ඔය මාලෙ එල්ල ගන්න. කෝ ඉන්න.. මගේ අත් දෙකෙන්ම දාන්නම්"
"ඒත් නිවන්ති .."
"බ්‍රයන්ගෙ ආදරේ මේ රින් එකේ තියනවා දිනුක. ඒ ආදරේ මට වඩා ඔයාට වටීවි. ඔව් ගොඩාක් ඔයාට වටීවි. ම්ම්ම්ම් දැන් හරි. ඔයා මැරෙනකම්ම ඔය මාලෙ ඔය මුද්ද එක්කම කරේ තියාගන්න දිනුක. ඔයාට බ්‍රයන් ඔයාගෙ ළඟ ඉන්නවා වගේ දැනේවි. මටත් ඔයාල දෙන්න ඉස්සර වගේ එකට ඉන්නවා වගේ දැනේවි."

නිවන්තිගේ එම වචන කීපය නැවතත් මගෙ හිත පාරන්නට විය. විනාඩි දෙකක් පමන නිහඬව සිට අපි දෙදෙනාම අපේ යාළුවන් දෙදෙනාට සමුදුන්නෙමු. නිවන්තිවද ඇගේ නිවසට දමා මම බ්‍රයන්ගේ අම්මා දැකීමට ගියේ ඔවුන්ගේ සුව දුක් සොයා බැලීමටය. නමුත් මා දුටු විගස ඔවුන් සිලලු දෙනාගේම ඇස් කඳුලින් පිරීගියේ දුක් සෝ සුසුම් මැද්දේය. ඔවුන්ගේ සිත් පෑරුවායැයි මගේ සිතට සිතුවිල්ලක් පැමිනි නිසා ඉතා ඉක්මනින් ඔවුනටද සමු දුන් මම නිවසට පැමිනියේ පරණ මතකයන් තුල කිමිදීමටය. නමුත් මා නිවසට යන විටත් අමිල හා ඔහුගේ තාත්තා පැමින සිටියේ මාගේ සුවදුක් බැලීමටය. එමෙන්ම මා මේ තත්වයට වැටීමට හේතුව නැතිනම් සම්පූර්ණ විස්තරය අප අම්මා විසින් ඔවුනට කියා තිබුනි.

"යාළුවා.. අපි දැනන් හිටියෙ නැහැ මෙච්චව දෙයක්. මමයි තාත්තයි මේ ළඟකට ආව ගමන් ආවෙ මතක් වෙලා ඔයාව බලන්න කියලා. ඒත් මේ ඇන්ටි කිව්ව කතාව ඇහුවහම .. "
"වෙච්චදේවල් උනා අමිල. බොහොම ස්තූතියි ඔයාල මාව බලන්න ආවට"
"එහෙනම් පුතේ ඔයා ටිකක් විවෙක ගන්න. අපි ගිහින් එන්නම්"
"අනේ යන්න එපා දැන්මම. අම්මෙ මෙයාලට ඉන්න කියන්න කාල යන්න"
"අනේ බැහැ යාළුවා.. අද අපිට පොඩි ඩිනර් ඉන්වයිට් එකක් තියනවා. ඒ නිසා අද බැහැ. තරහ වෙන්න එපා. වෙන වෙලාවක එන්නම්කො"


හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...

No comments:

Post a Comment