"හිත හයියට තියාගන්න දිනුක, ඔයාගෙ දුක මට නොතේරෙනව නොවේ. "
සරත් සර් මා අසලට පැමින එසේ පැවසූවේයේ මාගේ ඇස් වලින් ගලා ගිය නොනවතිනා කඳුළු නිසා විය යුතුය. අවසාන වතාවටත් මම මගේ මිතුරාගේ අත ඇල්ලුවෙමි. මම ආදරය කල ඒ දඟකාරියගේ නලල සිප ඇයට මම සමුදුන්නෙමි. මම දෙවියන් වහන්සේගේ ස්තීර භත්හිකයෙකු නොවූවත් මගේ ළඟ සිටි මගේ මිතුරා හා ඒ ආදරේ මගෙන් මෙලෙස උදුරාගත්තේ ඇයිදැයි යන්න මම උන්වහන්සේගෙන් විමසා සිටියෙමි.
සරත් සර්ගේ ස්තූති කතාවත් සමගම ආගමික වැඩ කටයුතු හා අනෙකුත් සියළුවැඩ කටයුතු නිමා උවත් නිවන්ති මෙමෙ ස්තානෙයේ නැති අඩුව මට තදින්ම දැනෙන්නට විය. අප දෙදෙනාගේ ළඟින්ම සිටි මිතුරියක් වූ ඇය බ්‍රයන්ගේ එකම ආදර හිමිකාරියද වූවාය. ඇය වෙනුවෙන් බ්‍රයන් ඔහුගේ ජීවිතයද ඔට්ටු ඇල්ලූ අවස්තා අනන්තය. නමුත් ඇයට මෙම ස්තානයට පැමිනිය නොහැක. ඇයද ඇගේ ජීවිතය හා පොරබදිමින් සිටින්නේය. සියළුම වැඩ කටයුතු අවසානයේ සියළුම දෙනාගේ දුක් සෝසුම් මැද්දේ, කඳුළු වරුසාවන් මැද්දේ ඔවුන් දෙදෙනා අවසාන ගමන් ගියේ ලස්සන වූ මතකයන් සියළු දෙනාගේ සිත් තුල ඉතිරිකරවමින්ය. එමන්ම ලස්සන ආදර කතාවක ඇරඹුමම කඳුලක් කරමින්ය.
තප්පරයෙන් තප්පරය එකතු වී විනාඩිය ගෙවෙද්දීත් එම විනාඩි පැය වලට හැරවී දවස් පවා ගෙවී ගියේ මට නොදැනීමය. මා තවමත් එකම තැනමය. මා අසලට එන පිරිස හිත පාලනය කරගන්නා හැටි පැය ගනන් දේසනා දුන්නද, බුදුරදුන්වත් දේෂනා නොකල තරමට ධර්මය දේශනා කලද ඒ සියළු දේ ක්‍රියාත්මක කල යුත්තේ මාය. එහි ඇති නී රස විඳිය යුත්තේ මාය. ඉමාෂාගේ මතකයන්ගේ වේදනාව මගේ සිතට දරාගත හැකි වුවද බ්‍රයන්ගේ වෙන්ව යාම හිත පිළිනොගන්නේත්, හිතට දරාගැනීමට අපහසුවනුයේත් ඔහු මාගේ ආත්මය හා බැඳී සිටි මිතුරෙකු වූ නිසා විය යුතුය.
"පුතේ, හිත හදාගන්න බලන්න. මට තේරෙනවා ඔයා ඉන්න තත්වය. ඒත් වෙච්ච දේ උනා. බලන්න දැන් දවස් දහයකට වැඩිනෙ. ඔයා හරියට කෑමක්වත් කෑවෙ නැහැ"
"මට කන්න හිතක් නැහැ අම්මෙ"
"එහෙම කියල බැහැ පුතේ. ජීවිතේ හැටි ඔහොම තමා. මිනිස්සු එනව යනව. අපි ළඟ රැඳෙන්නෙ බොහොම ටික දෙනයි. මේ ජීවිත් ඔයා හිතන තරම් ලේසි නැහැ. හැබැයි අමාරුත් නැහැ. අපි සටන්කරන්න ඕන පුතේ. හම්ම්ම්ම්.. සරත් සර් කතා කලා. සඳුදට එන්න කිව්වා එයාව හම්බවෙන්න. ඒ ගමන් නිවන්ති දුවලගෙ ගෙවල් පැත්තෙත් ගිහින් එන්න. ඒ දුවට තාම සිහියක් නැහැනෙ"
"මම කොහොමද අම්මෙ ආයෙ ඔෆිස් එකට යන්නෙ. හම්ම්ම්ම්.. බ්‍රයන් නැතිම මම මේ ටවුන් එකේ ඇවිදල නැතිව ඇති දවස් දෙකකට වඩා. ඉතින් කොහොමද අම්මෙ මම තනියම කිසිදෙයක් නොවුන ගානට ඒ පාරවල්වල යන්නෙ ආයෙමත්."
"එහෙම කියල බැහැ. ඔයාට ඒකට මූණ දෙන්නම වෙනවා. ඔයා අකමැත්තෙන් හරි. මම දන්නවා මගෙ පුතාට පුළුවන් හිත හදාගෙන ආයෙමත් නැගිටින්න. ඔයාගෙ යාළුවට ඔප්පු කරල පෙන්වන්න දිනුක කියන්නෙ ශක්තිවන්තයෙක් කියලා. ඔයා ඔහොම ඉන්නකොට ඒ ළමයටත් දුක ඇති. දැන් කොහේ හරි ඉඳගෙන ඔයා දිහා බලාගෙන ඇති."
අම්මාගේ අවසාන වචන කීපය මගේ හිත තුල තදින්ම තැම්පත් විය. අම්මා නිවරැදිය. මා මේ ජීවිතයට මුහුනදිය යුතුය. බ්‍රයන් විෂ්වාස කල ඒ යාළුවා, ඉමාෂා ආදරය කල ඒ ආඩම්බරකාරයා නැවතත් පැමිනිය යුතුව ඇත. සරත් සර් පැවසූ පරිදි මම සඳුදා දින ඔහුව හමුවීමට කාර්යාලයට ගියෙමි. කොතරම් හිත එකතැනක තබා ගැනීමට උත්සහ දැරූවද බ්‍රයන් හා ඉමාෂා මෙමෙ ස්තානයට නැවත පැමිනෙන්නේ නැහැනෙ යන සිතුවිල්ල මගේ සිතට රිදුම් එක්කරන්නට විය. වෙනදා මෙන්ම කාර්යාලයේ සියළු දෙනාටම මාගේ සුපුරුදු සිනහවෙන් සංග්‍රහ කිරීමට හැකි නොවූවද මම ඔවුන් සමග සුහදව කතාකලෙමි. ඔවුන් සියළුදෙනාම මා අසල පැමින එකිනෙකා තමන්ගේ කනගාටුව ප්‍රකාෂ කලේ මා හා ඉමාෂාගේ ආදරයට වඩා බ්‍රයන් හා මගේ මිතුදම ඔවුන් දැන සිටි නිසාය. අප සියළු දෙනාම අතරට හදිසියේම සම්පත් දිව ආවේ මාගේ නම කියා කෑගසමින් අප සියළුම දෙනා පුදුම කරවමින්ය.
" දිනුක .. දිනුක .. නිවන්තිට සිහිය ඇවිත්ලු.. සර් එන්න ක්ව්වා ඔයාට කාර් එක තියන තැනට"
සම්පත් ඔහුගේ වචන කීපය කියා නිම කිරීමටත් මත්තෙන්ම මම සරත් සර්ගේ වාහනය අසලට දිව ගියෙමි. සම්පත් කියූ කතාව නිවැරදිය. නිවන්තිගේ ගෙදරින් සරත් සර්ට ඇමතුමක් ලබා දී තිබුනේ ඔවුනට මාව සම්බන්දකර ගැනීමට අපහසු වූ නිසාවෙනි. අපට හැකි ඉක්මනින්ම අප දෙදෙනාම නිවන්ති නවතා ඇති රෝහල වෙත ගියද අප දෙදෙනාම අතර පැවතියේ දැඩි නිහඬතාවයකි. අප එහි යනවිතත් ඇයගේ පවුලේ සියළුමදෙනා පැමිනතිබූ අතර ඔවුන් හා වචනයක්වත් නොදොඩා මම ඇය සිටිනා තැනට හියෙමි.
"ඔයාද දිනුක කියන්නෙ"
"ඔව් මිසී.."
"මෙයාට සිහිය ආව ගමන්ම ඔයාව තමා ඇහුවෙ. වැඩිය මහන්සි අරවන්න එපා මෙයාව. ඩොක්ටර් බලල ගියෙ දැන්. තව ටිකකින් ආයෙමත් එයි."
"ඕකේ මිසී .."
නිවන්ති මා සමග කත කිරීමට උත්සහ කලද ඇය අපහසුවෙන් සිටිනා බව මට වැටහූ නිසා ඉතා කෙටි සන්වාදයකින් පසුව මම ඇයට සමු දී ඇය සිටිනා තැනින් පැමිනියේ තවත් ඇයට විවේකය අවෂයය වූ නිසාය. නමුත් හදිසියේම පොලිසියේ මහත්වරුන්ද එම ස්ථානයට පැමිනියේ නිවන්තිගෙන් මෙමෙ සිද්දිය පිළිබඳව කට උත්තරයක් ලබා ගැනීමටය. ඔවුන්ගේ අදහස වූයේ මෙමෙ සිද්දිය සැක සහිත බවය. මක්නිසාදටත් දෙදෙනුකුට මරු කැඳවා තවකෙකු රෝහල් ගත කල මෙමෙ අනතුරින් ත්‍රීවීලය පදවාගෙන ගිය රියදුරාට සීරීමක්වත් සිදුවී නොතීබීම නිසාය. මේ පිළිබඳව පොලිසියෙන් ඔහුගෙන් ප්‍රස්න කිරීමකදී පවසා තිබුනේ, එක් අයෙක් යාමට හදිසි කල නිසා ඔහු දුම් රිය පැමිනෙන බව දැක දැකත් හරස් මාර්ගයෙන් දැමූ බවත් හා අනතුරක ඉව වැටූ නිසා තම ජීවිතය බේරා ගැනීමට ත්‍රීවීලයෙන් ඉවතට පැනගත් බවත්ය. මේ පිළිබඳව මාගේ අවදානයද යොමු උනේ පොලිසියේ මහත්වරුන් මා හට කරුනු කාරනා පැහැදිලිකලායින් අනතුරුවය. කෙසේ වෙතත් පැය දෙකක් පමන ගතවීමෙන් පසුව නිවන්තිගෙන් ප්‍රකාෂයක් ගැනීමට ඔවුනට හැකිවිය. ත්‍රීවීලයේ රියදුරාට සමාන වූ ප්‍රකාෂයක් නිවන්තිගෙන් ලැබීම නිසා සැක කටයුතු ප්‍රස්න රැසකට පොලීසියේ මහත්වරුන්ට පිළිතුරු ලැබූ බව මම විස්වාෂ කෙරුවෙමි.
නිවන්තිට සිහිය පැමිනියද ඇයව ඇගේ නිවස බලා ගෙනයාමට ඔවුනට අවසර නොලැබුනේ තවමත් පරීක්ෂන කීපයක් සිදුකිරීම ඉතා අතයයා අවෂය බව දොස්තරවරුන් පැවසූ නිසාය. එම නිසා තවත් සතියකට ආසන්න කාලයක් ඇයට එම රෝහලේම් ප්‍රතිකාර ලැබීමට සිදුවිය.
"අයියෙ, ඔයා මෙහෙම කාමරේටම වෙලා ඉන්නකොට අපිටත් දුකයි. බලන්න ඇඟේ හැටි, ඇදිල ගිහිල්ලා. වෙච්චදේවල් අමතක කරන්න බැරි උනත් උත්සහ කරන්න. මොකද ඔයා ඔයාටම ඔය විදිහට දුක් දුන්න කියල ඔයාට ඒ සිදුවෙච්ච දේ ආපහු හරවන්න බැහැනෙ"
"ඔයාට තේරෙන්නෙ නැහැ නංගි"
"අනේ මේ ... කෙහෙල්මල.. ඔයා නිකන් පිස්සෙක් වෙනවා. වැඩට යන්නෙත් නැහැ දැන්. අපිත් බයන් ඉන්නෙ ඔයාට මොනව හරි වෙයි කියලා. අම්මත් මේ ටිකේම ඔයා ගැන කල්පනා කරලද කොහෙද පෙෂර් එකත් වැඩිවෙලා. ඔයා ඔයාට ඔනෙ මගුලක් කරගන්න. ඒත් ටිකක් අපි ගැනත් හිතන්න"
නංගීගේ කන්දොස්කෙරියාව ඇසීමට අකමැති වූ මා නිවසින් එලියට පැමිනියේ ඉමාෂා හා බ්‍රයන් වල දැමූ ස්ථානය වෙත යාමාය. වෙනදා මෙන්ම එම ස්ථානය අතුගා පිරිසිදු කල මා සුදු මල් කීපයකින් හා ඉටිපන්දම් කීපයකින් ඔවුන්ගේ සොහොන් ආලෝකමත් කලේය. ඔවුන්ගේ සොහොන් අසල අතීත මතකයන් කීපයට මියැදුනු මම මුහුදු වෙරළ දෙසට ඇවිද ගියේ කිසිම බලාපොරොත්තුවක්, අරමුණක් නොමැතිවමය.
වෙනදා මෙන් නොව අද වෙරළෙහිද කවුරුත් නැත. එමන්ම නිසලය, නිහඬය. පෙමවතුන් පිරිවරාගෙන සිටි වෙරළ අද මා මෙන්ම තනිවී ඇතැයි මම සිතුවෙමි. ඉමක් කොනක් නොපෙනන නිසලව ඇති මුහුද දිහා බලාගෙන නිහඩව ගල්පරයක් මත වාඩි වී මම සිටියේ තනිවමය. මුහුද දෙසින් හමා ආ සුළඟින් මට ඇගේ සුවඳ දැනෙන්නට විය. කොතරන්නම් කාලයක් අප මෙහෙ අත් අල්ලාගෙන ගත කරන්නට ඇද්ද. කොතරන්නම් අයිස්ක්‍රීම් ප්‍රමානයක් අප කා නිම කරන්නට ඇතිදැයි මම සිතුවෙමි. විටෙක පෙම්වතුන් අසලට එන බොරු සාස්තරකාරයන්ටත් ඉමාෂා සාස්තර ඉගැන්වූ වාර අනන්තය. බොහෝ අවස්තාවලදී ඇයගේ කටකාරකම් වලට පරාද වී ඉවත යන්නෙ අපට නොකෙකුත් කටකොනින් මුමුනමින්ය. නමුත් ඒ සියල්ල මගේ අතීතයට එකතූ වී හමාරය. තාලයකට ගල්පරයේ හැපෙන රළ තවමත් එලෙසමය. අප මෙහි නැති උනද අයිස්ක්‍රීම් වෙලෙන්දෝ මෙන්ම සාස්තරකාරයෝද ඇත. නමුත් ඇය නැවත මෙමෙ ස්ථානටය පැමිනෙන්නේ නැත. මා හා අත් අල්ලාගෙන අයිස්ක්‍රීම් කෑමට, සාස්තර කිවීමට ඇය නැත. ඒ සියළුම දේ මා දුටු ලස්සනම සිහිනයක් යන තේමාව යටතේ මාගේ අතීතයට එකතු වී හමාරය.
මුහුදු වෙරලෙහි මා ඇගේ මහකයන් හා සමග සිටි බව මට මතකය. නමුත් මා හදිසියේම තරමක සුවපහසු වූ ඇඳක් මතට පැමිනියේ කෙසේදැයි මාගේ මතකෙයේ නොතිබුනි. පිළෛවෙලකට තිබූ මේසය, පිළිවෙලකට අසුරා තිබූ පාවහන් හා අනෙකුත් දේ නිසා මා සිටිනුයේ ආගන්තුක කාමරයක බව මට වැටහූ නිසා මම මා සිටි ඇඳෙන් නැගිටීමට උත්සහ කලෙමි.
"හා හා .. පුතා කලබල වෙන්න එපා. ටිකක් ඉන්න ඔහොම."
"මම .. මේ ..... මේ .. මේ කොහෙද ඉන්නෙ මම"
"බය වෙන්න එපා පුතේ. ඔයා මුහුදු වෙරළෙ වැටිල ඉන්නව දැකල අපේ පුතයි එයාගෙ යාළුවෙකුයි තමා ඔයාව මෙහෙට ගෙනාවෙ."
"මොනව.. මම වැටිල හිටිය.. මට මතක නැහැනෙ"
"පුතාගෙ ඇඟ දුර්වලයි වගේ. මට බලපු ගමන් තේරුනා. මම මේ ඔයාට සුප් එකකුත් හදාගෙන එනකොටම තමා ඔයා නැගිට්ටෙ. ආ ඔය ආවෙ මගෙ පුතත්"
"ඔයාට සනීපද දැන් යාළුවා "
මොවුන් පවසනා දෙය මට පුදුමයක් උවත් මොවුන් කරුනාවන්ත පුද්ගලොයොයැයි මම ඔවුන්ගේ ක්‍රියාවලින්ම තේරුම් ගත්තෙමි. ඇත්තටම මට සිදුවූ කිසිම දෙයක් මතකයේ නොතිබීම පුදුමයකි. ගල්පරයෙහි තාලයකට වදිනා රැලි දෙස බලා සිටියා මතකය. එතනින් එහාට කොතරම් මතකය ගැනීමට මා උත්සහ කලද ඒ හැම උත්සහයක්ම අසාර්ථක විය. මා මෙම ස්ථානයට ගෙන ආ පුද්ගලයා ප්‍රියමනාප හා මනරම් සිනහවක් හිමි තරුණයෙකි. ඔහු නමින් අමිල ය. තවත් පැයක පමන කාලයක් මම අමිලගේ නිවසෙහි රැඳී සිටීමෙන් අනතුරුව ඔහු මා නිවසටම ඇරලූයේ තවත් මිතුදමකට දොර්ගුළු විවර කරමින්ය.
"මම කිව්වනෙ පුතේ ඔයාට. බලන්න ඔයාට වෙන කරදරයක් උනානම් එහෙම.. අපි කාට කියන්නද..අපිට කියල කොල්ලෙකුට ඉන්නෙ ඔයා විතරයිනෙ පුතේ. හිතුවක්කාරකම් කරන්න එපා. හියදේවල් ගියාවෙ. බලන්න අද හොඳ වෙලාවට අමිල පුතා ඇවිත් තියෙන්නෙ. කුඩු කාරයෙක් එහෙම ආවනම්"
"හරි හරි අම්මෙ.. මම දැන් ගෙදර ආවනෙ"
"මෙයාගෙ පන්ඩිතකම අම්මෙ. අද මමත් ආදරෙන් මට පුළුවන් විදිහට තේරුම් කරල දුන්නා. කොහෙද ඉතින් අහන් නැහැනෙ"
"ඔව් පුතේ. ඔයාට වැඩට ගිහාම අර ළමයි දෙන්නව මතක් වෙනවනම් ආයෙ නොයා ඉන්න. මොනව හරි ඉගෙන ගන්න ප්‍රයිවට් කැම්පස් එකකට ගිහිල්ලා. එතකොට ඔයාට තව යාළුවො හම්බවෙයි. ඒක උදව් වෙයි ඔයාගෙ හිත හදා ගන්න. පරන දේවල් අමතක කරල දාන්න"
"ඒක නම් හොඳ අදහසක් අයියෙ. අපි කියන් නැහැ බ්‍රයන්ව අමතක කරන්න කියලා. මොකද ඔයලා දෙන්න හිටිය හැටි මමත් දන්නවනෙ. අම්ම කිව්ව විදිහට ප්‍රයිවට් කැම්පස් එකක මොක්කක් හරි ඩිග්‍රී එකක් කරන්න. කොළඹට වෙලා කරන්න. එතකොට යාළුවො සෙට් වෙද්දි පරන දේවල් අමතක කරන්න ඔයාට පුලුවන් වෙයි. වෙච්ච දේ උනානෙ අයියෙ. ඔයා මැරුනත් ඒ දේ ආයෙ ගන්න බැහැනෙ. ඒ නිසා අම්මගෙ යෝජනාව ගැන ටිකක් හිතල බලන්න."
"හම්ම්ම් .. මම හිතල බලන්නම්කො .."
හිතුවක්කාර ආදරය ඊළඟ මොහොතට ...
No comments:
Post a Comment