Wednesday, October 19, 2016

හිතුවක්කාර ආදරය - 31 කොටස


කාලය හෙමින් හෙමින් ගෙවී යද්දී අපේ ගෙදරද නොදැනීම නිහඬ බවෙන් පිරී ගියේ මගේ විදේෂ ගතවීම නිසා අම්මා කනගාටුවෙන්සිටි නිසා විය යුතුය. මගේ ඇඳුම් පැලදුන් පිලිවෙලකට නමා බෑගයකට අසුරා තිබුනේ ඇයම වූ අතර ගෙවුනු දවස් කීපයේම අම්මා මගේ ළඟට විත් මට නිදිමත එනතුරු මගේ හිස අතගෑවේ ඇගේ දෙනෙති කඳුලු මට නොපෙනෙන ලෙස පිසදමමින්ය.

"මම නම් උඹ යනවට කැමති නැහැ දිනුක..මම කියන්නෙ උඹ ෆයිනල් ඉයර් එකක් ඉවරම කරල යන්න කියල බන්."
"ම්ම්ම් මටත් නොතේරෙනව නෙමේ රොෂෙන්. ඒත් මේ ගමන මට යන්න වෙනනවා මචං."
"උඹ ගියාම අපිට තමා බන් පාළු. බියර් එකක්වත් ගහන්න හවසට කවුරුත් නැති වෙනවා. අනික බන් උඹ ඉන්නකම් අපේ උන්ටික එකට හිටියා."
"ඒකනම් ඇත්ත ඩිලා, දිනුක ඉන්නකම් කට්ටිය එකට හිටියා. දැන් දිනුකය ගියාට පස්සෙ මුන්ව හොයන්න දැල් දාන්න වෙයි"
"එහෙම හිතන්න එපා බන්. මන් මේ යන්නම යන්න හදන ගමනක් නෙමේනෙබන්. උඹල සේරම ඩිග්‍රි එක ගොඩදාල ටයි කෝට් දාල ලොකු තැන්වල ඉඳපල්ල මම ආයෙ එනකොට"

Wednesday, December 23, 2015

හිතුවක්කාර ආදරය - 30 කොටස


"දිනුක අයියා.. අනේ මේ බලන්නකො ලස්සන සමනළයෙක්. අනේ මටත් ආසයි ඒ වගේ ලස්සන අත්තටු දෙකකට. ම්ම්ම් අපේ පැත්තට කොහෙන්ද මෙච්චර ලස්සන සමනළයෙක්. පාර වැරදිලා අතරමන් වෙලාවත්ද.අනේ එහෙම උනොතින් පව් නේද"
"හම්ම්ම්"
"මොකද අනේ හම් හම් ගාන්නෙ. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් ගතියක් නැහැ දිනුක අයියා. බලන්න නිල් අහස ඈත මුහුද එක්ක ලස්සනට කතාකරන හැටි, මුහුදු රළ තාලයකට නැලවෙන හැටි, ඒ විතරක්ද අපි දෙන්නව බලන්න ආව මේ ලස්සන සමනළයෙකුත් ඉන්න්කොට ඔයා ඔහේ ඉන්නවා. ආදරේ කරන්න රොමැන්ටික් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙද්දි ඔයා දුෂ්ටයෙක්ගෙ චරිතයක් කරන්න හදනවා. ඔයාගෙනම් කිසිම රොමැන්ටික් එකක් නැහැ අනේ"
"මම දුෂ්ටයෙක් වෙමි. මොකද කියන්නෙ ඒ අදහස ගැන මගෙ රොමැන්ටික් කෙල්ලෙ"
"ආ..ඇත්තද.. අර කෙවින් වගේ වෙන්නද කල්පනාව"
"ඔව්. ඔයා කැමතිද"
"ඔයා දන්නවද එහෙම උනොත් මම ඔයාට කරන දේ. ඔයාව මම පොලිසියට අල්ලල දෙනවා. දීල ඔයාව හිරේ තියනවා අවුරුදු ගානක්. හැබැයි ඔන්න මම ඔයා එනකම් ඉන්නවා බලාගෙන හරි."

Monday, December 14, 2015

හිතුවක්කාර ආදරය - 29 කොටස


නොසිතූ වෙලාවක ඔවුන් දෙදෙනාවම පුදුමයට පත් කරමින් මගේ මුවින් එවැනි වදනක් පිට උවද ඔවුන් එවැනි දෙයක් මගෙන් බලාපොරොත්තුව සිටියාවත්දයැයි මම සිතුවෙමි. ලේ දන්දීමේ වැඩසටහනට සමුදුන් මා අමිල සමග අප සිටි ස්ථානයෙන් ඉවත්ව ගියේ පියුමිගේ නොයෙකුත් ප්‍රස්නයන්ට මැදිව හවස ඇයව හමුවීමට දුන් පොරොන්දුවක්ද සමගය. මා කලදේට අමිලගේද එතරම්ම කැමැත්තක් නොතිබූ බව ඔහුගේ නිහඬ බවින මම තේරුම් ගත්තෙමි.

"හිරුණි දුව, දැන්වත් ඔයා විස්වාස කරනවද මම මෙච්චර දවස් මිරිඟුවක් පස්සෙ නෙමේ දිව්වෙ කියන එක"
"මටනම් මේක තවමත් ප්‍රෙහේලිකාවක් බාප්පෙ. ඔයාගෙ නම ඇහුවහම ඕන කෙනෙක් බයවෙනකොට මේ පොඩි කොල්ලෙක් එක්ක ඔයාට චැලෙන්ජ් කරනවා. මට පුදුමෙ කියන්නෙ ඔයත් නිහඬ ඉන්න එකනෙ."
"දුව හරි. මමත් හැඬල් කරන ටිකක් සන්කීර්ණ කේස් එකක් මේක. කොල්ල මොනව උනත් වැඩකාරයා. කරන කිසිම දේක සාක්ෂියක් තියන්නෙ නැහැ. මට ඕන මිනිහව විතරක් නෙමේ මිනිහගෙ වටේ ඉන්න කට්ටියත් අල්ලන්න"
"අනේ මන්දා බාප්පෙ. මට තාමත් හිතාගන්න බැහැ. හොඳ හිතක් තියන කොල්ලෙක් බාප්පෙ. පියුමි එදා ඒ කොල්ලගෙ කකුල්දෙක අල්ලල වැඳල සමාව ඉල්ලන්න තරම්..."
"ඔන්න ඔතනින්ම තමා මිනිහව කොටු කරනවනම් කරන්න ඕන. මිනිහව වට්ටන්න තියන එකම තුරුම්පුව, පියුමි"

Friday, November 27, 2015

හිතුවක්කාර ආදරය - 28 කොටස


ඇගෙන් ලද ආදරය කොතරම් සුන්දර උවද කෙවින් අප ආදරයට එක් කලේ අඳුරු මතකයන්ය. එක අවස්ථාඅකදී මම ඔහුට කාරනා තේරුම් කර දුන්නද ඔහු මගේ කීම කවදාවත්ම නොපිළිගත්තේය. මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබුනද මොනදේ සිදුවුනත් ඔහු නිහඬව සිටීම මගේ සිතට එක් කලේ ආගන්තුක හැඟීමකි.

"පොඩි මහත්තයා කොහොමද ඉතින්. ආයෙමත් මේ මේසෙ එකට ඉඳගන්න ලැබුන එහෙනම්."
"කොහොමද මොහොමඩ්ගෙ වැඩ කටයුතු. තාමත්.."
"මමත් දැන් ඉස්සර වගේ නැහැ පොඩි මහත්තයා. ඒත් ඉතින් ටික ටික ... දන්නැද්ද ඉතින්. ඒක නෙමේ මොකද මේ හදිසියේම"
"කෙවින් නිසා.. මිහිහව මගේ පාරෙන් අයින් කරන්න ඕන ඉක්මනටම."
"මම පොඩි මහත්තයට ඕක කලින්ම කිව්වා නේද. අපි මිනිහට අපේ සීමා ළඟට එන්න දුන්න වැඩියි."

Monday, November 16, 2015

හිතුවක්කාර ආදරය - 27 කොටස


"කව්ද ඉමාෂා කියන්නෙ"

එක මොහොතකට මා සිටි තැනම ගල් පිළිමයක් බඳුවූයේ ඇය ඇසූ ප්‍රස්නයත් සමගය. මම තප්පර කීපයක් නිහඬව ඇගේ කඳුලින් පිරි දෙනෙත් දෙස බලා සිටියෙමි. එම දෙනෙත් මගෙන් සඟවනා දෙය කුමක්දැයි මට නොහැඟුනත් මගේ හිත කැලඹූ කරුන වූයේ මා කීමටත් පෙර මොවුන් ඉමාෂා ගැන දැනගත්තේ කෙසේද යන්නය. මම පියුමිට වැරැද්දක් නොකලද මා තවත් විනාඩි කීපයක් නිහඬව සිටියේ මොවුන් දෙදෙනාට කෙසේ පිළිතුරු දෙම්දයැයි සිතමින්ය.

"ඇයි දිනුක අයියා ඔයා නිහඬ. මන් අහපුදේට උත්තර දෙන් නැත්තෙ ඇයි"
"පියුමි, මේ .."
"නිකන් බලු වැඩ කරන්න එපා මිනිහො. තමුසෙ මේ කෙල්ලට මෙච්චර දුකක් දෙන්න මේ කෙල්ල කරපු අපරාදෙ මොකක්ද. අපි කිව්වා නේද පියුමි උඹට. මේ කොල්ලව උඹට ගැලපෙන්නෙ නැහැ කියලා. උඹ විඳවපන් දැන් ඉතින්"
"ඔයාලට කවුරු හරි වැරදි දෙයක් කියල තියෙන්නෙ. මම ඉමාෂ ගැන කියන්නම්. කලබල නොවී ඉන්නකො"
"හොඳ වෙලාවට මේක දැන්ම අපි හොයා ගත්තෙ. පියුමි උඹ මර උගුලකින් බේරුනේ. මතක තියා ගනින් පියුමිව අඬවපු තමුසෙට යහතින් ඉන්න වෙන්නෙ නැහැ. කියනව බලන්න තමුසෙ මේ තවත් කෙල්ලෙක්ගෙ සැප හොයාගෙන ගියෙ මේකි මොනව කලාටද"
"හිරුණි, ඔයා ටිකක් නිහඬ වෙන්නකො. ඇයි දිනුක අයියා මට මෙහෙම දුකක් දුන්නෙ. කියන්න මට. මම ඔයාට කරපු වැරැද්ද මොකක්ද. කවුද මේ ඉමාෂා. කොහෙද ඔය කෙල්ල ඉන්නෙ. මට එයාව මීට් වෙන්න ඕනි"