Saturday, April 12, 2014

මතු ආත්මෙදිත් ඔයා මගේ කරදරකාර නංගිම වේවා !

නංගියේ මතකද උබට උප ඉස්සෙල්ලාම ගෙදර ආපු දවස අම්මත් එක්ක රෝහලේ ඉදලා ආපු දවසේ අපිට ( මටයි මල්ලිටයි ) උබව බලන්න අල්ලන්න හුරතල් කරන්න දුන්නේ නෑ හැබැයි ඉඩක් ලැබුනේ සැනින් මම උබව බැලුවා අම්මාටත් හොරෙන් උබ හරියට හා පැටියෙක් වගේ ගුලි වෙලා බයෙන් නිදා ගෙන හිටියා .

එදා මම ආසාවට උබව අල්ලන්න ගිහින් අම්මාගෙන් හොදටම බැනුම් ඇහැවුවා මොකද උබ තාම චුටිම චුටි ළමයෙක් නිසා ඉක්මට ලෙඩ රෝග හැදෙන්න පුලුවන්ලු ( පසු කාලෙක මම දැන ගත්තා එහෙම වෙන්න තියෙන ඉඩ කඩ වැඩි කියලා  ) කොහොමෙන් කොහොමෙන් හරි මම

Saturday, March 29, 2014

සැබැ නොවුනත් මම මගේ පුංචි හීනයට හැමදාමත් ආදරෙයි

අතීතය ගෙවී ගොස්ය. අතිතයේ අප තැබූ ආදරණීය සිහිවටන ගොන්නක් ඔයාගෙත් මගෙත් හදවතේ ඉතිරි කර. අපේ සුන්දර බැදීම පමණක් සොරාගෙන අතීතය  යන්නම මම තවමත් ඒ සුන්දර අතිතයට ආදරය කරනවා.
බලන බලන අත පෙනෙන පෙනෙන අත අප දෙදෙනාගේ ආදරයේ නොමියෙන මතක සටහන් වේ නැතහොත් අප දෙදෙනාගේ අහිංසක ප්‍රේමයේ සුන් බුන් අප දෙදෙනාගේ සිත් තුළ නිදන් ගත ඒ ආදර මතකයන් කේසේ අතුගා දමන්නද ?
ලෝකයාට පෙනෙන්නට මා සිනාසුවාට , ලොවට රහසක් වූ මගේ ඒ ආදරයේ මතක සැමරුම් මා අදටත් රිදවා ඒ මතකයන්  මාව රිදවූවත් ඒ රිදෙන වේදනාවටත් මම ආදරෙයි .

Thursday, November 21, 2013

ඇත්තද සයිබර් යාළුවො ආයෙ Set වෙනවා කියන්නෙ?

ගිනියම් ඉර ........ සඳ සිසිලස ............අතරේ හොයනවා හොයනවා අපි අපි කවුරුද?


වෙහෙස කාරී ජීවිතේ ඉන්න අතරෙම.. ඔබට ඉතිං කොහොමද?

සයිබර් අවකාශයේ බ්ලොග් ලියන සහ රසවිඳින ඔබ හැමෝම ප්‍රමාණයෙන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැනෙහැමදාමත් මිතුරු හවුල් වලට අලුත් අලුත් යාළුවො එකතු වෙනවාඉතින් හැමෝම දැන හඳුනා ගැනීම ඇත්තටම වැදගත්.සයිබරයේ යාළුකම් කොයි තරම් සොඳුරුද කියලා ඔබ දන්නවානෙ


ටික ටික දෙනා එකතුවෙලා බිම් මට්ටමේ පුංචි පුංචි උත්සව අවුරුද්ද පුරාම ගත්තාට මොකද, 2013 සිහින සයිබර් සැණකෙළියෙන් පස්සෙ අපිට ආයෙත් හැමෝටම එකතු වෙන අවස්ථාවක් නිර්මාණය කරන්න බැරි වුණානෙඉතින් අපි හිතුවා නිවාඩු උඳුවප් මාසෙ ඒකට සුදුසුම කාලය කියලා..දුර ඈත රටවල්වල ඉන්න යාළුවොත් මේ කාලෙට ලංකාවට එන විත්තිය අපි දන්නවානෙඉතිං දැන් අපි දිගටම වැඩ.


මේ වෙනකොට එක එක තැන් වල අපි Cyber Get to gather සංකල්පයෙ උත්සව නිර්මාණය කරලා තිබෙනවාහැබැයි මෙවර ඒ උත්සවයට නව අර්ථ කථනයක් දෙන්න අපි සූදානම්.

Monday, October 14, 2013

Joomla 1.5 සිංහලෙන් ඉගෙන ගමු පාඩම 04

මම කලින් joomla post එකේදි කතා කලේ අපේ site එකට profile maintain module (Community Builder)එකක් දාගන්නේ කොහොමද කියලා ඉතින් එකෙ තව වැඩ තියනවා, ඔයාල ඒක එක්ක වැඩ කරද්දී ඒවා අල්ලා ගන්න පුලුවන් ඒක නිසා මම අද කියන්න යන්නෙ අලුත් Module එක්ක ගැන. මෙකෙන් අපිට අපේ site එකට FAQ forum එකක් දාගන්න පුලුවන්. මේකේ විශේෂත්වය තමයි මම කලින් කියපු Community Builder module එකට මේක support කරන එක. ඒක නිසා අපිට CB එකෙන් අපේ site එකෙ register වන අයව automatically forum එකට ගන්න පුලුවන්. ඒවගේම එළකිරි වගේ මේකේ email update වැඩකරනවා.පහත තියෙන්නේ අමතර පහසුකම් වැඩි විස්තර ඕන නම් මේතන බලන්න.

Tuesday, October 8, 2013

Joomla 1.5 සිංහලෙන් ඉගෙන ගමු පාඩම 03

ටිකක් වැඩ වැඩි නිසා ටිකක් කාලෙකට පස්සෙ තමයි මේ ලියන්න ගත්තෙ වැඩිය කතා නැතිව බලමු අද පාඩම මොකක්ද කියලා.මම ආරමභයක් ගන්න ඕන නිසා තමයි joomla basic ටිකක් කලින් post වලින් කතා කලේ, එත් අද ටිකක් වැදගත් වෙන දෙයක් ගැන තමයි කියන්න යන්නෙ මම හිතන්නෙ jooml වල Article එකක් දාගන්න Menu ටික Manage කරගන්න ලේසියෙන් කර ගන්න පුලුවන් කියලා ඒ ගැන විස්තර මොනවහරි දැනගන්න ඕන නම් comment එකක් දාන්න.මෙතනත් බලන්න. joomla වල තියන වැදගත්ම දෙයක් තමයි මේ Extensibility එක.ඒ කියන්නෙ අපිට අවශ්‍ය පරිදි අපේ site එක වර්ධනය කර ගන්න නොයෙකුත් Extension (Modules,plugins)භාවිතා කීරීමට හැකි වීමයි.

ඔයාල joomla extension directory එකට ගිහින් බැලුවොත් දහස් ගාණක් free extension අපිට දැක ගන්න පුලුවන්.ඉතින් මේ ඕනම එකක් අපේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට තෝරගෙන නොමිලේම අපිට බාගත කරගන්න පුලුවන්. ඉතින් මේ අතරින් අද මම කතා කරන්න යන්නෙ Community Builder extension එක ගැන.අපේ එක Social site එකක් කර ගන්න නම්,Face Book වගේ site members ලට තමන්ගේ profile එකක් maintain කරමින් අනෙක් Membersලත් එක්ක සම්බන්ධ කරන්න ඕන නම් මෙන්න extension එක.මේකෙන් කරන්න පුලුවන් ප්‍රධාන දේවල් කීපයක් මම කෙටියෙන් කියන්නම්.